ඩමිටු කොසීටා...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කලින් කලට සමාජ මාධ්‍ය තුළ රැල්ලක් මෙන් පැතිර යන විවිධ අපූරු දේ නිර්මාණය වේ. මේ දිනවල පැතිරෙන අලුත්ම උන්මාදය ‘ඩමි ටු කොසීටා‘ නැටුමයි. කොළ පැහැති ත්‍රිමාන පිටසක්වල ජීවියෙකුගේ නැටුමක් සමග ස්පාඤ්ඤ බසින් ගැයෙන ‘ඩමි ටු කොසීටා‘ගීතයට විවිධ අය අනුකාරක නැටුම් ඉදිරිපත් කිරීම නිසා
    මෙය මේ වනවිට ‘ඩමි ටො කොසීටා චැලෙන්ජ්‘ Dame Tu Cosita Challenge නමින් හඳුන්වන ක්‍රීඩාවක් බවට පත්ව ඇත.
    විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින්ද ඒ ආකාරය

    අනුකරණය කර නටමින් දැන් සමාජ මාධ්‍ය තුළට යොමු කිරීම සිදුවේ.



    El Chombo ගයන මෙම ගීතයට ත්‍රිමාන ජීවියා යොදා මුලින්ම ඩේලි මෝෂන් වීඩියෝවක් ලෙස 2017 ඔක්තෝබර් මස එළිදැක්වුණ නමුත් විශාල ජනප්‍රියත්වයක් මුලදී ලැබී තිබුනේ නැත.නමුත් පසුව පසුගිය 2018 පෙබරවාරි මස යූටියුබ් ස්නැප් චැට් හා මියුසිකලි ඔස්සේ මෙම නැටුම විවිධ අයගේ අනුකරණ සමග ජනප්‍රියත්වයට පත් විය.

    මෙම ත්‍රිමාන ජීවියාගේ නැටුම් ඉරියව් තුළ තිබෙන විශේෂත්වය නිසාම අනුකරණය කරන්නන්ගේ අඟර දඟරපෑම් සිත්ගන්නා සුලු ආකාරයක් මතුකරන අතර ඒ නිසාම දන්නා කියන අය එම නැටුම ඉදිරිපත් කළ විට එය හුවමාරු කිරීමට බොහෝ දෙනා පෙළැඹී තිබේ. සමාජ මාධ්‍ය තුළ ගීත කොටස් ගායනය සමග පැතිර ගිය රැළි අතර මෙම පිටසක්වල නැටුම අලුත් මුහුණුවරක් ගෙන තිබේ. එම අනුකරණ වලට මිලියන ගණනින් නරඹන්නන් දැන් සිටී.




    FB එකේ දැකලා ශෙයාර් කලේ...