ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv

harsha45

Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv

    ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv
    ඩිෂ් ටීවී (dishtv) ගැන පොඩි විස්තරයක් කරන්න හිතුනේ මේ දවස් වල සෑහෙන පිරිසක් මේක ගැන තොරතුරු හොයන නිසා. ශ්‍රී ලංකාවේ චැනල් 8ක් මෑතක ඉදන් NSS-6 | SES-8 Satellite එකේ 12180 H කියන ට්‍රාන්ස්පොන්ඩර් එකට එකතු කරපු නිසා සෑහෙන පිරිසක් ඩිෂ් ටීවී එකක් ගන්න උනන්දු වෙනවා. හැබැයි එහෙම උනන්දුවක් ඇති වුනාට ඩයලොග් ටීවී එකක් ගන්න තරම් ලේසියෙන් ඉන්දියානු ඩිෂ් එකක් ගන්න බැහැ. මේකට ප්‍රධානතම හේතුව තමයි තාමත් මේ ඉන්දියානු සමාගම (zee entertainment network) ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු නිළ වශයෙන් ආරම්භ නොකර තිබීම.




    තත්වය එසේ වුවත් මෑතකදී කරපු සමීක්ෂණයකට අනුව dishtv, Tata Sky, Reliance, Videocon D2H, Airtel වගේ ඉන්දියානු සමාගම් වලට අයත් Satellite Receivers 300,000ක් විතර ලංකාවේ තියෙනවා කියලයි ආරංචිය. වැල්ලවත්ත මෝදර පැත්තේ රවුමක් ගැහුවොත් ගෙවල්වල තියෙන තෙල් තාච්චි ගාණටම සැටලයිට් ඩිෂ් වහලේ හයි කරලා තියෙනවා බලාගන්න පුළුවන්. මුලින්ම බලමු මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක්ට වැදගත් වන තොරතුරු මොනවද කියලා.

    කෙටියෙන්ම කිවුවොත් ඩිෂ් ටීවී එහෙමත් නැත්නම් Dish to Home (D2H) කියන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවක් (Communication Satellite) උපයෝගී කරගෙන ඩිජිටල් ආකාරයට රූපවාහිණි සේවා විකාශනය කිරීම සහ ග්‍රහණය කරගැනීමයි. අපි සාමාන්‍යයෙන් භාවිතාකරන UHF/VHF ටීවී ඇන්ටනාව සහ බූස්ටර් වෙනුවට මෙහිදී භාවිතාවෙන්නේ තාච්චියක හැඩය ගත් ඩිෂ් එකක් සහ STB (Set Top Box) යනුවෙන් හැදින්වෙන උපකරණයක්.

    C බෑන්ඩ් සහ Ku බෑන්ඩ් වශයෙන් දෙවර්ගයක ඩිෂ් ඇන්ටනා දක්නට ලැබුනත් වර්ථමානයේ බහුලවම දක්නට ලැබෙන්නේ Ku වලට අදාල කුඩා ප්‍රමානයේ ඩිෂ් ඇන්ටනාවන්. සමහරුන්ගේ තියෙන මතයක් තමයි සැටලයිට් ටීවී නරඹන්න නම් අනිවාර්යෙන්ම මාසික ගාස්තුවක් ගෙවිය යුතු බව. නමුත් එය සත්‍යයක් නෙවෙයි, FTA (Free to Air) වශයෙන් හැදින්වෙන චැනල්ස් මාසික ගාස්තුවක් නොගෙවා නැරඹිය හැකියි. නමුත් ප්‍රසිද්ද නාළිකා FTA වශයෙන් විකාශණය නොවන නිසාවෙන් බොහෝවිට වැඩි දෙනෙක් මාසික ගාස්තුවක් ගෙවමින් චන්ද්‍රිකා රූපවාහිණි නැරඹීමට පෙළබෙනවා.



    එසේ නම් අප මදක් විමසා බලමු ආර්ම්භක ගාස්තු සහ මාසික ගාස්තු පිළිබදව. විකාශනය වන චැනලයන්හි රූපමය සහ ශබ්ධමය ගුණාත්මක භාවය (Picture & Sound Quality) අනුව මෙම චැනල් SD (Standard Definition) සහ HD (High Definition) වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. SD Channel වල වුවත් ඩීවීඩී පිටපතකින් ලැබෙන රූපමය සහ ශබ්ධ අත්විදිය හැකියි. සාමාන්‍ය SD (Standard Definition) කනෙක්ෂන් එකක මිළ සියළුම උපකරණ සමග (Dish + STB + Cables & Accessories) රුපියල් 6000/= පමණ වුනත් රුපියල් 9000/=ටත් මේවා අලෙවි වෙනවා. ඒ වගේම තමයි HD (High Definition) කනෙක්ෂන් එකක් උපාංගත් සමග රුපියල් 7500/= පමණ වුනත් රුපියල් 12000/=ටත් මේවා අලෙවි වෙනවා. කනෙක්ෂන් එකක් අලුතින් ගන්න කොට අනිවාර්යෙන්ම මාසයක් නොමිලේ පාවිච්චි කරන්නත් පුලුවන්. ඉන්දියානු රුපියල් එකක් ලංකාවේ රුපියල් 2.75ක් විදියට සලකලා තමයි මාසික ගාස්තුවට අදාල රීලෝඩ් එක නියෝජිතයෙක් හරහා ගෙවද්දී අය වෙන්නේ.

    මේ තියෙන්නේ ඩිෂ් ටීවී හරහා ලැබෙන චැනල් List එක,
    http://www.lyngsat.com/packages/Dish-TV-95E.html

    මේ තියෙන්නේ dishtv පැකේජ් පිලිබද විස්තරයක්, ලින්ක් එකට ගිහින් South India Select කරගන්න. Show All Packs Click කරන්න,
    http://www.dishtv.in/Pages/Packs/DTH-Channels-Packages.aspx

    SD Packages - INR 185, INR 210, INR 240, INR 320, INR 410, INR 499

    INR 185 x 2.75 = 508.75 LKR
    INR 499 x 2.75 = 1372.25 LKR

    dishtv වල Standard Definition අඩුම පැකෙජ් එක ශ්‍රී ලංකා රුපියල් 510/= පමණ සහ උපරිම පැකේජ් එක ශ්‍රී ලංකා රුපියල් 1375/= ක් වගේ අඩු ගානක් වෙන්නේ. ඒ වගේම තමයි අපිට අව්ශ්‍ය අමතර චැනල්ස් වෙනමම ගානක් ගෙවලා ඕනිම පැකේජ් එකකට ඇඩ් කරගන්නත් පුළුවන්. (A-La-Carte) උදාහරණයක් විදියට රුපියල් 510/= පැකේජ් එකට ඕනිනම් තව රුපියල් 210ක් දීලා HBO, Star Movies, AXN, Star World, Fox Crime, Warner Brother, Movies Now වගේ La-Carte චැනල් පැක් එකක් ඇඩ් කර ගන්න පුලුවන්.

    මේ තියෙන්නේ අමතර චැනල්ස් පිළිබද විස්තර,
    http://www.dishtv.in/Pages/Packs/A-la-Carte-Category.aspx

    ඉතාමත් මෑතකදී ඩිෂ්ටීවී ආයතනය ලංකාවේ වෙළද කටයුතු කරගෙන යාමේ අරමුණින් වෙබ් අඩවි 3ක් පවා ආරම්භ කලත් මාස ගණනාවක් ගතවීත් ශ්‍රී ලංකාව තුළ නිළ වශයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ වන බවක් නම් පෙනෙන්නට නැහැ.

    www.dishtv.lk (dishtv Sri lanka web)
    www.dishtvbiz.lk (dish TV Sri Lanka Commercial site)
    www.easy-pay.lk (dish TV Sri lanka payment site)

    ඉතින් මේ විස්තර ටික සදහන් කලේ කාගේවත් වෙළද බාන්ඩයක් promote කිරීමේ අරමුණින් නම් නෙවෙයි. දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් නිකරුනේ අතරමැදියෙක්ට පූජා කරන්නේ නැතිව මේ වාගේ දෙයක සාමන්‍ය වටිනාකම මොකක්ද කියන එක ගැන පණිවිඩයක් දෙන්න තමයි උවමනා වුනේ. කාගේන් ගත්තත් කොච්චර වැඩි ගණන් කිවුවත් කේවල් කරලා බලන්න ඉහලින් සදහන් කරලා තියෙන ගණන් වලට වැඩේ කර ගන්න පුලුවන්!!



    ( http://blog.electronicinside.com/ )
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    thnaks for the info machan.....good thread....
    Dish tv ganna balan indala barima than dialog gaththa masa 3 kata kalin.....:baffled::baffled:
    rep +
     
    ගොඩාක් වැදගත් විස්තර ටිකක් මචන්.. :yes:
    ඉස්සර ඉදන් ඕවා දැකලා තිබුනට ගන්නෙ කොහොමද කියල දැනන් උන්නෙ නෑනෙ ඉතින්. :yes::cool:
    හොද වෙලාවට කොම්පැණි එකටත් මගේ නම (zee entertainment network) තියෙන්නෙ. පොඩි ඩිස්කවුන්ට් එකක්වත් ඉල්ලගන්න බැරියැ..:rofl::P
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    ape gamata local chancels hariyata penne naha .

    per day Tv connection ekak gattoth local channels tika free balanna puluwanda .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,221
    8,982
    113
    Dubai
    මම පාවිච්චි කරන්නේ Dialog මගුල බන්.. DishTV ගැන මගේ යාලුවෙකුත් කිවුවා.. බලමු ඉස්සරහට
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    machan HBO Define , History, Discovery, Animal Planet , NATGEO witarak package ekak hada ganna barida ? (pic by channel )
     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    මගේ බ්ලොග් එකේ අලුත්ම පෝස්ට් එක. ලින්ක් එක දැම්ම එක ගැන සන්තෝෂයි. ඩිෂ් එක align කරන්නේ කොහොමද කියන එක ගැන මීළග පෝස්ට් එකෙන් කියලා දෙන්නම්. විනාඩි 30 වැඩේට සමහර අය රුපියල් 2000ක් ඉල්ලනවා.
     
    Last edited: