ටොයියෝ_බලන්න_අද_නෑයො_එනවලු...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේ EK650 යන ගුවන් යානයෙන් අද (06) උදෑසන දිවයිනට පැමිණියා. ඔහුත් සමග 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණ අතර විදේහ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ඔවුන් පිළිගනු ලැබුවා.
එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් කොමසාරිස්වරයා ලබන 10 වනදා දක්වා දිවයිනේ රැදී සිටී. ඔහු උතුරු පළාතේද සංචාරය කිරීමට නියමිතව ඇති අතර රජයේ සහ ද්‍රවිඩ සන්ධානයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පාමින් ජාතික නිදහස් පෙරමුණ ලිප්ටන් වටරවුමෙදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව එම පෙරමුණ පවසයි. මහ කොමසාරිස්වරයාගේ පැමිණීමට විරෝධය පා ජාති නිදහස් පෙරමුණ ඊයේ කොළඹ කොටුවේදී අත් පත්‍රිකා බෙදා දීමක්ද සිදු කළා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොහොමඩ් මුසම්මිල් පවසා සිටියේ , මානව හිමිකම් කොමසාරිස්වරු ශ්‍රි ලංකා හමුදාවට එරෙහිව බොරු චෝදනා එල්ල කරමින් සිටින බවයි.රටේ රණවිරුවන් හුසෙන්ගේ දංගෙඩියට ගෙන යෑමට ඉඩ නොදෙන බවත් ඒ සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කලේ.
ඔන්න ඕකයි යහපාලනේ කියලා එදා ජන 09 හිටන් හුටන් පටන් ගත්තෙ