ටයිටැනික් හොයාගත්ත හැටී

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,908
    3,247
    113
    ටයිටැනික් නෞකාව සොයාගත්තේ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සිදු කළ Top Secret Mission එකක් නිසා බව දැනන් හිටියා ද ?⚓🛳️

    අවුරුදු ගණනාවක් පුරාවට ලෝකයා සිතාගෙන සිටියේ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව සොයාගැනීම කියන්නේ ඒකටම වෙනු වූ විද්‍යාත්මක පර්යේෂණාත්මක ක්‍රමවේදයක් ඔස්සේ ගිහින් සොයාගත්තක් කියලා

    හැබැයි සත්‍ය ඊට වඩා සම්පූරණයෙන්ම වෙනස්.මේ කතාවේ කතා නායකයා තමයි රොබර්ට් බැලඩ්. රොබර්ට් බැලඩ් කියන්නේ හිටපු නාවික හමුදා නිලධාරියෙක්. රෝඩ් අයිලන්ඩ් විශ්ව විද්‍යාලයේ සාගර පත්ල කැමරාකරණය සිදුකරන Oceangrapher කෙනෙක්. සාගර පුරාවිද්‍යා ගවේෂකයෙක්.

    1912 වසර වෙනකොට එවකට ලෝකයේ විශාලතම නෞකාව වූ RMS Titanic Ocean Liner නෞකාව අත්ලන්තික් සාගරය තුළ ජිවිත 1500 ක් එක්කම මුහුදුබත් වෙනවා.මේ ගැන වසර ගණනාවක් පුරාවට විවිධ පොත්,නවකතා,ශෝකාන්ත,නාට්‍ය වගේ දේවල් ලෝකය පුරා නිර්මාණය වෙල තිබුණා.

    හැබැයි 80' දශකය වෙනකොටත් ටයිටැනික් නැව කව්රුවත් සොයාගෙන තිබුණේ නෑ.විවිධ උත්සයන් දරලා තිබුණත් කාටවත් සොයාගන්න ලැබුණේ නෑ. රොබර්ට් බැලඩ්ට මේ ගැන සෑහෙන කාලක ඉඳන් ආශාවක් තිබිලා තියෙනවා.ඒ නිසාම ඔහු සාගර පත්ල ගවේෂණය කරන්න පුළුවන් විදියේ සබ්මසිබල් කැප්සියුල් එකක් නිර්මාණය කරමින් සිටියා. 1975 වගේ කාලය වෙනකොට ඔහු අඩි 9000 ක් වගේ ගැඹුරට යන්න පුළුවන් රොබෝ ආර්ම් එකක් සහිත Alvin කියන සබ් එක නිර්මාණය කළා.

    ඊළඟට ඔහු තවත් ඒ වගේ සබ් කිහිපයක් නිර්මාණය කිරීමෙන් පසුව 1982 වගේ වෙනකොට නිර්මාණය කළේ Argo කියන සබ් එක. මේ සබ් කලින් ඒවට වඩා තාක්ෂණිකව වුණත් සෑහෙන හොඳ මට්ටමේ එකක්. ඒ වගේම අඩි 20000 ගැබුරේ මුහුදේ කිමිදෙන්න පුළුවන් සබ් එකක්. දුරස්ථ පාලකයක් ක්‍රියා කරන පැය 24 ම වුණත් වැඩ කරන සබ් එකක්. මේවා සබ් කිව්වට ROV.

    රොබර්ට් හට අවශ්‍ය වුණා ඊළඟට මේ Argo සබ් එක ටෙස්ට් කරන්නත් එක්ක ටයිටැනික් නෞකාව මුහුදුබත් වුණු පරේදේශයට මේ ROV එක යවලා බලන්න.නමුත් ඔහුට ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ තාක්ෂනික දේවල් ආදිය තිබුණේ නෑ. ඔහු ඒ නිසා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මුල් පුටු කිහිපයක් මුණ ගැහුණ.

    ටයිටැනික් වෙත කිමිදෙන්න ඇමරිකන් නාවික හමුදාව එකඟ කරගන්න රොබට් හට පුළුවන් වුණා. හැබැයි ඔහුට ඒ සඳහා විශාල කේවල් කිරීමක් කරන්න සිදුවුණා. තවත් විදියකින් කිව්වොත් ඇමරිකන් නාවික හමුදාව කිව්වා අපේ වැඩක් තියෙනවා ඒ වැඩේ කරලා දුන්නොත් කාලය තිබුණොත් ඔයාගේ ටයිටැනික් වැඩේ කරන්න සහාය දෙන්නම් කියලා. රොබට්ට මේකට එකඟ වෙනවා හැර වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. ඒ වගේම Argo යන්ත්‍රය තවත් මිලිටරි තාක්ෂණික උපකරණ වලින් අප්ඩේට් කිහිපයක් සිද්ද වුණා.

    දෙවන ලෝක යුධ සමයේ අවසාන කාලයේ 1945 ඉඳන් 1991 වගේ අනුව දශකයේ මුල් භාගය වෙනකම් ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර තිබුණේ සීතල යුද්ධයක්. මේ කාලේ ලෝක බලකඳවුරු දෙක අතර සෑහෙන තාක්ෂණික, බුද්ධිමය හා දේශපාලන උපක්‍රමික දේවල් ගණනාවක් සිද්ද වුණා.

    1963 වසරේදී USS Thresher (SSN-593) කියන ඇමරිකානු න්‍යශ්ටික සබ්මැරීනය 129 දෙනෙක් එක්කම මුහුදුබත් වෙනවා.

    1968 වසරේදී USS Scorpion (SSN-589) කියන ඇමරිකානු න්‍යශ්ටික සබ්මැරීනය 99 දෙනෙක්ගේ කෲ එකත් එක්කම මුහුදුබත් වෙනවා. සිද්ධියට හේතුව ඒ වන විටත් දැනැන් හිටියේ නෑ.

    60' දශකයේ සිදු වූ මේ සබ්මැරීන අනතුරු දෙකක් ඉතිහාසයේ සිදුවූ දැවන්ත අනතුරු. ඒ වගේම මේ ක්ලාස් එකේ තිබුන න්‍යශ්ටික බලයෙන් පණ ගැන්වුණු සබ්මැරීන.

    මේ න්‍යශ්ටික සබ්මැරීන යන්ත්ර දෙක මුහුදු බත් වෙලා අවුරුදු 20 ක් වගේ ගත වුණත් මේවා හොයාගන්න ලැබුණේ නෑ. හැබැයි කොහෙද මුහුදුබත් වුණේ කියල නාවික හමුදාව දැනං හිටියා.

    ටයිටැනික් සොයන්න ප්‍රතිපාදන සහ තාක්ෂණික සහාය ඉල්ලගෙන ආපු රොබට් බැල්ඩ් හට සිදුවුණ මේ ගිලිගිය සබ්මැරීන යන්ත්ර දෙක සොයාගන්න සහාය වෙන්නේ.

    ඇත්තමට නාවික හමුදාව සහ ඇමරිකන් රජයට මේක වැදගත් වුණේ මේ සබ්මැරීන දෙකම න්‍යශ්ටික සබ්මැරීන දෙකක්. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය වුණා මේවා මුහුදුබත් වුණේ සීතල යුධ සමයේ සෝවියට් දේශය දියත් කරන ලද රහස් මෙහෙයුම් නිසාද කියලත්. තවත් වැදගත්ම දෙයක් වුණේ මේ සබ්මැරීන දෙකම න්‍යශ්ටික බලයෙන් ක්‍රියාත්මක වූ නිසා Nuclear Reactors දෙකම නිසා අවට පරිසරයට හානියක් නොවන අන්දමින් මුහුදුබත් වී තිබෙනවාද කියලා දැනගන්න. ඒ වගේම USS Scorpion සතුව න්‍යශ්ටික ආයුධ තිබූ කතාවකුත් රොබට් කියලා තිබුණා.

    මේ මෙහෙයුම කරන්න නම් ඒක ලෝකෙට හොරෙන් කරන්න අවශ්‍ය වුණා. මං මේ කියන දේ සීතල යුධ සමය ගැන අවබෝධයක් තියෙන අයට තේරෙනවා ඇති. සෝවියට් රුසියාව හැම දෙයක් ගැනම ඇස් යොමාගෙන ඉන්නේ.ඇමරිකානු නාවික හමුදාවට සහ රජයට අවශ්‍ය වුණා මේ සිද්දිය වහන්න Coverup එකක්. ඒක තමයි ඔවුන්ට රොබට්ගෙන් ලැබුණේ.ටයිටැනික් මෙහෙයුම.

