ටියුෂන් කාරයන්ගේ කොරෝනා ඔන්ලයින් ගැරිල්ල

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    mona kalakanni irisiyawakda ban e
    class walata balen dagaththe nahane. unta ona nisane athin data kapagena class fees gewagena class ekata yanne. ekata class karana ewunda pali ?
    apita epa nam noya inna puluwanne.

    gobba athal

    ක්ලාස් යන්න දැඩි ඕනකම තිබිලත් සල්ලි නැති නිසා නොයා ඉන්න අය කොයිතරම් ඇතිද?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol: :lol: :lol: eka thamai ban mama kiyanna oba kapati vedak karanava kiyala nemai. lankave kiyan rate education field eke inne 99% kma gasa kana un kiyala. PeoTv vagema Tution karana unuth ekai

    ඔව් එක තමා .කියන්නේ .. business එකක් කියල ... කපටි විදිහට තමා business කරනේ නැත්තන් කෙල වෙනවනේ ...... අනිත් business කරන උන් එහෙම කරම හොද business කාරයෝ වෙන්නයි ... මේක විතරක් අව්ල් වෙන්නයි විදිහක් නැනේ


    ක්ලාස් යන්න දැඩි ඕනකම තිබිලත් සල්ලි නැති නිසා නොයා ඉන්න අය කොයිතරම් ඇතිද?
    දැඩි ඕනේ කම තිබට සල්ලි නැති හින්ද කරන බැරි දේවල් ඕනේ තරඟ තියෙන්නේ
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඔව් එක තමා .කියන්නේ .. business එකක් කියල ... කපටි විදිහට තමා business කරනේ නැත්තන් කෙල වෙනවනේ ...... අනිත් business කරන උන් එහෙම කරම හොද business කාරයෝ වෙන්නයි ... මේක විතරක් අව්ල් වෙන්නයි විදිහක් නැනේ
    buisness kapati vidyata karata awlak na namuth eka medical and education kiyana field 2ka karanna hoda na neda. duppath manussyek cancer valata vaccine eka ganne jeewath venna puluwan kiyana balaporaththuwen ehama ekekta expire or low quality vaccine ekak denava kiyanne balu vedak neda. oya dema neda obalath oya karanne

    අනිත් business කරන උන් එහෙම කරම හොද business කාරයෝ වෙන්නයි ... මේක විතරක් අව්ල් වෙන්නයි විදිහක් නැනේ

    eka thami math kiyanne obala karanneth kapati vedak kiyala obala nikan katha karanne sil gaththu un vage na
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    service එක දෙන්නේ video එක බලන්න විතරයි .. උබනේ කියනේ download කරන කතාවක් .. කව්ද එහෙම දීල තියෙන්නේ ... TV chanel වලටත් මැරෙන්න එපායේ එහෙනං ... peo TV සල්ලි දීල ගත්ත කියල .. download කරන්න බෑ කියල අඩන්වද උබ ? program එක බැලුව ඊට පස්සේ ඉවරයි .. ඊට පස්සේ කියනවද මම සල්ලි දීල ගත්තේ ඇයි මට බලන්න බැරි කියල ? දෙන සල්ලි වලට දෙන්නේ program එක බලන්න තමා ... එක

    උබ මොකෙට්වත් subscribe වෙලා නැද්ද ජීවිතේට අදාළ කාලේ ඉවර උනාම එක ඉවරයි තමා .. එක පාරක් සල්ලි දුන කියලා ඔකොම ටික lifetime වෙන්වයේ ...
    Puduma gobbayek uba nan :lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    මහා පරිමාණයෙන් ටියුෂන් කරන බොහොමයක් දෙනා ආදායම් බදු ගෙවනවා මිත්‍රයා

    That My Friend Gave me laugh....

    Cos I Have worked in the largest mass classes provider in the country, And The system they run, was my creation.
    And I know the batch processes in incorporated in to it so We can show the income we wanted to show in systems...
    right down to individual student level..

    අයකරන මුදල ගැන මම තර්ක කරන්නේ නෑ, ඕනෙම හොද ගුරුවරයෙකුට/ටියුෂන් කාරයෙකුට තමන් කැමති මුදලක් අයකිරීමේ අයිතිය තිබිය යුතු අතර, ඔවුන් සපයනේ සේවාව අනුව ඔවුන්ගේ පැවැත්ම තීරණය වනු ඇත. හොද දේ සැමවිටම ලැබ නොවනු ඇත.

