ඩලස් අලහප්පෙරුම යනු කවුද ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජනපති අපේක්ෂක ඩලස් දහම් කුමාර අලහප්පෙරුම මාතර දික්වැල්ලේදී උපත ලැබුවේ 1959 මැයි 14 දාය. ඔහුගේ වයස දැන් 63 කි. විශ්ව විද්‍යාල සමයේ සිට දේශපාලන ක්‍රියාකරුවෙකු හා මාධ්‍යවේදියෙකු වන ඩලස් දේශපාලනඥයෙක් බවට පත්වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේය.
    ඩලස්ගේ දෙමාපියන් දෙන්නාම ප්‍රාදේශීය පාසල්වල විදුහල්පතිවරුන් විය. පියා කරෝලිස් අලහප්පෙරුම වූ අතර මව ඇස්ලින් අලහප්පෙරුමයි.

    මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඩලස් ද්විතීයික තෘතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේය.
    පසුව රුහුණ විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදෑරූ ඔහු සරසවි සමයේ සිට ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කැපී පෙනුණි. ඔහු සමග සරසවියේ විප්ලවීය කලා සංගමයේ කටයුතු කළ පසුකලෙක ජනප්‍රිය ගායිකාවක හා වේදිකා නිළියකවූ ප්‍රදීපා ධර්මදාස සමග ඩලස්ගේ විවාහය සිදුවිය.
    ඔවුන්ට මහීමා හා කෞෂික දරුවන් දෙදෙනෙකු සිටී.
    ඩලස් සරසවි සමයේ සිට විප්ලවකාරී අදහස් පළ කළ පුවත්පත් වල ලේඛකයෙකු ලෙස කැපී පෙනිණි.යුක්තිය, හිරු ආදී විකල්ප පත්තර වලට ඔහු සම්බන්ධ විය. ඔහුගේ සමකාලීන පත්තර සගයන් අතර විමල් වීරවංශ, සුනිල් මාධව ප්‍රේමතිලක, රෝහිත භාෂණ ආදීන් විය.

    ශ්‍රී ලනිප නව බලවේගයක් ලෙස 1994 පැමිණ වසර 17 ක එජාප රජය පෙරළා චන්ද්‍රිකා කුමාරතුංග බලයේ පිහිටුවීමේදී ඩලස් සහාය දුන්නේය. කෙසේ වෙතත් පසුකාලීනව ඔහු ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව ගැන කලකිරී කලක් දේශපාලනයෙන්ද ඉවත්ව සිටියේය. එකල ඔහු ඇමරිකාවේ පුරවැසිකම ලබාගෙන දේශපාලනයෙන් සමුගන්නා බවද ප්‍රකාශ කර තිබුණි.
    වසර එකහමාරක් පමණ ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරූ නමුත් ඩලස් එම උපාධිය සම්පූර්ණ කළේ නැත.
    ඔහු නැවත දේශපාලන කරළියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙසිනි. ඔහු අමාත්‍ය ධූර ගණනාවක අත්දැකීම් ලබා ඇත. අවසන් වරට හිටපු ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය වරයා වූ ඩලස් අලහප්පෙරුම 2022 ජූලි මාසයේ පාර්ලිමේන්තුව තෝරන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අද ප්‍රකාශ කළේය.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    දකුණේ නම් ඉතිං ආයේ කථා දෙකක් නැහැ, වැඩ බැරි දෙපිට කාට්ටු හොර ගොයියෙක් තමා.

    කපටි කමයි, හොර කමයි , ලජ්ජ නැති කමයි උපතින් ම ගෙනෙන දායාද.
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    අලහප්පෙරුම 1959 මැයි 14 දින මාතර දික්වැල්ලේදී උපත ලැබුවේ ප්‍රාදේශීය පාසල්වල විදුහල්පතිවරුන් වූ කරෝලිස් අලහප්පෙරුම සහ ඇස්ලින් අලහප්පෙරුම යන දෙපළට දාව ය. අලහප්පෙරුම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත සර්වේෂස් විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙනි. වසර එකහමාරක් අයෝවා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හැදෑරූ නමුත් උපාධිය සම්පූර්ණ කළේ නැත
    1994 දී පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙස මාතර මනාප ඡන්ද 76,678 ක් ලබා ගනිමින් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

    ඔහු 2000 දී නැවත තේරී පත් වූ අතර 11 වන පාර්ලිමේන්තුවේ කෙටි ධුර කාලය තුළ සේවය කළේය. ඔහු සමෘද්ධි, ග්‍රාම සංවර්ධන, පාර්ලිමේන්තු කටයුතු සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කරන ලදී. පසුව 2001 මහ මැතිවරණයෙන් ඔහු තේරී පත් නොවීය.

    ඔහු 2005 දෙසැම්බර් 19 වැනි දින එජනිස ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස 13 වැනි පාර්ලිමේන්තුවට නැවත පිවිසියේ එවකට විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්ගේ ඝාතනයෙන් පසු හිස් වූ අසුනටය. ඔහු 2007 වසරේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් විය.

    2010 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2010 දී නැවත පාර්ලිමේන්තුවට පිවිසි ඔහු පසුව යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස පත් විය. ඔහු විධායක ජනාධිපතිවරයාට නැවත තේරී පත්වීමේ කාල සීමාව ඉවත් කිරීම ඇතුළු පුළුල් බලතල රැසක් ලබාදුන් දහඅටවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය. 2015 දී ඔහු ජනාධිපති සිරිසේන යටතේ ජනාධිපති බලතල කප්පාදු කළ දහනව වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය.

    2015 මහ මැතිවරණයට එජනිස අපේක්ෂකයෙකු ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ඔහු පාර්ලිමේන්තුවට පිවිසීමට ඡන්ද 105,406ක් ලබා ගත්තේය. 2016 අගෝස්තු මාසයේදී ඔහු මාතර දිස්ත්‍රික් ශ්‍රීලනිප නායකත්වයෙන් ඉල්ලා අස්විය.[3] 2019 දී, ඔහු අධ්‍යාපන හා යෞවන කටයුතු අමාත්‍යාංශවල තවත් අමාත්‍යාංශ දෙකක් සමඟ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.[4]

    ඔහු 2020 මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ අතර පාර්ලිමේන්තුවට පිවිසීමට ඡන්ද 103,534 ක් ලබා ගත්තේය. විධායක ජනාධිපතිවරයාට තවත් බලතල නැවත ලබාදිය හැකි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ විසිවැනි සංශෝධනයට පක්ෂව ඔහු ඡන්දය දුන්නේය.

    2022 ජූලි මාසයේදී ඔහු ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ප්‍රකාශ කළේය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    පොන්නයෙක් නෙ ඩලස් කියන්නෙ දකුණටත් ලැජ්ජයි .අපිත් දකුණෙ හරිය

    2022-07-14T162343Z_2104781557_RC2ODU92QOCD_RTRMADP_3_SRI-LANKA-CRISIS-CANDIDATES.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දකුණේ නම් ඉතිං ආයේ කථා දෙකක් නැහැ, වැඩ බැරි දෙපිට කාට්ටු හොර ගොයියෙක් තමා.

    කපටි කමයි, හොර කමයි , ලජ්ජ නැති කමයි උපතින් ම ගෙනෙන දායාද.
    උබලා මහ චීප් මිනිස්සුනෙ බන් .
    1658230616869.png
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දකුනු රටෙ එක්කෙ වසයෙන් කියනෙ සිරිලන්කට ලන්තෙ ආයො ඇන්දෙන්න යන්නෙ. ඩලාස් මූටිපාස්..

    දික්වැල්ලෙ එකෙක් රාජපක්සලාට විරුද්ද වෙන්න නම් උගෙ මොලෙ මැ ඇටෙයක් පැල කරන්න ඔන
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Title එක දැක්කම හිතුවෙ බිත්තර දාල ඇති කියල කෙක් නොකන, හප් කිව්වත් ඇඩෙන තරම් අහිංසක වගේ හෑල්ලක් ඇති කියල :yes:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ජනපති අපේක්ෂක ඩලස් දහම් කුමාර අලහප්පෙරුම මාතර දික්වැල්ලේදී උපත ලැබුවේ 1959 මැයි 14 දාය. ඔහුගේ වයස දැන් 63 කි. විශ්ව විද්‍යාල සමයේ සිට දේශපාලන ක්‍රියාකරුවෙකු හා මාධ්‍යවේදියෙකු වන ඩලස් දේශපාලනඥයෙක් බවට පත්වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේය.
    ඩලස්ගේ දෙමාපියන් දෙන්නාම ප්‍රාදේශීය පාසල්වල විදුහල්පතිවරුන් විය. පියා කරෝලිස් අලහප්පෙරුම වූ අතර මව ඇස්ලින් අලහප්පෙරුමයි.

    මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඩලස් ද්විතීයික තෘතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේය.
    පසුව රුහුණ විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදෑරූ ඔහු සරසවි සමයේ සිට ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කැපී පෙනුණි. ඔහු සමග සරසවියේ විප්ලවීය කලා සංගමයේ කටයුතු කළ පසුකලෙක ජනප්‍රිය ගායිකාවක හා වේදිකා නිළියකවූ ප්‍රදීපා ධර්මදාස සමග ඩලස්ගේ විවාහය සිදුවිය.
    ඔවුන්ට මහීමා හා කෞෂික දරුවන් දෙදෙනෙකු සිටී.
    ඩලස් සරසවි සමයේ සිට විප්ලවකාරී අදහස් පළ කළ පුවත්පත් වල ලේඛකයෙකු ලෙස කැපී පෙනිණි.යුක්තිය, හිරු ආදී විකල්ප පත්තර වලට ඔහු සම්බන්ධ විය. ඔහුගේ සමකාලීන පත්තර සගයන් අතර විමල් වීරවංශ, සුනිල් මාධව ප්‍රේමතිලක, රෝහිත භාෂණ ආදීන් විය.

    ශ්‍රී ලනිප නව බලවේගයක් ලෙස 1994 පැමිණ වසර 17 ක එජාප රජය පෙරළා චන්ද්‍රිකා කුමාරතුංග බලයේ පිහිටුවීමේදී ඩලස් සහාය දුන්නේය. කෙසේ වෙතත් පසුකාලීනව ඔහු ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව ගැන කලකිරී කලක් දේශපාලනයෙන්ද ඉවත්ව සිටියේය. එකල ඔහු ඇමරිකාවේ පුරවැසිකම ලබාගෙන දේශපාලනයෙන් සමුගන්නා බවද ප්‍රකාශ කර තිබුණි.

    වසර එකහමාරක් පමණ ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරූ නමුත් ඩලස් එම උපාධිය සම්පූර්ණ කළේ නැත.
    ඔහු නැවත දේශපාලන කරළියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙසිනි. ඔහු අමාත්‍ය ධූර ගණනාවක අත්දැකීම් ලබා ඇත. අවසන් වරට හිටපු ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය වරයා වූ ඩලස් අලහප්පෙරුම 2022 ජූලි මාසයේ පාර්ලිමේන්තුව තෝරන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අද ප්‍රකාශ කළේය.
    ස්තූතියි. මෙයා මොන වගේ වැඩද කරලා තියෙන්නේ? මොන වගේ දේවල් වලටද එරෙහි වෙලා තියෙන්නේ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ස්තූතියි. මෙයා මොන වගේ වැඩද කරලා තියෙන්නේ? මොන වගේ දේවල් වලටද එරෙහි වෙලා තියෙන්නේ?
    එයා කිසිම දේකට විරුද්ධ වෙලා නෑ
    හොඳ මනුස්සයා 😄

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    දකුණේ නම් ඉතිං ආයේ කථා දෙකක් නැහැ, වැඩ බැරි දෙපිට කාට්ටු හොර ගොයියෙක් තමා.

    කපටි කමයි, හොර කමයි , ලජ්ජ නැති කමයි උපතින් ම ගෙනෙන දායාද.

    ඒක තමයි. ඔයාලත් රනිල් වගේ අවංක, සුපිරිසිදු කොළඹ මාත්තයෙක් වෙන්න. 👌🙏🙏
     
    • Haha
    Reactions: sakuntha1996