    1985 දී ටයිටැනික් සෙවීම සඳහා රොබට් ඇතුළු නාවික හමුදාව පිටත් වෙනවා.නාවික හමුදාවේ සමහර පහළ නිලධාරින පවා සිතාගෙන සිටියේ මේ මෙහෙයුම ටයිටැනික් සෙවීම වෙනුවෙන් බවයි.නමුත් කිසිම අවස්ථාවක ටයිටැනික් සෙවීම මේ මෙහෙයුමේ අරමුණක් වුණේ නෑ. ඒක ඔවුන්ගේ අරමුණේ තිබුනේම නෑ. රහසිගත ව්‍යාපෘතියට අදාල කාර්ය අවසන් කරලා කාලය තිබුණොත් පමණක් ටයිටැනික් වෙනුවෙන් නාවික හමුදාව සහාය පළ කරලා තිබුණා.

    රොබට් බැලඩ් හට ලැබුණු අන වුණේ,නියමිත පරිදි අඩි 10,000 ක් සහ 12,000 ක් ගැඹුරු මුහුදේ USS Scorpion සහ USS Thresher න්‍යෂ්ඨික සබ්මැරීන දෙක ලෝකෙට් කරලා nuclear reactors පරිසරයට හානි වෙන අන්දමින් තියෙනවද ආදිය ගවේෂණය කිරීම හා ඡායාරූප ගැනීම. ඒ වගේම ගැඹුරු මුහුදේ දී සෝවියට් රුසියානු ඔත්තු බැලීම් සිදු වෙනවාද ඔවුන් පසුපස හඹා එනවද කියලා අවධානයෙන් ඉන්න එකත් ඔහුට අයිති දෙයක් වුණ.

    ඇමරිකානු රජය බලාපොරොත්තු වූ පරිදි සාර්ථකව මෙහෙයුම අවසන් වුණා.මෙහෙයුම් කාලය අවසන් වීම සඳහා තවත් දින 12 ක සුළු කාලයක් ඉතිරිව තිබුණා.

    මූලික අරමුණ ඉශ්ඨ වුණ නිසා මීලඟ වැඩේ වුණේ ටයිටැනික් සොයාගැනීම.ඉතිහාසයේ කව්රුන් හටවත් ටයිටැනික් නැව මීට පෙර සොයාගන්න පුළුවන් වෙලා තිබුනේ නෑ. කොහොම වුනත් ටයිටැනික් නැව ගිලුණා කියන ප්‍රදේශයෙන් ටිකක් ඈතට වෙන්න විශාල සුන්බුන් තොගයක් ඔවුන්ට හඳුනාගන්න පුලුවන් වුනා.තවත් සැතපුම් 5 ක් වගේ යද්දී අඩි 12,500 ක් ගැඹුරු සාගරයේ විවිධ චීන පිඟන් පීරිසි, කඩපු නැති වයින් බෝතල්, මේස පුටු, කොට්, විසිතුරු භාණ්ඩ ආදිය දැකගන්න ලැබුණා. තවත් සුළු මොහොතකින් ඔවුන්ට තේරුණා Argo යාත්‍රාව තියෙන්නේ අවුරුදු 73 කට කලින් ජිවිත 1500 ක් එක්ක මුහුදට බිලි වූ ටයිටැනික් නෞකාවේ කියලා. නෞකාවේ බඳ දෙකඩ වී තිබුණා. මේ බඳ එකිනෙකට මීටර් 600 ක් වගේ ඈතින් තමයි තියෙනවා කියන්නේ.

    තවත් සුළු මොහොතින් ඔහු තම Argo යාත්‍රාව මතුපිටට ගෙන්වාගෙන ටයිටැනික් සොයාගත් බව දන්වනවා. මොහොතකට මුළු කණ්ඩායමම කලබල වෙනවා. ඉවසුම් නැති වෙනවා. යුගයේ විශිෂ්ටතම සොයා ගැනීම රොබට් බැලාඩ් විසින් සොයාගන්නේ අන්න ඒ විදියටයි.

    නමුත් සැබෑම මෙහෙයුම වුණේ ඇමරිකන් රජයේ වුමනව පරිදි නිරවි යුධ සමයේ අතුරුදන් වූ න්‍යශ්ටික සබ්මැරීන දෙකක් සොයාගැනීම. ඒ වැඩෙත් සිද්ද වුණා. ඒකට හොඳ Coverup එකක් විදිහට ටයිටැනික් නැවත් සොයාගන්න ලැබුණා.නැවත වරක් 1986 දී ඇවිත් සම්පූර්ණ ගවේශනයක් කළා.