    නමුත්, ආදායම් බදු ගෙවීම ගැන නම් කියන්න එපා සහෝදරයා..හිනා යනවා.


    ට්යුෂන් කාක්කෝ ටිකක් උඩහ අඩු කරන්න බැරි එකට නිදහසට හේතු කියනවා , ඉස්සෙල්ලම ඔකුන්ගේ ඉන්කම් එකට tax එකක් ගහන්න ඕන . මුනුයි ලොයස්ලයි තාම දේශපාලකයනට පස්සේ ඉන්න මිනිස්සු හූරන් කන අනිත් සෙට් එක.
    ඕකට මචන් ටියුෂන් කට්ටියට බැනල වැඩක් නා..
    ඕනේ බිස්නස් කාරයෙක් බලන්නේ අඩුවෙන් ගෙවන්න, වැඩියෙන් ලාබ ලබන්න. අනික ටියුෂන් කෑෂ් බිස්නස්..
    SL system එකේ අවුල තියෙන්නේ...
    හරියට tax officers ල වැඩ කරන්නේ නා..
    කඩන් පැන්න වෙලාවට හොදට කන්න බොන්න දීල , අතට ලක්ශේ ගානේ
     
    Last edited:
    • Like
    Reactions: HSW

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,995
    113
    මේ වගේ කරුම Education System එකක් තියෙන රටක ළමයි හදන උන් තමයි නියම පිස්සෝ
     
    • Like
    Reactions: Anonymous_Abstract

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සීයක් විබාගේ පාස් උනොත් එකයිලු කැම්පස් යන්නේ ...නිකන් බොරුවට ළමයි ටියුසන් යවන උන්ගේ අම්මල තාත්තලට පොහොට්ටුවක් බස්සන්න ඕනි ...අපේ රටට මෙච්චර හිකිල තියෙන්නේ ඔය උගැන්නිල්ල හින්ද තමයි
     
    • Love
    Reactions: nalin0001

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මේකයි බං. මාත් ඉස්කෝලෙට අමතරව ක්ලාස් කරනවා. ඉස්කෝලවල උගන්වන අයට පඩි මදි. ඇත්තටම ඒ දෙන පඩිය හරියට කාලා ඇදලා ඉන්න මදි. ඉතිං ටියුෂන් කරන්න යොමු වෙනවා. බොරුනම් ඉස්කෝලේ ගුරුවරයෙක්ගේ පඩිය ගැන හොයලා බලපං.

    හැකියාව තියන මිනිහට ටියුෂන් කියන්නේ හොද ආදායම් මාර්ගයක්. ඉතිං සමහරු ඉස්කෝලවලින් අස්වෙලා ෆුල් ටයිම් ටියුෂන් කරනවා. තවත් සමහර අය ඉස්කෝල වල ඉගැන්නුවේ නැතත් ටියුෂන් කරනවා. ඒක ඒ මිනිස්සුන්ගේ උගන්වන්න තියන හැකියාව. හැකියාව නැති එකෙකුට ටියුෂන් වලට ඇවිල්ලා රැදෙන්න බෑ.
    ඉතිං බං කොරෝනා කියලා ක්ලාස් ඔක්කොම නැවැත්තුවම ටියුෂන් කරන මිනිහත් ජීවත් වෙන්න එපැයි. නැතුව බං කුඩු විකුණන්න බෑනේ. ඉතිං ඒ මිනිහගේ රස්සාව ඔන්ලයින් කරන්න පුළුවන් එකක් නිසා ඔන්ලයින් කරනවා. එකේ ඇති වරද මොකද්ද. මමත් ඔන්ලයින් කරනවා බං. හැබැයි මම ගන්නේ ළමයින්ගේ ක්ලාස් ෆීස් එකෙන් 25% අඩු කරලා.
    ඒ වගේම හැම ටියුෂන් කරන කෙනාම වගේ ළමයින්ට ෆ්‍රී කාඩ් දෙනවා. ඇත්තටම සල්ලි නැති ළමයෙක් ආවොත් ක්ලාස් වලින් හලන්නෙ නෑ බං. එහෙම ළමයින්ට ටියුට් එක පවා නොමිලේ දීලා උගන්නනවා.
    මේ ෆීල්ඩ් එකේ වැරදි කරන උනුත් ඇති. ඒත් බං හැමෝටම පොදුවේ බනින එක සාධාරන නෑ.
     
    • Love
    • Like
    Reactions: HSW and kc_0304

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මමත් ටියුෂන් ගුරුවරයෙක්. ඔන්ලයින් ක්ලාසස් කරනවා. ගාස්තුව ඕෆ්ලයින් ගාණට වඩා දෙගුණයටත් අඩුයි. ක්ලාසස් ගාණ දෙගුණයක් වැඩියි. ඒ කියන්නේ වෙනදා මාසයට පන්ති හතරයි. දැන් අටයි. ගාස්තුව බාගයයි. ඒ නිසා ඉහළ චෝදනාව සියලු ගුරුවරුන්ට අදාළ නොවේ.
    ඉහත චෝදනා ඔබට අදාල නොවේ (ඔබ කියු දේ ඇත්තක්නම් ) මට ඔනතරම් සාක්ෂි තියනවා ඔෆ්ලයින් ගානම ගන්න අය ගැන .:frown:

    මමනම් කියන්නේ ගුරුවරුන්ගේ පඩි වැඩි කරලා ඉස්කෝලේ හවස 5.30 වෙනකම්වත් තියන්න ඔනේ . ටියුෂන් නවත්තලා දාන්න ඔනේ. බටහිර රටවල් වල මෙහෙම පිස්සුවල් නෑ .

    මම ඉගෙන ගත්ත කාලේ චෙමිස්ට්‍රි උගන්නපු ගුරා ඉස්කෝලෙදි ලමයින්ට බලු විදිහට බනිනවා.එයාගේ ටියුෂන් පන්තියෙදි ලමයින්ට පණ දෙන්න හදනවා. එයාගේන් ටියුෂන් ගත්ත ලමයින්ට ඉස්කොලෙදි බැන්නේ අඩුවෙන් .මේක තමයි තිත්ත ඇත්ත.
     
    Last edited:
    • Like
    Reactions: kc_0304

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ක්ලාස් යන්න දැඩි ඕනකම තිබිලත් සල්ලි නැති නිසා නොයා ඉන්න අය කොයිතරම් ඇතිද?

    බොහොමයක් පන්ති වල ෆ්‍රී කාඩ් එකක් දෙනවා දෙමාපියට අතරමැදදී උනත් ගෙවාගන්න බැරි උනොත් ප්‍රමාණවත් විදිහට අපිට පිළිගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ෆ්‍රී කාඩ් එකක් දෙනවා, අපි දැනට සාමන්යෙන් පන්තියක 30% කට වඩා දීලා තියෙනවා. එක දෙයක් තියෙනවා අම්මා කෙනෙක් කවදාවත් ඇවිල්ලා බොරුවට ෆ්‍රී කාඩ් එකක් ඉල්ලන්නේ නෑ.
     
    • Like
    Reactions: kc_0304

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඉස්කෝලවල් වල ගුරුවරු හරියට උගන්වන්නේ නැහැ..එගොල්ලෝ උගන්නන ටිකෙන් තියන තරගෙට මූණදෙන්න බෑ කියලයි ටියුෂන් යන ලමයිනම් කියනවා ඇහිලා තියෙන්නේ.

    ඒ හින්දා කැමති උනත් අකමැති උනත් අසරන දෙමව්පියන්ට කලුකඩ වලට සල්ලි පූජා කරන්න වෙනවා. මේ ඔන්ලයින් ගැරිල්ල මාෆියාවක් කියලා පත්තරෙත් තිබ්බා.:yes:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    That My Friend Gave me laugh....



    ටියුෂන් කෙනෙක් විතරක් නෙමේ මාකට් එකක පලා විකුණන ගෑනි ඉඳල ආදායම් බදු ගෙවනවා, එත් කියක් ගෙවනවද එක කොහොමද ගෙවන්නේ කියන එක අදාළ නෑ :P :P :P

    ලක්ශේ ගානේ නෙමේ බන් රුපියල් 15 පගාව ගත්තු පොලිස් මාමිලා ඉඳල තියෙනවා, ටැක්ස් ඔෆිසර් කෙනෙක්ට විතරක් නෙමේ ඕනිම රාජ්‍ය සේවකයෙක්ට එයාගේ ගරුත්වය රැකගෙන රැකියාව කරන්න පුළුවන් මට්ටමක වැටුපක් ලැබෙනවා නම් අනිවාර්යෙන් මේ ප්‍රශ්න නවතිනවා.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඉස්කෝලවල් වල ගුරුවරු හරියට උගන්වන්නේ නැහැ..


    රජයේ පාසල් වල තියෙන ප්‍රශ්න ගැන කතා කරලා වැඩක් නෑ මිත්‍රයා අලුත් ගුරුවරු පැනගෙන උගන්වනවා එත් අභ්යතරයේ තියෙන ප්‍රශ්න සහ නොයෙකුත් ගැටළු නිසා සේවයට බැඳිලා වර්ෂයකින් දෙකකින් එයාලත් නිකන්ම ඉබිගමනේ වැඩ කරන්නේ.

    ළමයෙක්ට එක ටියුට් එකක්, කොලයක් ගහගන්න ප්‍රතිපාදන නෑ ළමයි ඉගෙනගන්නවා නෙමේ පාසල් වල වෙන්නේ පොටෝකොපි මැසිමේ වැඩේ කරන එක. කොපිරයිටින් එක්ස්පර්ට් කෙනෙක් වෙනවා ඉතින් ක්ලාස් යන්න වෙනවා තමා.

    වැඩිය අවශ්‍ය නෑ මම ගියේ කොලබ තියෙන ලංකාවේ ප්‍රධානතම පාසලකට, අපිට ආසාවකට කම්පියුටර් ලැබ් එක අල්ලන්න දුන්නේ නෑ ඒ කාලේ, ඒසී කරලා ටීච කෙනෙක් දාලා, වයිස් ප්‍රින්සිපල් ඒකට එහා කාමරේ අල්ලගෙන ලගට එන ළමයි එළවලා එකේ ඉස්කෝලේ වැඩ කලේ, කොටින්ම ලෝකයේ තියෙන වැඩිම වටිනම අත්භූත දේ ගෙන්නලා පාසලේ හංගලා තියෙනවා වගේ තමා කම්පියුටර් ලැබ් තිබ්බේ පසුකාලීනව ඒවා දැන් වෙනස්

    එත් අදටත් සමහර පාසල්වල මේ ප්‍රශ්න තියෙනවා.

    පින්සිපල්ගේ කාමරේ ෆොටෝ කොපි මැසීම හංගලා තියාගෙන තියෙන්නේ, එක ඉස්කෝලෙක බලන්න එක ශ්‍රේණියකට එක මැසිමක් තියෙනවද තියලා, ලැප්ටොප් එකක් ඕනි නෑ පරණ P4 ඩෙස්ක්ටොප් එකක් ? ප්‍රින්ටරයක්? ස්ලයිඩ් එකක් දාලා පෙන්නන්න පුළුවන් ස්ක්‍රීන් එකක් වැඩිය අවශ්‍ය නෑ TV ස්ක්‍රීන් එකක් හරි ? මහින්දෝදය ලැබ් ගැන අපි කතා නොකර ඉමු, ඔයා අද ගිහිල්ලා බැලුවොත් ඒවා වසර 6කට වඩා පරණයි. 30%කට වඩා වැඩ කරන්නේ නෑ. අහ් ඒවා හදන කටයුතු කරන්නත් ඕනි ගුරුවරු තමයි.

    ගුරුවරුන්ට නොලැබෙන වැටුප ගැන කතා නොකර ඉමු, එතනින් එහාට ලංකාව පුරාවට ගුරු පුහුණු පාසල් කීපයක් තියෙනවා NIE (අධ්‍යාපන පීධනෙමේ ) එත් වර්ෂයේ වැඩි දවසක් ඒවා හිස්, රටේම තියෙන ආයතන අතේ ඇඟිලි ගානට තියෙන්නේ, ඒවා තියෙන ටිකත් ප්‍රමාණවත් නෑ තියෙන ටිකත් එත්ටිකේ කාර්යක්ෂමතාවය?

    තවත් නොදන්නා පැත්තක් කියන්නම්

    පාසලේම ප්‍රශ්නෝත්තර, අමාත්යංශය යවන ලියුම්, බාහිර ලියුම්, ස්පෝර්ට්ස් මීට් අරවගේ මේවගේ සංවිධාන කටයුතු, ඉන්විටේෂන් කාඩ්, සමරු පොත්, ඒවා ප්‍රින්ට් කරගෙන එන ඒවා. විෂය බාහිර ක්‍රියාකාරකම් සියල්ලම පැටවෙන්නේ ගුරුවරුන්ගේ කරට එතකොට කොහෙද උගන්වන්න වෙලාවක් ? එහෙම තියෙද්දී සිසු ගුරු සටහන් ? ඇගයීම් වාර්තා, කලාපෙන් පාසලට එද්දී පුරුවලා ඉවර කරන්න ඕනි දේ ? ආ එටිකත් අමතක කරමු සමහර ගුරුවරියන් පේපර්ස් බලනවා පහුවදා පාන්දර එහෙනම්. එකත් පට්ට ආතල්.

    සංගීත ගුරුවරියට තබ්ලා තිබ්බට IT ගුරුවරියට ලැප් එකක් නෑ දේශපාලුවන්ට කුඩ ගන්න, අයිපෝන් ගන්න සල්ලි තියෙනවා, ළමයිට ටැබ් දෙන්න සල්ලි තියෙනවා එත් සාම්ප්‍රදායික ගුරුවරියන්ව ඉක්මන් කරවන්න සල්ලි නෑ. තවත් පාට පක්ෂ වලට බෙදිලා චන්දෙ දීපල්ලා.

    පොඩ්ඩක් මොලේ තියෙන කෙනෙක්ට මේවා කොහොම වෙනස් කරන්න පුලුවන්ද ? පේපර් එකේ සාම්ප්‍රදායික සැලැස්ම වෙනස් කරන්න තහනම්! ටියුෂන් එකේ වගේ එහෙම කළා නම් ?

    ඉස්කෝලේ දවස් 5ම ගාටලා පැය 6ක්. 7ක් නාස්ති කරලා ගන්න දැනුම ටියුෂන් පන්තියේ බටර් වගේ පැයෙන් උගන්නන්නේ එහෙම තමා.

    සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමය ඉතාම අසාර්ථකයි!
    රජය පාසල් වල විෂය නිර්දේශය පට්ට අසාර්ථකයි!
    බහුතරයක් රජයේ කැම්පස් වල විෂය නිර්දේශය පට්ට පරණයි!

    තරගෙට මුහුණ දෙන්න නම් අනිවාර්යෙන් සුදුසුකම් තියෙන ගුරුවරයෙක් ලගට ටියුෂන් යවන්න වෙනවා.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඔන්න විඩියෝවත් දැම්මා. නැත්තම් අන්තිමට මමයි බොරුකාරයා වෙන්නේ,:cautious:

     
    • Like
    Reactions: HSW

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    ක්ලාස් යන්න දැඩි ඕනකම තිබිලත් සල්ලි නැති නිසා නොයා ඉන්න අය කොයිතරම් ඇතිද?
    ehema ayata puluwan thamange aethika mattama kiyala, adala class walin free cards araganna. ona tharam denawa ehema free cards.
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ඉහත චෝදනා ඔබට අදාල නොවේ (ඔබ කියු දේ ඇත්තක්නම් ) මට ඔනතරම් සාක්ෂි තියනවා ඔෆ්ලයින් ගානම ගන්න අය ගැන .:frown:

    මමනම් කියන්නේ ගුරුවරුන්ගේ පඩි වැඩි කරලා ඉස්කෝලේ හවස 5.30 වෙනකම්වත් තියන්න ඔනේ . ටියුෂන් නවත්තලා දාන්න ඔනේ. බටහිර රටවල් වල මෙහෙම පිස්සුවල් නෑ .

    මම ඉගෙන ගත්ත කාලේ චෙමිස්ට්‍රි උගන්නපු ගුරා ඉස්කෝලෙදි ලමයින්ට බලු විදිහට බනිනවා.එයාගේ ටියුෂන් පන්තියෙදි ලමයින්ට පණ දෙන්න හදනවා. එයාගේන් ටියුෂන් ගත්ත ලමයින්ට ඉස්කොලෙදි බැන්නේ අඩුවෙන් .මේක තමයි තිත්ත ඇත්ත.
    එකඟයි
    ඔහොම බලුවැඩ කරන ගුරුහොරු ඉන්නවා. තමන්ගෙ පන්තියට නොඑන දරුවන්ට බලපෑම් කරන පාසල් ගුරුවරු ගැන මම හොඳින් දන්නවා.