ඩ්‍රම්ස් කිට් එක හඳුනා ගනිමු.. Let's learn about Drums kit

kabba123

Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    ඩ්‍රම්ස් කිට් එක හඳුනා ගනිමු.. Let's learn about Drums kit

    ආයුබෝවන් එලකිරි යාලුවෝ හැමෝටම..මම එලකිරි‍යේ රෙජිස්ටර් වෙලා නම් ටිකක් කල් වෙනවා.නමුත් අද තමා මුලුන්ම පෝස්ට් එකක් දාන්නේ;););)

    යාලුවනේ මම ගොඩක් කැමති මාතෘකාවක් තමා music කියන්නේ .ඒ අතරිනුත් ගොඩක්ම ප්‍රිය කරන Instrument එක තමයි ඩ්‍රම්ස් කිට් එක.ඉතින් ඒ නිසා මම තීරනය කලා ඩ්‍රම්ස් ගැනම කියවෙන post එකක් දාන්න .

    Q4cq35d.jpg


    මම ලියන දේ වල වැරදි තියෙනව නම් ඒවා නිවැරදි කරන්න කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා

    අපි වැඩේ පටන් ගමු

    වර්තමානයේ සංගීත නිර්මාන වල බොහෝ දුරට computer software භාවිතා කරලා beat නිර්මාණය කර ගත්තට වාදන භාණ්ඩයක් භාවිතා කරමින් ගීතයක් නිර්මානය කලාම ඒකෙ කෘතීම නොවන සජීවී බවක් තියෙනවා.ඉතින් එහෙම නිර්මාණයක් කරද්දී අනිවාර්යයෙන්ම යොදා ගැනෙන සංගීත උපකරණයක් තමයි ඩ්‍රම්ස් කිට් එක

    ඩ්‍රම්ස් කිට් එක එහෙම නැත්නම් ඩ්‍රම්ස් වාදන කට්ටලය කියන්නේ මූලික වශයෙන්ම percussion එහෙම නැත්නන් යම් ස්තරයකට තැලීමෙන් හෝ පහර දීමෙන් හඩ උපදවන වාදන භාණ්ඩයක්



    මූලික වශයෙන් වර්තමාන‍යේ භාවිතා වන ඩ්‍රම්ස් කට්ටල වර්ග දෙකක් තියෙනවා.ඒව තමයි

    Acoustic drums (එකෝස්ටික් ඩ්‍රම්ස් ) හා
    Electronic Drums (ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් )


    Acoustic Drums

    අපි එකෝස්ටික් ඩ්‍රම්ස් කියල හඳුන්වන්නේ bass drum,snare drum,සහ toms (මේවා මොනවද කියල පහල කියල තියෙනවා)කියන කොටස් සත්ව හෝ කෘතිම සමකින් සෑදූ උපකරණ භාවිතා කරන ඩ්රෙම්ස් කට්ටල වලට..මේවායේ හඩ නිපදවන්න විදුලි මෙවලම් භාවිතා කරන්නේ නෑ.ඒ කියන්නේ මේවාට තට්ටු කලාම එන්නේ ස්වාභාවිකව හට ගන්නා හඩක්.මේ වර්ග‍යේ ඩ්‍රම්ස් කට්ටල වලින් උපදවන හඩ ගෝෂාකාරී නැහැ.ලෝකයේ ජනප්‍රිය උන බොහොමයක් බටහිර සංගීත කණ්ඩායම් වල වෘත්තීය මට්ටමේ ශිල්පීන් භාවිතා කරන්නේ acoustic drums තමයි. ඩ්‍රම්ස් වාදනය හැදෑරීමේදි පවා අත්පොත් තියන්නේ මේ ජාතියේ කට්ටලයකින්.ඒ වගේම electric drums වලට සාපේක්ශව වාදනය කරන්න තරමක් අපහසුයි කියලත් හදුන්වන්නේ මේව තමයි.මේවායේ ඩ්‍රම්ස් ස්තරයේ විවිධ ස්ථාන වලට පහර දුන්නම නැගෙන හඩේ වෙනසක් දකින්න පුලුවන්.ලෝක‍යේ LINKIN PARK,METALLICA,SLIP KNOT කණ්ඩායම් ලංකාවේ වායෝ,මේරියන්ස්,ජිප්සීස් වගේ අය භාවිතා කරන්නේ Acoustic drums තමයි..acoustic හා electronic drums කට්ටල දෙකම භාවිතා කරන සනිධප වාගේ සංගීත කණ්ඩායමුත් අපේ රටේ තියෙනවා


