ටෙලිග‍්‍රෑම්_ගහලා_හමාරයි . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටෙලිග‍්‍රෑම්_ගහලා_හමාරයි . . .

    ටෙලිග‍්‍රෑම් ගහලා හමාරයි . . .

    2cr10ye.jpg

    තව කෙනෙකුට හදිසි පණිවුඩයක් දෙන්න වුණොත් අපි මොකද කරන්නේ ?

    කෝල් එකක් ගන්නවා . . .
    SMS එකක් යවනවා . . .
    e-mail එකක් යවනවා . . .
    ලියුමක් යවනවා . . .


    පණිවුඩය යැවිය යුතු කෙනාට සහ ඔබට තිබෙන පහසුකම් අනුව ඔන්න ඔය දේවල්වලින් කුමන හෝ ක‍්‍රමයකට ඔබට පණිවුඩය යවන්න පුළුවන් නේද ? ඒත් ඔය කිසිම ක‍්‍රමයක් තිබුණෙ නැති කාලයක් මානව ඉතිහාසයේ තිබුණා. හූවක් කියලා, ගිනි මැලයක් හදලා දුම්රොටු ඉහළට යන්න සලස්වලා, ඊතලයක් යවලා, අඬබෙරයක් ගහලා පණිවුඩ බෙදා හැරපු දීර්ඝ කාල පරිච්ඡේදයක් ඒ ඉතිහාසය සතුයි. ඒ විතරක් නෙමෙයි . . . පරෙවියන්, සැළලිහිණියන් වැනි පක්ෂීන් මඟිනුත් ඈත අතීතයේ පණිවුඩ හුවමාරු කර ගෙන තියෙනවා. පරෙවි සන්දේශය, සැළලිහිණි සන්දේශය වගේ සන්දේශ කාව්‍ය අපට සිහිපත් කර දෙන්නේ අවුරුදු දෙතුන්සියයකට මෙපිට ඉතිහාසයෙත් මේ පක්ෂීන් අපේ නිල "පියන් මහත්තුරු" විදිහට කටයුතු කළා කියන එකමයි.

    anbpg1.jpg

    19 වන සියවසේ දී විදුලිය සොයා ගැනීමත් සමඟින් ලෝකයේ පෙර නොවූ විරූ තාක්ෂණික ප‍්‍රබෝධයක් ඇති වුණා. ඒ තාක් කාලයක් හූවකින්, දුමකින්, ඊතලයකින්, බෙර හඬකින්, පක්ෂියෙකුගෙන් එක් තැනක සිට තවත් තැනකට යැවූ පණිවුඩ, විද්‍යුතය තුළින් සන්නිවේදනය කිරීම ඇරඹුණෙත් ඒ සමඟයි. 1837 වර්ෂයේ දී ඇමෙරිකානු ජාතික සැමුවෙල් එෆ්. බී. මෝර්ස් විසිනුයි විද්‍යුත් සම්පේ‍්‍රෂණ ටෙලිග‍්‍රාෆ් ක‍්‍රමය පළමුවරට සාර්ථකව අත්හදා බැලූවේ. ඔහුගේ අත්හදා බැලීමේ ප‍්‍රතිඵලය ලෙසින් විසිවන සියවස තුළ ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන්නට සමත්වුණ පණිවුඩ සම්පේ‍්‍රෂණ ක‍්‍රමවේදය බවට ටෙලිග‍්‍රාෆ් ක‍්‍රමය හෙවත් ටෙලිග‍්‍රෑමය පත්වුණා. ආසියාතික රටවල් තම යටත් විජිත බවට පත්කර ගත් සුදු ජාතිකයන් ඔවුන්ගේ හමුදාවන්ගේ පහසුව පිණිස ඒ ඒ රටවල්වල ටෙලිග‍්‍රාෆ් සේවාව ස්ථාපිත කරන්න මුල පිරුවා.

    b3lvr6.jpg

    1858 වර්ෂයේදී කොළඹ හා ගාල්ල සම්බන්ධකර ගනිමින් යැවූ පණිවුඩයක් මඟින් අපේ රටේ මේ පණිවුඩ ක‍්‍රමය ඇරඹුණු බව කියැවෙනවා. ඒ කාලයේ ටෙලිග‍්‍රෑම් පණිවුඩයක් කියවන එකත් ඒ තරම් ම ලේසි වෙලා නැහැ. මොකද සම්පූර්ණයෙන් ම වාගේ ඉංග‍්‍රීසි භාෂාවෙන් තමයි මේ පණිවුඩ හුවමාරු වෙලා තියෙන්නේ. "අසනීපයි. සේවයට පැමිණිය නො හැකියි" කියන පණිවුඩය පසුගිය කාලයේ ටෙලිග‍්‍රෑම් පණිවුඩ ලෙස වැඩි වශයෙන් හුවමාරු වුණාට ඒ කාලයේ බොහෝ විට ටෙලිග‍්‍රෑම් පණිවුඩයක් යැව්වෙ මරණයක්, අතුරු අන්තරාවක් දැනුම් දෙන්නයි. ඉතින් ගමකට ටෙලිග‍්‍රෑම් පණිවුඩයක් අරගෙන තැපැල් සේවකයෙක් ආවම, ඒ පණිවුඩය ලබන කෙනා බොහොම තැතිගැන්මට, කම්පාවට පත්වෙලා ගමේ ඉන්න "ඉංග්‍රීසි" පුළුවන් උගතෙක්ව හොයන් යන එක තමයි සිද්ධවෙලා තියෙන්නේ.

    otqati.jpg

    1858 දී ඇරඹි ලක්දිව ටෙලිග‍්‍රෑම් සේවාව 1895 දී මෝර්ස් සංඥා ක‍්‍රමය මඟින් දිවයින පුරා ව්‍යාප්ත කෙරුණා. 1865 මාර්තු මාසේ දෙවෙනිදා යුරෝපයේ සිට අපේ රටට ලැබුණු පළමු ටෙලිග‍්‍රෑමය ලැබී තිබෙනවා. ඇමෙරිකාවෙන් අපට පළමු ටෙලිග‍්‍රෑම් පණිඩුඩය ලැබුණෙ 1866 අගෝස්තු දෙවෙනිදා. මධ්‍යම විදුලි පණිවුඩ හුවමාරු සේවය අපේ රටේ ඇරඹුණේ 1911 වර්ෂයේදි. 1980 වර්ෂයේ තැපැල් හා විදුලි සන්දේශ දෙපාර්තුමේන්තුව දෙපාර්තුමේන්තු දෙකක් වශයෙන් වෙන් කෙරුණත් එදා සිට මේ දක්වා ම විදුලි පණිවුඩ සේවාව පවත්වා ගෙන ආවේ දෙපාර්තුමේන්තු දෙකම ඒකාබද්ධවයි.

    r1mo0x.jpg

    දුරකථනය හා පරිගණකය සොයා ගැනීමත් එක්ක ටෙලිග‍්‍රෑම් පණිවුඩවලට විතරක් නෙමෙයි, තැපැල් පණිවුඩ ක‍්‍රමයටත් තිබුණ ආකර්ෂණය බොහෝ සෙයින් අඩු වුණා. කලිනුත් සඳහන් කළා වගේ ලෙඩ නිවාඩුවක් ඉල්ලා සිටීමේ රාජකාරීමය කටයුත්තකට හැර මෑතක නම් ටෙලිග‍්‍රෑම් පණිවුඩ නොයැවුණ තරම්. අනෙක ටෙලිග‍්‍රෑම් පණිවුඩයක් වෙනුවෙන් පණිවුඩය යවන්නාගෙන් අය කරන මුදල වගේ කිහිප ගුණයකින් වැඩි මුදලක් ඒ පණිවුඩය සම්පේ‍්‍රෂණය කරන්නත් වැය වෙලා තියෙනවා. ඔය සෑම කාරණයක්ම සැලකිල්ලට අරගෙන 2013 ඔක්තොබර් මස සිට ටෙලිග‍්‍රෑම් පණිවුඩ සේවාව නො එන ගමන් යවන්නට බලධාරීන් තීරණය කරලා. ආයෙ ඉතින් හදිස්සියකට ටෙලිග‍්‍රෑම් එකක් ගහලා හමාරයි ඔන්න.

    28rcew8.jpg

    වසර 155ක් වයසැති ටෙලිග‍්‍රෑමයට යන්න කිව්වට ඒ හා සමාන, එයට වඩා කාර්යක්ෂම ටෙලිමේල් සේවාව මේ සමඟම හඳුන්වා දෙනු ලැබෙනවා. විදුලි පණිවුඩකරුවන් 1271 දෙනෙකු හරහා උප තැපැල් කාර්යාල 3398ක් සහ තැපැල් කාර්යාල 651ක් තුළිනුයි ටෙලිමේල් සේවාව ක‍්‍රියාත්මක වෙන්නේ. එය තැපැල් දෙපාර්තුමේන්තුවෙන් ඔබට සැපයෙන සේවාවක්. ටෙලිග‍්‍රෑම් එකක් වෙනුවට ටෙලිමේල් එකක් යවන්නට කොයි කාටත් දැන් පුළුවනි.

    20tqcxv.jpg

    බලන්න යුග යුග ගණනින් මේ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සිදුවුණු වෙනස්වීම් . . . ටෙලිග‍්‍රෑම් පණිවුඩ සේවාවේ කල එළි බැසීමත් සමඟ හූවකින්, දුමකින්, ඊතලයකින්, බෙරහඬකින්, පක්ෂියෙකුගෙන් කළ පණිවුඩ සන්නිවේදනය කාලයේ තාලයට නො ගැළපෙන්නක් බවට පත් වුණා. ඒ වගේම ජංගම දුරකථන, ෆැක්ස් සේවාව, විද්‍යුත් තැපෑල වැනි සේවාවන් බහුල වශයෙන් භාවිතයට ජනයා පෙළඹීම නිසා ටෙලිග‍්‍රෑම් පණිවුඩ සේවාව යල්පැන ගිය පණිවුඩ හුවමාරු ක‍්‍රමයක් බවට පත් වුණා. අනාගතයේ සිදුවන තවත් කාර්යක්ෂම පණිවුඩ හුවමාරු ක‍්‍රමයක හෙළිදරව්වත් සමග අද එක් මොහොතකින් ලෝකය යා කරන සන්නිවේදන තාක්ෂණයන් එක් මොහොතකින්ම නොසලකා හැරෙන බව නිසැකයි.

    2lnwadf.jpg
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ටෙලිග‍්‍රෑම් ගහලා හමාරයි . . .:yes::yes::yes:

    සති දෙක තුනකට කලින් පත්තරේ ලිපියක් දාලා තිබුනා ටෙලිග්‍රෑම් තව මාස දෙකයි, ඊට පස්සේ unit එක වහලා දානවා කියලා.
    +++++

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් දැනටම SLT එකෙන් ටෙලිග්‍රැම් ෆොම් ගහන එක නවත්තලා.. ඉදලා හිටලා පොස්ට් ඔෆිස් එකක තමා ටෙලිග්‍රම් කොලයක් දකින්න පුලුවන්, නැත්තම් නිකන් කොලයක තමා දැන් ලියන්නේ..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටෙලිග‍්‍රෑම් ගහලා හමාරයි . . .:yes::yes::yes:

    සති දෙක තුනකට කලින් පත්තරේ ලිපියක් දාලා තිබුනා ටෙලිග්‍රෑම් තව මාස දෙකයි, ඊට පස්සේ unit එක වහලා දානවා කියලා.
    +++++


    :yes::yes::yes: