ඩීසල් නැව් දෙකක් පැමිණේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    1Aw6X1w.jpg


    ඩීසල් රැගත් තවත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක් 25 පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා ඩොලර් සොයාගත යුතුව ඇති බවත් ලංකා ඛන්ජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පස්වරුවේ පැවසීය.

    පෙට්‍රල් මෙට්‍රික්ටොන් 38,400 ක් අඩංගුව තිබෙන පෙට්‍රල් නෞකාව නිදහස් කිරීමට ඩොලර් මිලියන 33 ක ණයවර ලිපියක් නිකුත් කළ යුතු බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.

    ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සාමාන්‍යාධිකාරී සමීන්ද්‍ර අබේසේකර මහතාගෙන් 24 පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ මීට දින තුනක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇති පෙට්‍රල් නෞකාව ඩොලර් ගෙවා නිදහස් කරගත්ත ද ඉන්ධන ගොඩ බෑමට නොහැකි බවයි.

    ගොඩබෑමේ පර්යන්ත දෙක තුළ මේ වන විට නෞකා දෙකකින් ඩීසල් සහ පෙට්‍රල් බාමින් සිටින බව කී සමීන්ද්‍ර අබේසේකර මහතා අනෙක් පෙට්‍රල් නැව නිදහස් කරගත්ත ද එහි ඇති ඉන්ධන බෑම ආරම්භ කිරීමට දින කීපයක් ගතවනු ඇති බව ද සඳහන් කළේය.

    රට පුරාම 25 දිනයේ ද පිට පිටම සිවුවැනි දිනයටත් ඩීසල් හිඟය නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

    බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ‘ඩීසල් නැත’ ලෙස පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි විය.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඇයි ගෝටා එදා තකහනියක්ම කැබිනට් රැස්වීමක් කැඳවලා උපදෙස් දුන්නේ තෙල් වලට වහාම ඩොලර් දෙන්න කියල. ඒක නිසා ප්‍රින්ට් කරල හරි දෙයි.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේවට සල්ලි ගෙවන එක හිතලම පරක්කු කරල ප්‍රමාද ගාස්තු වලින් කොමිස් ගහන එක ඉස්සර ඉදලම තිබ්බා.. හැබැයි දැන් ගෙවන්න ඇත්තටම ඩොලර් නෑ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    ඇයි ගෝටා එදා තකහනියක්ම කැබිනට් රැස්වීමක් කැඳවලා උපදෙස් දුන්නේ තෙල් වලට වහාම ඩොලර් දෙන්න කියල. ඒක නිසා ප්‍රින්ට් කරල හරි දෙයි.


    උපදෙස් දුන්නාට ඩොලර් දුන්නෙ නෑ නේ. නිකන් නම ගාවන් පුම්බන්න උපදෙස් දුන්නා ගාන්නෙ. ඕන පොන්නයෙක් උපදෙස් දෙයි
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පිස්සු පුටින් කරන්නෙ උපදෙස් දෙන එක තමා. එතනින් එහාට දෙයක් බෑ ඕකට.
     
    • Like
    Reactions: Solo Rider

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බරලයක් $130 ගානෙවත් ගමු. හදිසි මිලදී ගැනීම්නේ..🤣🤣
     
    • Like
    Reactions: NRTG