ඩෙංගු යලිත් හිස ඔසවයි - මරණ සංඛ්‍යාව 200%ක වර්&#3504

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
ඩෙංගු යලිත් හිස ඔසවයි - මරණ සංඛ්‍යාව 200%ක වර්&#3504

denguc02.jpg
මේවන විට ඩෙංගු රෝගය දැවැන්ත ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එම අංශය පවසන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ පළමු සති තුන තුළ පමණක් ඩෙංගු රෝගීන් 2583 දෙනෙක් වාර්තාවී ඉන් රෝගීන් 15 දෙනෙකු මියගොස් ඇති බවයි.

2004 වසරේ සිට මේ දක්වා වැඩිම ඩෙංගු රෝග මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2009 වසරේදීය. සෞඛ්‍ය අමාත්‍යංශ නිල සංඛ්‍යාලේඛන වලට අනුව එම වසරේ රෝගීන් 34893ක් වාර්තාවූ අතර මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 342කි.

denguc01.jpg
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 100%කින් ඉහළගොස් ඇති අතර ඩෙංගු මරණ සංඛ්‍යාව සැසදීමේදී එය 200%කින් ඉහළ ගොස් තිබේ.

මේවන විට කොළඹ, මාතලේ හා වව්නියාව දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.