ඩිල්මා”ගේ පගාවට – සභාපති එලියට ! “ඩිල්මා”ගේ ගෝලයා සභාපති පුටුවට !

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    ඩිල්මා”ගේ පගාවට – සභාපති එලියට ! “ඩිල්මා”ගේ ගෝලයා සභාපති පුටුවට !
    පසුගිය දා තම සභාපති ධූරයෙන් ඉවත් වූ බුද්ධික හේවාවසම් ඒ පිළිබඳ හේතු ලෙස පෙන්වා තිබුණේ “පෞද්ගලික හේතු මත” යනුවෙන් වුවත්, එම සිදුවීම පිටුපස ඇත්තේ සංචාරක ඇමැති විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ හා ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම එක්ව දියත් කළ දූෂිත මෙහෙයුමක් බව දැන් අණාවරණය වී තිබේ.
    බුද්ධික හේවාවසම් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති වූ පසු එම අධිකාරියේ කටයුතු විවෘත හා විනිවිද පෙනෙන අයුරින් සිදුකිරීමට ක්‍රියාකළ බව එම අධිකාරියේ සේවකයෝ පවසා සිටිති. කිසිදු අයකුගෙන් අයථා ප්‍රතිලාභයක් ලබා නොගත් ඔහු පසුගිය පාලන කාලයන් තුළ අධිකාරියට අලාභ සිදු කරමින් කර තිබූ ගනුදෙනු රැසක් නැවත නිරාකරණය කිරීමට පියවර ගෙන තිබේ.
    ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ එම අධිකාරියේ සභාපතිනියව සිටි තිමාලි ෆ්‍රනෑන්ඩු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් වටිනා ඉඩම් අනීතිකව තම සැමියා වන “ඩිල්මා” ආයතනයේ සභාපති මලික් ෆ්‍රනෑන්ඩු වෙත පවරා දී තිබේ. පසුගියදා ඉල්ලා අස් වූ සභාපතිවරයා එම ඉඩම් සියල්ලම යළි පවරාගැනීමට නඩු පැවරීමට කටයුතු කර තිබේ.
    මාබල් බීච් ඉඩම, යාල පිහිටි ඉඩමක්, යාල ඩිල්මා හෝටලය අසල පිහිටි ඉඩමක් නීති විරෝධීව රඳවා තබාගැනීමට එරෙහි නඩුව, පිකෝ ට්‍රේල් හිමිකාරිත්වය බලහත්කාරයෙන් මලික් ෆ්‍රනෑන්ඩු විසින් දැරීම පිළිබඳ නඩුව ඒ අතර වේ.
    එමෙන්ම, වසරකට රු. ලක්ෂ 20 ක් ලබා දී කොළඹ කිංග්ස්බරි හෝටලය පිහිටි ඉඩම ධම්මික පෙරේරාට අයත් හේලීස් සමාගම විසින් භුක්ති විඳීමට එරෙහිව ද බුද්ධික හේවාවසම් කටයුතු කර තිබේ. ඊට අදාළ ගිවිසුම යළි සලකාබැලීම 2025 වසරේ අග භාගයේ දී සිදුකරන ලද විට ඔහු රජයේ තක්සේරුකරුගේ මිල කැඳවා, ඒ මිල ගෙවන ලෙස ධම්මික පෙරේරාට නියෝග කර තිබේ. ඒ අනුව, මිලියන 2 ක් වසරකට ගෙවීම වෙනුවට රු. මි. 300 ට වැඩි මුදලක් ගෙවන ඉරණමට හේලීස් සමාගම ඇද වැටී තිබුණි. නව තක්සේරුව ගෙවන ලෙස දන්වා, එය සම්බන්ධව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට ද කරුණු දැක්වීමට බුද්ධික හේවාවසම් පියවර ගෙන තිබුණි.
    තමන් අනීතිකව අත්පත් කරගෙන ඇති ඉඩම් පිළිබඳ නඩු සහ තම බිරිඳට (තිමාලි ෆ්‍රනෑන්ඩු) අධිකරණ නියෝගයක් කඩ කිරීමට අදාළව පවරා ඇති නඩුව පිළිබඳව කලබලයට පත් වූ මලික් ෆ්‍රනෑන්ඩු ඇමති විජිත හේරත් සහ නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහ වෙත රු. මිලියන 100 බැගින් පගාවක් ලබා දී බුද්ධික හේවාවසම් සභාපති ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන මෙන් එකඟකරගෙන තිබේ. එමෙන්ම, ඉහත කී සියලු නඩු වල නීතිඥයා වශයෙන් උපුල් කුමාරප්පෙරුම යොදාගැනීම හරහා බුද්ධික හේවාවසම්ගේ ක්‍රියාකලාපය පිළිබඳ වැරදි චිත්‍රයක් ඔහු මගින් ජනාධිපතිවරයා තුළ ඇති කිරීමට මලික් ෆ්‍රනෑන්ඩු සමත් වී තිබේ.
    එසේම, ජනාධිපතිවරයාගේ සමීප ව්‍යාපාරික මිතුරකු වූ ධම්මික පෙරේරා ද බුද්ධික සම්බන්ධව තම චෝදනාව ද ඉදිරිපත් කර තිබේ. ඒ, කිංග්ස්බරි ඉඩම වෙනුවෙන් සැලකියයුතු මුදලක් රජයට ගෙවීම වලකාගනු පිණිස ය.
    පසුව ජනාධිපතිවරයා සහ ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරා වූ සංචාරක අමාත්‍ය විජිත හේරත් එක්ව තීරණය කර ඇත්තේ බුද්ධික හේවාවසම්ගේ කිසියම් අකටයුත්තක් සොයාගෙන ඒ මත ඔහුව සභාපති තණතුරෙන් ඉවත් කිරීමට ය.
    ඒ සඳහා අමාත්‍ය විජිත හේරත් කළේ කලින් ග්‍රාමසේවකවරියක් ලෙස ක්‍රියා කළ මල්කාන්ති රාජපක්ෂ නැමැති වෘත්තීමය පළපුරුද්දක් නැති කාන්තාව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීම ය. එමඟින් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරිය අතර ගැටුමක් නිර්මාණය කළ ඇමති විජිත හේරත්, සභාපතිව සිටි බුද්ධික හේවාවසම්ට එම තණතුර අතහැර යන තත්ත්වය නිර්මාණය කළේය.
    මේ අතර, බුද්ධික හේවාවසම් ඉල්ලා අස්වීම නිසා හිස් වූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති තණතුරට පත්කර ඇත්තේ, සුරංජිත් වෑවිට නැමැති අයෙකි. ඔහු ඩිල්මා හිමිකරු මලික් ෆ්‍රනෑන්ඩුට අයත් සංචාරක සේවා සපයන ආයතනයක සේවය කළ අයෙකි. තමන්ගේ ගෝලයකු සභාපති පුටුවේ වාඩිකර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මලික් ෆ්‍රනෑන්ඩුට එරෙහිව පවරන ලද නඩු 5 (තම බිරිඳට අදාළ නඩුව ද ඇතුළත්ව) න් ගැලවීමට ඒ අනුව “ඩිල්මා” හිමිකරු වටපිටාව සකසාගෙන තිබේ.
    සුරංජිත් වෑවිට ගේ පෞද්ගලික දත්ත ඇතුළත් ලේඛනයේ සඳහන්ව ඇති පරිදි ඔහු සංචාරක මඟපෙන්වන්නෙක් ලෙස ද කිරි ගොවියෙක් ලෙස ද මීට පෙර කටයුතු කර තිබේ. ඔහු මධ්‍යම පළාතේ හොඳම කිරි ගොවියා බවට ද පත්ව ඇතැයි එහි දැක්වේ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට සංචාරක මඟපෙන්වන්නකු මෙන්ම කිරි ගොවියකු ද‍ වන පුද්ගලයකු පත්කරන ලද ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.
    “මාලිමා” ආණ්ඩුව දූෂණයෙන් තොර ආණ්ඩුවක් ලෙස සලකා අවංකව ක්‍රියාකළ බුද්ධික හේවාවසම් තම සමීපතමයන්ට පවසන්නේ ඔහු දුටු පට්ට හොරු රකින ආණ්ඩුව මෙය බවය.

    May be an image of one or more people, newsroom and text

    ------ Post added on Aug 22, 2026 at 4:34 AM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,117
    10,695
    113
    මොන ආණ්ඩුව ආවත් ඒ ආණ්ඩු නටන්නේ දම්මික වගේ මාෆියා කාරයොන්ට ඕන විදියට