ඡන්දෙ තියන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇහුවාද..- ජනපති මැතිවරණ කොමිසමෙන් අහයි…
January 7, 2023 at 10:40 am | lanka C news
පළාත් ඡන්ද විමසීමට අදාළ කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගත්තේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමෙන් විමසා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හතර දෙෙනකුගේ සහභාගිත්වයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳව විමසා ඇතැයිද එම වාර්තාව සඳහන් කරයි.
2022 උසස් පෙළ විභාගයේ ජනවාරි මස 23 සිට පෙබරවාරි මාසයේ 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
----
ජන්දවලට පුදුම බයක් තියෙන්නේ