    USS Scorpion සබ්මැරීනය සුන්බුන් ඔස්සේ සොයාගෙන ගිහින් ලැබුණු අත්දැකීම නිසා රොබට්ට ටයිටැනික් නැවත් ඒ විදිහටම සුන් බුන් ලෝකෙට් කරලා දින 8 ක් වගේ සුළු කාලයකින් හොයාගන්න පුළුවන් වුණා කියලයි රොබට් කියන්නේ.

    රොබර්ට් බලෙඩ් පසුකාලයේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් බවට පත් වෙලා මේ වගේ ගිලී ගිය යුධ නැව් ගණනාවක් සෙවීම සඳහා දායකත්වය ලබා දුන්නා.

    බිස්මාක් බැටල්ෂිප් එක, USS Yorktown එයාර් ක්‍රාෆ්ට් රැගෙන යන වෙසල් එක, ජෝන් එෆ් කෙනඩිගේ PT-109 ආදී ඉතා සුප්‍රසිද්ධ අනතුරුවලට භාජනය වූ නැව් ගණනාවක් සොයාගන්න දායක වුණා.

    මොහු මහාචාර්යවරයෙක්. ඒ වගේම hypothermel vent සොයාගැනීම ආදී විශිෂ්ට දේවල් රැසක් කළ පුද්ගලයෙක්. ඔහු ගැන වෙනම අධ්‍යනය කරන්න තරම් වටිනා කෙනෙක්.

    කාටහරි හිතෙන්නේ පුළුවන් මේ කතාව කන්ස්පයිරසි තියරියක් කියලා. මේ Classified තොරතුරු වසර කිහිපයකට කලින් ඇමරිකානු නාවික හමුදාව declassified කළා.

    ටයිටැනික් නැව සොයාගත් රොබට් බැලැඩ් ගේ හඬින්ම මේ විස්තරය අහන්න පුළුවන්. CNN සේවයේ නිවේදකියාවක් අහනව මේ වගේ තවත් නාවික හමුදා මෙහෙයුම් ගැන කියන්න පුළුවන් ද කියලා.රොබට් එතකොට කියන්නේ ඉහත තියන බිස්මාක්,යෝක්ටවුන් නෞකා මෙහෙයුම් ගැන ඇරෙන්න අනිත් තොරතුරැ classified නිසා කියන්න බැහැ කියලා. මේ ඉන්ටර්වීව් එක කැමති කෙනෙක්ට බලන්න පුළුවන්.

    රොබට් බැලඩ් ටයිටැනික් හොයාගත්තට පස්සේ එයාගේ ඔෆිස් එකට මුලින්ම ඇවිත් තියෙන්නේ ජේම්ස් කැමරන්. ජේම්ස් කැමරන් ආපු ගමන් කියලා තියෙන්නේ ටයිටැනික් ගැන ෆිල්ම් එකක් හදන්න ඕන කියලා 🙂

    අද වෙනකොට ජේම්ස් කැමරන් 33 පාරක් ටයිටැනික් මුහුදුබත් වුණ මුහුදේ ප්‍රදේශයට කිමිදිලා තියෙනවා.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    "අද වෙනකොට ජේම්ස් කැමරන් 33 පාරක් ටයිටැනික් මුහුදුබත් වුණ මුහුදේ ප්‍රදේශයට කිමිදිලා තියෙනවා."

    meka boru wenna athi ban... ehenam mooth oya kiyana Peeednayata ahu wela marenna one
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    "අද වෙනකොට ජේම්ස් කැමරන් 33 පාරක් ටයිටැනික් මුහුදුබත් වුණ මුහුදේ ප්‍රදේශයට කිමිදිලා තියෙනවා."

    meka boru wenna athi ban... ehenam mooth oya kiyana Peeednayata ahu wela marenna one
    33 parak giyada nadda mam danne na.

    Eth Cameron pawichchi karana Sub eka wena ekak.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "අද වෙනකොට ජේම්ස් කැමරන් 33 පාරක් ටයිටැනික් මුහුදුබත් වුණ මුහුදේ ප්‍රදේශයට කිමිදිලා තියෙනවා."

    meka boru wenna athi ban... ehenam mooth oya kiyana Peeednayata ahu wela marenna one
    ඕක ඇත්ත. :yes: Titanic wreckage එකට 33 වතාවක් ගියා. මරියානා ආගාධෙට ගියා. බිස්මාර්ක් යුධ නැව බලන්නත් ගියා. ඒ ගැන කරපු Documentary එක ඉස්සර රූපවාහිනියෙත් ගියා.:yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    "අද වෙනකොට ජේම්ස් කැමරන් 33 පාරක් ටයිටැනික් මුහුදුබත් වුණ මුහුදේ ප්‍රදේශයට කිමිදිලා තියෙනවා."

    meka boru wenna athi ban... ehenam mooth oya kiyana Peeednayata ahu wela marenna one
    ඔයටත් වැඩිය ගැබුරු මරියානා ආගාධයත් ඌ ගියා.මේ ගියපු සබ් එකේ අවුලක් මිසක්, 11000m යටට යන සබ් තියෙනවා.

    මේවා බලන්න.

    DEEPSEA CHALLENGE 2014

    Code:
    https://1337x.to/torrent/967432/Deepsea-Challenge-3D-2014-1080p-BrRip-x264-YIFY/

    Expedition: Bismarck 2002

    Titanic: 20 Years Later with James Cameron 2017

    Last Mysteries of The Titanic 2005

    Expedition Deep Ocean

    Code:
    https://1337x.to/torrent/5143329/Expedition-Deep-Ocean-S01-COMPLETE-720p-AMZN-WEBRip-x264-GalaxyTV/
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    titanic leonardo dicaprio GIF
     
    • Like
    Reactions: NRTG

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    ටයිටැනික් නෞකාව සොයාගත්තේ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සිදු කළ Top Secret Mission එකක් නිසා බව දැනන් හිටියා ද ?⚓🛳️

    අවුරුදු ගණනාවක් පුරාවට ලෝකයා සිතාගෙන සිටියේ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව සොයාගැනීම කියන්නේ ඒකටම වෙනු වූ විද්‍යාත්මක පර්යේෂණාත්මක ක්‍රමවේදයක් ඔස්සේ ගිහින් සොයාගත්තක් කියලා

    හැබැයි සත්‍ය ඊට වඩා සම්පූරණයෙන්ම වෙනස්.මේ කතාවේ කතා නායකයා තමයි රොබර්ට් බැලඩ්. රොබර්ට් බැලඩ් කියන්නේ හිටපු නාවික හමුදා නිලධාරියෙක්. රෝඩ් අයිලන්ඩ් විශ්ව විද්‍යාලයේ සාගර පත්ල කැමරාකරණය සිදුකරන Oceangrapher කෙනෙක්. සාගර පුරාවිද්‍යා ගවේෂකයෙක්.

    1912 වසර වෙනකොට එවකට ලෝකයේ විශාලතම නෞකාව වූ RMS Titanic Ocean Liner නෞකාව අත්ලන්තික් සාගරය තුළ ජිවිත 1500 ක් එක්කම මුහුදුබත් වෙනවා.මේ ගැන වසර ගණනාවක් පුරාවට විවිධ පොත්,නවකතා,ශෝකාන්ත,නාට්‍ය වගේ දේවල් ලෝකය පුරා නිර්මාණය වෙල තිබුණා.

    හැබැයි 80' දශකය වෙනකොටත් ටයිටැනික් නැව කව්රුවත් සොයාගෙන තිබුණේ නෑ.විවිධ උත්සයන් දරලා තිබුණත් කාටවත් සොයාගන්න ලැබුණේ නෑ. රොබර්ට් බැලඩ්ට මේ ගැන සෑහෙන කාලක ඉඳන් ආශාවක් තිබිලා තියෙනවා.ඒ නිසාම ඔහු සාගර පත්ල ගවේෂණය කරන්න පුළුවන් විදියේ සබ්මසිබල් කැප්සියුල් එකක් නිර්මාණය කරමින් සිටියා. 1975 වගේ කාලය වෙනකොට ඔහු අඩි 9000 ක් වගේ ගැඹුරට යන්න පුළුවන් රොබෝ ආර්ම් එකක් සහිත Alvin කියන සබ් එක නිර්මාණය කළා.

    ඊළඟට ඔහු තවත් ඒ වගේ සබ් කිහිපයක් නිර්මාණය කිරීමෙන් පසුව 1982 වගේ වෙනකොට නිර්මාණය කළේ Argo කියන සබ් එක. මේ සබ් කලින් ඒවට වඩා තාක්ෂණිකව වුණත් සෑහෙන හොඳ මට්ටමේ එකක්. ඒ වගේම අඩි 20000 ගැබුරේ මුහුදේ කිමිදෙන්න පුළුවන් සබ් එකක්. දුරස්ථ පාලකයක් ක්‍රියා කරන පැය 24 ම වුණත් වැඩ කරන සබ් එකක්. මේවා සබ් කිව්වට ROV.

