ටයිටැනික් ගිලී අදට වසර 100 යි.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ටයිටැනික් ගිලී අදට වසර 100 යි.


    _59555662_titanic.jpg


    ධන කුවේරයන්ගේ සිට දුප්පත් සංක‍්‍රමණිකයන් දක්වා පුද්ගලයන් 1,512 දෙනෙකු මරුමුවට පත්කරමින් නිව්ෆවුන්ඞ්ලන්තය ආසන්නයේදී අයිස්පරයක ගැටී ටයිටැනික් නෞකාව මුහුදුබත් වී අදට වසර සියයක් සපිරෙනවා. 1912 වසරේ දියත් කෙරුණු ටයිටැනික් යාත‍්‍රාව ලොව විශාලතම නෞකාව වූ අතර, අනතුරට ලක්වූයේ එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා යන අතරතුරයි. නෞකාවේ සිටි පුද්ගලයන් 713 දෙනෙකු බේරා ගැනුණු අතර 1,512 දෙනෙකු මියගිය ලෙසයි සැලකෙන්නේ. ටයිටැනික් නෞකාව ගිලී වසර 100 ක් ගතවීම එය නිමැවූ අයර්ලන්තයේ බෙල්ෆාස්ට්, සවුතැම්ප්ටන් සහ නිව්යෝක් ඇතුළු නගර රැසක සැමරුම් උත්සව පැවැත්වෙනවා. ටයිටැනික් නෞකාව ගිලූණු නිව්ෆවුන්ඞ්ලන්ත වෙරළේ නෞකාවකදී සමරු මෙහෙයක් පැවැත්වෙන අතර, තවත් නෞකාවක් එංගලන්තයේ සිට නිව්යෝක් බලා යන්නේ එම සැමරුම් උත්සවවලට සහභාගීවීමටයි.


    ටයිටැනික් කිව්වාම නම් අපිට මතක් වෙන්නේ මේකනේ.....

    titanic-movie.jpg


    මේක ගැන කමෙන්ට් එකක් එහෙම දාලා යන්න........


     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    හ්ම්...........................
    බලාගෙන යනකොට මේ නැව ගිලිලා එච්චර කාලයක් නෑනේ.......

    මංගල ගමන් අරම්බය -1912.04.10
    නැවේ දිග - අඩි 882
    තට්ටු ගණන - 7
    යාමට නියමිත වේගය -නොට් 21
    උපරිම වේගය නොට් - 24
    මගින් ගණන - (1 පන්තිය- 735 ,2 පන්තිය- 647, 3 පන්තිය -1026, නිලදාරීන් - 885 )
    ඇන්ගීමේ අස්වබල ප්‍රමාණය - 46000
    ස්තානය- උතුරු අත්ලාන්තික් සාගරය
    නැවේ ආයු කාලය - දින 4 1/2
    මුහුදු බත්වූ වෙලාව - 1912-04-15 2.20am
    හිම කන්දෙහි හැපුණු වෙලාව - 1912-04-14 11.35pm
    මියගිය මගීන් ගණන - 1500







    Bump.png
     
    Last edited:

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මෙච්චර කල් හිතන හිටියේ ටයිටනික් ගිලුනේ 1912 අප්‍රේල් 12 කියල,, මං අහල තියන විදිහට එහෙමයි,, දැන් තම ගූගල් කරලා බැලුවේ,,

    ටයිටනික් උදව් ඉල්ලපු ලොග් එක,,

    Titanic_signal.jpg




    ටයිටනික් ගැන සිත්තරෙක්ගේ ඇසින්,,

    The_Sad_Parting_-_no_caption.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    ඔය ටයිටැනික් නැව අයිස් කන්දෙ හැප්පෙන වෙලාවෙ ඒකෙ හිටපු මිනිස්සුන්ට ඇහිල තියෙන්නෙ හරියට වීදුරුවක් කුඩුවෙනව වගේ. සාමාන්‍යයෙන් steel නම් නැවෙන්න හරි ඕනෙ
    මෙතන වෙලා තියෙන්නෙ ඒ steel කුඩු වෙලා ගිහිල්ල. ටයිටැනික් නැව නොගිලෙන එකක් කියල කිවුවට ඔය බද පැත්තෙ steel කුඩු වෙලා තමයි ලොකු හිලක් හැදිල තියෙන්නෙ
    නැව හදන්න අවුරුදු 9කට කලිනුයි ඒකට අවශ්‍ය ලෝහ තට්ටු හදල තියෙන්නෙ
    අන්න ඒ හදන කොට ලෝහ මිශ්‍රණයේ පදම වැරදිල තියෙනව. ඒකයි ඒ ලෝහ කුඩුවෙලා ගිහිල්ල තියෙන්නෙ

    http://www.oppapers.com/essays/Sinking-Titanic/44396