ට්‍රැෆික් මාමලා අපට ලකුණු දෙන හැටි

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ට්‍රැෆික් මාමලා අපට ලකුණු දෙන හැටි

ඔන්න දැන් ආයෙත් ඉස්සරහට ලකුණු කැපෙන වැඩක් එන්නයි යන්නේ. දැන්ම බලලා තියාගත්තොත් හොදයි හැමෝම.


DriverImprovementPointsGra.jpg


අනතුරක් වැලක්වීමට උත්සහ නොකිරීම - ලකුණු 6
අවධානම් තැන්වලදී වේගයෙන් ගමන් කිරීම - ලකුණු 8
අධිවේගී මාර්ගයේ නොසැලකිලිමත් ලෙස ධාවනය - ලකුණු 8
අනතුරකින් පසු පලා යාම - ලකුණු 10
අනතුරකින් පසු ලගම පොලිසියට දන්වා නොතිබීම - ලකුණු 10
වේග සීමා අභිබවා ධාවනය - ලකුණු 6
පාරේ වම් පසින් ධාවනය නොකිරීම - ලකුණු 2
පැහැදිලි නැති තැනකදී ඉස්සර කිරීම - ලකුණු 6
වැරදි පැත්තෙන් ඉස්සර කිරීම - ලකුණු 4
දකුණු පස වාහනයට ඉඩ නොදීම - ලකුණු 4
අහේතුවකදී අධිවේගී මාර්ගයේ පසු පසට ධාවනය - ලකුණු 4
මාර්ග සලකුණු නොසලකා ධාවනය - ලකුණු 6
පරිසර පරීක්ෂණ අසමත් වාහන ධාවනය - ලකුණු 6
පොලිස් සලකුණු හා වාචික විධාන නොසලකා ධාවනය - ලකුණු 6
නියමිත මට්ටමට වඩා ශබ්ද නගන වාහන ධාවනය - ලකුණු 6
තහනම් තැන් වලදී හෝන් ගැසීම - ලකුණු 6
පුද්ගලයෙක්ට, මාර්ගයට, වාහනවලට අනතුරුදායක ප්‍රමිතියෙන් තොර වාහන ධාවනය - ලකුණු 10
ආසන ආරක්ෂණ පටි නොපලදීම - ලකුණු 3
වංගු හා ද්විත්ව ඉරි සහිත තැන් වලදී ඉස්සර කිරීම - ලකුණු 4
කහ ඉර අසල වාහන නැවත්වීමට අසමත්වීම - ලකුණු 6
හෙල්මට් රහිතව යතුරුපැදි පැදවීම - ලකුණු 4
සෙල්ෆෝන් වැනි උපකාර අතින් පරිහරණය කරමින් වාහන ධාවනය කිරීම - ලකුණු 4


අලුත් නීතියේ හැටියට අවුරුදු දෙකින් දෙකට රියදුරු බලපත්‍රය අලුත් කර ගන්න ඕනේ. මේ අවුරුදු දෙක අවසානයේ ලැබිලා තියන ලකුණු එකතු කරලා බලනවා. ලකුණු 18 ට වඩා අඩු අයට කිසිම ප්‍රශ්නයක් නැතුව අලුත් කර ගන්න පුළුවන්. 18 ත් 23 ත් අතර අයට මෝටර් රථ කොමසාරිස්ගේ අවවාදයත් සමග රියදුරු බලපත්‍රය අලුත් කර ගන්න පුළුවන් :oo::oo:. 23 ට වඩා වැඩිනම් වසරකට රියදුරු බලපත්‍රය අලුත් නොකර අවලංගු කරන්න හැකියාව තියනවා. :baffled::baffled::baffled:



Repost නම් :sorry::sorry::sorry: වැදගත් නම් කමෙන්ට් එකක්, බම්ප් එකක් දාලා යන්න. ++ වුනත් වරදක් නෑ :cool::cool::cool:
 
Last edited:

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
me system aka aluth Id akata neda?

මචං මේක පාර්ලිමේන්තුවේදී ගිය සතියේ සම්මත වෙලා තියනවා. ඉක්මනට ක්‍රියාත්මක වෙයි කියලා තමයි කියන්නේ. :baffled::baffled::baffled:
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ලයිසන් එක නැතුව ගිහින් මාට්ටු වුනොත් ලකුනු කීයක් දෙනවද දන්නැ නේ? :rofl:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    රාලහාමි අපුරුවට ගණන් හදයි ලකුණු ගානට. "මහත්තයෝ දැන් මම ලකුණු කැපුවොත් අඩුමගානේ 6 ක්වත් කපන්න වෙනවා, අන්තිමට මහත්තයටමනේ කරදරේ. ඔන්න ඔහේ එක ලකුණකට රුපියල් 200 ගානේ දීලා යන්න" කියයි. :rolleyes::rolleyes::rolleyes::rolleyes: