ඩිජිටල් සේවා බදු අය කරන රටවලට ඔවුන්ගේ අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ඊයේ (අගෝ. 26) තර්ජනය කළේ ය.
ඒ අනුව, එවැනි නීති ඉවත් නොකළහොත් දඬුවම් ලැබෙනු ඇතැයි ඇමරිකන් ජනාධිපතිවරයා පැවසීය.
බදු පනවමින් ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වලට පහරදෙන රටවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස නැඟී සිටින බව එම ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ඩිජිටල් බදු, ඩිජිටල් සේවා නීති සහ ඩිජිටල් වෙළෙඳපොළ රෙගුලාසි සියල්ලම ඇමරිකානු තාක්ෂණයට හානි කිරීමට හෝ වෙනස් කොට සැලකීමට නිර්මාණය කර ඇති බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර, ඩිජිටල් සේවා බදු අය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් ය.
source: lankacnews