රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය හමුවේ බැංකු කටයුතු පවත්වා ගෙන යෑමේදී බරපතළ ගැටලු
උද්ගත වී ඇතැයි ලංකා බැංකු සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා
අදහස් දක්වමින් මේ බව පැවැසීය. ඔහු සඳහන් කළේ, විදුලිය විසන්ධි කෙරෙන කාලය තුළ බැංකු කටයුතු පවත්වාගෙන යෑම සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිත කරන අතර මේ වන විට එම යන්ත්‍ර
සඳහා ඩීසල් ලබා ගැනීමේ බරපතළ ගැටලු පැන නැඟී ඇති බවය. ඩීසල් නොමැති වීම හේතුවෙන් ඊයේ
(31දා) ඇතැම් බැංකුවල කටයුතු අකර්මණ්‍ය වූ බවද ඔහු පැවැසීය.
රාත්‍රි කාලයේ බැංකු වසා තැබුණ ද ATM යන්ත්‍ර ක්‍රියාත්මකව තිබිය යුතු වුවද, පවතින ඩීසල් හිඟය
හමුවේ එය අභියෝගයට ලක්වී ඇති බවත් දැඩි පරිශ්‍රමයක් දරමින් තත්ත්වය කළමනාකරණය කරන බවත් ඔහු
පෙන්වා දුන්නේය.
ඔහු අවධාරණය කළේ, දිගින් දිගටම මෙම තත්ත්වය පැවැතියහොත් විදුලිය විසන්ධි කර තබන කාලයේදී ඒඊර්
යන්ත්‍ර ඇනහිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවය. මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී ද තහවුරු
වූයේ ඇතැම් බැංකුවල පෙරේදා (30දා) රාත්‍රි කාලයේ ATM යන්ත්‍ර ක්‍රියා විරහිතව පැවැති බවය.
Source