ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,176
    113
    Mother Earth
    සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන "පාළු පාළමෙන් කොළබට ගැල් පේලිය සැපත් වුණා..." සින්දුව අහ අහ ඉද්දි ඒකෙ පද පේළියක් තියෙනවා "ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා.." කියල. මම ඒ ගැන විස්තර දැනගන්න google කරාම පට්ට විස්තරයක් හම්බුණා. සින්දුව එක පාරක් හරි අහල බලන්න. පට්ට ලස්සන සින්දුවක්. අහනකොට imagination මැවෙනවා.

    (මේ විස්තරේ මම උපුටා ගත්තෙ ලංකාදීප පත්තරේකින්. ඒක ලියල තිබ්බෙ ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය මහත්තයා.)
    1631544919695.jpeg


    මේක 2013 වෙච්ච සිද්ධියක්. ඕල්කට් මාවතේ ලොකු ගිලා බැසීමක් වෙලා තිබ්බලු. ගිලා බැස්ස තැනින් මතුවී තිබුණේ ට‍්‍රෑම් රථ මාර්ගයක් බව එහි ගිය කොයිකාටත් දැක ගැනීමට හැකිවිණි. කොළඹ මහ නගර සභාව ට‍්‍රෑම් රථ මාර්ග තැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත්තේ 1892 වසරේදීයි.

    ට‍්‍රෑම් රථ ධාවනය කිරීම සඳහා මාර්ග සකස් කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාර ගෙන ඇත්තේ බවුස්ටඞ් නැමැති සමාගමකි.

    මුල්ම ට‍්‍රෑම් රථ ගමන උත්සවශ්‍රීයෙන් ආරම්භ කර ඇත්තේ 1899 සැප්තැම්බර් මස 12 වැනිදාය.

    මෙය දකුණු ආසියාවේ ප‍්‍රථම ට‍්‍රෑම් රථ සේවාව වූ අතර ට‍්‍රෑම් රථ මංගල ගමන ආරම්භ වූයේ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය ආසන්නයේ සිට තොටළඟ දක්වායි.

    ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය ළඟ සිට තොටළඟට ට‍්‍රෑම් රථයක් ගමන් කිරීමට ගතවී ඇති කාලය පැය කාලකි.

    ට‍්‍රෑම් රථ සේවය ජනපි‍්‍රය වීමත් සමගම ග‍්‍රෑන්ඞ්පාස් මරදාන මාර්ගය ඇතුළු කොළඹ නගරය පුරාවටම ට‍්‍රෑම් රථ මාර්ග සාදා ඇත.
    ට‍්‍රෑම් රථ සේවය ජනපි‍්‍රයවීමත් සමගම කොළඹ නගරය පුරා එතෙක් කි‍්‍රයාත්මක වූ රික්ෂෝ හා කරත්තකරුවන්ට උදා වූයේ නරක කාලයකි.

    රික්ෂෝකරුවන් හා කරත්තකරුවන්ට ඔවුන්ගේ එතෙක් කරගෙන ආ ජීවනෝපාය අහිමිවීමෙන් දරු පවුල් නඩත්තු කිරීමට නොහැකිව දැඩි දුෂ්කරතාවන්ට පත්වී තිබේ.

    කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් ඔවුන්ගේ ජීවනෝපාය අහිමිවීම නිසා කෝපයට පත්ව තැන තැන සැඟවී සිට ධාවනය වන ට‍්‍රෑම් රථවලට ගල් මුල් ප‍්‍රහාර එල්ල කර ඇත.

    මේ නිසා සමහරු ට‍්‍රෑම් රථවල ගමන් කිරීමට බියක් දක්වා ඇත. එහෙත් ට‍්‍රෑම් රථවලට සැඟවී සිට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළ කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට පටන් ගැනීමත් සමගම ගල් මුල් ගැසීම ටික දිනකින්ම නතර විය. ඊට පසු බාධාවකින් තොරව ට‍්‍රෑම් රථ ධාවනය කිරීමට අවස්ථාව උදාවූ අතර ජනතාවට ට‍්‍රෑම් රථ වලින් ගමන් කිරීමට තිබූ බියද පහව ගොස් තිබේ.

    කොළඹ නගරයේ කි‍්‍රයාත්මක වූ රික්ෂෝ හා කරත්ත යුගය හමාරකරමින් ආරම්භ වූ ට‍්‍රෑම් රථ සේවාවේ නියුතු රියදුරන් ඇතුළු සේවකයන් ගෙවන වැටුප් ජීවත්වීමට කිසිසේත්ම සෑහෙන්නේ නොමැති බව පවසමින් මහා වැඩ වර්ජනයක්ද ආරම්භ කර ඇත. ඒ 1929 වසරේදීය.


    ට‍්‍රෑම් රථ රියදුරන් හා සේවකයන් කොළඹ නගරයේ ලොකු අරගලයක් කර ඇති අතර මෙහිදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තුවාල පවා සිදුවී ඇත.
    පොලිසිය ඉවත් බවක් නොමැතිව වෙඩි තැබීම නිසා වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූ පස් දෙනකු මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත්තේ කොළඹ නගරය රක්ථවර්ණ ලෙයින් තෙත් කරවමිනි.

    වැඩි පඩි ඉල්ලා ට‍්‍රෑම් රථ රියදුරන් හා සේවකයින් කළ උද්ඝෝෂණය එයින්ම නිමාවට පත්ව ඇත. කොළඹ නගර සභාව ට‍්‍රෑම් රථ සේවාව ඔවුන්ගේ පාලනය යටතට ගෙන ඇත්තේ 1944 වසරේ සැප්තැම්බර් මස 1 වැනිදාය. ඒ බවුස්ටඞ් සමාගමට රු. ලක්ෂ 36 ක පමණ මුදලක් ගෙවීමෙනි.

    ට්‍රොලි රථ සේවාවක් ආරම්භ වීමත් සමගම රික්ෂෝකරුවන්ට කරත්තකරුවන්ට සිදුවූ සන්තෑසියම ට‍්‍රෑම්රථ රියදුරන්ට හා සේවකයින්ටද සිදුවී ඇත.
    කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ට්‍රොලි බස් සේවයක් ආරම්භ වූයේ 1950 වසරේ සිටය.

    ට‍්‍රෑම් රථ සේවය අපේ රටෙන් සම්පූර්ණයෙන්ම් නවතා දමනු ලැබුවත් වර්තමානයේ ස්විස්ටර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, පින්ලන්තය සහ බල්ගේරියාව ඇතුළු තවත් රටවල් ගණනාවක ට‍්‍රෑම් රථ සේවය කෙටි දුර ප‍්‍රවාහන කටයුතු සඳහා යොදාගනු ලැබේ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113

    ඉලෙක්ට්රික් කාර් එකේ ගිහින් දර ගෙනෙමුද බයිස්තිනා..​

     
    • Like
    Reactions: NRTG