ටෞකන දෙමල සර්ල
යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ ප්රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණා. ඊයේ (21) අදාළ ස්ථානයට ගිය දෙමළ ජාතික සන්ධානයේ සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක මන්ත්රීවරු පවසා තිබුණේ එම ස්ථානයේ තබන්නට යන ප්රතිමා සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්රතිමා නිසා වහාම ඒවා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි.
එසේම එම ස්ථානයට ගිය දේශපාලනඥයින් හා චිත්ර ඇදීමේ නිරත පිරිස අතර දැඩි වචන හුවමාරුවක් ද සිදු වී ඇති අතර යාපනය බන්ධනාගාර නිලධාරීන්ට අදාළ දේශපාලනඥයින් පවසා ඇත්තේ මේ ක්රියාවට ඉඩ ලබා දිය නොහැකි බවයි.
යාපනයේ තරුණ තරුණියන් ද බොහෝ ස්ථානවල අලංකාර චිත්ර අඳිමින් නගරය ලස්සන කළ අවස්ථාවේදී ඒ පිළිබඳව දැඩි සතුටට පත් වූවත් මේ ආකාරයේ සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීම පිළිබඳව සතුටට පත්වීම හෝ ඊට ඉඩදීම කළ නොහැකි ක්රියාවක් ලෙසයි යාපනයේ දේශපාලනඥයින් පිරිස වැඩිදුරටත් ප්රකාශ කොට තිබෙන්නේ.