ටැටූ ගහන්නට කලියෙන්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ටැටූ ගහන්නට කලියෙන්

    ටැටූ ගහන්නට කලියෙන්
    tatoo.jpg

    Tattoo එකක්‌ නොහොත් දීර්ඝ කාලීන ශරීර සිතුවමක්‌ කරගන්නට ඔබ අදහස්‌ කරනවා නම් එයට පෙර දැනගතයුතු යමක්‌... කෙටියෙන් කියනවා නම් ටැටූ එකක්‌ යනු වරක්‌ සමෙහි සිතුවම් කළ පසු මුළු ජීවිත කාලය පුරාවටම පවතින දෙයකි. එබැවින් ඔබ එවන් දෙයක්‌ කර ගැනීමට ප්‍රථමයෙන් ස්‌ථිර වශයෙන්ම දෙවරක්‌ සිතා බලා තීරණයකට එළඹිය යුතුය. අද වන විට සමාජයේ විවිධ වෘත්තිකයන් ගෘහණියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා Tattoo (ශරීර සිතුවම්) කර ගැනීම එක්‌තරා ලෙසකින් විලාසිතාවක්‌ බවට පත්වී හමාරය. එබැවින් Tattoo කලාව සම්බන්ධයෙන් නිවැරදි ක්‍රම හා නිවැරදිව සිදුකළ යුතු රටා (design) ගැන සෘජුවම දැනුවත් වීම ඉතා වැදගත් වේ.

    සනී බන්සාලි ඉන්දියාවේ ප්‍රවීණ Tattoo ශිල්පියකු වන අතර Aliens tatoos නම් ආයතනයේ ප්‍රධානියා ද වේ. ඔහු සහ සමීර් කර්කානීස්‌ රූපලාවණ්‍ය හා ප්‍රතිසමණකාරී සැත්කම් මධ්‍යස්‌තානයේ ප්‍රධාන ශිල්පී හා හිමි කරු වන සමීර් කරකානීස්‌ යන වෘත්තීය ශිල්පීන් දෙදෙනා Tattoo එකක්‌ කර ගැනීමට අදහස්‌ කරන ඔබට දැන ගත යුතු කරුණු කිහිපයක්‌ සඳහන් කරයි එනම් Tattoo එකක්‌ යනු ජීවිත කාලය පුරාවට සමෙහි පවතින්නකි. එබැවින් එවැන්නක්‌ සිතුවම් කිරීමට පෙර දෙවරක්‌ සිතා තීරණය කළ යුතුවේ. එනම් සිතුවම් කිරීමට අදහස්‌ කරන රටාව (Design) සහ වර්ණ (colors) ගැන අවධානය යොමු කළ යුතුය. ඇයිද යත් වරක්‌ ඔබ tattoo එකක්‌ සමෙහි ඇතිකළ පසු නැවත එය තමන්ට රිසි සේ ඉවත් කිරීම ඉතා අපහසු හා ඉතාමත්ම මිල අධික ක්‍රියාවක්‌ නිසාවෙනි,

    ඔබ සමෙහි සිදුකරන්නට අදහස්‌ කරන Tattoo රටාව සිදුකර අවුරුදු 10,20,30 ගතවූ පසු එය මුලින් කළ සිතුවමට රටාවට වඩා හාත්පසින්ම සමෙහි වෙනත් ස්‌වරූපයක්‌ ගෙන එනු ඇත. එනම් කාලයත් සමඟ ස්‌වභාවික ලෙස ඔබ වයසින් වියපත් වන විට සමෙහි සිදුවන රැලි වැටීම්, ඉරිතැලීම් හා සම එල්ලා වැටීම් හා සමගාමීව ඉතා විශාල වෙනසක්‌ එම tattoo එක හා ආශ්‍රිතව සිදුවනවා නොඅනුමානය. ඉන්දියාවේ ගෝවේ වෙරළ තීරයෙහිදී ඔබට Tattoo එකක්‌ කරගැනීම යනු නාන ඇඳුම් කට්‌ටලයක්‌ මිලදී ගැනීමට වඩා ඉතා මිල අඩු දෙයකි. නමුත් එය එසේ වූ පමණින් හොඳ දෙයක්‌ නොව, එවන් අනාරක්‌ෂිත ස්‌ථාන වල නුපුහුණු ශිල්පීන්ගේ බාල තාක්‌ෂණය සහ ප්ලාස්‌ටික්‌ මිශ්‍රිත අඩු මිල වර්ණ නොදැනුවත්කම මත ඔබේ සමට යොදා ගැනීම ඉතා අන්තරාදායක වේ. Tattoo එකක්‌ (ශරීර සිතුවමක්‌) කිරීම එක්‌තරා ලෙසකින් සමෙහි ශල්‍යකර්මයක්‌ කරනවා හා සමාන ක්‍රියාවලියකි, හරියටම එය කියනවා නම් සිතන්න ඔබ ශරීරයේ යම් ශල්‍යකර්මයක්‌ සිදුකළ පසු එකී වෛද්‍යවරයා ඔබට නියම කරන පසුකාලීන සුවය උදෙසා දෙනු ලබන උපදෙස්‌ මාලාව පිළිපැදීමට ඔබ නිරන්තරයෙන් බැඳී සිටී. ඒ හා සමානම එනම් ඔබ tattoo එකක්‌ කරගත් පසු එම පළපුරුදු වෘතීය ශිල්පියා ඔබට නියම කරන උපදෙස්‌ මාලාවද ඔබ නිරන්තරයෙන් පිළිපැදිය යුතුමය. ඔබ ඔහුගෙන් ලද උපදෙස්‌ අනුගමනය නොකර ඔබට රිසි ලෙස ඔබේ සමෙහි Tattoo එක සිදුකළ ස්‌ථානය නොසලකා හරින්නේ නම් එය ඉතාම නුසුදුසු වැරදි සහගත ක්‍රියාවක්‌ විය හැකිය.

    මෙම ක්‍රියාවලිය සඳහා සහතික ලද වෘත්තීයමය පළපුරුදු ශිල්පියකුගේ සේවය ලබා ගැනීම අනිවාර්ය විය යුතු අතර එයට යොදා ගන්නා සියලු උපකරණ ජීවාණුහරනය කළ සහ උපකරණ වයර, තුඩනයට පෙර ග්‍රහණය කරන කොටස්‌ ඇසුරුම් කර තිබීමද සිරුරේ රටාව සිදු කරන ඉදිකටු (needles) විෂබීජ ඇතුළු නොවන සේ අසුරා තිබීමද පුද්ගලයාගෙන් පුද්ගලයාට සෑම සිතුවමකදීම අලුත් ඉඳිකටු (needles) භාවිතයට ගත යුතුය. එමෙන්ම ක්‍රියාවලිය අතරතුර සමෙහි එම ස්‌ථානයෙහි විෂබීජ නාශනය කිරීම ද ශිල්පියාගේ මුව දෙඅත් යන ස්‌ථාන නිරාවරණය නොවී ආරක්‌ෂාකාරී පියවර අනුගමනය ඉතා වැදගත් ය. එමෙන්ම tattoo එකක්‌ කරගත් පසු ඔබ නිතර එය සිදුකළ ශිල්පියා හා සම්බන්ධ වී එහි පවතින නවතම තත්ත්වය සහ ඇතිවන වෙනස්‌ වීම් ගැන ඔහු දැනුවත් කරමින් එයට අවශ්‍ය උපදෙස්‌ නිරන්තරයෙන් ලබාගත යුතුමය..

    ශ්‍යාම් ඩොන්
     
    Last edited:
    • Like
    Reactions: castellain

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,179
    113
    Kotahena
    Good post. ලංකාවේ ඔහොම places තිබෙනවාද කියන එක තමයි ප්‍රශ්නෙ. මිලත් ගොඩක් වැඩි ඇති
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔබ ලබා දුන් දැනුමට ස්තූතිය්, මමත් ටැටූ 4 ගහල තියෙනව... මගේ ගැහුවෙ පිලිපීන් කොල්ලෙක් පට්ට ආට් කාරයෙක්.... අපේ ට්‍රැඩිශනල් වෙස් මූන පිටේ ගහන්න හැදුවෙ පිට පුරා ගැහුවෙ නැ ඒක ... මම ඇගිල්ලෙ ටැටෝ එකක් ගහල ඒක මැකුව... ජීම් පුක් මූන දාන්ව ඒක දැක්කම... දැනට තියෙන සියලෞම ටැටෝස් ෆෝමල් සහ ටීශට් එකට කවර්... සියලුදෙනා ටැටෝ එකක් ගහද්දි සියපාරක් හිතන්න... රිග්‍රෙට් වෙන්න ගහන්න එපා... මකන්න ලේසි නැ ගානත් සැරය් ලේසර් රිමොවල්.... ස්තූතිය්

    bump
     
    Last edited:
    • Like
    Reactions: Alaya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    4m2e1.jpg

    චීත්තයක් රෙප් කපල, ඊය යකෝ, උබ හිතුවද රෙප් වලින් මම කාල ඇදල ඉන්නෙ කියල.... මම වැරදි දෙයක් කිව්වෙ නැ, දැන් ටැටෝ ගහන එක කලාවක් ආට් එකක්,

    bump
     
    Last edited:
    • Like
    Reactions: Glonass16

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ටැටූ ගහන්නට කලියෙන්
    tatoo.jpg

    Tattoo එකක්‌ නොහොත් දීර්ඝ කාලීන ශරීර සිතුවමක්‌ කරගන්නට ඔබ අදහස්‌ කරනවා නම් එයට පෙර දැනගතයුතු යමක්‌... කෙටියෙන් කියනවා නම් ටැටූ එකක්‌ යනු වරක්‌ සමෙහි සිතුවම් කළ පසු මුළු ජීවිත කාලය පුරාවටම පවතින දෙයකි. එබැවින් ඔබ එවන් දෙයක්‌ කර ගැනීමට ප්‍රථමයෙන් ස්‌ථිර වශයෙන්ම දෙවරක්‌ සිතා බලා තීරණයකට එළඹිය යුතුය. අද වන විට සමාජයේ විවිධ වෘත්තිකයන් ගෘහණියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා Tattoo (ශරීර සිතුවම්) කර ගැනීම එක්‌තරා ලෙසකින් විලාසිතාවක්‌ බවට පත්වී හමාරය. එබැවින් Tattoo කලාව සම්බන්ධයෙන් නිවැරදි ක්‍රම හා නිවැරදිව සිදුකළ යුතු රටා (design) ගැන සෘජුවම දැනුවත් වීම ඉතා වැදගත් වේ.

    සනී බන්සාලි ඉන්දියාවේ ප්‍රවීණ Tattoo ශිල්පියකු වන අතර Aliens tatoos නම් ආයතනයේ ප්‍රධානියා ද වේ. ඔහු සහ සමීර් කර්කානීස්‌ රූපලාවණ්‍ය හා ප්‍රතිසමණකාරී සැත්කම් මධ්‍යස්‌තානයේ ප්‍රධාන ශිල්පී හා හිමි කරු වන සමීර් කරකානීස්‌ යන වෘත්තීය ශිල්පීන් දෙදෙනා Tattoo එකක්‌ කර ගැනීමට අදහස්‌ කරන ඔබට දැන ගත යුතු කරුණු කිහිපයක්‌ සඳහන් කරයි එනම් Tattoo එකක්‌ යනු ජීවිත කාලය පුරාවට සමෙහි පවතින්නකි. එබැවින් එවැන්නක්‌ සිතුවම් කිරීමට පෙර දෙවරක්‌ සිතා තීරණය කළ යුතුවේ. එනම් සිතුවම් කිරීමට අදහස්‌ කරන රටාව (Design) සහ වර්ණ (colors) ගැන අවධානය යොමු කළ යුතුය. ඇයිද යත් වරක්‌ ඔබ tattoo එකක්‌ සමෙහි ඇතිකළ පසු නැවත එය තමන්ට රිසි සේ ඉවත් කිරීම ඉතා අපහසු හා ඉතාමත්ම මිල අධික ක්‍රියාවක්‌ නිසාවෙනි,

    ඔබ සමෙහි සිදුකරන්නට අදහස්‌ කරන Tattoo රටාව සිදුකර අවුරුදු 10,20,30 ගතවූ පසු එය මුලින් කළ සිතුවමට රටාවට වඩා හාත්පසින්ම සමෙහි වෙනත් ස්‌වරූපයක්‌ ගෙන එනු ඇත. එනම් කාලයත් සමඟ ස්‌වභාවික ලෙස ඔබ වයසින් වියපත් වන විට සමෙහි සිදුවන රැලි වැටීම්, ඉරිතැලීම් හා සම එල්ලා වැටීම් හා සමගාමීව ඉතා විශාල වෙනසක්‌ එම tattoo එක හා ආශ්‍රිතව සිදුවනවා නොඅනුමානය. ඉන්දියාවේ ගෝවේ වෙරළ තීරයෙහිදී ඔබට Tattoo එකක්‌ කරගැනීම යනු නාන ඇඳුම් කට්‌ටලයක්‌ මිලදී ගැනීමට වඩා ඉතා මිල අඩු දෙයකි. නමුත් එය එසේ වූ පමණින් හොඳ දෙයක්‌ නොව, එවන් අනාරක්‌ෂිත ස්‌ථාන වල නුපුහුණු ශිල්පීන්ගේ බාල තාක්‌ෂණය සහ ප්ලාස්‌ටික්‌ මිශ්‍රිත අඩු මිල වර්ණ නොදැනුවත්කම මත ඔබේ සමට යොදා ගැනීම ඉතා අන්තරාදායක වේ. Tattoo එකක්‌ (ශරීර සිතුවමක්‌) කිරීම එක්‌තරා ලෙසකින් සමෙහි ශල්‍යකර්මයක්‌ කරනවා හා සමාන ක්‍රියාවලියකි, හරියටම එය කියනවා නම් සිතන්න ඔබ ශරීරයේ යම් ශල්‍යකර්මයක්‌ සිදුකළ පසු එකී වෛද්‍යවරයා ඔබට නියම කරන පසුකාලීන සුවය උදෙසා දෙනු ලබන උපදෙස්‌ මාලාව පිළිපැදීමට ඔබ නිරන්තරයෙන් බැඳී සිටී. ඒ හා සමානම එනම් ඔබ tattoo එකක්‌ කරගත් පසු එම පළපුරුදු වෘතීය ශිල්පියා ඔබට නියම කරන උපදෙස්‌ මාලාවද ඔබ නිරන්තරයෙන් පිළිපැදිය යුතුමය. ඔබ ඔහුගෙන් ලද උපදෙස්‌ අනුගමනය නොකර ඔබට රිසි ලෙස ඔබේ සමෙහි Tattoo එක සිදුකළ ස්‌ථානය නොසලකා හරින්නේ නම් එය ඉතාම නුසුදුසු වැරදි සහගත ක්‍රියාවක්‌ විය හැකිය.

    මෙම ක්‍රියාවලිය සඳහා සහතික ලද වෘත්තීයමය පළපුරුදු ශිල්පියකුගේ සේවය ලබා ගැනීම අනිවාර්ය විය යුතු අතර එයට යොදා ගන්නා සියලු උපකරණ ජීවාණුහරනය කළ සහ උපකරණ වයර, තුඩනයට පෙර ග්‍රහණය කරන කොටස්‌ ඇසුරුම් කර තිබීමද සිරුරේ රටාව සිදු කරන ඉදිකටු (needles) විෂබීජ ඇතුළු නොවන සේ අසුරා තිබීමද පුද්ගලයාගෙන් පුද්ගලයාට සෑම සිතුවමකදීම අලුත් ඉඳිකටු (needles) භාවිතයට ගත යුතුය. එමෙන්ම ක්‍රියාවලිය අතරතුර සමෙහි එම ස්‌ථානයෙහි විෂබීජ නාශනය කිරීම ද ශිල්පියාගේ මුව දෙඅත් යන ස්‌ථාන නිරාවරණය නොවී ආරක්‌ෂාකාරී පියවර අනුගමනය ඉතා වැදගත් ය. එමෙන්ම tattoo එකක්‌ කරගත් පසු ඔබ නිතර එය සිදුකළ ශිල්පියා හා සම්බන්ධ වී එහි පවතින නවතම තත්ත්වය සහ ඇතිවන වෙනස්‌ වීම් ගැන ඔහු දැනුවත් කරමින් එයට අවශ්‍ය උපදෙස්‌ නිරන්තරයෙන් ලබාගත යුතුමය..

