ට්‍රම්ප්ගේ_චීන_සංචාරය
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේදී චීනයේ බිජිං නුවරට ලඟා විය. මෙය ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූ පසුව කෙරෙන පළමු චීන සංචාරය වේ. මෙම සංචාරය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග බිරිඳ මෙලනිය ට්‍රම්ප්ද සහභාගිවුවාය . චීන ජනාධිපති සී ජිම්පින්ග් ( Xi Jinping ) සමග චීන මැති ඇමතිවරු බොහෝ ප්‍රමාණයක් පිලි ගැනීමේ උත්සවය සඳහා සහභාගී සිටියහ. පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුනේ චීනයේ Forbidden City පරිශ්‍රයේය .
ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගනිම සඳහා චීන හමුදා භටයින් 200 සහ චීන සහ ඇමරිකානු ධජයන් අතැතිව කුඩා ළමුන් 75 දෙනෙකු පමණ සහභාගී විය. මෙහිදී ප්‍රධාන වශයෙන් උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්චාවට ගැනෙනු ඇත. පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ට්‍රම්ප් සහ සී ජිම්පින්ග් ( Xi Jinping ) රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.
ඇමරිකානු ඩොලර් බිලියන 250 වෙළඳ ගනුදෙනුවක්
චීනය සහ ඇමරිකාව අතර ඩොලර් බිලියන 250 ක ව්‍යාපාරික සහයෝගිතා ගිවිසුමක් වෙනුවෙන් අත්සන් තැබූ බව සී ජිම්පින්ග් ( Xi Jinping ) ප්‍රකාශ කළේය. මෙම ද්විපාර්ශ්වික වාණිජ ගිවිසුම මගින් දෙරටේම පුරවැසියන්ට ආයෝජන අවස්ථා සහ ආර්ථික වාසි උදාවන බව සී ජිම්පින්ග් විසින් වැඩි දුරටත් ප්‍රකාශ කොට සිටියේය.
උතුරු කොරියාව නිරායුධ කිරීම
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයේ ප්‍රධාන අරමුණ වුයේ උතුරු කොරියානු අර්බුදය ගැන චීනය සමග සාකච්චා කිරීමටය. ට්‍රම්ප් සහ සී ජිම්පින් අතර සිදුවූ සාකච්චාවලින් පසුව උතුරු කොරියානු න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නතර කිරීමට චීනය කැපවන බව පොරොන්දු විය. චීනය මැදිහත්කරුවෙක් වශයෙන් ක්‍රියාකොට මෙම ගැටලුවට අදාල දෙපාර්ශවයම එකම මේසයකට ගෙනවිත් සකච්චා කිරීමෙන් කලාපයේ චිරස්ථායී සාමයක් උදා කිරීමට හැකිබව සී ජිම්පින්ග් ට්‍රම්ප් හමුවේ ප්‍රක්ෂකොට සිටියේය.
සී ජිම්පින්ග් ( Xi Jinping ) ප්‍රකශය
ඇමරිකා එක්සත් ජනපදය සමග චීනය මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට සුදානම් බව චීන ජනාධිපති සී ජිම්පින්ග් ( Xi Jinping ) පවසයි. සිදු වූ සාකච්චාවල ප්‍රතිපලයක් ලෙස සිදුවන ව්‍යාපාරව සහ ආයෝජනවල ප්‍රතිලාභ දෙරටේම ජනතාව අතර බෙදී යනු ඇත. විශේෂයෙන්ම ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරියේදී චීනයේ සහයෝගය හිමිවන බව චීන ජනාධිපති සී ජිම්පින්ග් ( Xi Jinping ) විසින් ප්‍රකශ කොට සිටියේය. කලාපයේ සාමය ස්ථාවරව තබ ගැනීමට ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවට සී ජිම්පින්ග් විසින් වැඩි දුරටත් ප්‍රකශ කොට සිටියේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය
ට්‍රම්ප් සහ සී ජිම්පින් අතර සිදුවූ ද්විපාර්ශ්වික සාකච්චා වලින් පසුව ට්‍රම්ප් විසින් සිදු කල ප්‍රකාශය : " මම චීනයට ගොඩක් ගරු කරනවා. නමුත් පසුගිය කාල වකවානුවලදී දෙරටේ ඇති වූ ගැටළු සහ ක්‍රියාකාරකම් එතරම් යහපත් උනේ නැහැ. එනමුදු මා චීනයට දොස් පවරන්නේ නැහැ. මා දොස් පවරන්නේ පසුගිය කාල වලදී පවතී පරිපාලනයන්ට සහ ප්‍රතිපත්තීන්ට. ඉදිරියෙදී චීනය හා ඇමරිකාව සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම භාගයක් ලෙස මා සලකනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙර දින රාත්‍රියේ තමාට ලබා දුන් කෙටි භෝජන සංග්‍රහයට සී ජිම්පින්ග් වෙත ස්තුතිය පුද කළේය. එම භෝජන කෙටි වෙලාවක් සඳහා සුදානම් කර තැබුවත් පසුව එය පැය දෙකක් දක්වා දීර්ග විය.
චීන සාමාන්‍ය ජනතාවගේ අදහස
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සංචාරය පිලිබඳ චීන ජනතාව තුල එතරම් ප්‍රසාදයක් දක්නට නොලැබුණි. චීනයේ ස්පාඤ්ඤ වෙළඳ සමාගමක සේවය කරන 24 හැවිරිදි තරුණියක් වන සැන්ග් සින්ග් ( Zhang Xing ) අල් ජසීරා පුවත් සේවයට පවසා සිටියේ " බොහොමයක් චීන ජාතිකයින් ඇමරිකානු නව ජනාධිපති ට්‍ර්ම්ප් වෙත කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒවගේම ඔහුත් චීන ජනතාවට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ඇමරිකාව සමග සහයෝගයෙන් කටුතු කිරීම හොඳ දෙයක්. ලෝකයේ බලවත් රටවල් දෙකක් සහයෝගයෙන් සිටීමෙන් උතුරු කොරියානු ප්‍රශ්නය විසඳාගැනීමට හැකියාව ඇති බව සැන්ග් සින්ග් අදහස වේ.
ට්‍රම්ප් පිළිබඳව ප්‍රසාදයක් නොදක්වන 24 හැවිරිදි සැන්ග් සින්ග් ( Zhang Xing )
ට්‍රම්ප්ගේ චීන සංචාරයේ අමතර චයාරූප
උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com

Last edited: