ටයිටස් තොටවත්ත (1929-2011)

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!

    ආදරණීය "ටයි මාමේ" ඔයාට පින් සිද්ද වෙන්න තමය් මුලින්ම "රොබින් හූඩ්" සිංහල උපශේර්ෂ එක්ක බැලුවේ... ඒ නිර්මාණත් එක්ක තමයි අපේ ළමාවිය ගෙවිලා ගියේ. ඔබගේ නිර්මාණයන්ගෙන් අපට දුන් සතුටට ගොඩාක් පින් මාමේ.. :(:(:(
     

    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    ඔබගේ නිර්මාණයන්ගෙන් අපට දුන් සතුටට ගොඩාක් පින් මාමේ..
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    kiyanna deyak nae namuth ,kiwwoth eka apahasayak , nokiwwath awlk ..........namuthth hithata upset ....thnk u mame
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    319639_264014736971044_193218727383979_695588_1311128182_n.jpg


    දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය, රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා, සුරඟන කතා කරළිය(පිනෝකියෝ, හිම කුමරිය, ජැක් සහ මායා බෝංචි වැල, සුරූපී විරූපී, ඇලඩින් සහ පුදුම පහන.... ), හසරැළි රසාර, පුංචි ඇත් පැටියා, ලන්ඩනයේ අතරමංව, මනුතාපය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, යවෙස්ලූ මිනිසා වැනි ජනප්‍රිය, සදාදරණීය වැඩ සටහන් නිපදවමින් අප කුඩා කල අපව අමුතුම ලොවකට ගෙන ගිය ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!

    ඔබ ජීවිතයේ වරක් හෝ ඔහුගේ නිර්මාණ රස විද ඇති නම් ඒ අසාහය නිර්මාණ කරුවාට කරනා ගෞරවයක් ලෙස ඔබගේ අදහසක් දක්වා යාමටත් අමතක නොකරන්න.

    (පසු ලිවීම : ඇපල් ෆෝන් එකක්,අයි පෑඩ් එකක් ඇහැටවත් දැකලා නැති අය ස්ටීව් ජොබ්ස් මැරුනාම එයාගේ ෆොටෝස් ඩෙස්ක්ටොප් එකට දා ගෙන ඒයා ගැන ගුණවර්ණනා කළා නම් නම් ටයි මාමා වෙනුවෙන් මෙතන අදහසක් දක්වයි කියලා හිතනවා,මොකද ටයි මාමා හදපු කාටුන් එකක් නොබලපු එකෙක් ලංකාවේ ඉන්න බැරි නිසා)


    සහතික ඇත්ත..
    ටයි මාමේ.. ඔබට නිවන් සුව..
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    අපේ ලමා කාලය ලස්සන කරපු ටයි මාමෙ........
    ඔබට නිවන් සුව
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    FB එකේ තිබිලා හම්බ උනේ


    "....හරියන්නෑ., හරියන්නෑ., ඕක නම් හරියන්නෑ.. කියල හිතෙනකොට මේ ලෝකේ කිසිම දෙයක් බෑයි කියල බෑ කිව්වේ ඔබයි.........!!
    පුංචි අපිව දියරකුස්ගෙන් බේරාගෙන හා හා හරි හාවත් එක්ක කැලේ මැදින් අතරමං නොවී එන්න අපිට පාර පෙන්නපු ගලිවර් ඔබයි........!!
    සුට් බුට් එක ...කලිසම් ඇඳලා රෝල්රොයිස් එකේ ගමන් ගියාට නරක වැඩ කරලා සාජන්ට් මහත්තාගෙන් බේරෙන්න බැහැයි කියල අපිට කියල දුන්නේ ඔබයි.........!!
    එද...ා පුංචියට හිටිය ගම්මිරිස් ඇට අද ලොක්කෝ කළේ ඔබයි ටයි මාමේ............!!
    ෂෙරිෆ්ලා ගිස්බන්ලා එකතුවෙලා රොබින්හුඩ් මැරුව වෙලාවේ අපි හොඳටම ඇඩුවා......අද වාගේම..................!!
    ඔබට තවත් ආයුෂ දෙන්න දොස්තර හොඳහිතටත් බැරිවෙන්න ඇති ටයි මාමේ.....!!
    ඒත් ඔෂීන් වගේ ජීවිතය දිනන්න...,
    එදා මැප් එක කැප්ටන් ලීච්ගේ අතට නොදී වයිටාත් එක්ක එකතුවෙලා ඔබ අපට බේරලා දුන් නිධානය තාම අපිගාව තියෙනවා ටයි මාමේ...."

    ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!:(:(:(:(

    (From An Email - Dont Know The Original Author)