ටියුබ් ලයිට්..................

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ටියුබ් ලයිට්..................

    ඔන්න, පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් දැහැමෙන් සෙමින් රාජ්‍යය
    විචාරය කරන කල්හි, කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. බ්‍රහ්මදත්ත

    රජ්ජුරුවොයි මේ කතාවෙයි සම්බන්දෙ නම් මමගෙන් අහන්න එපා. ඉතින් මේ

    සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන
    විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ. ඔහොම කාලයක්‌ යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා. ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකොවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. එත් ඉබ්බා ඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහය පැනල වඳුරව මරාගෙන කෑව. ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි
    ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්
    මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව. ඊළඟ වාරේ කොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

    මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ? ඉබ්බා කිව්වලු “මරු ඕයි
    වඳුරාගේ ජෝක් එක”.

    බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.

     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔන්න, පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් දැහැමෙන් සෙමින් රාජ්‍යය
    විචාරය කරන කල්හි, කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. බ්‍රහ්මදත්ත

    රජ්ජුරුවොයි මේ කතාවෙයි සම්බන්දෙ නම් මමගෙන් අහන්න එපා. ඉතින් මේ

    සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන
    විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ. ඔහොම කාලයක්‌ යද්දී මේසිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැමසතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එකසතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා. ඔන්න ඉතින්මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකොවලසිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. එත් ඉබ්බාඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහය පැනලවඳුරව මරාගෙන කෑව. ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි
    ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්
    මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව. ඊළඟ වාරේ කොටියගෙ කොටියඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේපස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

    මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ? ඉබ්බා කිව්වලු “මරු ඕයි
    වඳුරාගේ ජෝක් එක”.

    බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.



    Patta patta.........,:lol::lol::lol::lol::lol: