ඩිජිටල් කැමරා

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ‘මෙගා ස්ටාර්’ වැඩසටහන පහුගිය දවස් වල සෑහෙන කතාබහකට ලක් වුණානේ. සංචාරකයා මේ ලියන්න යන්නේ ඒ ‘මෙගා’ ගැන නම් නෙවේ. මේ ඇවිල්ලා ඩිජිටල් කැමරාවක මෙගාපික්සල් අගය ගැන පොඩි සටහනක්.

    කව්රු හරි අළුත් ඩිජිටල් කමරාවක් ගත්තොත් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි “මෙගාපික්සල් කීයද” කියන එක. අළුතින් කැමරා ගන්න බොහොමයක් දෙනා වැඩි මෙගාපික්සල් ගණනක් සහිත කැමරා ගන්න බලනවා. අනික් අතට කැමරා නිෂ්පාදකයින් බොහෝ විට මෙගාපික්සල් ගණන වැඩියෙන් මාකට් කරනවා. හැබයි ඇත්තටම අපිට මෙගාපික්සල් කීයක් ඕනෙද ඩිජිටල් Point and Shoot කැමරාවක?

    මුලින්ම, කැමරාවක මෙගාපික්සල් අගය කියන්නේ කැමරාවේ සංවේදකයේ තියෙන පික්සල් ගණන මෙගා විදියට [ඒ කියන්නේ 106න් බෙදලා] ලිව්වාම එන අගයට. මතක ඇතිනේ කලින් ලිපියක D-SLR කැමරාවල සංවේදකය ගැන සංචාරකයා ලිපියක් ලිව්වා. එහි සඳහන් සංවේදකයේ සැකැස්මට අදාළ කරුණු ඩිජිටල් Point and Shoot කැමරාවලටත් අදාළයි. උදාහරණයක් විදියට උපරිම resolution එක 4000 x 3000 වන ඩිජිටල් කැමරාවක මෙගාපික්සල් ගණන වෙන්නේ 12යි.

    (4000 x 3000)/10^6 = 12MP

    ඩිජිටල් කැමරාවලින් ගන්න ඡායාරූපවලට කට්ටිය මොකද කරන්නේ?

    බොහොමයක් දෙනා කරන්නේ ඡායාරූප අන්තර්ජාලයේ facebook වගේ තැන්වල පළ කරන එක. තවත් සමහරු පෝස්ට් කාඩ් ප්‍රමාණයට [4"x6"] ප්‍රමාණයට මුද්‍රණය කරලා ඇල්බම් හදනවා. කිහිප දෙනෙක් තමයි පෝස්ට් කාඩ් ප්‍රමාණයෙන් එහාට මුද්‍රණය කරන්නේ. [ සංචාරකයා මේ කියන්නේ ඡායාරූපකරණය වෘත්තියක් වශයෙන් කරන අයවත් ඡායාරූපකරණය විනෝදාංශයක් වශයෙන් බැහැලා කරන අයවත් ගැන නෙවේ].

    දැන් බලමු ඔය එක එක අවස්ථාවට කොච්චර මෙගාපික්සල් ඕනෙද කියලා. තිරයේ resolution එක 1280 x 800 වන laptop එකක් හිතමු. එතකොට මෙහි full screen අවස්ථාවෙදි පික්සල් වෙනම නොපෙනෙන්න ඡායාරූපයක් බලන්න අවශ්‍ය වන මෙගා පික්සල් ගණන වන්නේ

    (1200 x 800)/10^6 ≈ 1MP

    අන්තර්ජාලයට දාන ඡායාරූප full screen විදියට බලන අවස්ථාත් අඩුයි. එහෙම හිතුවාම අන්තර්ජාලයට අවශ්‍ය වන අවම resolution එක 640 x 480 වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ වැඩේට 1 MP කැමරාවක්වත් අවශ්‍ය නෑ කියන එකයි. සාමාන්‍යයෙන් ඡායාරූප මුද්‍රණය කරන්නේ 300 dpi [Dots Per Inch] කියන අගයෙන්. එතකොට පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ඡායාරූපයකට අවශ්‍යවන මෙගා පික්සල් ගණන වන්නේ

    (4 x 300 x 6 x 300)/10^6 ≈ 2.2 MP


    ඒ වැඩේට එතකොට මෙගාපික්සල් 3ක් 4ක් කැමරාවක් හොඳටමම් ඇති. මේ විදියට තමන් මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය අනුව අවශ්‍ය මෙගාපික්සල් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. ප්‍රතිඵල අනුව එදිනෙදා වැඩ වලට මෙගාපික්සල් 4-5න් එහාට ඕනේ වෙන්නෙ නැති තරම්.

    වැඩි මෙගාපික්සල් ගණන්වල කැමරා සාමාන්‍යයෙන් මිල අධිකයි. ඊට අමතරව වැඩි resolution වල ගන්නා ඡායාරූප ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා. තවත් වැදගත් කාරණයක් වන්නේ වැඩි මෙගාපික්සල් ලබා ගන්න නිෂ්පාදකයින් පික්සල් වල ප්‍රමාණය අඩු කිරීම නිසා අඩු ආලෝක තත්ව යටතේ කැමරාවේ ප්‍රතිඵල දුර්වලවීමයි.

    එතකොට මෙගාපික්සල් ඉහළ අගයන් ඕනේ වෙන වෙලාවල් මොනවද? කව්රු හරි ඡායාරූප අන්තර්ජාලයට දාන්න හරි මුද්‍රණය කරන්න හරි විශාල වශයෙන් crop කරනවානම් මේක ප්‍රයෝජනවත් වෙනවා.

    මේ ගැන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ David Pogue කියන මාධ්‍යයවේදියා ප්‍රායෝගික පරීක්ෂණයක් කරලා තියෙනවා. විස්තර පහත යොමුවෙන් ගන්න පුළුවන්.

    http://www.nytimes.com/2007/02/08/technology/08pogue.html

    ඔහු කරන්නේ මෙගාපික්සල් 7, 10 හා 16.7 න් එකම වස්තුව ඡායාරූපයට නඟලා 16” x 24” ප්‍රමාණයට මුද්‍රණය කරලා මහජන ප්‍රදර්ශනයට තබන එකයි. වෙනස අඳුරා ගත් ප්‍රමාණය ඉතාමත් අල්පයි කියලා තමයි කියන්නේ.


    උපුටා ගැනීම: http://sancharakaya.wordpress.com/
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මම මේකට තව දෙයක් එකතු කරන්නම්
    කැමරා එකේදී අංක 1 ට බලපාන්නේ ලෙන්ස් එක
    2 ට බලපාන්නේ ආලෝකය විදුලිය බවට පත් කරන
    CMOS සෙන්සොර් එක ඊට පස්සේ තමයි
    මෙගා පික්සල් බල පාන්නේ ඉතින් මේ දෙක
    වැඩක් නැත්තම් මෙගා පික්සල් 50 ක් උනත්
    වැඩක් නෑ
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    කවදාවත් ඔබ ඩිජිටල් කැමරා මිලදී
    ගැනීමේදී ඔබ නොදන්නා වෙළද නාමයක්
    තියෙන කැමරාවක් මිලදී ගන්න එපා
    ඒක තමයි ඩිජිටල් කැමරාවක් ගැනීමේදී
    ඔබ මුලිකවම කල යුතු දේ
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    ගොඩක් වටිනව මචන්,
    මේ වගේ ත්‍රේඩ් දැන් වැඩිය පේන්න නෑ,
    අපිත් දන්න දෙයක් තිබ්බොත් අනිව අප්ඩේට් කරන්නම්.... :yes::yes:
    rep ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    bans CMOS vs CCD sensor wala advantages/disadvantages monawa de ?

    CCD wala sensor faults enawa wadi de ban ? mama Digicam 2-3 k ma dakka sensor wala awl
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    දෙවැන්න තමයි අපිට ගැලපෙන්නේ මොන වගේ
    කැමරා එකක්ද කියල තොර ගන්න එක

    SLR කාණ්ඩය (Single Replex)
    ක්‍ෂණිකව ඡායාරූප ගත හැකි සංගෘහිත (Point and Shoot Compact)

    මෙහෙදී මුලින්ම තියෙන කැමරා වර්ගය බොහෝ විට පාවිච්චි කරන්නේ
    වුර්තීය චායරුප ශිල්පීන්
    දෙවෙනි වර්ගයට අයත් කැමරා තමයි බොහෝ විට අපි
    එදිනෙද පාවිච්චි කරන්නේ
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    bans CMOS vs CCD sensor wala advantages/disadvantages monawa de ?

    CCD wala sensor faults enawa wadi de ban ? mama Digicam 2-3 k ma dakka sensor wala awl

    මචන් CCD sensor වලට CMOS වඩා ගොඩක් ප්‍රබලයි. ඒ CCD පැනල් එකේ ඉකමනින් ඔක්සයිඩ් බැදෙනවා
    එක ලෙඩ ගොඩකට මුල. CCD පැනල් එකක් රෙපයාර් කරනවාට වඩා ලංකාවේදී
    අලුත් කැමරා එකක් ගන්න එක හොදයි
    :lol::lol::lol::lol:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සංගෘහිත(Compact) කැමරා
    Nicon_coolpix_s210.jpg

    Canon-Powershot_A620.jpg

    Pentax_Optio_S6.jpg