Starlink යනු පෘතුවියේ පහල කක්ෂයේ (lower orbit) කක්ෂගත කර ඇති එකිනෙකට සම්බන්ධ වුනු කුඩා චන්ද්‍රිකා ජාලයක්
තේරුම් ගැනීම සරල වෙන්න, මේ විදියට හිතන්න...
Dialog ආයතනයේ සංනිවේදන කුළුණු ලෝකේ වටේට කැරකෙනවා නම්, ඔයා මොන ලෝකේ හිටියත් roaming දාන්නේ නැතුව, ඔයාගේ Dialog connection එක පාවිච්චි කරන්න පුළුවන්. Starlink කියන්නේ අන්න ඒ වගේ වැඩක්.
ඔයා Mobitel connection එකක් international roaming activate කරගෙන ඇමරිකාවට ගියොත්, එහෙදි ඔයාගේ phone එක ඒ රටේ mobile operator කෙනෙක්ගේ network එකට connect වෙනවා. හැබැයි Starlink කියන්නේ ලෝකේ පුරාම විහිදුනු එකම ජාලයක්. එකට roaming වල අවශ්‍යතාවයක් නෑ. (සමහර විට ඔයා වෙන ග්‍රහ ලෝකෙකට ගියොත්, එහෙදි roaming වලට එහෙ network එකකට connect වෙන්න වෙයි.)
එයාල කියන හැටියට Starlink Direct to Cell works with existing LTE phones
දැනට ඔවුන් පවසන අන්දමට, කුඩා චන්ද්‍රිකා 12,000ක්
සරලව කිව්වොත් ලෝකේ ඕනෑම තැනක දැනටමත් Starlink ජාලය තියෙනවා. හැබැයි, ඒ ඒ රටවල සන්නිවේදන නියාමන ආයතන approve කරාට පස්සේ තමයි, ඒ ඒ රටවලට Starlink සේවාව සක්‍රිය වෙන්නේ.
ලංකාවට Starlink ගෙන්න දෙයක් නැහැ. දැනටමත් ලංකාවට උඩින් Starlink signal තියෙනවා. Starlink සමාගමෙන් ලංකාවේ TRC එකට ඉල්ලීමක් කරන්න ඕන "අපිව approve කරන්න" කියලා. TRC එක එතකොට පරීක්ෂණයක් කරන්න ඕන, Starlink frequencies නිසා, ලංකාවේ අනිත් සන්නිවේදන කටයුතු වලට මොන ආකාරයේ තාක්ෂණික බලපෑමක් වෙනවද කියලා. අහිතකර බලපෑමක් නැත්නම්, ඒ අයට approve කරන්න පුළුවන්. ජනාධිපති තුමාට කරන්න පුළුවන් "මේක ටිකක් බලලා, ඉක්මනට කරන්න" කියලා TRC එකට කියන එක විතරයි. නැතුව පාර්ලිමේන්තුවේ නීති සම්මත කරන්න, factory වලට ඉඩම් වෙන් කරන්න, පරිසර අමාත්‍යංශයේ අවසර ගන්න වගේ දේවල් කරන්න ඕන වෙන්නේ නෑ (Walkswagon කම්හල හදන්න නම් ඒවා කරන්න වෙනවා).
නැහැ. මොකද, ඔවුන්ගේ ආයෝජනය ඔවුන් කරලා ඉවරයි. TRC අවසරය ලැබුණු ගමන් ලංකාවේ පස් පාගන්නේ වත් නැතුව, ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි show එකකට උත්සවයක් තියන්න Elon Musk ගෙන්න ගන්න පුළුවන් වෙයි.
ජනාධිපති තුමා Elon Musk ඉන්දුනීසියව්දී හමු වීම සැබෑවක්. ඒ ගැන ජන්නාධිපති මාධ්‍ය අංශය නිකුත් කරපු X පණිවිඩයට, Elon Musk "It was an honor to meet" කියල reply කරලා තියෙනවා. ඉන් එහාට, ආණ්ඩුවේ මාධ්‍ය නිවේදන වල කියන කිසිම කරුණක් සම්බන්ධයෙන් Elon Musk හෝ Starlink ආයතනය කිසිම නිවේදනයක් නිකුත් කරලා නැහැ.
Starlink Availability Map එකට අනුව ලංකාව පෙන්වන්නේ "Service date is unknown at this time" කියලා. හැබැයි ශ්‍රී ලංකා රජය කියන්නේ, දැනටමත් Starlink ලංකාවේ ක්‍රියාත්මක වීමට application එකක් දාලා තියෙනවා කියලා (Source: DailyMirror). එහෙම application එකක් process වෙනවා නම්, availability map එකේ ලංකාවේ status එක "pending regulatory approval" කියලා වෙනස් වෙන්න ඕන. ඉන්දියාව තියෙන්නේ ඒ status එකේ.
මෙහෙමයි. Starlink coverage තියෙන රටක, regulatory clearance එක තාම අරන් නැතිනම්, ඔයා Starlink register වෙන්න ගියොත් default option එක වෙන්නේ "Pre-register at $9" කියලා. මේක එදා ඉඳන්ම ලංකාවට තිබුනා, අද ඊයේ activate කරපු දෙයක් නෙවෙයි. ඒ ප්‍රවෘතිය හුදු ප්‍රචාරක වැඩසටහනක් විතරයි.
Starlink ආවරණය තාක්ෂණික වශයෙන් දැනටමත් ලංකාවට තියෙනවා. වාණිජ වශයෙන් Starlink ලංකාවට එන්න ඕන කරන්නේ TRC approval එකක් විතරයි.
එහෙම ආවා කියලා, මාසෙකට US$ 100ක් (Rs.30,000/-) වත් වියදම් නොකර Starlink connection එකක් ගන්න ලාංකිකයෙකුට බැහැ.
ලංකාව වගේ කුඩා භූගෝලීය ප්‍රදේශයක, Dialog / Mobitel වගේ 4G/5G ජාලයකට වඩා Starlink වලින් ලොකු වාසියක් ලැබෙන්නේ නැහැ. Starlink වඩා වාසිදායි වෙන්නේ, භූගෝලීය වශයෙන් විශාල, ඉන්දියාව, බ්‍රසීලය, හෝ telecom tower හදන්න ඉතා දුෂ්කර terrain එකක් තියෙන රටවල් වලට.
"අනේ ඉතින්, ඔය කොයි හැටි වෙතත් අපේ රටට අලුත් තාක්ෂණයක් එනකොට අපි සතුටු වෙන්න එපැයි" කියන සුපුරුදු ජ්‍යාත්යාල කෝණයෙන් මේක දිහා බලනවා නම්, ඒකෙ ඇති වැරද්දක් නැහැ, අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද, Starlink වලින් ලංකාවට නරකක් වෙන්නේ නැහැ.
Article written by Amith
