ඉස්කෝලවල් වල ගුරුවරු හරියට උගන්වන්නේ නැහැ..
රජයේ පාසල් වල තියෙන ප්‍රශ්න ගැන කතා කරලා වැඩක් නෑ මිත්‍රයා අලුත් ගුරුවරු පැනගෙන උගන්වනවා එත් අභ්යතරයේ තියෙන ප්‍රශ්න සහ නොයෙකුත් ගැටළු නිසා සේවයට බැඳිලා වර්ෂයකින් දෙකකින් එයාලත් නිකන්ම ඉබිගමනේ වැඩ කරන්නේ.
ළමයෙක්ට එක ටියුට් එකක්, කොලයක් ගහගන්න ප්‍රතිපාදන නෑ ළමයි ඉගෙනගන්නවා නෙමේ පාසල් වල වෙන්නේ පොටෝකොපි මැසිමේ වැඩේ කරන එක. කොපිරයිටින් එක්ස්පර්ට් කෙනෙක් වෙනවා ඉතින් ක්ලාස් යන්න වෙනවා තමා.
වැඩිය අවශ්‍ය නෑ මම ගියේ කොලබ තියෙන ලංකාවේ ප්‍රධානතම පාසලකට, අපිට ආසාවකට කම්පියුටර් ලැබ් එක අල්ලන්න දුන්නේ නෑ ඒ කාලේ, ඒසී කරලා ටීච කෙනෙක් දාලා, වයිස් ප්‍රින්සිපල් ඒකට එහා කාමරේ අල්ලගෙන ලගට එන ළමයි එළවලා එකේ ඉස්කෝලේ වැඩ කලේ, කොටින්ම ලෝකයේ තියෙන වැඩිම වටිනම අත්භූත දේ ගෙන්නලා පාසලේ හංගලා තියෙනවා වගේ තමා කම්පියුටර් ලැබ් තිබ්බේ පසුකාලීනව ඒවා දැන් වෙනස්
එත් අදටත් සමහර පාසල්වල මේ ප්‍රශ්න තියෙනවා.
පින්සිපල්ගේ කාමරේ ෆොටෝ කොපි මැසීම හංගලා තියාගෙන තියෙන්නේ, එක ඉස්කෝලෙක බලන්න එක ශ්‍රේණියකට එක මැසිමක් තියෙනවද තියලා, ලැප්ටොප් එකක් ඕනි නෑ පරණ P4 ඩෙස්ක්ටොප් එකක් ? ප්‍රින්ටරයක්? ස්ලයිඩ් එකක් දාලා පෙන්නන්න පුළුවන් ස්ක්‍රීන් එකක් වැඩිය අවශ්‍ය නෑ TV ස්ක්‍රීන් එකක් හරි ? මහින්දෝදය ලැබ් ගැන අපි කතා නොකර ඉමු, ඔයා අද ගිහිල්ලා බැලුවොත් ඒවා වසර 6කට වඩා පරණයි. 30%කට වඩා වැඩ කරන්නේ නෑ. අහ් ඒවා හදන කටයුතු කරන්නත් ඕනි ගුරුවරු තමයි.
ගුරුවරුන්ට නොලැබෙන වැටුප ගැන කතා නොකර ඉමු, එතනින් එහාට ලංකාව පුරාවට ගුරු පුහුණු පාසල් කීපයක් තියෙනවා NIE (අධ්‍යාපන පීධනෙමේ ) එත් වර්ෂයේ වැඩි දවසක් ඒවා හිස්, රටේම තියෙන ආයතන අතේ ඇඟිලි ගානට තියෙන්නේ, ඒවා තියෙන ටිකත් ප්‍රමාණවත් නෑ තියෙන ටිකත් එත්ටිකේ කාර්යක්ෂමතාවය?
තවත් නොදන්නා පැත්තක් කියන්නම්
පාසලේම ප්‍රශ්නෝත්තර, අමාත්යංශය යවන ලියුම්, බාහිර ලියුම්, ස්පෝර්ට්ස් මීට් අරවගේ මේවගේ සංවිධාන කටයුතු, ඉන්විටේෂන් කාඩ්, සමරු පොත්, ඒවා ප්‍රින්ට් කරගෙන එන ඒවා. විෂය බාහිර ක්‍රියාකාරකම් සියල්ලම පැටවෙන්නේ ගුරුවරුන්ගේ කරට එතකොට කොහෙද උගන්වන්න වෙලාවක් ? එහෙම තියෙද්දී සිසු ගුරු සටහන් ? ඇගයීම් වාර්තා, කලාපෙන් පාසලට එද්දී පුරුවලා ඉවර කරන්න ඕනි දේ ? ආ එටිකත් අමතක කරමු සමහර ගුරුවරියන් පේපර්ස් බලනවා පහුවදා පාන්දර එහෙනම්. එකත් පට්ට ආතල්.
සංගීත ගුරුවරියට තබ්ලා තිබ්බට IT ගුරුවරියට ලැප් එකක් නෑ දේශපාලුවන්ට කුඩ ගන්න, අයිපෝන් ගන්න සල්ලි තියෙනවා, ළමයිට ටැබ් දෙන්න සල්ලි තියෙනවා එත් සාම්ප්‍රදායික ගුරුවරියන්ව ඉක්මන් කරවන්න සල්ලි නෑ. තවත් පාට පක්ෂ වලට බෙදිලා චන්දෙ දීපල්ලා.
පොඩ්ඩක් මොලේ තියෙන කෙනෙක්ට මේවා කොහොම වෙනස් කරන්න පුලුවන්ද ? පේපර් එකේ සාම්ප්‍රදායික සැලැස්ම වෙනස් කරන්න තහනම්! ටියුෂන් එකේ වගේ එහෙම කළා නම් ?
ඉස්කෝලේ දවස් 5ම ගාටලා පැය 6ක්. 7ක් නාස්ති කරලා ගන්න දැනුම ටියුෂන් පන්තියේ බටර් වගේ පැයෙන් උගන්නන්නේ එහෙම තමා.
සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමය ඉතාම අසාර්ථකයි!
රජය පාසල් වල විෂය නිර්දේශය පට්ට අසාර්ථකයි!
බහුතරයක් රජයේ කැම්පස් වල විෂය නිර්දේශය පට්ට පරණයි!
තරගෙට මුහුණ දෙන්න නම් අනිවාර්යෙන් සුදුසුකම් තියෙන ගුරුවරයෙක් ලගට ටියුෂන් යවන්න වෙනවා.