ප්ලැටිනා තමයි. අලුතෙන් ගන්නව නම් ලක්ෂ 6ක් විතර වෙනවා.( CT100කියලා අලුතෙන් විකුණන්නේ ප්ලැටිනා එකක්ම තමයි බන්, සේරම පාට්ස් එකයි, රිම් එකත් ඇලෝවීල්) සෙකන්ඩ් හැන් ඩ් ගන්නව නම් හොදට බලලා ගන්න. ඉස්සරහා රෝදේ ඩිස්ක් බ්රේක් ආපු එකක් ගන්න පුළුවන් නම් පට්ට. බ්රේක් සුපිරියි. ගහපු ගමන් එක තැන නැවතෙනවා. අනිත් ඒවත් නරකයි නෙමෙයි. ඒත් ඉස්සාහා බ්රේක් එකේ ලයිනර් එකේ ගාණවත් උබට ඉතිරි වෙයි ඩිස්ක් තියන එකක් ගත්තොත්.
තෙල් ගැන කියනව නම් සමහර මොඩල්වල 100 පැනලා කරනවා. සමහර ඒවගේ 60-70ක් කරනවා. සමහර ඒවගේ 50-60යි. කොහොම හරි අඩුම 50 තමයි. මේක මොඩල් සම් බන් ධයක් නැ. සමහර ශිප්මන්ට්වලින් ආපු බයික්වල වැඩ කරන්නෙ 50-60. මේක බයික් එක බලලා කියන්න බැ. තෙල් අවුලක් ආවොත් කාබලේටරේ හදපන්. නැත්නම් අලුතෙන් එකක් තියපන්.
ඩිස්කවරි නම් හොදයි. ඒත් තෙල් 50-60 කරන්නේ. ඒ ප්රමාණයත් ටික ටික අඩු වෙනවා කාලයක් යද්දි. ඒ නිසා මට ඒ බයික් වර්ගය රෙකමන්ඩ් කරන්න බැ. සමහර මොඩල් වල එන් ජින් ලෙඩ එහෙමත් තියනවා