ඩීසීඩී_විස_වෙන_හැටි
රතු ඉන්දියානුවන් (රතුපැහැ ම්ලේච්ඡුයන්) වශයෙන් ප්‍රසිද්ධ කරන ලදුව යුරෝපීය ජාතිකයින් විසින් සමූල ඝාතනය කොට විනාශ කර දමනු ලැබූ ඇමරිකානු මහාද්වීපයේ වැසියෝ දුම්කොළය ඖෂධයක් වශයෙන් සැලකූහ. දුම්පානය ඔවුන්ගේ වෛද්‍ය උරුමයකි. දකුණු ඇමරිකානුවන්ගේ දුම්පානය යුරෝපීන්ගේ වෙළඳ ව්‍යාපාරයක් වූ පසු සිගරැට් නිෂ්පාදනය ඇති වුණි. ඇමරිකානු සිගරැට් සමාගම් ඇමරිකාවේත් ලෝකයේ වෙනත් රටවලත් ජනයා සිගරැට් පානයට ඇබ්බැහි කිරීම සඳහා ඉතාම සූක්ෂ්ම වෙළඳ ප්‍රචාරණ ක්‍රම අනුගමනය කළහ.
ඒ කාලයේ බොහෝ බටහිර වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරන අතරත් සිගරැට් ඉරූහ. සිගරැට් බීම ශරීර සෞඛ්‍යට අහිතකර බව සිංහල වෙද්දු නම් එදා සිටම කීහ. නාගරික සමාජයේ උගත්තු පවා ඔවුන්ගේ කතාවලට සිනාසුණහ.
‘‘සිගරැට් බීමෙන් හැදෙන ලෙඩරෝග මොනවාද? එහෙම දෙයක් ඔප්පු කරන පර්යේෂණ වාර්තා කෝ? සිගරැට් බීමෙන් ලෙඩ හැදෙනවා නම් යුරෝපයේ මිනිස්සු ගැහැණු වැඩිදෙනෙක් මැරෙන්ඩ ඕනෑ නේද?’’ කියමින් තර්ක කළ ‘වෙබ්’ ලියන්නන් ඒ කාලයේ නොසිටි නමුදු ‘මෙන්න අලූත් අදහසක්. බොන්න බිස්ටල් එකක්’වෙළඳ දැන්වීම අකුරට පිළිගත්තෝ ඕනෑ තරම් ලංකාවේ විසූහ. ඇමරිකාවේ මාල්බරෝ වෙළඳ දැන්වීමේ පෙනී සිටි පුද්ගලයා සිගරැට් පානය නිසාම මිය ගිය බව ඇමරිකානුවන් පවා දැනගත්තේ මෑතකදීය.
ගොයම් සහ එළවලූ, පලතුරු වගා සඳහා තෙල් පොහොර නාමයෙන් රසායනිත වස භාවිතය නිසා මනුෂ්‍යයාට මහාවිපත් සිදු වන බව මීට කලකට පෙර රටට කී ලේඛකයෝ අල්පය. එය දැනුම නමැති බීජ වැපිරීමකි. නමුත් එම දැනුම ඉදිරිපත් කළ ලේඛකයන් විද්‍යාගාර ආධාර කරගෙන දැනුම ලබාගත්තෝ නොවූහ. විද්‍යාගාරයෙන් මෙන්ම ප්‍රඥාවෙන් හා අත්දැකීමෙන්ද දැනුම ලබාගැනීමට පුළුවන. නවසීලන්ත කිරිපිටි පානයෙන් දරුවන්ට රෝගාබාධ වැලඳෙන බව පළමු වරට දැනගත්තෝ විද්‍යාඥයෝ නොවෙති. කිරිපිටිවලට වඩා මවුකිරි දරුවාට පෝෂ්‍යදායී බව පළමුවෙන් කීවෝද විද්‍යාඥයෝ නොවෙති. අත්දැකීමෙන් හෝ ප්‍රඥාවෙන් යමක් වටහාගෙන ඒ දැනුම ඉදිරිපත් කරන්නාට ‘කෝ පර්යේෂණාගාර වාර්තාව’ යයි කඩාපනින්නා එක්කෝ කුලියට කහින්නෙකි. නැතිනම් අමන මරිමෝඩයෙකි.
සිංහල වෙදකම බටහිර වෙදකමට වෙනස් දෙයකි. සමහරු ආයුර්වේද වෙදකම සහ සිංහල වෙදකම අතර වෙනස නොදනිති. පාරම්පරික සිංහල වෙදකම ආධාරයෙන් හාස්කම් දක්වන වෙද්දු රටේ සිටිති. සුළු නිදසුනක් ගනිමු. ‘වෑල්ඩින් වෙදමහත්තයා’ මොන තරම් හපන්කම් කරන්නේද? එතුමාගේ වෙදකම ගැන එහි ගියවුන් දන්නවා මිස විද්‍යාගාර වාර්තාවක නැත. මෙවැනි සිංහල වෙදකම් ඉතා හෑල්ලූවෙන් බාරගත් උගතෙකි, මියගිය මහාචාර්ය සුචරිත ගම්ලත්. ඔහු, පවුලේ අයෙකුට අසනීපයකට කොත්තමල්ලි ටිකක් තරම් වත් බොන්නට දුන්නේ නැතැයි අඹුව සහ දුව පත්තරවලට කළ ප්‍රකාශවල සඳහන් විය. එහෙව් මහාචාර්යතුමා අසනීපව සිටියදී පණ රැකගැනීම සඳහා ඇමරිකන් මඤ්ඤොක්කා කොළ යුෂ බිව්වේලූ.
නවසීලන්තයේ ෆොන්ටේරා සමාගම විෂකිරිපිටි නිපදවූවාද නැද්ද යන්න දැන් ලෝකයම දනී. එය ලංකාවට පමණක් විශේෂ වූ සිද්ධියක් නොවේ. ෆොන්ටේරා කිරිවල ඩීසීඩී ඇති බව හෙළිවූයේ 2012 සැප්තැම්බර් මාසයේය. එහෙත් එය සමාජයට වසන් කිරීමට නවසීලන්ත රජය සහ ෆොන්ටේරා බලධාරීහු හැකි හැම උත්සාහයක්ම ගත්හ. මේ බවට චෝදනා නවසීලන්ත මාධ්‍යවලින්ම ප්‍රසිද්ධ කෙරිණි.
ඩීසීඩී හෙවත් ඩයිසයිනඩයමයිඩ් (2-Cyanoguanidine, Cyanoguanidine, dicyanodiamide, N-cyanoguanidine, 1-cyanoguanidine, Guanidine-1-carbonitrile, dicyandiamin, Didin, DCD, Dicy) විස සහිත රසායනිකයකි. එය ආර් 20/21/22 (ආශ්වාසය, සමේ තැවරීම හා ගිලීම හානිකරය) සහ එස් 24/26 (සමේ හෝ ඇසේ තැවරීම වළක්වාගන්න) යන හානිකර කාණ්ඩවලට අයත්ය. එසේම
harmful (Xn) (ආශ්වාසය, ගිලීම හෝ සමේ තැවරීමෙන් ශරීරගතවීම මරණය, උග්‍ර, නිධන්ගත රෝගවලට හේතුයි) යටතේ වර්ගීකරණය කර තිබේ. මේ විස්තර අනුව කවරෙකුට වුවද ඩීසීඩී හානිකර රසායනිකයක් බව අවබෝධ කරගැනීමට අසීරු නැත.
මේ සිද්ධිය මොන තරම් දුර දිග ගොස් තිබේද යත් ෆොන්ටේරා සමාගමේ ඇතැම් බලධාරීන් ඉල්ලා අස්වි සමාගමේ කීර්තිය බේරාදීමට හදති. ‘ඔබලාගේ විෂකිරිපිටි පිළිබඳව කරන පර්යේෂණ අත්හදා බැලිම් සඳහා අපේ දරුවන්ව යොදා ගන්න එපා’ යයි නවසීලන්ත තානාපතිතුමියට කීම ගැන පාඨලී චම්පික ඇමතිවරයාට ස්තුති කරමු. විෂ කිරිපිටි ජාවාරම පිළිබද තොරතුරු මෙසේ එළිවෙද්දී විස කිරිපිටි සමාගම් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන නරුමයෝද සිටිති.
නසරුද්දින් බූරුවාගේ පිටේ වාඩිවෙන්නේ උගේ හිස පැත්තට මුහුණ ලා නොවේ. උගේ පස්ස පැත්ත දෙසට මුහුණ ලා ගෙනයි. මේ බව දැනගත් සුල්තාන් නසරුද්දීන්ව මාලිගාවට ගෙන්වීය. නසරුද්දින් ඒ ආවේත් බූරුවාගේ පස්ස පැත්ත බලාගෙන වාඩිගෙනයි. සුල්තාන්ට සිනා පහළ වුණි.
‘‘මොකද නසරුද්දින් මේ කරන්නෙ?’’ ඔහු ප්‍රශ්න කළේය.
‘‘බූරුව පාරෙ යන හැටි දන්නව. මම පාරෙ ඉන්න බූරුවො ගණන් කරනව’’ නසරුද්දීන් පිළිතුරු දුන්නේය.
ගත්තේ
"ඇනකොන්ඩා"බ්ලොග් එකෙන්