ටොයොටා සමාගමේ ‘අයි රියල්’ (Toyota i-REAL)

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ටොයොටා සමාගමේ ‘අයි රියල්’ (Toyota i-REAL)

    රටවල් 14කින් මෝටර් රථ නිෂ්පාදක සමාගම් 2000ක් පමණ 2012 චීනයේ බෙයිජිං අන්තර්ජාතික මෝටර් රථ ප‍්‍රදර්ශනයට නව නිර්මාණ ඉදිරිපත් කර තිබුණා.
    ටොයොටා සමාගමේ ‘අයි රියල්’ විදුලි මොටෝරිය තමා කවුරුනුත් විස්මයට පත් කළේ. අනෙක් ඒවා අතර නවතම මාදිලියේ ෆෝක්ස්වාගන් බීට්ල්ස් රථය වඩාත් කැපී පෙනුණා.


    1.jpg


    ‘රෝද සවි කළ හාන්සි පුටුව’ හෙවත් ‘ටොයොටා අයි රියල්’ (Toyota i-REAL) රිය චීනයේ බෙයිජිං නුවර පැවැත් වූ 2012 අන්තර්ජාතික මෝටර් රථ ප‍්‍රදර්ශනයේ දී නිරූපිකාවක් පැදවූ අයුරු.





    අමුතු මාදිලියේ මෝටර් රථ නිෂ්පාදනයට නම් දරා ඇති ටොයෝටා සමාගම මේ මොටෝ රිය දැක්ම සඳහා අමුතුම තාලේ මොටෝ රියක් ඉදිරිපත් කළා. ඒ කටුස්සකු පාට වෙනස් කරනවා වාගේ තමන්ගේ පෙනුම සැණෙකින් වෙනස් කරන්න පුළුවන් මොටෝ රියක්.

    ‘ෆන් - වීඅයිඅයි’ Fun-Vii(Fun - Vehicle interactive internet) කියා හැඳින්වෙන මේ විස්මිත කාරයේ පිටකටුව තනා ඇත්තේ ස්පර්ශක සාණි touch-screen පැනල සහිතවයි. ඒවාට අත තබා පිට වර්ණ රටා එසැණ වෙනස් කර ගන්නට රියැදුරාට පුළුවන්. ඒ වගේ ම ඒ රිය කෙළින් ම වාහන අලෙවිකරුගේ වෙබ් අඩවිය හා සම්බන්ධ කර වාහනයේ දෝෂ ආවේක්ෂණ කර ගන්නත් පුළුවන්.

    ඒ වගේ ම වාහනයට පුළුවන්, දොරේ පිටත රටාව වෙනස් කර රියැදුරාගේ උපන්දිනයට සුබ පතන්නත්.


     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෝටර් රථ ප‍්‍රදර්ශනයට නව නිර්මාණ ඉදිරිපත් කර තිබුණා.




     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    තවත් නවතම විදුලි මොටෝ රිය දෙකක් ඉදිරිපත් කරල තියෙනවා. එකක් හතර දෙනකුට යා හැකි එෆ්ටී-ඊවී 3 කියන විදුලි රිය. එය ටොයොටා අයිකිවු මාදිලියට අයත් එකක්. ලිතියම්-අයන බැටරියකින් වැඩ කරන්නෙ. බැටරිය හොඳින් ආරෝපණය කළ විට සැ.65ක් දුර යතෑකි.

    ටොයොටා සමාගම බලාපොරොත්තු වෙනවා, විදුලි රිය තාක්ෂණය යොදා ගෙන කෙටි දුර දිවිය හැකි නවතම වාහනයක් ඉදිරිපත් කිරීමට මේ වසර තුළදි. ඒ සඳහා විනාඩි කීපයක් අතරමග නැවතී බැටරිය ආරෝපණය කිරීමට මහමඟදී කිරීමට වැඩ පිළිවෙළක් ඇති වෙන්න ඕනැ.

    අනිත් අලූත් රිය ‘එෆ්සීවී-ආර්’ නම් වන අතර එය ඉන්ධනයක් ලෙස භාවිත කරන්නේ හයිඩ‍්‍රජන්ය. මෙහි වැඩි දියුණු කළ මාදිලියක් 2015 දී අලෙවි කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ රිය වරක් බැටරිය ආරෝපණය කළ විට එක දිගට කිලෝමීටර් 450ක් දුවන්න පුළුවන් වේවි.


     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    9.jpg


    ‘ෆන් - වීඅයිඅයි’ කාරය ‘ස්මාට් ෆෝන්’ එකක් වාගෙ, මෙන්න ඔබට සුබ පතනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :D කොර.... හැබැයි ඉතින් ඕකක් මෙහේ නම් සාමාන‍යය මිනිහෙක්ට ගන්න බැරි වෙයි.... :(
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    :D කොර.... හැබැයි ඉතින් ඕකක් මෙහේ නම් සාමාන‍යය මිනිහෙක්ට ගන්න බැරි වෙයි.... :(

    ehema hithanda epa Machan.... Kalayak giyama Owage mila Bahinawa Ban.