ටැංකිය පිරෙන්න ම තෙල් ගහලා පිනකුත් කරගනිම
(මේක තිබුනෙ රොෂාන් හේරත් කියන Blog එකේ, ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතුන හින්ද එලකිරි දැම්මෙ
සම්පූර්න ස්තුතිය රොෂාන් හේරත් සහෝදරයාට ......)
http://roshanherath.blogspot.com/2013/08/blog-post.html
ටැංකිය පිරෙන්න ම තෙල් ගහලා පිනකුත් කරගනිමු.
කවදාහරි වාහනේ තෙල් ටැංකිය පිරෙන්නම තෙල් ගහලා තියෙනවාද? අනිවාර්යෙන්ම ඹව් නේද?
ඒත් කවදාවත් හිතලා තියෙනවාද ෆුල්ටෑංක් ගහද්දිත් බොහෝවිට අපිට ගෙවන්න තියෙන මුදල අගට රුපියල් 500න් හරි 1000න් හරි එහෙමත් නැත්තන් 100න් සම්පූර්ණයෙන්ම ඉතිරි නැතිව බෙදෙන ගානක් වෙන්නෙ කොහොමද කියලා.
මීළඟ වතාවෙ ෆුල් ටෑංක් තෙල් ගහද්දි පොඩ්ඩක් ටැංකිය දිහා බලන්න. ටැංකිය කට මට්ටමටම පිරිලා තියෙනවා කියලා පෙනෙද්දිත් තෙල් ගහන කෙනා මීටරය දිහා බල බලා අගට බිංදු දෙකක් පෙනෙන මුදලක් පෙන්වනකන් තවත් තෙල් ගහනවා නේද? ඒත් ටැංකිය උතුරනවා දැකලා නැතිව ඇති. ටැංකියේ කට මට්ටමට තෙල් ඇවිත් තියෙද්දි ටැංකියට පිරෙන තෙල් උතුරන් නැති වෙන්න නම් ඊළඟට එන තෙල් ටැංකියට නෑවිත් තියෙන්න ඕන. නැත්නම් මීටරය රවුම් ගානක් පෙන්නන්න ඕන නිසා තෙල් නිකුත් නොකර මීටරය කරකවන්න ඕන. ඒත් ඇත්තටම සිද්ද වෙන්නෙ වෙන දෙයක්.
බොහෝ තෙල් සපයන නල වල තියෙනවා සෙන්සර් එකක් ටැංකිය පිරුණුවිට අඳුරගන්න පුලුවන් වෙන්න. එවිට ඒ මට්ටමට වඩා පිරෙන තෙල් නැවතත් පිරවුම් හලේ තෙල් ටැංකිය වෙත පොම්ප කරනවා වෙනත් වෑල්වයක් මගින්. ඉතින් අපි තෙල් ගහන්න ගිහින් ටැංකිය පිරෙන්න තෙල් ගහන් කීවම නලයේ ක්රියා කරු රවුම් ගානක් වෙනකන් තෙල් ගහනවා. අපි ටැංකිය පිරුණම ඒ බව නොදැන රවුම් ගානකට මුදල් ගෙවලා තෙල් ටිකකුත් පිරවුම් හලට පිනට දීලා එනවා .
තවත් දෙයක්
තෙල් ගහද්දි උදේම තෙල් ගහන්න. එවිට අපි හවසට තෙල් ගහද්දි ලැබෙන තෙල් ප්රමාණයට වඩා වැඩි පරිමාවක් ලැබේවි. මොකද පොළොව රත් වෙද්දි තෙල් ප්රසාරණය වෙන නිසා දවල්ට ලැබෙන්නෙ පරිමාව වැඩි වුනු තෙල්. ඒ තෙල් උෂ්ණත්වය අඩු වෙනකොට පරිමාව අඩු වෙනවා.
ඉතා ඉක්මනින් තෙල් පුරවන නලයකට වඩා සෙමින් තෙල් පුරවන නල පාරිභෝගිකයාට වාසි දායකයි. මොකද වේගයෙන් තෙල් පිටකරන නලය සමහර අවස්තා වලදි මීටර ගත කරන ලද තෙල් වාහන යේ ටැංකිය වෙත ගමන් කරවන අතරම සුලු ප්රමාණයක් පිරවුම් හලේ ටැංකිය වෙත යවනවා. මොකද සමහර අවස්ථා වල නලයෙන් තෙල් පිටකරන පරිමාව නලයට තෙල් ලබා දෙන පරිමාවට වඩා අඩු වුනාම තෙල් නලය තුල පීඩනය අවම කරන්න ඒ වගේ ක්රියා දාමයක් සිදු කරනවා. ටැංකිය පිරුණාමත් සිදු වෙන්නෙ ඒකමයි.