ට්‍රැෆික් වරදට මරණ දඬුවම

topkollek

Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියකු මියයෑම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ඇඹිලිපිටිය නව නගරයේ අංක 27 නිවෙසේ පදිංචි ජයසේකර ආරච්චිගේ අසංක ඉදුනිල් (46) නම් පුද්ගලයා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු ලෙස සිටියදී රෝගී තත්ත්වයකට පත්ව මිය ගොස් ඇති බව වාර්තා වේ.

    අංක 1664 යටතේ මෙම රැඳවියා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරගත කරන ලද්දේ වෙනත් පුද්ගලයකුට රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් ඇප තැබීම සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේදී අධිකරණය තුළදී ඔහුගේ ජංගම දුරකථනය නාද වීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය විසින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බව ඥාතීන් පවසයි.

    බන්ධනාගාරගතව සිටියදී හදිසි අසනීප තත්ත්වයක් නිසා ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී පසුගිය මැයි 02 වැනිදා මිය ගොස් ඇතැයි ඥාතීහු සඳහන් කරති.

    අඟුණුකොළපැලැස්ස පොලිසිය විසින් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය 3 වැනිදා B 13875/25 යටතේ මේ සම්බන්ධව කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රසන්න සෙල්ලහේවා මහතා විසින් සිදු කර ඇත.

    මරණ පරීක්ෂණයේදී හෙළිවූ කරුණු අනුව, මොට පුස්ථයකින් හිසට සිදුවූ හානි සහ මොළයට හානි වීම හා පපුවේ වම්පස ඉළ ඇටවලට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය මරණයට හේතුව බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කර ඇත.

    මියගිය අසංක ඉදුනිල්ගේ දේහය ඇඹිලිපිටිය නව නගරයේ ලංකා බැංකුව අසල පිහිටි ඔහුගේ පුංචි අම්මාගේ නිවෙසේ මැයි 04 වැනිදා තැන්පත් කරනු ලැබූ අතර, අවසන් කටයුතු ඇඹිලිපිටිය නව නගරයේ පොදු සුසාන භූමියේදී මැයි 05 වැනිදා සවස සිදු කිරීමට නියමිතව තිබිණි.

    මියගිය අයගේ පවුලේ ඥාතීන් පවසන්නේ මෙම මරණය සැක සහිත බවත්, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර මරණයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර, මරණය පිළිබඳ සැක සහගත තත්ත්වයන් මත පදනම්ව පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටින මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විශේෂ අවධානය යොමු කොට ඇතැයි වාර්තා වේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකත් ඒ මනුස්සය කරපු දෙයක් නෙවෙයි නෙ.

    හපොයි දෙයියනේ..

    කවුරුවත් කියලා නැද්ද ෆෝන් එක mute කරගන්න කියල
    රජයේ සේවකයන් ගැන පට්ට බයකින් අපි ජීවත් වෙන්න ඕන
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    බන්ධනාගාරගතව සිටියදී හදිසි අසනීප තත්ත්වයක් නිසා ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී පසුගිය මැයි 02 වැනිදා මිය ගොස් ඇතැයි ඥාතීහු සඳහන් කරති.

    අඟුණුකොළපැලැස්ස පොලිසිය විසින් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය 3 වැනිදා B 13875/25 යටතේ මේ සම්බන්ධව කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රසන්න සෙල්ලහේවා මහතා විසින් සිදු කර ඇත.

    මරණ පරීක්ෂණයේදී හෙළිවූ කරුණු අනුව, මොට පුස්ථයකින් හිසට සිදුවූ හානි සහ මොළයට හානි වීම හා පපුවේ වම්පස ඉළ ඇටවලට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය මරණයට හේතුව බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කර ඇත.
    The reason of Hospital admittance do not match with the result of the inquest. So I think that some prison officer is involved with the incident.
     
    • Like
    Reactions: topkollek

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    නඩු කාර හාන්දුරොන්ට සෑහෙන පුකේ අමාරුවක් එන්න ඇති මේ මිනිහව හිරේ දාන්න ෆෝන් එක රින් උන එකට. ෆුල් කැකිල්ලෙ වෙලා රින් කරපු එකත් හොයන් ගෙනත් දාන්න බැරි උනේ ඇයි දන්නෙ නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නඩු කාර හාන්දුරොන්ට සෑහෙන පුකේ අමාරුවක් එන්න ඇති මේ මිනිහව හිරේ දාන්න ෆෝන් එක රින් උන එකට. ෆුල් කැකිල්ලෙ වෙලා රින් කරපු එකත් හොයන් ගෙනත් දාන්න බැරි උනේ ඇයි දන්නෙ නෑ

    අපහාස කරන්න එපා යකූ

    හදලා තියන නීති වල ගොං කම
    සති දෙකක් මුන්ට කන්න බොන්න දෙන්නත් ඕන
    තවත් පාඩුව ටැක්ස් ගෙවන උන්ටමයි
    දඩයක් ගහලා යැව්වා නම් ප්‍රොෆිට් 🤓
     
    Sen-lu

    Well-known member
  • මැරිච්ච කෙනාගේ පුතා මේ පාර මෙඩිකල් සිලෙක්ට් වෙලා. උබ කොල්ල කිව්වේ ඌට ද?

    ------ Post added on May 6, 2025 at 12:48 PM

    අවවාද කරල යවන්නෙ නැතුව. ඌව 14කට හිරේ දාල. ඒතරම් තිතට නීතිය වැඩ. 😂
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    නඩු කාර හාන්දුරොන්ට සෑහෙන පුකේ අමාරුවක් එන්න ඇති මේ මිනිහව හිරේ දාන්න ෆෝන් එක රින් උන එකට. ෆුල් කැකිල්ලෙ වෙලා රින් කරපු එකත් හොයන් ගෙනත් දාන්න බැරි උනේ ඇයි දන්නෙ නෑ
    ඒක නීතිය ,
    ඒක වෙනස් කරන්න පුළුවන් රටේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට කියල ,

    මේ case එකේ ලොකුම ප්‍රශ්නේ දැනට තියෙන නීතියට අනුවත් remand එක ඇතුලේ කරපු පහර දීමක් මාරාන්තික ,
    මේ වෙනකන් එක සැක කාරයෙක් හොයාගෙන නැහැ ,

    අදාල වෙලාවේ සේවය කරපු බන්ධනාගාරේ උන්ගෙන් & remand එකේ එක cell එකේ ඉඳපු අනිත් උන්ගෙන් අපරාධ පරීක්ෂණ එකෙන් ප්‍රශ්න කරපු කතා නැහැ NEWS එකේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හපොයි දෙයියනේ..

    කවුරුවත් කියලා නැද්ද ෆෝන් එක mute කරගන්න කියල
    phone eka ring unath adikaranaya nikan deyyo wageda apahasa wenna. okun hithan inne jesus/ buddha level eke wage. US wala nam video karala youtube eketh danawa