    ශ්‍යාම් ඩොන්

    :yes::yes::yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    menna mata awa prashna tika :D:D

    ලෝකෙ මිනිස්සු ජාති දෙකක් ඉන්නව. ටැටූ ගහපු මිනිස්සු සහ ටැටූ නොගහපු මිනිස්සු. ටැටූ නොගහපු මිනිස්සු කියන කොට්ටාසෙත් දෙකට බෙදෙනව. ඒ ටැටූ නොගහපු හොඳ මිනිස්සු සහ ටැටූ නොගහපු ගොන්නු. අපි අද ලියන්න යන්නෙ ටැටූ නොගහපු ගොන්නු ගැන. කිවුවට සමාවෙන්න ඕන. ඔයත් දවසක් හරි ටැටූ ගහපු මනුස්සයෙකුගෙන් මේ ප්‍රශ්න ඇහුවනං ඔයත් අර කිවුවා වගේ අවුල් පොරක් තමයි. මේක ප්‍රජාතන්න්‍රවාදී රටක් නිසා තමුන්ගෙ මතය ප්‍රකාශ කිරීම් කරාට අවුලක් නැහැ. ඒත් ඒක අරගෙන ගිහිල්ල බලෙන් අනිත් මනුස්සයගෙ මූණෙ අතුල්ලන එක ප්‍රජාතන්ත්‍රවාදෙට අයිති නැහැ. ටැටූ එකක් දැක්කම ඒකෙ අදහස මොකද්ද? ඒක ඇඳගන්න කොච්චර වියදමක් ගියාද කියලා දැනගන්න හිතෙන එක සාධාරණයි. ඒත් ඒ දේවල් අහන විදියක් තියෙනව.
    මීට අමතරව ටැටූ ගහපු මිනිස්සුන්ට මූණ දෙන්න වෙන ප්‍රශ්න තියෙනවනං අපිට අනිවා කියන්න.

    1. කෝ කෝ තව මොනවද තියෙන්නෙ?

    Tattooed-Annoyances-aniwa-01.gif
    Source – tumblr.com
    මේක ප්‍රධානම ප්‍රශ්නයක්. මිනිස්සු හිතනවා ටැටූ කියන්නෙ මාලයක් කියලා. ටැටූ ගහන්නෙ පේන්නම නෙමෙයි. බොහොමයක් මිනිස්සුන්ගෙ ටැටූවල ඒ මිනිස්සුන්ට අනන්‍ය කතාවක් තියෙනවා. ඒ අය ඒක තමුන්ගෙ හමට කාවද්දගෙන තියෙන්නෙ තමුන්ගෙ පෞද්ගලික විඳීමකට වෙන්න පුළුවන්. එනිසා පිටතට නොපෙනෙන ටැටූ (අත් බාහු, උරහිස, බෙල්ල සහ අනෙකුත් වැසුනු සියළු තැන්) වල ගහපු ටැටූ ගැන හොයන්න යන්න කලින් අනිත් මනුස්සයාගෙ පෞද්ගලිකත්වය ගැනත් පොඩ්ඩක් හිතන්න. මිනිස්සු එහෙම අවස්ථාවක අදිමදි වීමක් සිද්ධ වුනොත් කියන දෙයක් තමයි “බලනවට කැමති නැත්තං මොකටද ගැහුවෙ?” කියන එක. එහෙම එවුන්ට කියන්න “මේක ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි ඕයි!” කියල.

    2. මොකද්ද ඕකෙ තේරුම?

    Tattooed-Annoyances-aniwa-02.gif
    Source – yourtango.com
    ගොඩක් මිනිස්සු සමච්චල් කිරීමේ අරමුණින්ම ටැටූවල තේරුම අහනවා. උදාහරණෙකට මගේ යාළුවෙක් සමනළයෙක්ව අත්බාහුවේ ටැටූ එකක් කරගෙන තිබ්බා. ඒ සමනළුන් පිළිබඳ දැඩි අධ්‍යයනයන් කරපු, සර්ප දෂ්ඨනයකින් මියගිය ඔහුගේ අයියාව සිහිපත් වෙන්නයි. හැබැයි ඒ කතාව නොදන්න මිනිස්සු ඔහුව බාල්දු කළා. කවදාවත් ඒ මට්ටමට වැටෙන්නෙපා. ඔය ටැටූ එකේ තේරුම මොකද්ද කියල අහන්න නොයනවනං හොඳයි. ඒක අහන්න පුළුවන් විදියක් තියෙනවා. “මට ඔය ටැටූ එකේ තේරුම කියන්න පුළුවන්ද ඔයාට ප්‍රශ්නයක් නැත්තං?

    3. කීයක් ගියාද?

    Tattooed-Annoyances-aniwa-03.gif
    Source – yourtango.com
    මේක තමයි නරකම ප්‍රශ්නෙ. මිනිස්සු ඔය ප්‍රශ්නෙ අහන්නෙත් අරමුණු කිහිපයක් වෙනුවෙන්. ඉන් එකක් වෙන්නෙ ඇත්තටම තමුන්ටත් ඒ විදියෙ ටැටූ එකක් කරගන්න කීයක් යයිද කියලා දැනගන්න. අනිත් දේ තමයි සමච්චලයට. එහෙම නැත්නම් හූල්ලන්න. ඉතිං ටැටූ එකකට කොච්චර වියදං වුනාද කියල තමුන්ටත් අදහසක් අරගන්න ඕනනං විතරක් ඒ ප්‍රශ්නෙ අහන්න. ඒකත් අහන විදියක් තියෙනවා. “මම ආසයි ඔය ටැටූ එකට. මටත් ඔය විදියෙ ටැටූ එකක් කරගන්න වුනොත් කීයක් වියදං වෙයිද?
    දැන් සමහරු අහයි ගාණ අහන එක ඔච්චරටම අවුල්ද කියලා. නෑ. ඒකෙ කිසි අවුලක් නෑ. හැබැයි අපි කලින් කිවුවා වගේ සමහරු ගාණ අහන්නෙ ටැටූ පොරව සමච්චලේට,බාල්දුවට පත් කරන්න හිතාගෙනයි. ඒවා අවුල්. එහෙම අය ගාණ දැනගත්තට පස්සෙ කියන ඒවා මේ ලිපියෙ ඉදිරියට කියවන් යද්දි ඔයාට හම්බුවෙයි.
    අනිවා Glorious History & Culture Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

    4. අප්පෝ ඔයිට වඩා අඩුවට ගහන එවුන් මං අඳුරනවා

    Tattooed-Annoyances-aniwa-04.gif
    Source – giphy.com
    ඔන්න අනිත් කරුමෙ. ටැටූ එකට ගිය ගාණ අහල, ගාණ කිවුවට පස්සෙ එනව බාල්දු කරන්න. “ආපෝ ඕකට දහයක් වැඩියි. මං දන්නව ඔයිට අඩුවට ගහන පොරක්. ඌ සුපිරියට ගහනව” වගේ එවුව කියනව. එතකොට ඉතිං කියන්න තියෙන්නෙ, “ඉතිං මට නොකිය ඌට කියල සුපිරියට ගස්සගනිංකො” කියල.

    5. මේක ෆේඩ් වෙලා නේද? බාල තැනකින්ද ගැහුවෙ?

    Tattooed-Annoyances-aniwa-05.jpg
    Source – dblcoverage.com
    ඕකත් සම්ච්චලයේම කෑල්ලක්. ටැටූ එකක් කාලයක් යද්දි ෆේඩ් වෙන එකයි, ටැටූ එක ඩිසයින් එකට ෆේඩ් කරන එකයි දෙකක්. ඒක නොතේරෙන ගොන්නු එක්ක පක්ෂ දේශපාලනය වගේ දෙයක් කතා කළොත් ඇරෙන්න ටැටූ ගැන කතා කරන්න යන්නෙපා.

    6. ඇයි ඔය වගේ විකාරෙකට එච්චර ගාණක් වියදං කළේ?

    Tattooed-Annoyances-aniwa-06.jpg
    Source – salon.com
    ඕක තමයි ටැටූ එකේ ගාණ කිවුවට පස්සෙ එන අනිත් කාලකන්නි ප්‍රශ්නෙ. එතකොට ඔයාට කරන්න තියෙනව දෙයක්. “ආ ඔයාගෙ ෆෝන් එක කීයද? අපරාදෙ ඇයි එච්චර ගාණක් වියදං කළේ. ඔයාගෙ කෙල්ලට ෂොපින් කරන්න කීයක් දෙනවද? අපරාදෙනෙ එච්චර ගාණක් වියදං කළේ. මාසෙකට සෙට් වෙන්න කීයක් වියදම් කරනවද? අපරාදෙනෙ එච්චර ගාණක් වියදං කළේ. ඇයි ඔච්චර කන්නෙ? අපරාදෙනෙ ඔච්චර ගාණක් වියදං කරන්නෙ.” වගේ එක දිගටම අහන්න.
    7. අනේ පිළිකා

    Tattooed-Annoyances-aniwa-07.gif
    Source – universityprimetime.com
    දැන් මෙහෙමනෙ. මනුස්සයෙක් ටැටූ එකක් ගහන්නෙ සල්ලි වියදං කරලා, තමුන්ගෙ අදහසක් තමුන්ගෙ ඇ‍ඟේ. එතකොට අනුන් ඒක ගැන මොන බම්බුවක් හිතුවත් අර මනුස්සයට අදාළ නෑ. ආපෝ ඕකෙන් පිළිකා හැදෙනවා වගේ ටෝක් දෙන්න එපා. එයා ඔයාට බලෙන් ලේ පොවන්න ආවෙ නැහැනෙ. සමාජෙ සිද්ධ වෙන දේවල් හරි හැටි නොදැන ඒ දේවල් ගැන තීරණ ගන්නත් එපා. ස්කින් කැන්සර් ගැන ටිකක් දැනගෙන හිටියනං ඔය ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ නැති වෙයි.

    8. රස්සාවට අවුලක් නැද්ද?

    Tattooed-Annoyances-aniwa-08.jpg
    Source – moneycrashers.com
    පිළිකා කතාවෙ දෙවනි කොටස තමයි මේ. ඉතිං ඕකෙන් රස්සාවට ප්‍රශ්නයක් නැද්ද? ඕකට තියෙනව හොඳ කතාවක්. ටැටූ එකක් ගැහුවා කියලා රස්සාව අහිමි වුනු ඡායාරූප ශිල්පියෙක් දිවයිනේ ප්‍රසිද්ධ පත්තරේක ඉන්ටවිවු ගියා. ඔහුව ඉන්ටවිවු කළේ ඒ පත්තරේ කතෘ වෙච්චි දැනට ජීවතුන් අතර නැති වික්‍රමතුංග කියල මහත්තයෙක්. ඉතිං මේ මනුස්සයා ඇහුවා තමුන්ගෙ දැවෙන ප්‍රශ්නෙ. “සර් මට කලින් රස්සාව නැති වුනේ මේ ටැටූ එක හින්දා. මට මේ රස්සාවට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ නේද?” එතකොට අර වික්‍රමතුංග මහත්තයා කිවුවලු මෙහෙම. “පුතා ඔයාට ඔය ටැටූ එක ෆොටෝ ගහන්න ප්‍රශ්නයක් වෙච්ච දවසකදි අපි ඒක ගැන හිතමු.

    9. ගාණ අඩුවට සෙට් කරල දෙනවද?

    Tattooed-Annoyances-aniwa-09.gif
    Source – giphy.com
    ගාණ අහල එන අන්තිම කෑල්ල තමයි ඔය. ඔය සමච්චල් කරන කොයි කුහකයාගෙත් හිතේ ඕකට කැමැත්තක් තියෙනවා. ඉතිං මල ව‍දේ ඊටපස්සෙ ගාණ අඩුවට ටැටූ ගහන්න සෙට් කරලා දෙන්න කියලා.

    10. සදාචාරෙට හරි මදි නේද?

    Tattooed-Annoyances-aniwa-10.jpg
    Source – dreamworks.wikia.com
    අපි ඔය විදියට කුණු වෙන්න උත්තර දුන්නට පස්සෙ දේශපාල‍කයො කරන විදියටම ඒ මිනිස්සුත් පටන්ගන්නව එක පොයින්ට් එකක් අල්ලන්න. සදාචාරය. “අම්මල බැන්නෙ නැද්ද? ගෑණි කැමතිද? ළමය ලොකු වෙද්දි ප්‍රශ්නයක් වෙයි නේද?” ඒ වගේම ඒ වෙනුවෙන් විස ඔලුවලට පොවන්නත් ඒ මිනිස්සු උත්සුක වෙනවා