    රොබර්ට් හට අවශ්‍ය වුණා ඊළඟට මේ Argo සබ් එක ටෙස්ට් කරන්නත් එක්ක ටයිටැනික් නෞකාව මුහුදුබත් වුණු පරේදේශයට මේ ROV එක යවලා බලන්න.නමුත් ඔහුට ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ තාක්ෂනික දේවල් ආදිය තිබුණේ නෑ. ඔහු ඒ නිසා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මුල් පුටු කිහිපයක් මුණ ගැහුණ.

    ටයිටැනික් වෙත කිමිදෙන්න ඇමරිකන් නාවික හමුදාව එකඟ කරගන්න රොබට් හට පුළුවන් වුණා. හැබැයි ඔහුට ඒ සඳහා විශාල කේවල් කිරීමක් කරන්න සිදුවුණා. තවත් විදියකින් කිව්වොත් ඇමරිකන් නාවික හමුදාව කිව්වා අපේ වැඩක් තියෙනවා ඒ වැඩේ කරලා දුන්නොත් කාලය තිබුණොත් ඔයාගේ ටයිටැනික් වැඩේ කරන්න සහාය දෙන්නම් කියලා. රොබට්ට මේකට එකඟ වෙනවා හැර වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. ඒ වගේම Argo යන්ත්‍රය තවත් මිලිටරි තාක්ෂණික උපකරණ වලින් අප්ඩේට් කිහිපයක් සිද්ද වුණා.

    දෙවන ලෝක යුධ සමයේ අවසාන කාලයේ 1945 ඉඳන් 1991 වගේ අනුව දශකයේ මුල් භාගය වෙනකම් ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර තිබුණේ සීතල යුද්ධයක්. මේ කාලේ ලෝක බලකඳවුරු දෙක අතර සෑහෙන තාක්ෂණික, බුද්ධිමය හා දේශපාලන උපක්‍රමික දේවල් ගණනාවක් සිද්ද වුණා.

    1963 වසරේදී USS Thresher (SSN-593) කියන ඇමරිකානු න්‍යශ්ටික සබ්මැරීනය 129 දෙනෙක් එක්කම මුහුදුබත් වෙනවා.

    1968 වසරේදී USS Scorpion (SSN-589) කියන ඇමරිකානු න්‍යශ්ටික සබ්මැරීනය 99 දෙනෙක්ගේ කෲ එකත් එක්කම මුහුදුබත් වෙනවා. සිද්ධියට හේතුව ඒ වන විටත් දැනැන් හිටියේ නෑ.

    60' දශකයේ සිදු වූ මේ සබ්මැරීන අනතුරු දෙකක් ඉතිහාසයේ සිදුවූ දැවන්ත අනතුරු. ඒ වගේම මේ ක්ලාස් එකේ තිබුන න්‍යශ්ටික බලයෙන් පණ ගැන්වුණු සබ්මැරීන.

    මේ න්‍යශ්ටික සබ්මැරීන යන්ත්ර දෙක මුහුදු බත් වෙලා අවුරුදු 20 ක් වගේ ගත වුණත් මේවා හොයාගන්න ලැබුණේ නෑ. හැබැයි කොහෙද මුහුදුබත් වුණේ කියල නාවික හමුදාව දැනං හිටියා.

    ටයිටැනික් සොයන්න ප්‍රතිපාදන සහ තාක්ෂණික සහාය ඉල්ලගෙන ආපු රොබට් බැල්ඩ් හට සිදුවුණ මේ ගිලිගිය සබ්මැරීන යන්ත්ර දෙක සොයාගන්න සහාය වෙන්නේ.

    ඇත්තමට නාවික හමුදාව සහ ඇමරිකන් රජයට මේක වැදගත් වුණේ මේ සබ්මැරීන දෙකම න්‍යශ්ටික සබ්මැරීන දෙකක්. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය වුණා මේවා මුහුදුබත් වුණේ සීතල යුධ සමයේ සෝවියට් දේශය දියත් කරන ලද රහස් මෙහෙයුම් නිසාද කියලත්. තවත් වැදගත්ම දෙයක් වුණේ මේ සබ්මැරීන දෙකම න්‍යශ්ටික බලයෙන් ක්‍රියාත්මක වූ නිසා Nuclear Reactors දෙකම නිසා අවට පරිසරයට හානියක් නොවන අන්දමින් මුහුදුබත් වී තිබෙනවාද කියලා දැනගන්න. ඒ වගේම USS Scorpion සතුව න්‍යශ්ටික ආයුධ තිබූ කතාවකුත් රොබට් කියලා තිබුණා.

