ට්‍රැක් ලන්තෙ තවත් දවසක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වයක් අතර වූ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.පහරදීම වැළැක්වීමට ගිය සහෝදරයන් දෙදෙනාගේ මව ද සුළු තුවාල ලබා ඇති අතර සිද්ධියෙන් නිවාස දෙකකට හා දේපළවලට හානි සිදු කර ඇතැයිද පොලිසිය කීය.


    මත්තේගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක පැවැති මත්පැන් සාදයක් අතරතුරදී ඒ සඳහා රැගෙන ආ මත්පැන් අවසන් වීමත් සමග එහි සිටි එක් තරුණයකු පොලිසියෙන් ඇල්ලුවොත් මම බේරගන්නම් යැයි පවසා මත්පැන් පානය කර සිටි මිතුරකු කැමති කරවාගෙන තවත් මත්පැන් රැගෙන ඒම සඳහා කොට්ටාව දෙසට යතුරු පැදියකින් යමින් සිටියදී රාත්‍රී මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යතුරුපැදිය නවතා පරීක්ෂාකොට මත්පැන් පානය කර සිටි පැදිකරු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබේ.



    එහිදී පැදිකරු බේරා ගැනීමට නොහැකි වූ පසු පැදිකරු යළිත් මත්පැන් සාදය පැවති ස්ථානයට පැමිණ සිද්ධිය සැල කර සිටීමේදී ඊට උරණ වූ පැදිකරුගේ සහෝදරයකු ඔහුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.

    ඉන් පසුව පහර කෑ තැනැත්තා එම ස්ථානයෙන් බැහැරට ගොස් තවත් හත් දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් රැගෙන යළිත් සාදය පැවැති නිවස අසලට විත් එහි සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට සවලකින්, යකඩ පොලු වලින් හා අතින් පයින් පහර දී නිවාස දෙකක ජනෙල්වලට හා දොරවල්වලට අලාභ හානි සිදුකොට පලා ගොස් තිබූ බව පොලිසිය පැවැසීය.

    පහර කෑමෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු හා ඔවුන්ගේ ඥාති දියණියක විවාහ කරගැනීමට කැමැත්ත පළ කර සිටි තරුණයකු කැපුම් තුවාල සහිතව හෝමාගම මූලික රෝහලට හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව පොලිසිය කීය.



    සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පැමිණිලි කර ඇති අතර පහරදීමට පැමිණි කල්ලියේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය ප්‍රකාශ කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය මහතාගේ උපදෙස් මත මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චානක මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අකුරක් නෑර කියෙවුව....

    ඕකට කිරියෙ එකෙකුත් ගෑවිලා නැත්තං තමයි පුදුමෙ...
    200.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය වගේම සීන් එකක් උනා මෙහෙ.
    මේ ලග ආමි එකෙ ඩයල් එකක් ඉන්නවා, පනාගොඩ වැඩ කරන්නෙ

    උගෙ හොබී එක, සතියට පාරක්, කට්ටිය එක්ක බීල සින්දු කියන එක
    දවසක් බීල, සින්දු කියනකොට අනිත් ගෙදර එවුන් 119 ගහල, පොලිසිය ඇවිල්ල වටේ කැරකි කැරකි ඉදල.

    මුන් බඩු මදි වෙලා ගෙන්න යද්දි අල්ලගෙන
    එදා රෑ රිමාන්ඩ්, පස්සෙන්ද උසාවි,

    බීල බයික් පැදපු එකටත් එක්ක 50000ක් විතර කුඩු කරගෙන ගෙදර ආවෙ

    මූට ඒත් ලැජ්ජ නෑ, ගිය සතියෙත් බීල සින්දු කියනව ඇහුන

    ලමයි 3ක් ඉන්නව,
    පරන ඇදුම් කෑලි ඇදගෙන ඉන්නෙ, හුත්තට බොන්න සල්ලි තියනව, ඇදුමක් අරන් දෙන්න සල්ලි නෑ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    ඔය වගේම සීන් එකක් උනා මෙහෙ.
    මේ ලග ආමි එකෙ ඩයල් එකක් ඉන්නවා, පනාගොඩ වැඩ කරන්නෙ

    උගෙ හොබී එක, සතියට පාරක්, කට්ටිය එක්ක බීල සින්දු කියන එක
    දවසක් බීල, සින්දු කියනකොට අනිත් ගෙදර එවුන් 119 ගහල, පොලිසිය ඇවිල්ල වටේ කැරකි කැරකි ඉදල.

    මුන් බඩු මදි වෙලා ගෙන්න යද්දි අල්ලගෙන
    එදා රෑ රිමාන්ඩ්, පස්සෙන්ද උසාවි,

    බීල බයික් පැදපු එකටත් එක්ක 50000ක් විතර කුඩු කරගෙන ගෙදර ආවෙ

    මූට ඒත් ලැජ්ජ නෑ, ගිය සතියෙත් බීල සින්දු කියනව ඇහුන

    ලමයි 3ක් ඉන්නව,
    පරන ඇදුම් කෑලි ඇදගෙන ඉන්නෙ, හුත්තට බොන්න සල්ලි තියනව, ඇදුමක් අරන් දෙන්න සල්ලි නෑ
    අලව්වෙත් ඔහොම එකක් උනා 🤥🤥

    Sport Love GIF by Detroit Tigers