"ටොනේඩෝ" යනු කුමක්ද?විනාඩි 10 - 15 තරම්...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "ටොනේඩෝ" යනු කුමක්ද?විනාඩි 10 - 15 තරම්...

    oil-rig-tornado.jpg



    ශ‍්‍රී ලංකාවට මේ දිනවල අන්තර් මෝසම් කාළගුණය සක‍්‍රිය වී තිබීම හේතුවෙන් වැසි සහ අකුණු ගැසීම් මෙන්ම ටොනේඩෝ තත්වයන්ද රටපුරා ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    එවැනි ටොනේඩෝ තත්වයක් කුරරණෑගල ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇතිවූ අතර මේ හේතුවෙන් නිසා නිවාස ඇතුළු ගොඩනැඟිලි කිහිපයකට අලාභ හානි සිදුව තිබේ.
    මෙවැනි ටොනේඩෝ තත්වයන් රටපුරා සෙසු ප‍්‍රදේශවලද ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

    http://www.lankacnews.com


    "ටොනේඩෝ" යනු කුමක්ද?


    විනාඩි 10 - 15 තරම් ආයුකාලයක් ඇති සුළි සුළං තත්ත්වයන් පිළිබඳ ඔබ අසා ඇති. මේවා කෙටි කාලයක් තුළ කෙටි ප‍්‍රදේශයකට විශාල හානියක් කිරීමට සමත් වේ.හොඳින් වැඩුණු කැටිවැනි වළාකුළක වර්ධනය වන සුළි සුළඟක් ප‍්‍ර‍්‍රචණ්ඩ සුළඟක් වී ගස්, ගෙවල්, වාහන ආදිය ඉහළට ඔසවා වෙනත් තැනකට වීසි කිරීමට පවා ශක්තිමත් ලෙස වර්ධනය වේ. මෙය කිලෝමීටර 2 - 3 පමණ සීමාවක කි‍්‍රයාත්මක වේ.මෙහි හැඩය පුනීලයක් මෙන් වන අතර එය බඹරයක් සේ කැර කැවේ.ටෝනේඩෝවක විශ්කම්භය මීටර 100 ක් පමණ වේ. එය පැයට කිලෝ මීටර 400 තරම් දැඩි සුළං වලින් ආපදා සිදුවේ. මෙහි පීඩනය හේතුවෙන් ගොඩනැගිලි පුපුරාලන තරම් බලයක් ඇතිවේ. ලෝකයේ ඇතිවන ටෝනේඩෝවල වැඩි ප‍්‍රතිශතයක් දුර්වල ඒවා වේ.

    නමුත් ඇමරිකාව ඇතුළු බොහොමයක් රටවල්වලට ටෝනේඩෝ ඉතා තදබල ලෙස බලපාති. ටෝනේඩෝ වක බලය ගණනය කරන්නේ (FUJITHA SCALE)’ෆූජිතා’ පරිමාණය අනුවය. ඇමරිකාව අවට පමණක් ටෝනේඩෝ 1000 ක් පමණ වසරකට ඇතිවන අතර තවත් 1000 ක් පමණ වාර්තාවලට හසු නොවී වැනසී යයි.සුළි කුණාටු වර්ග -සුළි කුණාටු ඇතිවන ප‍්‍රදේශ අනුව ඒවාට විවිධ නම් ලැබී ඇත. ඒ අනුව අත්ලාන්තික් සාගරයේ වර්ධනය වන කුණාටු “හරිකේන්” ලෙස නම් කර ඇත. මෙය දකුණු ඇමරිකානු ආශ‍්‍රිත රටවලට බලපායි. මෙම හරිකේන් කුණාටුව පෘථිවියේ කාලගුණික රටාවත් සමඟ බොහෝ සබඳතා පවත්වයි. සුළිසුළං මගින් සමකය හා සම්බන්ධ ප‍්‍රදේශවල ගොනු වී ඇති ශක්තිය හා තාපය ධ‍්‍රැව ප‍්‍රදේශ කරා ගෙන යන බව කාළගුණ විද්‍යාඥයෝ පවසයි.

    එසේ ගෙන යන්නේ සුළි සුළඟත් සමඟ ඇතිවන ප‍්‍රචණ්ඩ සුළඟ මගිනි.මෙසේ හටගන්නා සුළි සුළං උතුරු අත්ලාන්තික් සාගරයේ හෝ ඊසාන දිග පැසිපික් සාගරයේ හෝ හටගන්නේ නම් එය හරිකේන් යනුවෙන් හැදින්වේ.නමුත් මෙම ආකාරයේ සුළි සුළං ජාත්‍යන්තර දින රේඛාවෙන් වයඹදිග ප‍්‍රදේශයේ හටගන්නේ නම් ඒවා (Typhoon) ලෙස නම් කරයි.මේවා වැඩිපුරම බල පාන්නේ ජපානය ආශ‍්‍රිත රටවල් වලටය. මෙම කුණාටු ද තවත් විවිධ නම් යටතේ වර්ග කර ඇත. උදාහරණ ලෙස 2004 ඔක්තෝබර් මස ජපානය හරහා හමාගිය ටයිෆූර් කුණාටුවට “පියාරි” ලෙස නම් වී තිබුණි. ඒ කාලයේදීම ඇමරිකාව හරහා හමා ගිය හරිකේන් කුණාටු 04 ක්, චාලි, ෆ‍්‍රාන්සිස්, අයිවන් හා පීතර ලෙස නම් වී තිබුණි.මුල් කාලයේ මෙන්ම වර්තමානයේ ද කුණාටු වලට කාන්තාවන්ගේ නම් තබා තිබේ.

    වසරකට පැමිනෙතැයි අපේක්ෂා කරන කුණාටු ප‍්‍රමාණයකට ඉංග‍්‍රීසි හෝඩියේ ආකාරාධි පිළිවෙලට නම් තැබීම සිදු කරයි. ඒ අනුව ඇමරිකාව හා අනෙකුත් රටවලට බලපාන සුළිකුණාටු වලට ඉංග‍්‍රීසි නම් තබන අතර ජපානය, කොරියාව ආදී රටවලට ඒ ආශ‍්‍රිත නම් තැබීම සිදුකරයි.


    http://www.danuma.lk




     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    valuable post
    had to add about an unusually strong tornado occurred in 1930s in USA known as Tri State tornado. It traveled across 3 states a total 1000 KM distance with maximum width of 2 miles in size. Killed 600+ people.