    මේ තියෙන්නේ acoustic drums kit එකක්


    ggotC29.jpg


    Electronic Drums

    ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් කලින් කියපුවා වඩා ගොඩක් වෙනස්. මේ ජාති‍යේ කට්ටල වල bass drum,snare ඩ්‍රම් සහ ටොම්ස් වල නාදය නිපදවෙන්නේ විදුලි පරිපථ පද්දතියක් මගින් .ඒ කියන්නේ කෘතිමව උපද්දවන හඬක් තමයි මේවායේ තියෙන්නේ.ඒ වගේම electronic drums වාදකයාගේ අවශ්‍යතාවය මත ව්විධ tones දා ගන්නත් පුලුවන්.එකෝස්ටික් ඩ්‍රම්ස් කිට් එකක එන නාදයන් උනත් සකසා ගන්න පුලුවන් .නමුත් එකෝස්ටික් ඩ්‍රම්ස් කිට් එකක් වාදනය කිරීමේදී නැගෙන හඬ නම් 100%ම ලැබෙන්නේ නෑ .මේ වර්ගයේ ඩ්‍රම්ස් වාදනය කරන්න පහසුයි..මොකද පෙර සැකසුම් මගින් ලබා ගත් tones වාදනය කරන නිසා ආයාසයකින් තොරව හසුරුවන්න පුලුවන් නිසා.ලංකාවේ සජීවී සංගීත කණ්ඩායම් බොහොමයක් භාවිතා කරන්නෙත් මේ වර්ගයේ ඩ්‍රම්ස් වාදන කට්ටල තමයි.ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් කට්ටල වල වාදකයාට අවශ්‍ය tones නිපදවීම ඒ වගේම ඒවා ගබඩා කර ගැනීම tones programming කර ගැනීම වගේ වැඩ කටයුතු කරන හදවත වගේ කොටසට කියන්නේ ''ඩ්‍රම් මොඩියුලය'' (drum module) කියල.වාදකයා යොදන පහර නාදයක් බවට හරවන්නේ මෙයා තමයි.මේක බොහෝවිට වාදකයාගේ වම් අත පැත්තෙන් තමයි තියා ගන්නේ.මේ පහල තියෙන්නේ drum module එකක්

    2uM1BD8.jpg




    තව දෙයක් තියෙනවා .සමහරු drum module එකයි.drum machine එකයි කියන දේ පටලවා ගන්නවා.drum machine එක කියන්නේ ඩ්‍රම්ස් කට්ටලයක් නැති අවස්තාවල හෝ ඩ්‍රම් බීට් එකක් නිපදවා ගන්න හෝ නාද රටාවක් නිපදවා ගන්න පාවිච්චි කරන උපකරනයක්.ඔයාල අහල ඇති metronome (තාල මාපකය ) වගේ දෙයක් උපකණයක් තමයි..drum machine එක කියන්නේ.

    YAMAHA,MAPEX,PEARL,ROLAND වගේ සමාගම් තමා ඩ්‍රම්ස් කට්ටල නිපදවන ප්‍රමුඛ පෙලේ නිෂ්පාදකයන්

    අපි දැන් බලමු ඩ්‍රම්ස් කිට් එකක භාවිතා කරන උපකරණ ටික මොනවද කියලා..යාලුවනේ අපි දන්නවා ගොඩක් සංගීතා භාණ්ඩ වාදනය කරන්න උවමනා වෙන්නේ දෑත් පමනයි..නමුත් ඩ්‍රම්ස් වාදන‍යේදී දෑත් දෙපා කියන අවයව හතරම එක විඩියට ක්‍රියා කර වන්න වෙනවා.ඒ කියන්නේ මොල‍යේ වම් පස හා දකුණු පස එක විදියට හසුරුවන්න වෙනව කියන එක..

    Drum Sticks
    ඩ්‍රම්ස් වාදනයේදී භාවිතා කරන sticks ගැන ගොඩක් අවදානය යොමු කරන්න වෙනවා.වාදයාගේ ශෙලිය ,අවශය කරන හඬ ,sticks වල බර හා ප්‍රමාණය වගේ දේවල් තමා ඒවා.මේවා බොහෝ විට නිපදවන්නේ ඕක්,මේපල් වගේ සැහැල්ලු ශක්තිමත් ලී වර්ග භාවිතා කරලා.මේවා 7A ,5A ,5B ,2B වගේ විවිධ ප්‍රමාන වලින් එනවා.ඒ වගේම stick එකේ ඉහල tip එකත් plastc හෝ wood කියන අමුද්‍රව්‍ය වලින් අවශ්‍යතාවය මත තෝරා ගන්න පුලුවන්

    o9tbMlx.jpg


    Hi Hat

    ඩ්‍රම්ස් වාදන කට්ටලයේ තියෙන ප්‍රදානම උපකරනයක් තමයි hi hat එක ..මේක නිර්මාණය කරල තියෙන්නේ cymbal දෙකක් එකිනෙක මත තියලා.ඒක stand එකක් මත රඳවලා.මේකෙ තියෙන foot pedal එකෙන් තමයි මේක පාලනය කරන්නේ..ඒ කියන්නේ pedal එක පෑගුවහම මේ plates දෙක එකිනෙකට තද වෙනවා.ලිහිල් කලාම plates අතර සම්බන්ධය නැති වෙනවාඒ අවස්තා දෙකේ දීම එකිනෙකට වෙනස් හඬක් තමයි හට ගන්නේ .මේක බොහෝ විට ඩ්‍රම්ස් කට්ටලයේ වම් අත පැත්තෙන් තමයි තියා ගන්නේ.hi hat එකට භාවිතා කරන plate ව්විධ ආමානයන් ගෙන් (guage) වලින් තියෙනවා අවශ්‍යතාවය මත තෝරා ගන්න පුලුවන්. පහල තියෙන්නේ hi hat එකක්


    UYOw3fs.jpg


    Bass Drum & Bass Padel

    ගීතයකට ඔබ සවන් දෙද්දී ඔබේ පපුව දෙදරනවා වාගේ ඇහෙනවා නේද සද්දයක් .ඒක තමයි බේස් ඩ්‍රම් එකෙන් නිකුත් කරන නාදය.එකෝස්ටික් ඩ්‍රම් වල විශාල ඩ්‍රම් එකකටත් එලෙක්ට්‍රොනික් ඩ්‍රම් වල කෘතිම ස්තරයකටත් මේක වාදනය කරනවා.මේකෙ කොටස් දෙකක් තියෙනවා.ඒ bass pedal එක නැත්නම් trigger එක සහ ඒක වදින ස්තරය..බොහොමයක් දකුනත් හුරු වාදකයන් මේක තමන්ගේ දකුනු කකුලෙන් තමයි හසුරුවන්නේ.මේවාගේ විවිධ ප්‍රභේද තියෙනවා.single bass ,double bass,duel bass වගේ කියලා.double bass වාදනය කරද්දී වාදකයාට තමන්ගේ දකුනු කකුල හා වම් කකුල යන දෙකම බේස් පැඩල් උඩ හසුරුවන්න වෙනවා..

    මේ තියෙන්නේ single bass pedal එකක්

    CY4yPgj.jpg


    මේක double bass padel එකක්

    n1Gsxdf.jpg


    මේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් කට්ටලයක බේස් ඩ්‍රම් පැඩ්ල් එකක් හා ඒක සම්බන්ධ වෙන බේස් ඩ්‍රම් එක


    WnIQYut.jpg


    Snare Drum

    ඉහත උපකරණ ඇරුනාම Snare Drum එක භාවිතා කරනවා .විවිධ වාදනයන් වලදී drum breaks ,fillings වගේ වාදන වලට මේක ගොඩක් උපකාරී වෙනවා.මේ තියෙන්නේ acoustic SNARE DRUM එකක්

    iGoZunP.jpg


    මේක electronic drums වල භාවිතා කරන එකක්

    GtKDlBR.jpg


    Toms

    ඩ්‍රම්ස් වාදන‍යේදී brake/filling එකක් නැත්නම් තාලය කඩා නැවත වාදන‍යේදී අපි මේවා පාවිච්චි කරනවා.සාමාන්‍යයෙන් වාදකයෙක් මේවා 3-4 වගේ භාවිතා කරනවා තමන්ට අවශ්‍ය විවිධ හඬ වර්ග නිපදවා ගන්න .ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම්ස් වාදනයේදී කලින් කියපු drum module එක පාවිච්චි කරලත් එකෝස්ටික් වාදනයේදී toms වල විවිධ තැන් වලට පහර දීමෙනුත් අවශ්‍ය හඬ වෙනස් වීම් සකසා ගන්න පුලුවන්.භාවිතා කරන toms වම් අත පැත්තේ සිට පිලිවෙලින් 1st tom,2nd tom,floor tom ආදී වශයෙන් හඳුන්වනවා

    මේ තියෙන්නේ එකෝස්ටික් කට්ටලයක tom එකක්


    MgjvS8X.jpg


    මේ electronic කට්ටලයක එකක් .මේවා සාමාන්‍යයෙන් drum pads කියල හඳුන්වනවා

    QGg2izq.jpg


    cymbals

    ඩ්‍රම් break එකක් හෝ filling එකක් අවසාන‍යේ තමයි බොහෝ වෙලාවට cymbals වාදනය කරන්නේ .ඊට අමතරව අතර මැදි අවස්තා වලත් වාදනය වෙන වෙලාවල් හියෙනවා.cymbals ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා .ඒව තමයි Crash Cymbal හා Ride Cymbal කියන දෙක.ride cymbal එක තරමක් සිහින් ඒ වගේම crash cymbal එක තරමක් ඝනකමෙන් වැඩියි.සාමාන්‍යයෙන් Ride cymbal එකට පහරක් ගහුවම ඒකෙ හඬ පවතින කාලය අඩුයි.ගීතයක guitar part වලට keyboard part වල වෙනස් කම් කිරීමේදී වගේ අවස්තා වල මේ cymbal එක තමයි වාදනය කරන්නේ..crash cymbal එකේ හඬ තරමක් වෙලා පවතිනවා.ගීතයක ආරම්භයේදී ඒ වගේම verse,chorus කොටස් ගැයීම අරභන තැන් වල drum break එකක් සමග බොහෝ විට මේ වර්ග‍යේ cymbal වාදනය කරනවා.සාමාන්‍යයෙන් ride cymbal එක වාදකයාගේ වම් පස ඉහලිනුත් crash cymbal එක දකුනු පස ඉහලිනුත් තමයි තබා ගන්නේ.මේවාත් විවිධ ආමාන (guage) හා ප්‍රමාණ වලින් තියෙනවා.

    මේ තියෙන්නේ cymbals තමයි

    8qqaBZB.jpg


    මේව තමයි යාලුවනේ ඩ්‍රම්ස් කිට් එකක මූලිකාංග ..වාදකයන්ගේ අවශ්‍යතා මත වෙනත් උපකරණත් මේවාට එකතු කර ගන්නවා.ඒ පහත තියෙන rotas drum/space toms වගේ ඒවා .


    0Z03kF8.jpg


    මේ හැම දෙයක්ම තිබුනත් දක්ශ වාදකයෙක් බිහි වෙන්නේ නිරන්තර පුහුනුව හා සංයමයෙන් වාදනය කිරීමෙන් බවත් අපි මතක තියා ගන්න ඕනේ....

    ගොඩක් වෙලා අරගෙන ලිව්වේ...බලපු හැමෝටම බොහොම ස්තූතියි....බලලා ඔයාලගේ ප්‍රතිචාරයක් තියලා යන්න ;);)


    ( ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    තෑන්ක්ස් මචන්.. මමත් ගොඩක් ආසයි ඩ්‍රම් එකට..:P ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. රෙප්..+5
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තූතියි මේ බෙදා හදා ගැනීමට..........

    මගේ පංති මිත්තරයෙක් ඉන්නවා සාගර කියලා. උගේ ඒ දවස්වල ඉදන්ම තිබුණේ බෙර ගැහිල්ල තමා ඇගේ. නික් එක දාල තිබ්බෙත් බෙර කොටා කියලා.
    සාගර මේ ලගදි තිබ්බ අපේ පංති සගයන් ගේ හමුවකට ඔහු ගේ වාදක කණ්ඩායම සමග ආවා.
    උගේ ඩ්‍රම්ස් වාදනය නම් අති පට්ට එකක්.....
    කොහොම හරි මම අන්තිමේ දී පාටිය පැත්තක තියල උගේ පිටිපස්සට වෙලා ඌ ඩ්‍රම්ස් වාදනය කරන හැටි බලං උන්නා...........
    ඒක බලං ඉන්නම වටින වැඩක්........

    +9ක් මහන්සියට සහ දැණුම බෙදා දීමට.
     
    • Like
    Reactions: Champ HB