ටයිටැන් ග්‍රහයා

sweets

Banned
Jul 2, 2011
297
160
0
ටයිටැන් ග්‍රහයා

පිටසක්වල ජීවය ඇතැයි විශ්වාස කරන ලොව -ටයිටන්

Posted by magesitum on ජූලි 16, 2011
ටයිටන්ගේ සැබෑ සේයාරුවක්

ටයිටන් කියන්නේ සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයායි. ඒ වගෙම සෞරග්‍රහමන්ඩලයේ දෙවෙනි විශාලතම චන්ද්‍රයාද වෙනවා. මේ චන්ද්‍රයා ගෙ විශ්කම්භය කි.මී. 5150. ඒ කියන්නෙ බුධ ග්‍රහයාවගේ 1.5 ගුණයක්. ඒ වගේම ඝන වායුගෝලයක් සහිත එකම චන්ද්‍රයා වගේම දැනට සොයගෙන තිබෙන පරිදි පෘථිවිය හැරෙන්නට සෞරග්‍රහමණ්ඩලයේ තිබෙන විවෘත ස්ථායී ද්‍රව පෘෂ්ඨ සහිත එකම වස්තුවත් ටයිටන්.පෘථිවිය වගේ 1.19 ගුණයක් විශාල වායුගෝලයක් ඇති මෙහි මතුපිට පීඩනය පෘථිවිය වගේ 1.45 ගුණයක්. පෘථිවිය වගේ 0.14 ක අඩු ගුරුත්වයත් ඝන වායුගෝලයත් නිසා හොඳ අත්තටු දෙකක් බැඳගත්තොත් එහෙ පහසුවෙන් පියාඹන්නත් පුලුවන්.
පහළ වායුගෝලයේ සියයට 95ක්ම නයිට්‍රජන් සියයට 5ක් මීතේන්. ටයිටන් මතුපිට සෙල්සියස් -179 වගේ ඉතා අඩු උෂ්ණත්වයක් තිබෙන නිසා මෙහි මීතේන් ද්‍රව තත්වයෙනුත් විශාල ලෙස තියෙනවා .ඒ වගේම මීතේන් සූර්යාලෝකය සමග ප්‍රතික්‍රියාවෙන් සෑදුනු ඊතේන් වගේ තවත් කාබනික සංයෝග විශාල ප්‍රමාණයක් ටයිටන් මතුපිටත්, වායුගෝලයෙත් තිබෙනවා. මේ වගෙ එක සංයෝගයක් වන ‘තොලින්’ නිසා ටයිටන් පෙන්නේ තැඹිලි පාට මීදුම් පටලයකින් වැසුනා වගේ.ඒ වගේම මෙමගින් සූර්යාලෝකය පරාවර්තනය කරන නිසා ඉහල වයුගෝලයේ උෂ්ණත්වය වායු අණුවලට අභ්‍යවකාශයට යන්න බැරි තරමට අඩු වෙලා නිසාත් සෙනසුරුගේ දැවැන්ත චුම්භක කේෂ්ත්‍රය තුල ටයිටන් ගමන් කරන නිසාත් මෙතරම් කුඩා වස්තුවකට පෘථිවියටත් වඩා විශාල වායුගෝලයක් රැකගන්න හැකිවෙලා තියෙනවා.
පෘථිවියේ ජලය වගේම ටයිටන් මත මීතේන් හැසිරෙනවා. මීතේන් වලාකුළු වලින් ද්‍රව මීතේන් වසිනවා.ඒ නිසා ටයිටන් මත ද්‍රව මීතේන් හා ද්‍රව ඊතේන් පිරුනු විශාල විල් තිබෙනවා. මේ බව 2007දී අනාවරනය වුනේ 2004 සිට සෙනසුරු වටා කක්ෂගත වෙමින් ටයිටන් අසලින් ගමන් කරන කැසිනි යානය මගින්. මේ වන විට විශාල විල් තුනකුත් කුඩා විල් 27කුත් සොයාගෙන තිබෙනවා. මින් එක් විශාල විලක් වන Kraken Mare කැස්පියන් මුහුද තරම් විශාල අතර Ligeia Mare විල සුපීරියර් විල තරම් විශාලයි. ඒත් බොහොමයක් විල් වල උපරිම ගැඹුර මීටර් 2.9 ත් 7.4ත් අතර වනවා. ඒත් Ligeia Mare පමනක් කැසිනි යානයට මැනිය හැකි උපරිම ගැඹුර වූ මීටර් 8ටත් වඩා ගැඹුරුයි. නාසා ආයතනය මේ විලට කුඩා පර්යේෂණ යාත්‍රාවක් 2022 දී ගොබස්වන්න සැලසුම් කරලා තියෙනවා. මෙය ලොව ප්‍රථම පිටසක්වල සාගර ගවේෂණය වේවි.
ටයිටන්ගේ මීතේන් විල් වල පිහිටීම

විල්වල රේඩාර් සේයාරූ

ටයිටන් හා පොලොවේ වායුගෝල සැසදීම

සූර්යාලෝකය මගින් මීතේන් අණු බිඳහෙලන නිසා ටයිටන්ගේ වායුගෝලයේ මීතේන් මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනත් සංයෝග බවට පරිවර්තනය වෙලා තියෙන්න ඕනේ.නමුත් එසේ නොවන නිසා හානිවන මීතේන් කෙසේ හෝ නැවත ලැබිය යුතුයි.ඒත් ටයිටන්ට මීතේන් ලැබෙන්නෙ කොහොමද සහ ටයිටන්ට මෙපමණ මීතේන් පලමුව ලැබුනෙ කොහොමද කියන එක විද්‍යාඥයන්ට තවමත් අබිරහසක්.
බොහෝ විද්‍යාඥයින්ගේ මතය නම් cryovolcano නම් ගිනිකදු විශ්ෂය මගින් මීතේන් මුක්ත වන බවයි. ඒත් මේ බව හරියටම සනාථ කරගන්න හැකිවෙලා නෑ.
2010දී කැසිනි යානයෙන් ලද දත්ත පදනම් කරගෙන විද්‍යාඥයින් පිරිසකගෙන් ලැබුනු විප්ලවවාදී මතයකින් කියැවුනේ ටයිටන් මත ඇති ජීවයක් නිසා මීතේන් යළි ලැබෙන බවයි.මීට හේතුව වුනේ ඉහල වායුගෝලයේ දි මීතේන් හිරු එලිය සමග ප්‍රතික්‍රියාවෙන් සැදෙන ඇසිටලින් සහ හයිඩ්‍රජන් මතුපිටට පැමිණීමේදී අතුරුදහන් වන බව විද්‍යාඥයින්ගේ ගණනය කිරීම් වලින් හෙලිදරව් වීමයි. තාරකාජීවවිද්‍යාඥ ක්‍රිස් මැකේ කියා සිටියේ පහත සමීකරණයට අනුව ඔක්සිජන් වෙනුවට හයිඩ්‍රජන් ආශ්වාස කර ග්ලූකෝස් වෙනුවට ඇසිටලීන් දහනය කර ශක්තිය ලබාගෙන කාබන්ඩයොක්සයිඩ් වෙනුවට මීතේන් ප්‍රශ්වාස කරන අප නොදන්නා ආකාරයේ අමුතුම ජීවයක් ටයිටන්ගේ විල් තුල තිබිය හැකි බවයි.
3H2 + C2H2 – > 2CH4 + ශක්තිය
එමෙන්ම ඔහු කියාසිටියේ මෙය අත්වැරැද්දක් හෝ තවමත් සොයානොගත් පුදුමාකාර රසායනික උත්පේරකයක් නිසා ද සිදු වියහැකි බවයි.
එහෙත් 2010 දීම ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ කල පර්යේෂණයකින් ටයිටන්ගේ පරිසරය තුල ද්‍රව ජලය නොමැතිව ජීවයේ තැනුම් ඒකක වන නියුක්ලියොටයිඩ සහ ඇමයිනෝ අම්ල සැදිය හැකි බව ඔප්පු වුනා. ඒ වගේම 2011 වසරේදි ටයිටන් ගේ පෘෂ්ඨයට යටින් ඇමෝනියා හා ද්‍රව ජලය මිශ්‍රිත සාගරයක් ඇති බවට ප්‍රබල සාක්‍ෂි ලැබුනා.අප තවමත් දන්නේ ජලය මත පදනම් වූ ජීවය පමණයි. ටයිටන් මත කාබනික ද්‍රව්‍ය විශාල ලෙස ඇති නිසා මීතේන් හෝ ඇමෝනියා වැනි ජලයට සමාන ලෙස හැසිරෙන ද්‍රවයක් මත පදනම් ජීවයක් එහි තිබියහැකි යැයි බොහෝ විද්‍යාඥයින් මත පළ කරනවා.
කැසිනි යානයෙන් ලද දත්ත අනුව ටයිටන් මත පෘථිවිය මෙන් සිය ගුණයක ස්වාභාවික වායු(LP gas),ද්‍රව හයිඩ්රොකාබන සහ කාබනික ද්‍රව්‍ය තිබෙනවා. ඒ වගේම මතුපිට ඇමෝනියා මිශ්‍රිත මිශ්‍රිත ජලයත් ඝන අයිසුත් තිබෙනවා. අව‍ශ්‍ය ද්‍රව මීතේන්වලින් ශක්ති ප්‍රභව, ජලයෙන් ඔක්සිජන්, ඇමෝනියා හා නයිට්‍රජන් වලින්පොහොර නිපදවාගන්න හැකි නිසාත් ඝන වායුගෝලය නිසා විකිරණ නොමැති නිසාත් මිනිසාගේ මීළඟ නිවහන බවට බොහෝදුරට පත් වනු ඇත්තේ සඳ හෝ අගහරු හෝ නොව ටයිටන් ය.