ඩික්රිය ගන්න කැන්දා
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Apr 2, 2013 #1 ඩික්රිය ගන්න කැන්දා
Malitharox Well-known member Feb 28, 2008 5,279 667 113 මනෝරාජිකය Apr 2, 2013 #2 ඩිග්‍රිය ගත්තා කියලා මොන උලව්වක් වත් නොලද හන්දා... අපිද අපමණ සිත් තැවුල් වින්දා අනේ ඒ හන්දා.... ඕක ගත්තත් නැතත් වැඩක් වේද මන්දා...... තවත් කල් බලා නොයිඳ.... බැඳපු එකම තමයි හොඳා.... Reactions: uditha2sanjaya
ඩිග්‍රිය ගත්තා කියලා මොන උලව්වක් වත් නොලද හන්දා... අපිද අපමණ සිත් තැවුල් වින්දා අනේ ඒ හන්දා.... ඕක ගත්තත් නැතත් වැඩක් වේද මන්දා...... තවත් කල් බලා නොයිඳ.... බැඳපු එකම තමයි හොඳා....
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Apr 2, 2013 #4 හන්තානට පායන සද අපට නැත ජපුරෙ වගෙ එකට තුනක් අපට නැත කොලබ වගෙ හැඩ වැඩ ගැට අපට නැත බීල ගත්ත ආතල් නම් එමට ඇත Reactions: uditha2sanjaya
හන්තානට පායන සද අපට නැත ජපුරෙ වගෙ එකට තුනක් අපට නැත කොලබ වගෙ හැඩ වැඩ ගැට අපට නැත බීල ගත්ත ආතල් නම් එමට ඇත
Malitharox Well-known member Feb 28, 2008 5,279 667 113 මනෝරාජිකය Apr 2, 2013 #8 සරසවිය රසවිය සවිය විය.............. ප.ලි.:-ඔය මොක නැතත් හැමදාම මත් විය
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Apr 11, 2013 #9 bump සරසවිය රසවිය සවිය විය.............. ප.ලි.:-ඔය මොක නැතත් හැමදාම මත් විය
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Apr 11, 2013 #10 වයඹ සරසවිය මල ගෙදර ආවේ නුඹව ගොඩ දා ගන්න හරකෙක් වගේ වැඩ කෙරුවේ ලකුණු ගන්නට කොහේ වත් හිටි එකෙක් නුඹව ගොඩ දැම්මට ගෙවන්න වෙයි කුලියක් මම කල වැඩ වලට කමිසය මගේ කලිසම වෙන කාගේය බැනියම මගේ යට ඇඳුමත් ගමනේය පසුදා හිඟයි ධනපති මහපොළ දාය කෙල්ලෙක් නෑනේ මම තාමත් තනිකඩය දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ යනවද මචං පීනස් තෙල් වෙළදාමේ අද බැරි වුනත් මු ලැබ ගමි නුඹ පෙරේමේ එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ අහෝ කොස්ස අතුගා දමනු ඔය කතුර පිරිසිඳු කරව ඔය සිත ::කොස්ස - පෙම්වතා::කතුර-පෙම්වතිය:: ලෙක්චර්ස් ආවේ මම අරගන්නට දැනුම කෙලෙසද තබා ගන්නේ එක තැන මනස උස් අඩි සපත්තුත් පලඳාගෙන සොඳින මිස්ගේ රැවට බිඳවයි මගෙ හද දැහැන පියමන් කෙරුවෙමු පොල් වතු මැද්දෙන් පෙම් බස් දෙඩුවෙමු කැන්ටිම මුල්ලේ පිකටින් කෙරුවෙමු ගුටි කෙල ගත්තෙමු දෙපා වාරු නැත ඩිග්‍රිය ගන්නට ජ'පුර සරසවිය මම වගෙ ඔහුත් මේ කාමරෙ ඉන්න ඇති නිදි කිර කිරා රෑ කෑමත් දමන්නැති කෑමට කියා ඔහු අඩුවක් ගහන්නැති වැඩක් නැතුව ඔහු තාමත් ගෙදර ඇති කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ කමිසය ගියා කලුතර සපත්තු රත්නපුරේ ඔරලෝසුව ගියා නුවර බෑගය අම්පාරේ මේවා එකට කවදා හමුවේද ජ'පුරේ සටහන් මිටිය සමනළ කඳු වැටිය වැනි නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනි දාඩිය මුඟුරැ සාගරයේ ජලය වැනි ඇනුනොත් විභාගය අපි බලු පැටැව් වැනි ටයරය ගිනි දළුව යෞවන සිරුර මැඩ දුටුවෙමු දකින්නට බුරමින් නැගෙන හඩ අවනීතියට එරෙහිව උන් නඟන හඩ යලි යලි ඇසෙයි ලිනි දළුවල සිරස මැඩ මින් මතු අප හමුවේද ආයේ කස ගස් සෙවනෙද් ආදරයෙන් හීන් සැරේ ඔබ සිතටම එනවා දයාඹරයි මා එදා වගේ ගන්නා මුත් පෑන අත දැඩි කර චිත්තයේ කුරුටු ගෑමට සිතා නිසදැසක් බිත්තියේ නැත කිසිම අදහසක් ඇතිවන්නේ චිත්තයේ පෑන විසිකර තලමි මදුරුවන් බිත්තියේ දහවල් කලට ඇඳිරිඳු වාසනාවන් සැන්දෑ කලට කෙල්ලන්ගේ පනාවන් රෑ තුන්යම මඳුරුගේ ගායනාවන් එලිවන පැයට නිදි දෙව්දුව වාසනාවන් නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා ඇලක දොලක ගංගාවක ගැඹුරු දියේ යම් දිනයක මා සතු සිරුර තියේ ඒ රුදු ජල තරලයට මා නොවෙයි බියේ ඒ රුදු ගැහැණියට සැඟ ව සිටිමි බියේ සිප් සතර දැන උගෙන මගේ ලොවට ඔබ රැගෙන හදවතේ ගිනි නිවන ඒ සොඳුරු දින කොතැන සිව් විසි පැයෙහිම සිහිවෙනවා ඔබගෙ වත කය මෙහි උනත් ඇත ඔබෙ ලඟ මගේ හිත දෛවය මඟින් ගිලිහුනොතින් ඔබේ වත එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත සරසවියේ අසරණ වී සිටින විට ඔබ හමුවූයේ දිය බිඳුවක් විලස මට පැමිණිය නමුදු සිව් වසරක් කෙළවරට යම්දෝ කෙසේ ඔබ හැරදා මම ගමට --පැනය මල් මල් කීවාට හැම මල් සුවඳ නැත සමන් පිච්ච මල මුදුනේ රේණු නැත පිටතට තිබෙන හිතවත් කම් ඇතුලෙ නැත ආදිම මිනිසාවත් මෙතරම් දරැණු නැත --පිළිතුර එසේ වුවත් සුවැඳැති මල් එමට ඇත රේණු නැතත් මල පුරාම සුවඳ ඇත ඇතුලේ තිබෙන දෙය පිටතට පෙනෙනු නැත එදා තරම් අද මිනිසා දරුණු නැත පහන් කණුව මම දැවී ගිය විදුලි බුබුල ඇය --පැනය වසර හතරක් නොයෙක් දුක් විඳ ඇතැත් කාලය නිම වෙලා ගමට යන්නට හිතක් නෑ මට තට්ටය ද හොඳටම පෑදිලා --පිළිතුර තට්ට හිස ගැන කුමට කම්පා පිරුණු මොලයක් තිබේනම් මොලය යොදවා සිතා සැනසෙනු ගමට ගොස් සතුටින් ලොලේ විවෘත සරසවිය ඉරුණු වැරහැලි ගතේ එල්ලා කුසේ ඇති ගිනි හිතේ අවුලා එරෙහි වුනු මුලු ලොවම හොල්ලා නුඹට හිමි උරුමයන් ඉල්ලා අකුරු සිරකර පවුරු බිඳලා අලුත් ගමනක් අරඹපල්ලා නිරුදකේ මිරිගුවෙන් එපා සිත දොවන්නට වාලුකා තීරයෙන් එහා ඇති කෙම් බිම් කඩට දිරිය ගන් අදිටනින් ලොවේ පා තබන්නට O/L උස කඩුල්ලකි A/L ගල් තාප්පෙකි ඒ තාප්පේ පුංචි සිදුරකි එතැන open university ඇති එසයිමන්ටේන පාපකම්මෝ - කැටෝරිං මල පජ්ජනා ෆයිනලං අති භයංකාරං - යංතං යන්තං ඉලිජිබලං වස්ස වස්සං සබ්ජෙක්ටං - මහාමේරුං පර්වතං වයිව වයිවං රිපීටේන - ඩිග්රියානං ස්වප්නයං -- නහය වසාගෙන ඕපනයට ආමි මෙහි ඇති සොඳුරු නන්නත්තාරය දුටිමි පොත් ඇත ටියුට් ඇත මං ලොකු තරු දුටිමි සබ්මිට් ඩේට් දිගු වේවා සුභ පතමි ඕපන් පාරේ මේ කුණු ගොඩ දුටුවාම මම සිහි කරමි පුර පතිගේ අම්මාම මේ කුණු පිලිවෙලට ගෙන ගොස් දැම්මාම පහනක් තියමි ඔහු සිහිකර හැමදාම ආතල් ගන්න කැම්පසයට එනවාද සබ්ජෙට් ඉලිජිබල් වේ දැයි සිතනවද කාලය කමින් ලයිබරියෙත් හිටියාද ෆයිනල් ලියන්නට ඔබ නාවේ මන්ද වැහි දිනයටත් ඕපනයට නොඑන නිසා ඉලිජිබලුත් පා වීලා දුරට ගියා ෆයිනල් ලියනවා හීනෙන් මං දුටුවා ඩබල් ගෙවා මේ පාරත් මං ආවා හොඩියෙ පටන් දහතුන තෙක් කට පාඩම් ටියුෂන් ගිහින් නිදි වැරුවෙමි හොඳ පාඩම් පොත් කියවා ලියනා විට මෙහි පැවරුම් සිහිවෙයි මෙමට ලොව දෙවියන් හතර වරම් සබ්ජෙට් විසි පහක් මං එකවිට ගත්තා පොත් නොකියවා ආතල් එක රැක ගත්තා පැවරුම් ප්‍රැක්ටිකල් මං ඇස් වහ ගත්තා ඇඩ්ඩොප් දිනෙන් යම්තම් පණ රැක ගත්තා එක දිනකටත් ඕපනයට නොඑන එකා කොපි ගහලා ටියුට් ලියන පුදුම යකා වයිවා දෙද්දි වෙව්ලුම් කයි නොකර කථා ඌටත් වැඩිය මට ලකුණක් දෙයිද ලෙචා කඩ්ඩත් හැකිවේවී පොත් කියවමු තදට පැවරුම් හදමු නොනිදා රෑ ගෙන සිතට මේකෙන් ගොඩ යන්න හිතලා එකම විට එක් වී වැඩ කරමු සිත වෙත ගමු හොඳට මොරටුව සරසවිය නොගෙන යමි කිසිවක් ඔබෙන් සරසවි මෑණියනි ලබාගත් සියලු දෑ වසර හතරක් මුලුල්ලේ ලියා කොල වල ජිම් එකේ ආවේ ද හිස් අතිනි යන්නේ ද හිස් අතිනි ... රුහුණෙ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා කොළඹ එවුන් පොෂ් බඩු දා ගත්තා පේරෙ එවුන් ලව් එක ගැන සිත බැන්දා මොරටුවෙ අපි කලේ මොන කරුමෙද මන්දා කොළඹ සරසවිය කඳුලැල් සලා මමත් වැලපෙමි ආදරය නිසා ඔබ දන්නේ නෑ සෙනෙහස කඳුලක වේදනා පවා නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා අයියෝ සරසවියේ අයියෝ සරසවියේ කියන දෙයක් ඔළුවට ගන්නට බැරිය තාත්තා ලෙඩ ඇඳේ මහපොළ තව නැතිය අයියෝ අම්මේ අයියෝ අනෙ මට බැරිය ආලය සිඟමනකි නොසිඟන අය හිඟන ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන ආලය මරණයකි නොමැරෙන අය මැරෙන කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන ප්‍රේමය සාගරයක් වගෙයි ගැඹුරුයි රුදුරුයි චංචලයි පියකරැයි විඩාවට ප්රෝයජන නැත ලුණු රස වැඩියි සඳුන් ගැටක් මා අතනම් නෑ රුඳුනේ පියුම් හතක් පා යට නම් නෑ පිපුනේ මුඩුක්කුවේ සල් ගස නම් නෑ වැඩුනේ සිද්ධාර්ථ නම පමණයි මට තිබුනේ සරසවි බිමේ සත් වසරක් ගත කෙරුව මගෙ ලොකු දුවේ ඇයි අද මට බැරුව කුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරැව අත් දෙක වන වනා ආවේ කිම දරුව බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට ගල් වුන වඩේ විතරක් තිබුණි කෑමට කූල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට තූ නොදකින් සිතුනි විඳිනා දුකට ගණදුර කැටිවුන හදවත් කුටියේ බලා හිඳින්නෙමි තනිය දරා ගණදුර දුරලන සඳරැල්ලක් වී මගේ ලොවට ඔබ වඩින තුරා ශිල්ප කබලෙන් ලිපට වැටුණි ඇය මගෙන් වෙන්වූ දිනේ කුසගින්න කුසගින්න කාට කියන්නද එවූ මුදල ඉවරයි අම්මේ අම්මේ එස් එස් සී විනාෂය සම්මානෝ අති දුර්ලභා රැකියා විරහිතං දුක්ඛං බී ඒ ඩිග්රි මහා භයං සරා සඳ සොඳුරු රුව පැටළුනු රීඩ් මාවතේ ගියා දිනක් මට මතකයි ඈත අතීතේ කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ ගැල්කරුගේ පනාව දැක මට මට හිනා යතේ මා වැනි ප්‍රෙෂාලා තෙල දී ලගට කැන්දා මුරැංගා අත්තේ තියා කඩේ යැව් උන් දැන් කොයින්දා ගමේ හොල්මන් නුදුටු මේ මං මෙහේ හෝල්මං දැකල හොල්මං කැළණිය සරසවිය දේශන මොටද මතකයෙ රඳවන්න බැරි සටහන් මොටද කියවා නිමවන්න බැරි බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි ඩිග්‍රිය මොටද රැකියාවක් ගන්න බැරි පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා මලකඩ වතුර නේරංජා ගඟ වේවා බෝංචි මුදලාලි අජරාමර වේවා අනේ සුසානෝ ඉස්සර වාසිටියේ මේසෙට කෑම ඇරලලු දීලා හිටියේ අළුතින් හිලක් ඉනවට පටියේ ඉඩ තද කර ගනින් හොඳ හැටි කිටි කිටියේ භීෂණය ලගම ඇත දේශනය ඉවර නැත භාෂණය කවර සෙත සාසනය සාසනය ලෙක්චර්ස් යනවා හොස්ටල් යනවා බෙල් එක වැදුනම නිදි මත යනවා පහලට එනවා බතා තලනවා බතාගේ පරිප්පුව කව්පිය වෙනවා කව්පි ජලාශේ අපි පීනනවා වේළුණු පානා දියේ ගිලෙනවා බතා උඹත් මතු නිවන් දකිනවා පෙර කලේ කරපු අකුසල් වල අපල මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා එමු රාලේ ගොසින් පේපර් එක ලියලා රුහුණු සරසවිය ආවේ ගෙදර සිට ඩිග්‍රිය අරගන්න කෑවේ පාන් අප හට නැත බත් කන්න කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න කවුරුද කැමති මට බත් අම්මා වෙන්න ඇඳුරු දිසාපාමොක් ආගිය අතක් නැත සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත දින නියමයක් නැතිව සරසවි වැසී ඇත ධනපති පංතියෙන් පැන පැන අරගත්තු කළා පීඨ අධිපති ඩී. අතපත්තු තම නිල බලය ගිනි අවියක් කර ගත්තු නොමරා මරනවා සරසවි දූ පුත්තු මී හරකුන් ලැගිය මේ බිම සුද්ධ කොට හෙට මිනිසුන් ලෙසින් ඉන්නට සිසුන් හට කලයුතු මෙහෙය ඉටු කොට දිවි පුදන්නට සතුටකි උපාධිය මට හිමි නොවුනාට සුදු වළා කැටිව ගත් අඳුරු අහස් කුස යට සිහිල් මද පවන් මැදින් දුවයි සිත ඈ වෙතට සතුට සැනසුම සුහඳතාවය නොමැත සැම විට මෙලොව අප සතු කඳුළු අතරින් සිනාසෙන්නට නොහැක එනමුත් එයයි කළයුතු ආදරය තුළ ඇතිමුත් බොහෝ අරුතක් සැඟව ඇතිමුත් ලොවට නොදැනෙන ජීවිතේ නව මං පෙතක හිඳ ආදරේ හට නොකරං දෙවැනි තැන සුවඳ විහිද මල් පුබුදින වෙලාවට පවන් පොදින් නව සුවඳක් උනේ මට සිනා කවට සපිරුණු පිරි සැඳැවක දෙනෝ දහක් මදිකම දැනේ මට ජීවිතයේ එක්වරක් එකම එක වතාවක් මුදු දෙතොල් විවර කොට මිමිණුවොත් ආදරෙන් වැළඳගෙන ආදරෙන් ඒ මොහොත පටන් යළි ලබන්නෙමි ජීවිතය සෙනහස දුකක් අපමණ බරක් අදමෙන් හෙටත් මේ දුක දුකක් ඔහු හෝ ඇය ලංවෙයි හදකට සෙනහසින් එහෙත් වෙන්කර දමා යනු එපා ඔහු හෝ ඇය කුරිරු විලසින් තබන තබන වෙඩි ආපිට හැරීයන් මරණ මරණ මිනියට පණ ලැබීයන් ගහන ගහන ගැටවල් ටික ලිහීයන් සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන් දවසක් එක සැඳැවක අපි දෙන්නා මෙහි තනිවී ජීවිතය තේරුම් ගැනීමට අසීරුව බලා සිටියා උනුන් දිහා කැන්ටිමේ පල් වෙච්ච හොද්ද ගා පාං කා ශිල්ප කළත් හත් අවුරැද්දක් බඩ පනුවොත් නිදැල්ලේ ෆුට්බෝල් කෙළිනවා පේරාදෙණිය සරසවිය ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය මෙය කිවු එකාගේ කට කෑවත් මදිය ඉක්මන් වුනු එකා ළග බඩු හත අටය ඉවසන් හිටපු මම තවමත් තනිකඩය නිශ්ඵල වැඩක සිව් වසරක් නිරත වෙලා ආපසු යනවා අපි ගම් රටවල් සොයලා බැහැ අඳුනන්න ගම නගරය වෙනස් වෙලා අරමුණු නොමැති ගමනක අපි නිරත වෙලා සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපෑ වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළඳ දෙපා වීරයො මිසක නිකමුන් බිහිකරනු එපා නරියා හූ කියයි ඩිග්‍රිය උෳට නැත එළුවට රැවුල ඇත වාසිටි ආවේ නැත මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත සහතික මිසක ඩිග්‍රිය නම් වැඩක් නැත නොහඩන් සරසවිය සලමින් කදුළු කැට වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට විරැකියාව අවසන් කොට දැමෙයි හෙට රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට අසාධාරණයෙහි අඳුර බිඳින්නට හිරු පායන තුරු හිටියා ඇති බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කෙරුව යුතු ගුණයේ ගුණය අගුණය අගුණය ගුණය ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය මට දුක නුඹට ඒ පින නැති එක ගැනය සටන් අතරේ නෙත් සිර වෙනවා හදවත මගේ ඔබ වෙත එනවා මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම දෙදෙනා දෙතනක සුසුම් හෙලනවා ලස්සන නැති කෙල්ලක් ආවයි වාසිටියේ ලස්සන නැති නමුත් සීදේවිය වාසිටියේ ගියෙමි පස්සෙන් සිත ගන්නට බැරියේ මම පමණයි කෙල්ලෙක් නැති කොල්ලා වාසිටියේ පෙම් කරනා හැටි මා හට කියා දුන්නේ ඔබයි සොඳුර එසේ නමුත් ඔබ තවමත් කියා දුන්නේ නැහැ නොවේද ඉන් ගැලවෙන අන්දම ගැන ලවර්ස් ලේන් එකෙ සුදු මල් පිපිදේවා වෙනදා වගේ සවසට වැසි නොවැටේවා මගේ කාමරය ඝණ අඳුරින් නොවැසේවා ප්රවීනතා පරතිඵල පිට නොවේවා සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට දුන්නා බුට් එක ගලවා මගෙ අතට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට ගත්තෙ මි වීරයා සේ එය මගෙ අතට ජීවිතය ... ගෙවී යනුයේ පොත් පිටු අතරේය... කැත්තයි උදැල්ලයි උරැම වූ අප හට... පොතයි පෑනයි හුරැ වී ඇති ඵලය කුමකටද සිරිපාලගේ දේශනාව අපට හරිම වේදනාව කිමද ඊට කාරණාව මාජි ගැනැයි කල්පනාව විදුලි එළියයි පවුඩු පැහැයෙන් රැයේ සිත නෙත පෙළන්නේ පාට බොඳවුණු අකුරැ මතු වී දුක කියා ගෙන ඉකි බිඳින්නේ ඈත පැල තුල කුප්පි එළියෙන් අකුරැ කරගන්නා ළමුන්නේ විසල් ලෝකෙක අතරමංව මට එන්න පාරක් කියන්නේ සුදෝ සුදු ඔබේ කළුවන් කොන්ඩේ සුදෝ සුදෝ සුදු ඔබේ නිල්වන් දෙනෙත් සුදෝ සුදෝ සුදු ඔබේ පියකරු මුහුණ සුදෝ සුදෝ සුදු ඔබේ මුළු ඇගම කළුයි සුදෝ පානුයි පරිප්පුයි දවසක බුදු වේවා ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා වැදුනත් හිසට හෙන දත්ටික ඇතොත් නිසි තැන නොතකා හෙනය ගැන සිනා සෙන් උඩ පැන පැන Last edited: Apr 11, 2013
වයඹ සරසවිය මල ගෙදර ආවේ නුඹව ගොඩ දා ගන්න හරකෙක් වගේ වැඩ කෙරුවේ ලකුණු ගන්නට කොහේ වත් හිටි එකෙක් නුඹව ගොඩ දැම්මට ගෙවන්න වෙයි කුලියක් මම කල වැඩ වලට කමිසය මගේ කලිසම වෙන කාගේය බැනියම මගේ යට ඇඳුමත් ගමනේය පසුදා හිඟයි ධනපති මහපොළ දාය කෙල්ලෙක් නෑනේ මම තාමත් තනිකඩය දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ යනවද මචං පීනස් තෙල් වෙළදාමේ අද බැරි වුනත් මු ලැබ ගමි නුඹ පෙරේමේ එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ අහෝ කොස්ස අතුගා දමනු ඔය කතුර පිරිසිඳු කරව ඔය සිත ::කොස්ස - පෙම්වතා::කතුර-පෙම්වතිය:: ලෙක්චර්ස් ආවේ මම අරගන්නට දැනුම කෙලෙසද තබා ගන්නේ එක තැන මනස උස් අඩි සපත්තුත් පලඳාගෙන සොඳින මිස්ගේ රැවට බිඳවයි මගෙ හද දැහැන පියමන් කෙරුවෙමු පොල් වතු මැද්දෙන් පෙම් බස් දෙඩුවෙමු කැන්ටිම මුල්ලේ පිකටින් කෙරුවෙමු ගුටි කෙල ගත්තෙමු දෙපා වාරු නැත ඩිග්‍රිය ගන්නට ජ'පුර සරසවිය මම වගෙ ඔහුත් මේ කාමරෙ ඉන්න ඇති නිදි කිර කිරා රෑ කෑමත් දමන්නැති කෑමට කියා ඔහු අඩුවක් ගහන්නැති වැඩක් නැතුව ඔහු තාමත් ගෙදර ඇති කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ කමිසය ගියා කලුතර සපත්තු රත්නපුරේ ඔරලෝසුව ගියා නුවර බෑගය අම්පාරේ මේවා එකට කවදා හමුවේද ජ'පුරේ සටහන් මිටිය සමනළ කඳු වැටිය වැනි නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනි දාඩිය මුඟුරැ සාගරයේ ජලය වැනි ඇනුනොත් විභාගය අපි බලු පැටැව් වැනි ටයරය ගිනි දළුව යෞවන සිරුර මැඩ දුටුවෙමු දකින්නට බුරමින් නැගෙන හඩ අවනීතියට එරෙහිව උන් නඟන හඩ යලි යලි ඇසෙයි ලිනි දළුවල සිරස මැඩ මින් මතු අප හමුවේද ආයේ කස ගස් සෙවනෙද් ආදරයෙන් හීන් සැරේ ඔබ සිතටම එනවා දයාඹරයි මා එදා වගේ ගන්නා මුත් පෑන අත දැඩි කර චිත්තයේ කුරුටු ගෑමට සිතා නිසදැසක් බිත්තියේ නැත කිසිම අදහසක් ඇතිවන්නේ චිත්තයේ පෑන විසිකර තලමි මදුරුවන් බිත්තියේ දහවල් කලට ඇඳිරිඳු වාසනාවන් සැන්දෑ කලට කෙල්ලන්ගේ පනාවන් රෑ තුන්යම මඳුරුගේ ගායනාවන් එලිවන පැයට නිදි දෙව්දුව වාසනාවන් නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා ඇලක දොලක ගංගාවක ගැඹුරු දියේ යම් දිනයක මා සතු සිරුර තියේ ඒ රුදු ජල තරලයට මා නොවෙයි බියේ ඒ රුදු ගැහැණියට සැඟ ව සිටිමි බියේ සිප් සතර දැන උගෙන මගේ ලොවට ඔබ රැගෙන හදවතේ ගිනි නිවන ඒ සොඳුරු දින කොතැන සිව් විසි පැයෙහිම සිහිවෙනවා ඔබගෙ වත කය මෙහි උනත් ඇත ඔබෙ ලඟ මගේ හිත දෛවය මඟින් ගිලිහුනොතින් ඔබේ වත එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත සරසවියේ අසරණ වී සිටින විට ඔබ හමුවූයේ දිය බිඳුවක් විලස මට පැමිණිය නමුදු සිව් වසරක් කෙළවරට යම්දෝ කෙසේ ඔබ හැරදා මම ගමට --පැනය මල් මල් කීවාට හැම මල් සුවඳ නැත සමන් පිච්ච මල මුදුනේ රේණු නැත පිටතට තිබෙන හිතවත් කම් ඇතුලෙ නැත ආදිම මිනිසාවත් මෙතරම් දරැණු නැත --පිළිතුර එසේ වුවත් සුවැඳැති මල් එමට ඇත රේණු නැතත් මල පුරාම සුවඳ ඇත ඇතුලේ තිබෙන දෙය පිටතට පෙනෙනු නැත එදා තරම් අද මිනිසා දරුණු නැත පහන් කණුව මම දැවී ගිය විදුලි බුබුල ඇය --පැනය වසර හතරක් නොයෙක් දුක් විඳ ඇතැත් කාලය නිම වෙලා ගමට යන්නට හිතක් නෑ මට තට්ටය ද හොඳටම පෑදිලා --පිළිතුර තට්ට හිස ගැන කුමට කම්පා පිරුණු මොලයක් තිබේනම් මොලය යොදවා සිතා සැනසෙනු ගමට ගොස් සතුටින් ලොලේ විවෘත සරසවිය ඉරුණු වැරහැලි ගතේ එල්ලා කුසේ ඇති ගිනි හිතේ අවුලා එරෙහි වුනු මුලු ලොවම හොල්ලා නුඹට හිමි උරුමයන් ඉල්ලා අකුරු සිරකර පවුරු බිඳලා අලුත් ගමනක් අරඹපල්ලා නිරුදකේ මිරිගුවෙන් එපා සිත දොවන්නට වාලුකා තීරයෙන් එහා ඇති කෙම් බිම් කඩට දිරිය ගන් අදිටනින් ලොවේ පා තබන්නට O/L උස කඩුල්ලකි A/L ගල් තාප්පෙකි ඒ තාප්පේ පුංචි සිදුරකි එතැන open university ඇති එසයිමන්ටේන පාපකම්මෝ - කැටෝරිං මල පජ්ජනා ෆයිනලං අති භයංකාරං - යංතං යන්තං ඉලිජිබලං වස්ස වස්සං සබ්ජෙක්ටං - මහාමේරුං පර්වතං වයිව වයිවං රිපීටේන - ඩිග්රියානං ස්වප්නයං -- නහය වසාගෙන ඕපනයට ආමි මෙහි ඇති සොඳුරු නන්නත්තාරය දුටිමි පොත් ඇත ටියුට් ඇත මං ලොකු තරු දුටිමි සබ්මිට් ඩේට් දිගු වේවා සුභ පතමි ඕපන් පාරේ මේ කුණු ගොඩ දුටුවාම මම සිහි කරමි පුර පතිගේ අම්මාම මේ කුණු පිලිවෙලට ගෙන ගොස් දැම්මාම පහනක් තියමි ඔහු සිහිකර හැමදාම ආතල් ගන්න කැම්පසයට එනවාද සබ්ජෙට් ඉලිජිබල් වේ දැයි සිතනවද කාලය කමින් ලයිබරියෙත් හිටියාද ෆයිනල් ලියන්නට ඔබ නාවේ මන්ද වැහි දිනයටත් ඕපනයට නොඑන නිසා ඉලිජිබලුත් පා වීලා දුරට ගියා ෆයිනල් ලියනවා හීනෙන් මං දුටුවා ඩබල් ගෙවා මේ පාරත් මං ආවා හොඩියෙ පටන් දහතුන තෙක් කට පාඩම් ටියුෂන් ගිහින් නිදි වැරුවෙමි හොඳ පාඩම් පොත් කියවා ලියනා විට මෙහි පැවරුම් සිහිවෙයි මෙමට ලොව දෙවියන් හතර වරම් සබ්ජෙට් විසි පහක් මං එකවිට ගත්තා පොත් නොකියවා ආතල් එක රැක ගත්තා පැවරුම් ප්‍රැක්ටිකල් මං ඇස් වහ ගත්තා ඇඩ්ඩොප් දිනෙන් යම්තම් පණ රැක ගත්තා එක දිනකටත් ඕපනයට නොඑන එකා කොපි ගහලා ටියුට් ලියන පුදුම යකා වයිවා දෙද්දි වෙව්ලුම් කයි නොකර කථා ඌටත් වැඩිය මට ලකුණක් දෙයිද ලෙචා කඩ්ඩත් හැකිවේවී පොත් කියවමු තදට පැවරුම් හදමු නොනිදා රෑ ගෙන සිතට මේකෙන් ගොඩ යන්න හිතලා එකම විට එක් වී වැඩ කරමු සිත වෙත ගමු හොඳට මොරටුව සරසවිය නොගෙන යමි කිසිවක් ඔබෙන් සරසවි මෑණියනි ලබාගත් සියලු දෑ වසර හතරක් මුලුල්ලේ ලියා කොල වල ජිම් එකේ ආවේ ද හිස් අතිනි යන්නේ ද හිස් අතිනි ... රුහුණෙ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා කොළඹ එවුන් පොෂ් බඩු දා ගත්තා පේරෙ එවුන් ලව් එක ගැන සිත බැන්දා මොරටුවෙ අපි කලේ මොන කරුමෙද මන්දා කොළඹ සරසවිය කඳුලැල් සලා මමත් වැලපෙමි ආදරය නිසා ඔබ දන්නේ නෑ සෙනෙහස කඳුලක වේදනා පවා නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා අයියෝ සරසවියේ අයියෝ සරසවියේ කියන දෙයක් ඔළුවට ගන්නට බැරිය තාත්තා ලෙඩ ඇඳේ මහපොළ තව නැතිය අයියෝ අම්මේ අයියෝ අනෙ මට බැරිය ආලය සිඟමනකි නොසිඟන අය හිඟන ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන ආලය මරණයකි නොමැරෙන අය මැරෙන කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන ප්‍රේමය සාගරයක් වගෙයි ගැඹුරුයි රුදුරුයි චංචලයි පියකරැයි විඩාවට ප්රෝයජන නැත ලුණු රස වැඩියි සඳුන් ගැටක් මා අතනම් නෑ රුඳුනේ පියුම් හතක් පා යට නම් නෑ පිපුනේ මුඩුක්කුවේ සල් ගස නම් නෑ වැඩුනේ සිද්ධාර්ථ නම පමණයි මට තිබුනේ සරසවි බිමේ සත් වසරක් ගත කෙරුව මගෙ ලොකු දුවේ ඇයි අද මට බැරුව කුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරැව අත් දෙක වන වනා ආවේ කිම දරුව බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට ගල් වුන වඩේ විතරක් තිබුණි කෑමට කූල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට තූ නොදකින් සිතුනි විඳිනා දුකට ගණදුර කැටිවුන හදවත් කුටියේ බලා හිඳින්නෙමි තනිය දරා ගණදුර දුරලන සඳරැල්ලක් වී මගේ ලොවට ඔබ වඩින තුරා ශිල්ප කබලෙන් ලිපට වැටුණි ඇය මගෙන් වෙන්වූ දිනේ කුසගින්න කුසගින්න කාට කියන්නද එවූ මුදල ඉවරයි අම්මේ අම්මේ එස් එස් සී විනාෂය සම්මානෝ අති දුර්ලභා රැකියා විරහිතං දුක්ඛං බී ඒ ඩිග්රි මහා භයං සරා සඳ සොඳුරු රුව පැටළුනු රීඩ් මාවතේ ගියා දිනක් මට මතකයි ඈත අතීතේ කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ ගැල්කරුගේ පනාව දැක මට මට හිනා යතේ මා වැනි ප්‍රෙෂාලා තෙල දී ලගට කැන්දා මුරැංගා අත්තේ තියා කඩේ යැව් උන් දැන් කොයින්දා ගමේ හොල්මන් නුදුටු මේ මං මෙහේ හෝල්මං දැකල හොල්මං කැළණිය සරසවිය දේශන මොටද මතකයෙ රඳවන්න බැරි සටහන් මොටද කියවා නිමවන්න බැරි බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි ඩිග්‍රිය මොටද රැකියාවක් ගන්න බැරි පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා මලකඩ වතුර නේරංජා ගඟ වේවා බෝංචි මුදලාලි අජරාමර වේවා අනේ සුසානෝ ඉස්සර වාසිටියේ මේසෙට කෑම ඇරලලු දීලා හිටියේ අළුතින් හිලක් ඉනවට පටියේ ඉඩ තද කර ගනින් හොඳ හැටි කිටි කිටියේ භීෂණය ලගම ඇත දේශනය ඉවර නැත භාෂණය කවර සෙත සාසනය සාසනය ලෙක්චර්ස් යනවා හොස්ටල් යනවා බෙල් එක වැදුනම නිදි මත යනවා පහලට එනවා බතා තලනවා බතාගේ පරිප්පුව කව්පිය වෙනවා කව්පි ජලාශේ අපි පීනනවා වේළුණු පානා දියේ ගිලෙනවා බතා උඹත් මතු නිවන් දකිනවා පෙර කලේ කරපු අකුසල් වල අපල මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා එමු රාලේ ගොසින් පේපර් එක ලියලා රුහුණු සරසවිය ආවේ ගෙදර සිට ඩිග්‍රිය අරගන්න කෑවේ පාන් අප හට නැත බත් කන්න කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න කවුරුද කැමති මට බත් අම්මා වෙන්න ඇඳුරු දිසාපාමොක් ආගිය අතක් නැත සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත දින නියමයක් නැතිව සරසවි වැසී ඇත ධනපති පංතියෙන් පැන පැන අරගත්තු කළා පීඨ අධිපති ඩී. අතපත්තු තම නිල බලය ගිනි අවියක් කර ගත්තු නොමරා මරනවා සරසවි දූ පුත්තු මී හරකුන් ලැගිය මේ බිම සුද්ධ කොට හෙට මිනිසුන් ලෙසින් ඉන්නට සිසුන් හට කලයුතු මෙහෙය ඉටු කොට දිවි පුදන්නට සතුටකි උපාධිය මට හිමි නොවුනාට සුදු වළා කැටිව ගත් අඳුරු අහස් කුස යට සිහිල් මද පවන් මැදින් දුවයි සිත ඈ වෙතට සතුට සැනසුම සුහඳතාවය නොමැත සැම විට මෙලොව අප සතු කඳුළු අතරින් සිනාසෙන්නට නොහැක එනමුත් එයයි කළයුතු ආදරය තුළ ඇතිමුත් බොහෝ අරුතක් සැඟව ඇතිමුත් ලොවට නොදැනෙන ජීවිතේ නව මං පෙතක හිඳ ආදරේ හට නොකරං දෙවැනි තැන සුවඳ විහිද මල් පුබුදින වෙලාවට පවන් පොදින් නව සුවඳක් උනේ මට සිනා කවට සපිරුණු පිරි සැඳැවක දෙනෝ දහක් මදිකම දැනේ මට ජීවිතයේ එක්වරක් එකම එක වතාවක් මුදු දෙතොල් විවර කොට මිමිණුවොත් ආදරෙන් වැළඳගෙන ආදරෙන් ඒ මොහොත පටන් යළි ලබන්නෙමි ජීවිතය සෙනහස දුකක් අපමණ බරක් අදමෙන් හෙටත් මේ දුක දුකක් ඔහු හෝ ඇය ලංවෙයි හදකට සෙනහසින් එහෙත් වෙන්කර දමා යනු එපා ඔහු හෝ ඇය කුරිරු විලසින් තබන තබන වෙඩි ආපිට හැරීයන් මරණ මරණ මිනියට පණ ලැබීයන් ගහන ගහන ගැටවල් ටික ලිහීයන් සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන් දවසක් එක සැඳැවක අපි දෙන්නා මෙහි තනිවී ජීවිතය තේරුම් ගැනීමට අසීරුව බලා සිටියා උනුන් දිහා කැන්ටිමේ පල් වෙච්ච හොද්ද ගා පාං කා ශිල්ප කළත් හත් අවුරැද්දක් බඩ පනුවොත් නිදැල්ලේ ෆුට්බෝල් කෙළිනවා පේරාදෙණිය සරසවිය ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය මෙය කිවු එකාගේ කට කෑවත් මදිය ඉක්මන් වුනු එකා ළග බඩු හත අටය ඉවසන් හිටපු මම තවමත් තනිකඩය නිශ්ඵල වැඩක සිව් වසරක් නිරත වෙලා ආපසු යනවා අපි ගම් රටවල් සොයලා බැහැ අඳුනන්න ගම නගරය වෙනස් වෙලා අරමුණු නොමැති ගමනක අපි නිරත වෙලා සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපෑ වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළඳ දෙපා වීරයො මිසක නිකමුන් බිහිකරනු එපා නරියා හූ කියයි ඩිග්‍රිය උෳට නැත එළුවට රැවුල ඇත වාසිටි ආවේ නැත මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත සහතික මිසක ඩිග්‍රිය නම් වැඩක් නැත නොහඩන් සරසවිය සලමින් කදුළු කැට වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට විරැකියාව අවසන් කොට දැමෙයි හෙට රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට අසාධාරණයෙහි අඳුර බිඳින්නට හිරු පායන තුරු හිටියා ඇති බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කෙරුව යුතු ගුණයේ ගුණය අගුණය අගුණය ගුණය ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය මට දුක නුඹට ඒ පින නැති එක ගැනය සටන් අතරේ නෙත් සිර වෙනවා හදවත මගේ ඔබ වෙත එනවා මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම දෙදෙනා දෙතනක සුසුම් හෙලනවා ලස්සන නැති කෙල්ලක් ආවයි වාසිටියේ ලස්සන නැති නමුත් සීදේවිය වාසිටියේ ගියෙමි පස්සෙන් සිත ගන්නට බැරියේ මම පමණයි කෙල්ලෙක් නැති කොල්ලා වාසිටියේ පෙම් කරනා හැටි මා හට කියා දුන්නේ ඔබයි සොඳුර එසේ නමුත් ඔබ තවමත් කියා දුන්නේ නැහැ නොවේද ඉන් ගැලවෙන අන්දම ගැන ලවර්ස් ලේන් එකෙ සුදු මල් පිපිදේවා වෙනදා වගේ සවසට වැසි නොවැටේවා මගේ කාමරය ඝණ අඳුරින් නොවැසේවා ප්රවීනතා පරතිඵල පිට නොවේවා සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට දුන්නා බුට් එක ගලවා මගෙ අතට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට ගත්තෙ මි වීරයා සේ එය මගෙ අතට ජීවිතය ... ගෙවී යනුයේ පොත් පිටු අතරේය... කැත්තයි උදැල්ලයි උරැම වූ අප හට... පොතයි පෑනයි හුරැ වී ඇති ඵලය කුමකටද සිරිපාලගේ දේශනාව අපට හරිම වේදනාව කිමද ඊට කාරණාව මාජි ගැනැයි කල්පනාව විදුලි එළියයි පවුඩු පැහැයෙන් රැයේ සිත නෙත පෙළන්නේ පාට බොඳවුණු අකුරැ මතු වී දුක කියා ගෙන ඉකි බිඳින්නේ ඈත පැල තුල කුප්පි එළියෙන් අකුරැ කරගන්නා ළමුන්නේ විසල් ලෝකෙක අතරමංව මට එන්න පාරක් කියන්නේ සුදෝ සුදු ඔබේ කළුවන් කොන්ඩේ සුදෝ සුදෝ සුදු ඔබේ නිල්වන් දෙනෙත් සුදෝ සුදෝ සුදු ඔබේ පියකරු මුහුණ සුදෝ සුදෝ සුදු ඔබේ මුළු ඇගම කළුයි සුදෝ පානුයි පරිප්පුයි දවසක බුදු වේවා ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා වැදුනත් හිසට හෙන දත්ටික ඇතොත් නිසි තැන නොතකා හෙනය ගැන සිනා සෙන් උඩ පැන පැන