ටෙලිකොම් ඒක මිළදී ගැනීමට ඉන්දියාවත් චීනයත් අවසන් සටනට එළඹිලා තියෙනවා.
ශ්‍රී ලංකාව කියන වැදගත් මධ්‍ය ලක්ෂයේ සන්නිවේදනය තමන්ගේ අතට ගන්න භූ දේශපාලනික බලවතුන් දරන සටන දැන් පැහැදිලියි.
ශ්‍රී ලංකාවට නෙළුම් කුළුණක් ලබා දුන්නේ මොකටද ? චීන BRI ව්‍යාපෘතියක් ලෙස ඔවුන් එක චීනයේම මිනිස්සු දාලා සම්පූර්ණ කළේ මොකටද? ඒක තමයි ඉන්දියානු සාගරය මැද චීන සන්නිවේදන කුළුණ.
මේ රට තුල ඇවිත් තමන්ගේ බලය තහවුරු කර ගන්න එක චීනයට වැදගත්. චීනයට එසේ කර ගන්න නොදී ඉන්න එක ඉන්දියාවට වැදගත්. මේ අතරේ තමයි ටෙලිකොම් විකුණන්නේ.
අපේ රටේ වගේ ආර්ථික අර්බුදයකට හිර උනහම ඒ වගේ රටවල් භූදේශපාලනික සටන් වල ගොදුරු බිම් බවට පත් වෙනවා. ණයට දීලා, ඒවා අය කර ගන්න බැරි වෙනකොට ඒ රටේ සම්පත් තමන්ගේ ලඟට ගන්නවා. අපේ රටේ ලොකුවට දෙන්න දෙයක් නැති උනත්, චීනයට ඉන්දියාවට වරායවල්, බලාගාර, තෙල් ටැංකි ආදිය දීලා තියෙන්නේ කියලා දැන් දන්නවානේ.
මේවත් ඒ වගේම ගනුදෙනු තමයි.
අපිට පුද්ගලීකරණය අත්‍යාවශ්‍යයි. ඒත් සමාගම් පුද්ගලීකරණයේ අවස්ථා දෙකක් තියෙනවා.
එකක් බංකොලොත් වෙච්චි රටක් ඒකෙන් ගැලවෙන්න තමන් සතු assets විකිණීම.
සාර්ථකව දුවන රටක් හොඳ වෙළෙඳපොළ ආර්ථිකයක් හදන්න රාජ්‍ය කර්මාන්ත පුද්ගලික අංශයට ලබා දීම.
ඉතිං පැහැදිලිව අපි ඉන්න තැන පැහැදිලියි. අපි දැනට ඉන්නේ ඔය මුල් එකේ.
ඒක අපිට වඩාත් වාසිදායකම ගනුදෙනුව නොවෙන්න පුළුවන්. ඒත් අපිට ගොඩ එන්න මේ ගනුදෙනු කරන්නම වෙනවා. ඒක බලයේ ඉන්න අය අකමැත්තෙන් හෝ කරන, බලයට එන්න ඉන්න අය විරුද්ධ වෙන දෙයක්. ඒ නිසා සමාජයේ මේ ගැන මත දෙකක් නිර්මාණය වෙනවා.
අපි ඔබට මේ තත්ත්ව දෙක ගැනම මුල සිට කියලා තියෙනවා. ඒ අපි ඒ ගැන අධ්‍යනය කරපු නිසා. හැබැයි ටෙලිකොම් කාට ගියත් මේ අපිට සේවා ලැබෙන එකේ වෙනසක් වෙන්නේ නෑ. මොකද මිළදී ගන්නන්ගේ පරමාර්ථය අපිට සේවා ලබා දෙන එක කප්පාදු කරන එක නෙවෙයි.
මේවගේ දේවල් වලට කැමති නැත්නම් අපි කළ යුත්තේ ආයේ ආයෙත් දරන්න බැරි තරම් ලෝකෙට ණය නොවී ඉන්න එක. ණය උඩු දිව්ව්වට පස්සේ වත්කම් සින්න වෙන එක සරළ බුද්ධියට තේරෙනවා. ණය නොවී ඉන්න නම් රජය කුඩා කර ගන්න ඕනේ, සේවක බර අඩු කර ගන්න ඕනේ, වගේම අනෙක් අපි මෙතෙක් මතුරන ප්‍රතිසංස්කරණ කර ගන්න ඕනේ. ආර්ථිකය අලුතින්ම හැඩ ගස්සව ගන්න ඕනේ.
එහෙම කළොත් රට හදන්න පුළුවන්. හැදුන දවසට ඕනෙම නම් තව ටෙලිකොම් වගේ සමාගම් වලට ආයෝජනය කරන්න රාජ්‍ය ආදයම් අතිරික්තයක් හදා ගන්න පුළුවන්.
පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර