ඩීසල් එන්ජින් වලට ත්‍රොටල් ප්ලේට් එකක් අනවශ්‍ය ඇයි?සහ සමහර නවීන ඩීසල් එන්ජින් වල ත්‍රොටල් ප්ලේට් එකක් භාවිතා කරන්නේ ඇයි?
කෙටියෙන් කිව්වොත් ඩීසල් එන්ජිමකට කාර්ය්යයක්ෂමව ක්‍රියාත්මක සඳහා ත්‍රොටල් ත්‍රොටල් ප්ලේට් එකක් අවශ්‍ය නැහැ.
ඩීසල් එන්ජින් වලට ත්‍රොටල් ප්ලේට් එකක් අනවශ්‍ය ඇයි?
මූලික හේතුව තමයි ඩීසල් එන්ජිමක් නිසරැ තත්වයක් යටතේ ඒ කියන්නේ වාතය පාලනය කිරීමකින් තොරව ඉන්ධන පමණක් පාලනය කිරීම මගින් ක්‍රියාකිරීමට නිර්මාණය කර තිබීම නිසා පෙට්‍රල් එන්ජිමක වගේ ඉන්ධන/වායු මිශ්‍රණය අනුපාතය පාලනය කිරීම සඳහා ත්‍රොටල් ප්ලේට් එකක් අවශ්‍යනොවීම.ඩීසල් එන්ජිමකට වැඩියෙන් ඉන්ධන ලබාදී මගින් එය වැඩි වේගයකින් සහ ව්යාවර්ථයකින් ක්‍රියාකිරීමේ හැකියාව තියෙනවා.අඩුවෙන් ඉන්ධන ලබාදීම මගින් වේගය අඩු වෙනවා.ඒ නිසා එනජිමට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඩු වැඩි කිරීම මගින් ඩීසල් එන්ජිමක වේගය අඩු වැඩි කරන්න පුලුවන්.ඒ කියන්නේ ඩීසල් එන්ජිමක් ධාවනයට පෙට්‍රල් එන්ජිමක වගේ ඉන්ධන/වායු අනුපාතය(stoichiometric ratio)නඩත්තු කිරීම වැදගත් නැහැ.ඒ නිසා තමයි යාන්ත්‍රික ඩීසල් ඉන්ජෙක්ටර් පම්ප් තියෙන මෝටර් රථ වල ඇක්ස්ලේටර් පැඩල් එක ඩීසල් ඉන්ජෙක්ටර් පම්ප් එකට සම්බන්ධ කරලා තියෙන්නේ සහ පෙට්‍රල් එන්ජිමක ඇක්ස්ලේටර් පැඩල් ක්‍රියාකාරීත්වය කෙලින්ම ත්‍රොටල් ප්ලේට් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ.පෙට්‍රල් එන්ජිමක ඇක්සලේටර් පැඩල් එක පෑගීමට අනුව ත්‍රොටල් වෑල් එක ඇරිලා වැඩි පුර වාතය එන්ජිමට ලබාදීම සිදුකරනවා.ඒ අනුව එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් හෝ කාබියුරේටර්ය මගින් නිවැරදි ඉන්ධන/වායු මිශ්‍රණ අනුපාතයට පවත්වාගෙන යාමට සහ ඒ අනුව වේගය වැඩි කරගැනීමට වැඩි පුර ඉන්ධන ලබාදීම සිදුකරනවා.
සමහර ඩීසල් එන්ජින් වල ත්‍රොටල් ත්‍රොටල් ප්ලේට් එකක් තියෙන්නේ ඇයි?
සමහර නවීන එන්ජින්වල ත්‍රොටල් ප්ලේට් එකක් තියෙන අතර තවත් සමහර එන්ජින් වල නැහැ.ඩීසල් එන්ජින් වල ත්‍රොටල් ප්ලේට් එකක් තිබීමට ප්‍රධානතම හේතුව තමයි අඩු එන්ජින් ලෝඩ් තත්වයන් වලදී වායු විමෝචනය පාලනය කරන්න.ඒ කියන්නේ එක්සෝස්ට් ගෑස් සර්කියුලේෂන්(EGR)පද්ධතිය පාලනය කරන්න.කලින් සඳහන් කල ආකාරයට ඩීසල් ඒන්ජින් නිසරැ තත්වයක් යටතේ ක්‍රියාත්මක වීම නිසා සහ ඒ නිසරැ දහන ක්‍රියාවලියේ ප්රථිඵලය නිසා එය දහන කුටීරය තුල උෂ්ණත්වය ඉහලයාමට හේතුවක් වෙනවා.දහන කුටීරය තුල ෂ්ණත්වය සෙල්සියස් අංශක 1000 කට පමණ වැඩිවීමේ දී මිනිසාට සහ පරිසරයට අහිතකර විෂ වායුවක් වන නයිට්රජන් ඔක්සයිඩ් නිපදවීම සිදුවෙනවා.ඩීසල් එන්ජිමක නිසරැ දහන ක්‍රියාවලිය තුල දී ඇතිවෙන නයිට්රජන් ඔක්සයිඩ් ප්‍රමාණය අවම කරන්න/පාලනය කරන්න නිර්මාණය කරලා තියෙන පද්ධතියට කියනවා එක්සෝස්ට් ගෑස් සර්කියුලේෂන්(EGR)කියලා.ECU එක මගින් පාලනය කරන ඉලෙක්ට්‍රික් මෝටර්යක් හෝ වැකියුම් කොන්ට්‍රෝල් සොලනොයිඩ් ඇක්චුඒටරයක් මගින් බාහිර වායුගෝලීය වාතය(ටර්බෝ චාර්ජ් හරහා)එන්ජිම තුලට ගමන් කිරීම සීමා කිරීම සඳහා ත්‍රොටල් බොඩියේ ක්‍රියාකාරිත්වය පාලනය කරනවා.මේ මගින් පීඩන අවකලනයක් ඇති වෙන නිසා EGR පද්ධතියට එක්සෝස්ට් ගෑස් වැඩි ප්‍රමාණයක් එන්ජිම තුලට ගමන් කරවීමට කිරීමට හැකියාව ලැබෙනවා.නවීන ඩීසල් එන්ජින් වල මේ EGR පාලයන කිරීම සඳහා වෙනනම EGR වෑල් එකක් සහ බාහිර ඉන්ටේක් වායුව පාලනය කිරීම සඳහා වෙනම ත්‍රොටල් වෑල් එකක් ද භාවිතා කරනවා.මේ නිසා අඩු එන්ජින් ලෝඩ් තත්වයන් වල දී සහ නිසරැ දහන තත්වයන් වල දී ඇතිවෙන නිට්‍රජන් ඔක්සයිඩ් වායු විමෝචනය අවම කිරීමේ හැකියාව ලැබී තියෙනවා.
ඒ වගේම අනිත් කාරණය තමයි එන්ජිම නතර කිරීමේ දී එන්ජිමට ඇතුල් වෙන වාත සැපයුම වසා දැමීම මගින් එනජිම නතරකිරීමේ දී ඇතිවෙන වයිබ්‍රේෂන් එකක් නවතා දැමීමට ඇන්ටි-ෂඩර් වෑල්(ASV)එකක් ලෙස ද භාවිතා වෙනවා.
පෙට්‍රල් එන්ජිමක ත්‍රොටල් ප්ලේට් එක එන්ජිම නතර කර තිබීමේ දී සම්පූර්ණයෙන්ම වැසී පවතින අතර එන්ජිම ක්‍රියාත්මක වීම මත සහ ඇක්ස්ලේටර් පැඩල් එක පාගන ප්‍රමාණය මත ත්‍රොටල් ප්ලේට් එක ඇරීම සිදුවෙනවා.ඩීසල් එන්ජිමක ඇති ත්‍රොටල් ප්ලේට් එක එන්ජිම නතර කර තිබීමේ දී සම්පූර්ණයෙන්ම ඇරී පවතින අතරඇක්ස්ලේටර් පැඩල් එක පෑගීම මත ත්‍රොටල් ප්ලේට් එක ඇරීම සහ වැසීම සිදු නොවන අතර දහන කුටීරය තුල උෂ්ණන්වය ඉහල යාම මත ඇති වන නයිට්රජන් ඔක්සයිඩ් පිටවීම පාලනය කිරීම සහ එන්ජිම නතර කිරීමේ දී ඇතිවෙන වයිබ්‍රේෂන් තත්වය නැති කිරීම සඳහා ඩීසල් එන්ජින් වල ත්‍රොටල් ප්ලේට් එකක් භාවිතා කරනවා.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
01/08/2017

Last edited: