ඩීසල්_වෙනුවට.......?

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඩීසල්_වෙනුවට.......?

    ලෝකයේ ඇති සියලුම රටවල් වලට අත්‍යවශ්‍ය කාරණා අතර ඉන්ධන වලට හිමිවන්නේ ඉතා ඉහල ස්ථානයක්.

    ලෝකයේ රටවල් ආක්‍රමණය කිරීම් වලටද මෙම ඉන්ධන වල අවශ්‍යතාව මූලික කාරණයක් වූ බවද අප දන්නා කාරණයක්.

    පරිසර හිතකාමී නව ඉන්ධනයක් ලෝකයට හඳුන්වාදීමට ශී‍්‍ර ලාංකික සමාගමක් සමත් වී තිබෙනවා. ඞීසල් සහ ජලය මිශ‍්‍ර කර කෘතීමව නිෂ්පාදනය කෙරෙන මෙම ඉන්ධනය නම් කර ඇත්තේ මිරකල් ලෙසයි.

    ඉන්දියාව, මාලදිවයින, කාම්බෝජියාව සහ වියට්නාමය යන රටවලට පළමුවෙන් එය අපනයනය කෙරෙනවා. ඒ සඳහා ප‍්‍රමාණවත් නිෂ්පාදන ධාරිතාවක් සහිත කර්මාන්ත ශාලාවක් දැනටමත් ඉදිකර ඇති බවයි ඉන්ධනය නිපදවන එම්. මිරකල් පවර් පුද්ගලික සමාගම ප‍්‍රකාශ කළේ.

    එහි සභාපති නාලක ගජධීර මහතා පැවසුවේ බටහිර යූරෝපීය රටවලින්ද ඇනවුම් ලැබී ඇති බවයි. එම රටවලටද ඉන්ධනය අපනයනය කිරීමට අපේක්ෂා කරන බව ප‍්‍රකාශ කෙරුණා.

    එමගින් විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවට උපයා ගත හැකි බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

    ඞීසල් භාවිත කෙරෙන ඕනෑම වාහනයක් සඳහා නව ඉන්ධනය භාවිත කළ හැකි බවද ප‍්‍රකාශ කෙරුණා.

    කෙසේ වෙතත් ඞීසල්වලට වඩා අඩු මුදලකට මිරකල් නමැති නව ඉන්ධනය වෙළෙඳ පොළට නිකුත් කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    එහෙත් එම ඉන්ධනය මෙරට වෙළෙඳ පොලට නිකුත් කිරීමට අදාළ ආයතනවලින් මෙතෙක් අනුමැතිය ලැබී නැහැ. අනුමැතිය ලැබීමෙන් පසු මෙරට වෙළෙඳ පොළටද ඉන්ධනය නිකුත් කරන බවයි එම්. මිරකල් පවර් පුද්ගලික සමාගම ප‍්‍රකාශ කළේ.


    උපුටා ගෑනිම http://www.telradio.org/?p=5479