හරිනම් ගාස්තු අඩු වෙන්න එපැයි ඔන්ලයින් උගන්නන කොට.හුගක් තැන්වල ඔෆ්ලයින් ගානමයි ගන්නේ ..
ටියුෂන් තහනම් කරලා දාන්න ඔනේ.නැත්තම් නියාමනය කරන්න නීති ගේන්න ඔනේ .
ජනතාව අසරණ වෙලා ඉන්න වෙලාවක මෙහෙම ගරලා මුන් ඩිග්‍රි ගන්නේ මේ ආත්මේ විතරයි. ඒකනම් ශුවර්.සොබාදහම කියලා දේකුත් තියනවනේ .
තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනයක් තියෙන නිසා මේ ටික කෙටියෙන් ඔබට කියන්නම්
පලවෙනි දේ මගේ ආයතනයේ ඉන්නේ අඩුමතරමින් IT Masters එකක් තියෙන ගුරුවරු විතරයි බොහොමයක් දෙනා ලක්ෂ ගණනක් යටකරලා පුද්ගලිකව අධ්‍යාපන කටයුතු කරලා, අධ්‍යාපනය සම්බන්ධ විශේෂිත සුදුසුකම් තියෙන රජයේ ගුරුවරුන් අතලොස්සක් පමණයි ක්‍රියාකාරිව වැඩ කරන්නේ. ඒ අය වෙනුවෙන් ශ්‍රමයට ප්‍රමාණවත් ගෙවීමක් කරන්න වෙනවා අනිවාර්යෙන්.
දෙවෙනි දේ ඔන්ලයින් ක්ලාසස් වලට අපි නම් මුදල් අයකරන්නේ නෑ එයට එකම හේතුව පුර්ණ විෂය කරනු පිළිබඳව අධ්‍යනයක් එතැනදී කරන්න හරිම අමාරු නිසා ඒ වගේම වර්ෂයේ මුලදී සම්බන්ධ උන ළමයි ෆීස් ගෙවාගන්න බැරි උනා කියලා මානුෂිය හේතු මත පදනම්ව කීයටවත් අතාරින්නෙ නෑ.
පාන් පිටි වලිනුත් උළුදු වඩේ වගේ එකක් හදන්න පුළුවන් ඒ වගේම නියම විදිහට උඳු පිටි දාලා උළුදු වඩේ එකක් හදන්නත් පුළුවන් එත් පාන් පිටි කිලෝ එකක් රුපියල් 100ක් වෙද්දී උඳු කිලෝ එකක් 1900ක් විතර වෙනවා. එතකොට දෙකම එක ගානට දෙන්න බෑ නේ ?
1) ටියුෂන් ෆීස් වලින් 60%ක ප්‍රමාණයක් වෙන් වෙන්නේ ටියුට් යාවත්කාලින ලෙස හදන්නයි, ආදර්ශ ප්‍රශ්නෝත්තර මුද්‍රණය කරන්නයි හැමෝම කියනවා එකක් ගැහුවම ඉතුරු අවුරුදු සීයටම ෆොටෝ කොපි ගහන්න පුළුවන් කියලා එත් ඉස්සර වගේ නෙමේ මාස කීපෙකට සැරයක් විෂය නිර්දේශය යාවත්කාලින වෙනවා එතින් පරණ ටියුට් කඩල ගොටු වලට තමා දෙන්න වෙන්නේ. ඒ වගේම ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න උගන්වන ගුරුවරයාම ප්‍රශ්න හදල බෑ ඒ නිසා බාහිර ගුරුවරුන්ගේ, ගුරු උපදේශක ලාගේ උපකාර අවශ්‍ය වෙනවා ඒ වගේම අධ්‍යාපන කලාප වල ප්‍රශ්න පත්‍ර සකසන ගුරු නියැදි වල සහය අවශ්‍ය වෙනවා, ඒවාට ගෙවීම් සිදුකරන්න වෙනවා. ටෝනර් සහ කඩදාසි වියදම සමහර මාසවල ගණනය කරන්න බැරි තරම් වැඩියි.
2) දෙවනියට වියදම වැඩිම උගන්වන ගුරුවරියන්ගේ ගෙවීම්, එකට පස්සේ ආයතනය සඳහා ගොඩනැගිලි කුලී, විදුලි බිල්, ජලබිල්, ප්‍රාග්ධන උපකරණ (ලැප්ටොප්, ප්‍රොජෙක්ටර්, ස්ක්‍රීන්, ඒසී යුනිට් ) ඒ වගේම මාකර් පෙන් එකේ ඉඳල කාපට් එකට එනකම් එදිනෙදා ගෙවීම් තියෙනවා, ඒ වගේම මාසිකව ගෙවීම් ගෙවන සේවා සපයන ආයතන කිහිපයක් තියෙනවා.
3) Advertizing වියදම් ගැන කවර කතාද ඒවා කවර් වෙන්නේ ළමයෙක් එක දිගට මාස 8ක් වත් ආවොත් විතරයි නැත්නම් ලොස්ට්.
මේ ප්‍රමිතියට පන්ති කරන කිසිම කෙනෙක් කොලබ දිස්ත්‍රික්කේ ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. අපි ඉන්න ප්‍රදේශයට අයත් පාසල් කිහිපයක විදුහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පවා තමුන්ගේ ලමයව එව්වේ අපේ ආයතනය ඒ වගේම තමයි ප්‍රතිපල මුල ඉඳල පන්ති ආපු ළමයිට A එකක් සහ මගදී ආපු අයට අවම C එකක් හැර රිසාල්ට් ෆේල් කවුරුත් නෑ. වැඩිය අවශ්‍ය නෑ එලකිරියේම ඉන්න මල්ලි කෙනෙක්ට කෙලවෙලා ඉන්නකොට උදව් කරලා තියෙනවා
අවසාන කොටස, අපේ ෆීස් ගණන් වැඩි, තනිකර ටියුෂන් කඩයක් කියලා කියන්නත් පුළුවන්. එත් ළමයට ලැබෙන පදනම ශක්තිමත්. එම මුදල අය නොකර පවත්වාගෙන යන්න බෑ.
කොරෝනා ක්‍රයිසිස් එක නිසා ෆීස් අඩුකරන්න බෑ, පලවෙනි හේතුව වෙන්නේ අපිට ලැබෙන උපකරණ සහ එදිනෙදා වියදම් තව වැඩි උනා කොරෝනා නිසා, ටෝනර් ඉඳල ගණන් නැග්ගා, දෙවෙනි දේ මාස ගානක් වහලා තිබ්බ නිසා නොගෙවූ ගොඩනැගිලි කුලී එකතු වෙලා තියෙන්නේ, අදටත් ආයතනය දින නියමයක් නොමැතිව වහලා. ආයතනය වැහුවා කියලා අපේ ඉන්න සේවකයන්ගේ පිටට කපන්න බෑ අදටත් නොකඩවා වැටුපෙන් 50%ක් අනිවාර්යෙන් ගෙවනවා මොකද ව්‍යාපාරයේ බැක් බෝන් එක එයාල. ඉස්සරහට අපේ ආයතනයෙන් ෆීස් 1000ක් 1500ක් පමණ වැඩි කරන්න වෙයි. කෝස්ට් එක අඩු කරගනත් අපි උපරිම උත්සහ කරනවා, ඉස්සර 80 GSM ගැහුව ටියුට් දැන් ගහන්නේ 70GSM ප්‍රින්ටර් හිර වෙවී පට්ට අමාරුවෙන් වැඩේ කරන්නේ. එත් අවට තියෙන වියදම් අඩු වෙන්නේ නැතුව කරන්න බෑ. දැනටත් දෙමාපියන්ට දැනුම්දීලා තියෙන්නේ ෆීස් වැඩිකරන්න වෙයි කියන එක ගැන, අපේ ආයතනයත් මේ රටේම තියෙන නිසා අනිකුත් ආයතනත් එහෙමම වෙයි .
මෙතන තියෙන්නේ රටේ සහ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් මිසක් පුද්ගලික ටියුෂන් පන්තිවල නෙමේ, නියාමනයක් තිබීම ගැන නම් කතාකරලා වැඩක් නෑ, ටියුෂන් නියාමනය කිරීම අත්‍යාවශ්‍යයි හැබැයි ඒකට වැඩිය අවශ්‍ය වෙනවා හතු පිපෙනවා වගේ පිපෙන අන්තර්ජාතික පාසල් නියාමනය කිරිම. කෙලින්ම කියනවා නම් මේ රට කවදාවත් හදන්න බෑ බඩගොස්තරවාදී දේශපාලුවෝ ඉන්නකම්.