ඩයිනොසෝර බෙට්ටක්!

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    ඩයිනොසෝර බෙට්ටක්!

    මෙතෙක් නොවූ විරූ වෙන්දේසියක් ඇමෙරිකාවේදී! විකුණන්නේ ඩයිනොසෝර බෙට්ටක්!

    මෙතෙක් ලෝකයේ කිසිම තැනක නොසිදු වූ අමුතුම තාලේ වෙන්දේසියක් මේ සතියේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ දී සිදු වෙනවා.

    එහිදී ඔබට මෙතෙක් ලෝකයේ හමුවී ඇති විශාලතම බෙට්ට මිලදී ගන්න පුළුවන්.

    පොසිල ලෙසින් හමු වී ඇති මෙම ඩයිනොසෝර වසුරු ඔලියගෝසීන අවධියට හෝ මිනොසීන යුගයට අයත් යැයි සැලකෙනවා. මේ යුගයන් හමුවන්නේ මීට වසර මිලියන 5.3ත් 33.9ත් අතර කාලයේදියි.

    මේවා හමු වී ඇත්තේ වොෂින්ටන් ජනපදයේ ලෙවිස් ප‍්‍රදේශයෙන්. 2014 ජූලි 22දා පැවැත්වෙන මේ වෙන්දේසියේ දී ඒවා ඩොලර් 8,000ත් 10,000ත් අතර ගණනකට විකිණෙතැයි බලාපොරොත්තු වෙනවා.

    4.JPG
    මේ තමා මෙතෙක් හමුවී ඇති විශාලතම ඩයිනොසෝර වසුරු. මෙය මීටරයක් තරම් දිගයි. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ දී ජූලි 22 පැවැත්වෙන වෙන්දේසියේදී මෙය ඩොලර් 10,000කට ආසන්න මුදලකට අලෙවි කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.​

    ඩයිනෝසෝර වසුරු හමුවන්නේ ඉතාමත් කලාතුරකින්. ඉඳහිට හමු වන මේවා මෙසේ වෙන්දේසියට තබන්නේ පළමු වන වතාවටයි.

    වඳවී යාමට පෙර ඩයිනෝසෝරයන් විශාල සංඛ්‍යාවක් මිහිමත විසුවද ඔවුන්ගේ වසුරු පොසිල වශයෙන් සුරැුකිව තිබෙනු දකින්නට ලැබෙන්නේ නැහැ. විද්‍යාඥයන්ට මෙය කාලයක් තිස්සේ ගැටලූවක්ව පැවතුණා. ඒත් පසුගියදා ස්ලෝවැකියානු පර්යේෂකයන් පිරිසක් මෙසේ ඩයිනෝසෝර වසුරු නැතිවී යාමට හේතුව සොයා ගත්තා.

    ඔවුන් කියන්නේ මිලියන ගණනක් තිස්සේ මේ මිහිමත ජීවත්වන කැරපොත්තන් ඒවා ආහාරයට ගැනීම නිසා ඒවා දැක ගන්නට නොලැබුණු බවයි. නව තාක්ෂණයේ පිහිටෙන් ඔවුන්ට ඉඩ සැලසුණා, පොසිල ලෙසින් හමු වූ කැරපොත්තන්ගේ සිරුරු තුළ ඇති ජීර්ණ පද්ධතිය පිරික්සන්න. ඒ තුළ කිසියම් දැව වර්ගයක ශේෂයන් හමු වී තියෙනවා. ඒවා ඩයිනෝසෝර වසුරුවල ද තිබෙනු ඔවුන් දුටුවා.

    4.JPG

    මෙසේ පර්යේෂණ කර ඇත්තේ ස්ලෝවැකියාවේ ස්ලෝවැක් විද්‍යා ඇකඩමියේ පොසිල විද්‍යාඥයන් පිරිසක්. ඔවුන් කියන්නේ ඩයිනෝසෝරයන් විශාල වශයෙන් වසුරු පහ කළත් ඒවායේ ශේෂයන් පොසිල වශයෙන් හෝ සුරැුකිව නැත්තේ කැරපොත්තන් විසින් ඒවා ඔවුන්ගේ ප‍්‍රධාන ආහාර කර ගත් නිසයි කියලයි. මේ නව සොයා ගැනීම නිසා ඔවුන් ඒ බව තහවුරු කර ගෙන තියෙනවා.

    මේ පිළිබඳව පළ කළ අධ්‍යයන වාර්තාවකින් ඔවුන් කියන්නේ කෘමි සතුන් අතර කැරපොත්තා සුළු කොට තැකිය හැකි සතකු නොවන බවයි. ඔවුන් මීසෝසොයික යුගයේ පටන් පැවත එන ඒ යුගයේ දී ඉතා ප‍්‍රබල ව්‍යාප්ත ව සිටි සතුන් විශේෂයක් ලෙසයි ඒ පර්යේෂකයන් හඳුන්වන්නේ.

    මෙම ඩයිනෝසෝර බෙටි හැඳින්වෙන්නේ කොප්‍රොලයිට් (coprolite) කියලයි. පාෂාණිභූත වී ඇති මෙවැනි වසුරුවලින් තමයි, ආදි යුගයේ සතුන් ආහාරයට ගත් දෑ පිළිබඳව විද්‍යාඥයන් බොහෝ විට නිගමනය කරන්නේ. ඒවායේ බාහිර පෙනුම ගැන ඔවුන් මෙතෙක් අවධානය යොමු කළේ නැහැ.

    ඒත් මේ වතාවේ නම් ඒවායේ අලංකාරය ගැනත් කතා කරනවා. මේවා වෙන්දේසි කරන බෙවර්ලි හිල්ස් වෙන්දේසිකරුවන්ගේ ප‍්‍රකාශක අයි. එම්. චේට් කියන්නේ ”මේක අඟල් 40ක් දිගයි! මේ තරම් ලස්සන දෙයක් නුදුටු තරම්”ය කියායි.

    මෙය ප‍්‍රදර්ශන භාණ්ඩයක් ලෙස කොටස් හතරකටයි සකසා තියෙන්නේ.

    කෙසේවෙතත් මේවා සොයා ගත් විද්‍යාඥ පිරිසට මේ වසුරු අයත් ඩයිනොසෝර වර්ගය නිශ්චිත කියන්නට හැකියාවක් ලැබිලා නැහැ.

    මේ සමග තවත් මියෝසීන යුගයට අයත් යැයි සැලකෙන කැස්බෑවකුගේ වසුරු වගයක් ද වෙන්දේසියට තබා තියෙනවා. වසර මිලියන 23.03ත් අතර 5.332ත් අතර යුගයට අයත් ඒවා ඩොලර් 4,000ත් 6,000ත් අතර මිලකට අලෙවි කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

    5.JPG
    වසර මිලියන 23.03ත් අතර 5.332ත් අතර මියෝසීන යුගයට අයත් යැයි සැලකෙන කැස්බෑ විශේෂයකගේ වසුරු​
     
    • Like
    Reactions: Rockey_ssr

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මුන්ට පිස්සුද බං ? :confused: අඩුගානෙ ඔය වගේ දෙයක් නිකං ලැබුන කියලවත් ඇති වැඩේ මොකක්ද ? :confused:
     

    thanujaka

    Well-known member
  • අවුලක් නැ.. ඕක ඉතින් දැන් නන්න සූර් වෙන්න වෙලිලානේ බන් තියෙන්නේ... සෝ ගදත් නැති හින්ද අල්මාරියෙ හරි දාල තියාගන්න බැරියැ....