ඩිල්ෂාන් නායකත්වයට සුදුසුද....
එළකිරි එකේ අපේ කට්ටිය මොකද කියන්නේ, අපේ ක්‍රිකට් ටීම් එකේ නායකයා ඩිල්ෂාන් ගැන. මට නම් නායකයෙකුගෙන් දකින්න ඕනා ගතිගුණ කිසිම දෙයක් ඩිල්ෂාන් ගෙන් දකින්නෑ. ඩිල්ෂාන් හොද ක්‍රීඩකයෙක්. එකේ විවාදයක් නෑ. අති දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් මහත්මා ගති තියෙන, ඉවසීම ගොඩාක් තියෙන, අවශ්‍ය වෙලාවට කථා කරන, වැඩ කරන, අනෙක් ක්‍රීඩකයන්ට ගරු කරන, සලකන කෙනෙක් ඕනා නායකයෙක් වෙන්න. සංගක්කාර ඒ අතින් අපිට අර්ජුනගෙන් පස්සේ බිහිවෙච්ච හොදම නායකයා කියලා තමයි මම දකින්නේ. ඒ නායකත්වය තව වසර 4 ක් විතර තියන්න තිබුණා. එහෙන්ම් අපිට ගන්න බැරි වෙච්ච ජයග්‍රහණ ගොඩාක් ලංකාවට අරගන්න තිබුනා. ඒත් අපේ අවාසනාවකට වගේම රටේ අවාසනාවට අපිට සංගක්කාරගේ නායකත්වය නැති වුනා. මම දකින්නේ දැනට තරුණ වුනත් මැතිවුස් තමයි නායකත්වයට සුදුසුම කෙනා. තව අවුරුදු 4 ක් යන කොට හොද ගානට ඒවී. ඩිල්ෂාන් නායකත්වයට ආවම එයාගේ ඔළුවට වගකීම් ගොඩක් එනවා. ඒ නිසා හරියට පිතිකරුවෙක් විදිහට වත් කණ්ඩායමට ඕන කරන දේ කරන්න බෑ. දැන් බලන්න මේ එංගලන්ත සංචාරයේ එක්දින තරග වල ඩිල්ෂාන්ගෙන් වෙන්න ඕනා දේ නායකයෙක් විදිහට හෝ පිතිකරුවෙක් විදිහට වත් කරනවා කියලා අපි දැක්කද. බලන්න කවුරු මොනා කිව්වත් මැතිවුස් එදා මැච් එකේ වගකීම කරට අරන් අර පොඩි එකාට 100 ගහන්න දීලා මැච් එකත් දිනවපු හැටි. ඒ වෙලාවෙදි ඩිල්ෂාන් හැසිරිච්ච විදිහ හරිද.... ඊයේ මැච් එකේ ලකුණක් ගන්න ගිහින් වැරදුනාම බලන්න සංගක්කාර මැතිවුස්ගෙන් සමාව ගත්ත ලස්සන. වරද සංගක්කාරගේ බව සංගක්කාර දනිනවා. අන්න නියම මහත්වරු.... කණ්ඩමිබිට නම් තව ගොඩාක් තැන් හදාගන්න වෙනවා උප නායකත්වයට කෙසේ වෙතත් ටීම් එකේ ඇතුලට එන්න. මේ මගේ හැගීම.... කටිටිය කියන්න ඔයගොල්ලන්ගේ හැගිම....

Last edited:

eka wenama kathawak but still they made him the captain!)