    මේ මෙහෙයුම කරන්න නම් ඒක ලෝකෙට හොරෙන් කරන්න අවශ්‍ය වුණා. මං මේ කියන දේ සීතල යුධ සමය ගැන අවබෝධයක් තියෙන අයට තේරෙනවා ඇති. සෝවියට් රුසියාව හැම දෙයක් ගැනම ඇස් යොමාගෙන ඉන්නේ.ඇමරිකානු නාවික හමුදාවට සහ රජයට අවශ්‍ය වුණා මේ සිද්දිය වහන්න Coverup එකක්. ඒක තමයි ඔවුන්ට රොබට්ගෙන් ලැබුණේ.ටයිටැනික් මෙහෙයුම.

    1985 දී ටයිටැනික් සෙවීම සඳහා රොබට් ඇතුළු නාවික හමුදාව පිටත් වෙනවා.නාවික හමුදාවේ සමහර පහළ නිලධාරින පවා සිතාගෙන සිටියේ මේ මෙහෙයුම ටයිටැනික් සෙවීම වෙනුවෙන් බවයි.නමුත් කිසිම අවස්ථාවක ටයිටැනික් සෙවීම මේ මෙහෙයුමේ අරමුණක් වුණේ නෑ. ඒක ඔවුන්ගේ අරමුණේ තිබුනේම නෑ. රහසිගත ව්‍යාපෘතියට අදාල කාර්ය අවසන් කරලා කාලය තිබුණොත් පමණක් ටයිටැනික් වෙනුවෙන් නාවික හමුදාව සහාය පළ කරලා තිබුණා.

    රොබට් බැලඩ් හට ලැබුණු අන වුණේ,නියමිත පරිදි අඩි 10,000 ක් සහ 12,000 ක් ගැඹුරු මුහුදේ USS Scorpion සහ USS Thresher න්‍යෂ්ඨික සබ්මැරීන දෙක ලෝකෙට් කරලා nuclear reactors පරිසරයට හානි වෙන අන්දමින් තියෙනවද ආදිය ගවේෂණය කිරීම හා ඡායාරූප ගැනීම. ඒ වගේම ගැඹුරු මුහුදේ දී සෝවියට් රුසියානු ඔත්තු බැලීම් සිදු වෙනවාද ඔවුන් පසුපස හඹා එනවද කියලා අවධානයෙන් ඉන්න එකත් ඔහුට අයිති දෙයක් වුණ.

    ඇමරිකානු රජය බලාපොරොත්තු වූ පරිදි සාර්ථකව මෙහෙයුම අවසන් වුණා.මෙහෙයුම් කාලය අවසන් වීම සඳහා තවත් දින 12 ක සුළු කාලයක් ඉතිරිව තිබුණා.

    මූලික අරමුණ ඉශ්ඨ වුණ නිසා මීලඟ වැඩේ වුණේ ටයිටැනික් සොයාගැනීම.ඉතිහාසයේ කව්රුන් හටවත් ටයිටැනික් නැව මීට පෙර සොයාගන්න පුළුවන් වෙලා තිබුනේ නෑ. කොහොම වුනත් ටයිටැනික් නැව ගිලුණා කියන ප්‍රදේශයෙන් ටිකක් ඈතට වෙන්න විශාල සුන්බුන් තොගයක් ඔවුන්ට හඳුනාගන්න පුලුවන් වුනා.තවත් සැතපුම් 5 ක් වගේ යද්දී අඩි 12,500 ක් ගැඹුරු සාගරයේ විවිධ චීන පිඟන් පීරිසි, කඩපු නැති වයින් බෝතල්, මේස පුටු, කොට්, විසිතුරු භාණ්ඩ ආදිය දැකගන්න ලැබුණා. තවත් සුළු මොහොතකින් ඔවුන්ට තේරුණා Argo යාත්‍රාව තියෙන්නේ අවුරුදු 73 කට කලින් ජිවිත 1500 ක් එක්ක මුහුදට බිලි වූ ටයිටැනික් නෞකාවේ කියලා. නෞකාවේ බඳ දෙකඩ වී තිබුණා. මේ බඳ එකිනෙකට මීටර් 600 ක් වගේ ඈතින් තමයි තියෙනවා කියන්නේ.

    තවත් සුළු මොහොතින් ඔහු තම Argo යාත්‍රාව මතුපිටට ගෙන්වාගෙන ටයිටැනික් සොයාගත් බව දන්වනවා. මොහොතකට මුළු කණ්ඩායමම කලබල වෙනවා. ඉවසුම් නැති වෙනවා. යුගයේ විශිෂ්ටතම සොයා ගැනීම රොබට් බැලාඩ් විසින් සොයාගන්නේ අන්න ඒ විදියටයි.

    නමුත් සැබෑම මෙහෙයුම වුණේ ඇමරිකන් රජයේ වුමනව පරිදි නිරවි යුධ සමයේ අතුරුදන් වූ න්‍යශ්ටික සබ්මැරීන දෙකක් සොයාගැනීම. ඒ වැඩෙත් සිද්ද වුණා. ඒකට හොඳ Coverup එකක් විදිහට ටයිටැනික් නැවත් සොයාගන්න ලැබුණා.නැවත වරක් 1986 දී ඇවිත් සම්පූර්ණ ගවේශනයක් කළා.

    USS Scorpion සබ්මැරීනය සුන්බුන් ඔස්සේ සොයාගෙන ගිහින් ලැබුණු අත්දැකීම නිසා රොබට්ට ටයිටැනික් නැවත් ඒ විදිහටම සුන් බුන් ලෝකෙට් කරලා දින 8 ක් වගේ සුළු කාලයකින් හොයාගන්න පුළුවන් වුණා කියලයි රොබට් කියන්නේ.

    රොබර්ට් බලෙඩ් පසුකාලයේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් බවට පත් වෙලා මේ වගේ ගිලී ගිය යුධ නැව් ගණනාවක් සෙවීම සඳහා දායකත්වය ලබා දුන්නා.

    බිස්මාක් බැටල්ෂිප් එක, USS Yorktown එයාර් ක්‍රාෆ්ට් රැගෙන යන වෙසල් එක, ජෝන් එෆ් කෙනඩිගේ PT-109 ආදී ඉතා සුප්‍රසිද්ධ අනතුරුවලට භාජනය වූ නැව් ගණනාවක් සොයාගන්න දායක වුණා.

    මොහු මහාචාර්යවරයෙක්. ඒ වගේම hypothermel vent සොයාගැනීම ආදී විශිෂ්ට දේවල් රැසක් කළ පුද්ගලයෙක්. ඔහු ගැන වෙනම අධ්‍යනය කරන්න තරම් වටිනා කෙනෙක්.

    කාටහරි හිතෙන්නේ පුළුවන් මේ කතාව කන්ස්පයිරසි තියරියක් කියලා. මේ Classified තොරතුරු වසර කිහිපයකට කලින් ඇමරිකානු නාවික හමුදාව declassified කළා.

    ටයිටැනික් නැව සොයාගත් රොබට් බැලැඩ් ගේ හඬින්ම මේ විස්තරය අහන්න පුළුවන්. CNN සේවයේ නිවේදකියාවක් අහනව මේ වගේ තවත් නාවික හමුදා මෙහෙයුම් ගැන කියන්න පුළුවන් ද කියලා.රොබට් එතකොට කියන්නේ ඉහත තියන බිස්මාක්,යෝක්ටවුන් නෞකා මෙහෙයුම් ගැන ඇරෙන්න අනිත් තොරතුරැ classified නිසා කියන්න බැහැ කියලා. මේ ඉන්ටර්වීව් එක කැමති කෙනෙක්ට බලන්න පුළුවන්.

    රොබට් බැලඩ් ටයිටැනික් හොයාගත්තට පස්සේ එයාගේ ඔෆිස් එකට මුලින්ම ඇවිත් තියෙන්නේ ජේම්ස් කැමරන්. ජේම්ස් කැමරන් ආපු ගමන් කියලා තියෙන්නේ ටයිටැනික් ගැන ෆිල්ම් එකක් හදන්න ඕන කියලා 🙂

    අද වෙනකොට ජේම්ස් කැමරන් 33 පාරක් ටයිටැනික් මුහුදුබත් වුණ මුහුදේ ප්‍රදේශයට කිමිදිලා තියෙනවා.
    Nice post. Very informative 😃😀. Can I share this on FB with due credit?