ඩිලාන්ගේ_මැරයෝ සිරසේ
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ 'සිරස' මාධ්‍යවේදී කපිල චන්දන කුරුප්පුආරච්චි මහතා
පෙරේදා (22 දා) රාත්‍රි දේශපාලන මැර පිරිසක් විසින් හාලිඇලදී සිරස හා ස්වර්ණවාහිනී මාධ්‍යවේදීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීහු ඊයේ (23 දා) දහවල් බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් තේරී පත් වූ ජයන්ත කන්නන්ගර මහතාගේ හාලිඇල පක්ෂ කාර්යාලයේ කටවුට්වලට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් වීඩියෝ කළ මාධ්‍යවේදීන් දෙදෙනකු මෙහිදී පහරකෑමට ලක්ව ඇත.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සිරස මාධ්‍යවේදී කපිල චන්දන කුරුප්පුආරච්චි මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ වීඩියෝ කැමරාවට සහ ස්වර්ණවාහිනී මාධ්‍යවේදී පාලිත ආරියවංශ මහතාගේ වාහනයට මෙහිදී බරපතළ අලාභ හානි සිදුවී ඇත.
හාලිඇල පොලිස් මුරපළ ඉදිරියේදීම මෙම ප්‍රහාරය සිදුව ඇති අතර තමනට පහර දුන්නේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ සහචරයන් බව පහරකෑමෙන් තුවාල ලැබූ කපිල චන්දන මහතා පවසයි.
මෙම පහරදීම හෙළා දකිමින් සිදුකෙරුණු විරෝධතා උද්ඝෝෂණයට ප්‍රදේශයේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වූ අතර විරෝධතා වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු පැයක පමණ කාලයක් මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.
බදුල්ල පොලිසිය මෙම අවස්ථාවට ආරක්ෂාව සපයා තිබිණි.
මෙම ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනාට පක්ෂ භේදයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

divaina