ටියුෂන් කාරයන්ගේ කොරෝනා ඔන්ලයින් ගැරිල්ල

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    හරිනම් ගාස්තු අඩු වෙන්න එපැයි ඔන්ලයින් උගන්නන කොට.හුගක් තැන්වල ඔෆ්ලයින් ගානමයි ගන්නේ .. :angry: ටියුෂන් තහනම් කරලා දාන්න ඔනේ.නැත්තම් නියාමනය කරන්න නීති ගේන්න ඔනේ .

    ජනතාව අසරණ වෙලා ඉන්න වෙලාවක මෙහෙම ගරලා මුන් ඩිග්‍රි ගන්නේ මේ ආත්මේ විතරයි. ඒකනම් ශුවර්.සොබාදහම කියලා දේකුත් තියනවනේ .

    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933

    mona kalakanni irisiyawakda ban e
    class walata balen dagaththe nahane. unta ona nisane athin data kapagena class fees gewagena class ekata yanne. ekata class karana ewunda pali ?
    apita epa nam noya inna puluwanne.

    gobba athal
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,997
    113
    Lamai hadanne nethuw hityanam unta baninna one nane
    අන්න හරි කතා කරපං බං. මුන් ළමයි හදගත්තට ටියුෂන් සෑර් ලා මොනව කරන්නද? කරුම රටක ළමයි හදාගත්තනංං උන්ට උගන්නවපියව් ගේ දොර උගස් තියලා හරි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    අන්න හරි කතා කරපං බං. මුන් ළමයි හදගත්තට ටියුෂන් සෑර් ලා මොනව කරන්නද? කරුම රටක ළමයි හදාගත්තනංං උන්ට උගන්නවපියව් ගේ දොර උගස් තියලා හරි.
    Ma niggaa
     
    • Like
    Reactions: nalin0001

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මමත් ටියුෂන් ගුරුවරයෙක්. ඔන්ලයින් ක්ලාසස් කරනවා. ගාස්තුව ඕෆ්ලයින් ගාණට වඩා දෙගුණයටත් අඩුයි. ක්ලාසස් ගාණ දෙගුණයක් වැඩියි. ඒ කියන්නේ වෙනදා මාසයට පන්ති හතරයි. දැන් අටයි. ගාස්තුව බාගයයි. ඒ නිසා ඉහළ චෝදනාව සියලු ගුරුවරුන්ට අදාළ නොවේ.
     
    • Like
    Reactions: King_cobra

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    Hama dema ehema thamai ban..corona kiyala monawada apita adu karala dunne..pre school, international school hama ekema hariyata salli nam gannawa
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    හරිනම් ගාස්තු අඩු වෙන්න එපැයි ඔන්ලයින් උගන්නන කොට.හුගක් තැන්වල ඔෆ්ලයින් ගානමයි ගන්නේ .. :angry: ටියුෂන් තහනම් කරලා දාන්න ඔනේ.නැත්තම් නියාමනය කරන්න නීති ගේන්න ඔනේ .

    ජනතාව අසරණ වෙලා ඉන්න වෙලාවක මෙහෙම ගරලා මුන් ඩිග්‍රි ගන්නේ මේ ආත්මේ විතරයි. ඒකනම් ශුවර්.සොබාදහම කියලා දේකුත් තියනවනේ .

    තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනයක් තියෙන නිසා මේ ටික කෙටියෙන් ඔබට කියන්නම්

    පලවෙනි දේ මගේ ආයතනයේ ඉන්නේ අඩුමතරමින් IT Masters එකක් තියෙන ගුරුවරු විතරයි බොහොමයක් දෙනා ලක්ෂ ගණනක් යටකරලා පුද්ගලිකව අධ්‍යාපන කටයුතු කරලා, අධ්‍යාපනය සම්බන්ධ විශේෂිත සුදුසුකම් තියෙන රජයේ ගුරුවරුන් අතලොස්සක් පමණයි ක්‍රියාකාරිව වැඩ කරන්නේ. ඒ අය වෙනුවෙන් ශ්‍රමයට ප්‍රමාණවත් ගෙවීමක් කරන්න වෙනවා අනිවාර්යෙන්.

    දෙවෙනි දේ ඔන්ලයින් ක්ලාසස් වලට අපි නම් මුදල් අයකරන්නේ නෑ එයට එකම හේතුව පුර්ණ විෂය කරනු පිළිබඳව අධ්‍යනයක් එතැනදී කරන්න හරිම අමාරු නිසා ඒ වගේම වර්ෂයේ මුලදී සම්බන්ධ උන ළමයි ෆීස් ගෙවාගන්න බැරි උනා කියලා මානුෂිය හේතු මත පදනම්ව කීයටවත් අතාරින්නෙ නෑ.

    පාන් පිටි වලිනුත් උළුදු වඩේ වගේ එකක් හදන්න පුළුවන් ඒ වගේම නියම විදිහට උඳු පිටි දාලා උළුදු වඩේ එකක් හදන්නත් පුළුවන් එත් පාන් පිටි කිලෝ එකක් රුපියල් 100ක් වෙද්දී උඳු කිලෝ එකක් 1900ක් විතර වෙනවා. එතකොට දෙකම එක ගානට දෙන්න බෑ නේ ?

    1) ටියුෂන් ෆීස් වලින් 60%ක ප්‍රමාණයක් වෙන් වෙන්නේ ටියුට් යාවත්කාලින ලෙස හදන්නයි, ආදර්ශ ප්‍රශ්නෝත්තර මුද්‍රණය කරන්නයි හැමෝම කියනවා එකක් ගැහුවම ඉතුරු අවුරුදු සීයටම ෆොටෝ කොපි ගහන්න පුළුවන් කියලා එත් ඉස්සර වගේ නෙමේ මාස කීපෙකට සැරයක් විෂය නිර්දේශය යාවත්කාලින වෙනවා එතින් පරණ ටියුට් කඩල ගොටු වලට තමා දෙන්න වෙන්නේ. ඒ වගේම ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න උගන්වන ගුරුවරයාම ප්‍රශ්න හදල බෑ ඒ නිසා බාහිර ගුරුවරුන්ගේ, ගුරු උපදේශක ලාගේ උපකාර අවශ්‍ය වෙනවා ඒ වගේම අධ්‍යාපන කලාප වල ප්‍රශ්න පත්‍ර සකසන ගුරු නියැදි වල සහය අවශ්‍ය වෙනවා, ඒවාට ගෙවීම් සිදුකරන්න වෙනවා. ටෝනර් සහ කඩදාසි වියදම සමහර මාසවල ගණනය කරන්න බැරි තරම් වැඩියි.

    2) දෙවනියට වියදම වැඩිම උගන්වන ගුරුවරියන්ගේ ගෙවීම්, එකට පස්සේ ආයතනය සඳහා ගොඩනැගිලි කුලී, විදුලි බිල්, ජලබිල්, ප්‍රාග්ධන උපකරණ (ලැප්ටොප්, ප්‍රොජෙක්ටර්, ස්ක්‍රීන්, ඒසී යුනිට් ) ඒ වගේම මාකර් පෙන් එකේ ඉඳල කාපට් එකට එනකම් එදිනෙදා ගෙවීම් තියෙනවා, ඒ වගේම මාසිකව ගෙවීම් ගෙවන සේවා සපයන ආයතන කිහිපයක් තියෙනවා.

    3) Advertizing වියදම් ගැන කවර කතාද ඒවා කවර් වෙන්නේ ළමයෙක් එක දිගට මාස 8ක් වත් ආවොත් විතරයි නැත්නම් ලොස්ට්.

    මේ ප්‍රමිතියට පන්ති කරන කිසිම කෙනෙක් කොලබ දිස්ත්‍රික්කේ ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. අපි ඉන්න ප්‍රදේශයට අයත් පාසල් කිහිපයක විදුහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පවා තමුන්ගේ ලමයව එව්වේ අපේ ආයතනය ඒ වගේම තමයි ප්‍රතිපල මුල ඉඳල පන්ති ආපු ළමයිට A එකක් සහ මගදී ආපු අයට අවම C එකක් හැර රිසාල්ට් ෆේල් කවුරුත් නෑ. වැඩිය අවශ්‍ය නෑ එලකිරියේම ඉන්න මල්ලි කෙනෙක්ට කෙලවෙලා ඉන්නකොට උදව් කරලා තියෙනවා

    අවසාන කොටස, අපේ ෆීස් ගණන් වැඩි, තනිකර ටියුෂන් කඩයක් කියලා කියන්නත් පුළුවන්. එත් ළමයට ලැබෙන පදනම ශක්තිමත්. එම මුදල අය නොකර පවත්වාගෙන යන්න බෑ.

    කොරෝනා ක්‍රයිසිස් එක නිසා ෆීස් අඩුකරන්න බෑ, පලවෙනි හේතුව වෙන්නේ අපිට ලැබෙන උපකරණ සහ එදිනෙදා වියදම් තව වැඩි උනා කොරෝනා නිසා, ටෝනර් ඉඳල ගණන් නැග්ගා, දෙවෙනි දේ මාස ගානක් වහලා තිබ්බ නිසා නොගෙවූ ගොඩනැගිලි කුලී එකතු වෙලා තියෙන්නේ, අදටත් ආයතනය දින නියමයක් නොමැතිව වහලා. ආයතනය වැහුවා කියලා අපේ ඉන්න සේවකයන්ගේ පිටට කපන්න බෑ අදටත් නොකඩවා වැටුපෙන් 50%ක් අනිවාර්යෙන් ගෙවනවා මොකද ව්‍යාපාරයේ බැක් බෝන් එක එයාල. ඉස්සරහට අපේ ආයතනයෙන් ෆීස් 1000ක් 1500ක් පමණ වැඩි කරන්න වෙයි. කෝස්ට් එක අඩු කරගනත් අපි උපරිම උත්සහ කරනවා, ඉස්සර 80 GSM ගැහුව ටියුට් දැන් ගහන්නේ 70GSM ප්‍රින්ටර් හිර වෙවී පට්ට අමාරුවෙන් වැඩේ කරන්නේ. එත් අවට තියෙන වියදම් අඩු වෙන්නේ නැතුව කරන්න බෑ. දැනටත් දෙමාපියන්ට දැනුම්දීලා තියෙන්නේ ෆීස් වැඩිකරන්න වෙයි කියන එක ගැන, අපේ ආයතනයත් මේ රටේම තියෙන නිසා අනිකුත් ආයතනත් එහෙමම වෙයි .

    මෙතන තියෙන්නේ රටේ සහ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් මිසක් පුද්ගලික ටියුෂන් පන්තිවල නෙමේ, නියාමනයක් තිබීම ගැන නම් කතාකරලා වැඩක් නෑ, ටියුෂන් නියාමනය කිරීම අත්‍යාවශ්‍යයි හැබැයි ඒකට වැඩිය අවශ්‍ය වෙනවා හතු පිපෙනවා වගේ පිපෙන අන්තර්ජාතික පාසල් නියාමනය කිරිම. කෙලින්ම කියනවා නම් මේ රට කවදාවත් හදන්න බෑ බඩගොස්තරවාදී දේශපාලුවෝ ඉන්නකම්.
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මමත් ටියුෂන් ගුරුවරයෙක්. ඔන්ලයින් ක්ලාසස් කරනවා. ගාස්තුව ඕෆ්ලයින් ගාණට වඩා දෙගුණයටත් අඩුයි. ක්ලාසස් ගාණ දෙගුණයක් වැඩියි. ඒ කියන්නේ වෙනදා මාසයට පන්ති හතරයි. දැන් අටයි. ගාස්තුව බාගයයි. ඒ නිසා ඉහළ චෝදනාව සියලු ගුරුවරුන්ට අදාළ නොවේ.

    කොලබද ඉන්නේ ඉන්බොක්ස් වරෙන්
     
    • Like
    Reactions: leodilshan

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අඩු කරන්න පුළුවන් මොකද එයාලට යන පිරිවැය අඩු නිසා
    දැන්එ යන විදියට එකත් උටම තමා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    wadipura ganne kawuda dan , nama kiyapan , online class ekema okta banniwa mama nam
    හරිනම් ගාස්තු අඩු වෙන්න එපැයි ඔන්ලයින් උගන්නන කොට.හුගක් තැන්වල ඔෆ්ලයින් ගානමයි ගන්නේ .. :angry: ටියුෂන් තහනම් කරලා දාන්න ඔනේ.නැත්තම් නියාමනය කරන්න නීති ගේන්න ඔනේ .

    ජනතාව අසරණ වෙලා ඉන්න වෙලාවක මෙහෙම ගරලා මුන් ඩිග්‍රි ගන්නේ මේ ආත්මේ විතරයි. ඒකනම් ශුවර්.සොබාදහම කියලා දේකුත් තියනවනේ .
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ට්යුෂන් කාක්කෝ ටිකක් උඩහ අඩු කරන්න බැරි එකට නිදහසට හේතු කියනවා , ඉස්සෙල්ලම ඔකුන්ගේ ඉන්කම් එකට tax එකක් ගහන්න ඕන . මුනුයි ලොයස්ලයි තාම දේශපාලකයනට පස්සේ ඉන්න මිනිස්සු හූරන් කන අනිත් සෙට් එක.