ටිකක් හිනවෙන්න

nu one

Member
Mar 2, 2011
349
64
0
ටිකක් හිනවෙන්න

අනේ අම්මපා ජීවිතේ සුන්දරද මෙතරම්… කියල හිතෙනව මම කන මේ චාටර් දිහා බලනකොට…. වැඩි ඇඩ් කෑලි ඔනෙ නෑ, මේ කතාවත් ඉතින් මටම මගේ අති දක්ශ,තීක්ශණ මී හරක් මොලේ හින්ද උනුදෙයක් ගැන………..
මීට මාස 4 කට කලින් අපේ මලාගේ නංගි බැන්ද. ඉතින් සිංහළ චාරිත්‍රාණුකූලව නව යුවල පෝරුවෙන් බහිනකොට අර වස් දොස් යන්න කියල හිතගෙන පොල් ගෙඩියක් බිදිනවනේ, කරුමෙට වගේ ඒක බිඳින්න ලැබුනෙ මට…. අෆෝයි ඒ බව දැක්ක එතන හිටපු මලාගේ මල් නැන්ද ” අනේ ඕක මොකක්ද, මෙයා ඕක හරියටම කරයි” කියන මහා කටකැඩිච්ච වනචාරී ප්‍රකාශයක් නිකුත් කලා… ඒ වචනත් එක්කම මේ සිද්දිය දන්න හුඟ දෙනෙක්ගෙ කිංඩි හිනාව එක්කම මම අයෙමත් අවුරුදු ගානක් අතීතෙට ගියා…..
එතකොට අපි 11 වසරෙ ඉගෙන ගන්න කාලෙ.එක දවසක් උදේ පාන්දරම මගේ අතීසාර බොක්ක වන මලා මගේ ජීවන සුවඳ පිරුනු පෞද්ගලික කාමරේට කඩාපැන්න. වෙනද වගේ උගේ බකමූණු මූණ වෙනුවට මම දැක්කෙ බොහෝම ප්‍රීතිමත් ලස්සන ගෙඹි මූණක්….. ඒ වගේම ඌ ගෙනාපු අරන්චිය ඇහුවම මෙච්චර වෙලා ආතල් ගත්ත මගේ මල්ටි කලර් හීනෙත් අමතක උනා….
“යකෝ අපේ නංගි ලොකු ලමයෙක් වෙලා…”

දෙයියෝ සාලෙ මං කාමරේ කීවලු, ඇයි බන් නංගිලා ඉන්න ඔනිම අයියකෙනෙකුට ඒක සුභ ආරන්චියක්, හා නැද්ද? මටනම් හිතෙන්න නංගිලා ගැන එතකොට අයියලාගේ හිතේ වගකීම තවත් වැඩි වෙනවා..මට නංගිලා නැති උනත් මලාගෙ නංගි මගේ නංගි වගේ තමයි හිටියේ, ඉතින් අපි දෙන්නටම තිබුනෙ ටිකක් ආඩම්බරයක්. දැන් අපි නංගි ගැන හිතන්න ඔනි අයිය විදියට නෙවෙයි, තාත්ත කෙනෙක් වගේ කියලයි එදා අපෙ අප්පච්චි කීවෙ.

ඔන්න ඉතින් එදා ඉඳන් අපිට මාර ජොලි. අපේ පන්තියේ හිටපු කෙල්ලොත් ටික දවසක් එන්නෙ නැතිව ඉඳලා අයෙමත් කැවුම් එහෙම අරගෙන ඉස්කෝලෙ ආවට මේ වැඩේ මොකක්ද කියල අපි හරියටම දැනගෙන හිටියෙ නෑ… ඉතින් නංගියාව සම්භන්ධ කරගෙන මේ පිලිබඳව හොයන්න හිතා ගත්තත්, මොන පිස්සුද නංගිව බලන්නවත් අපිට දෙන්නෙ නෑ… ඒව කොහෙද අපිත් එක්ක කියල හිතාගෙන ජනේලෙන් , වහලෙන් ආදියෙන් ට්‍රයි කලත් වැඩේ හරිගියේනෑ. ඔය හැම දෙයකින්ම සිදු උනේ මලාටයි මටයි ටික දවසකට මල් ගෙදර තහනම් කලාපයක් උන එක විතරයි….
ඔයින් මෙයින් කාලය ගෙවුනම ඔන්න කල-එලි දවස ආව. එදා මල් ගෙදරට ගියපු අපිදෙන්නට උනේ අම්ම කතාකරනකම් පහලට එන්නෙ නැතිව උඩ තට්ටුවට වෙලා ඉන්න. ඇයි අප්ප මේක මහ කරුමයක්නෙ. ගෑණු ලමයින්ට විතරද මේ ඔක්කෝම,හිතේ තරහත් එක්කම , පහල වෙන මේ ජරමරේ කොහොම හරි බලන්න ඔනි කියල හිතාගෙන අපි මාස්ටර් ප්ලෑනක් ගැහුවා.

හිමින් සීරුවේ ආව පල්ලෙහා කාමරේකට. ඒකරල ගියා ඇඳ අස්සට.දැන් දොර රෙද්ද යටින් නියමෙට සාලෙ පේනවා.සාලෙ මැද පැදුරක මොනවදෝ ගොඩාක් තිබුනා. හාල්, මිරිස්, පහන් වගේ තමයි මතක. ඔන්න ඉතින් එක පාරම සුදු රෙද්දකින් වහපු මල් නංගිව, අර මං කලින් කියපු නැන්දයි,අපේ අම්මයි අල්ලන් එනව,එතනින් එහාට හරියට පේන්නෙ නැති හින්ද අපි දෙන්න ඇඳ යටින් රින්ගලා කාමරේ දොර ලගට ආව.

මෙන්න බොලේ දොර ලඟ ලොකු වතුර භජනේකුයි , පිහියකුයි පොල් ගෙඩියකුයි තියනව. මට නම් හිතුනෙම මේකිට දැන් පොල් සම්බෝලයක් වත් හදනන කියයි කියල. ඒත් නංග කලේ මෙච්චර කණ්ණාඩි ගේ ඇතුලෙ තියෙද්දි සුදු රෙද්ද අයින් කරල අර වතුර භාජනේන් මූණ බලපු එක.ඔන්න ඊලඟට මල් නැන්ද පිහිය නංගිට දීල කීව අර පොල්ගෙඩිය බිඳින්න කියලා. මේකිත් කැඳ බීපු උගුඩුවී වගේ අර පොලේට ගැහුවා…. අෆෝයි…… හතර විලිලැජ්ජාවයි. පොල් ගෙඩිය රෝල් වෙලා මිඳුලට ගියා…….

ඒත් එක පාරම එතනට පැනපු හීන්දෑරි උස කොල්ලෙක් දුවල ගිහින් අර පොල් ගෙඩිය ගෙනත් තිබුනු තැන තියල පිහිය අරන් ඉටි කිරිස් වගේ පොලේ බින්ද… හැමෝම තුෂ්නිම්භූතව බලන් ඉද්දි “අයියෝ මොනවද හලෝ තමුසෙට ඕකවත් කරන්න බැරිද” කියාගෙන කාමරේට දුවපු ඒ නොසන්ඩාල කොල්ලා තමයි සුමුදු කියන්නේ………..

( ඉතින් එදා තාත්තටත් කලින් මල් නංගි දැක්කෙ මාව. හැබැයි ඉතින් තාම වස් දොස් අවුලක් නෑ. ඒකි ඩොකියක් වෙලා ඩොකෙක්ම බැඳලා දැන්


මෙක ගත්තෙ මෙතනින්.
Code:
www.thelastrow.net
රෙපොස්ට් නම් සොරි.