ඩෙංගු රෝගය ගැන....

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඩෙංගු රෝගය ගැන....

    ඩෙංගු හැඳින්වීම
    ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි. මෙම රෝගය ඊඩිස් ගණයට අයත් මදුරුවන් දෙවර්ග‍යක් මගින් ව්‍යාප්ත කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව අග්නිදිග ආසියානු රටවල වසංගතයක් ලෙස පැතිර යයි. මෝසම් වැසි කාලයෙන් පසුව එනම් ජුනි. ජුලි, නොවැම්බර් දෙසැම්බර් මාස වල වැඩියෙන් දක්නට ලැබේ.

    ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයට අනුව වසර 2009 තුළ ඩෙංගු රෝගීන් 32713 ක් වාර්තා වී ඇති අතර 2009 සැප්තැම්බර් වන විට 223 දෙනෙක් ඉන් මිය ගොස් ඇත. වඩාත් රෝගයට බල පෑ දිස්ත්‍රික්කය නුවර වන අතර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වලද රෝගීන් ඉහළ සංඛ්‍යාවක් හා මරණ වාර්තා වී ඇත.


    රෝගකාරකය
    ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් - ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය.




    ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු / රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්
    මිනිසාට විෂබීජය ශරීර ගත වෙන්නේ රෝග කාරකය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන්. වයිරසය වසා පද්ධතිය තුළට ඇතුල් වී සංඛ්‍යාවෙන් වැඩි වී රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වේ. සාමාන්‍යයෙන් දෙවැනි වරට වයිරසයෙන් ආසාදනය වීමෙන් රෝගය බරපතල විය හැක. එනම් වයිරසය ශරීර ගතවු බොහෝ දෙනෙකු අයත් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරන කාණ්ඩ වලටය. කිහිප දෙනෙකු ඩෙංගු රක්තපාත උණ හෝ ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක.




    රෝග ලක්ෂණ
    තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂි හා සන්ධි කැක්කුම, සමේ රතු පැහැ ලප ඇතිවීම, වමනය, ආහාර අරුචිය, ඩෙංගු උණෙහි ලක්ෂණය.


    ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,

    • දින 2 - 7 දක්වා පවතින අධික උණ
    • සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම
    • අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව
    ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,
    සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම.


    සංකූලතා
    ඩෙංගු කම්පන තත්වය නිසා මරණය පවා සිදුවිය හැක.
    අක්මාව අක්රිතය වීම, සිහි නැති වීම, වලිප්පුව, රුධිර වහනය, හෘද වස්තුව අක්‍රීය වීම. - රෝගය නිසා මිය යන හේතු අතරට අයත් වේ.
    ප්‍රතිකාර

    • රුධිර පරීක්ෂණ - රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම
    • රෝගය ස්ථිර කිරීමට IgM, IgG නැමැති ප්‍රතිදේහ හඳුනා ගැනීම
    • උණ ඇතිවිට හැකිතාක් විවේක ගැනීම
    • වැඩිපුර දියර වර්ග ගැනීම
    • උණ බැස්සවීමට නියමිත මාත්‍රාවට පැරසිටමෝල්ද, ඇල් ජලයෙන් තෙමීමද කල හැක. කිසිම විටෙක ඇස්ප්‍රීන් නොගත යුතුය.
    • රතු පාට ‍හෝ දුඹුරු පාට ආහාර හෝ බීම වර්ග නොගැනීම.
    • දින 2කට වඩා උණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න.
    සෞඛ්‍ය ප්‍රවර්ධනය හා වළක්වා ගැනීම

    • සතියකට වරක්වත් නිවස, පාසල හා සේවා ස්ථානය හෝ ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා ඒවා විනාශ කරන්න. ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන නම් මල් පෝච්චි, ටයර්
    • පොල් කටු, ටින්, කුහුඹු උගුල්, වැහිපීලි වතුර රැදෙන ශාඛ, තැඹිලි කෝම්බ වැනිදේ.
    • මදුරු නාශක ඉසීම, දුම් ගැසිම
    • මදුරු දැල් දිවා කාලයේ නිදා ගැනීමේදී භාවිතා කිරීම
    • මදුරුවන් බෝවන ස්ථාන වලට කීටයින් විනාශ කිරීමට, තිලාපියන් වැනි මසුන්, බැක්ටීරියා (බැසිලස් තුරින්ජියෙනියිස් නැමැති) යොදා ගත හැක.
    • ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණය කිරිම තවම පරීක්ෂණ තත්වයේ පවති.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    dengue_gd.gif
    ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි මෙම මදුරුවා සුදුපාට ලප සහිත (කොටියකු මෙන් ලප ඇති) මදුරු විශේෂයකි.

    ඩෙංගු රෝගය විවිධ මට්ටම් වලින් හට ගනී.
    1. ඩෙංගු උණ
    2. ඩෙංගු රක්තපාත උණ
    3. ඩෙංගු කම්පන සහලක‍ෂණ


    ඩෙංගු රෝග චාතුර්ථය
    1. උණ
    2. රුධිරය වහනය වීමේ රෝග ලක‍ෂණ
    3. පට්ටිකා අඩුවීම <100,000/mm3
    4. ප්ලස්මා කාන්දු වීමේ රෝග ලක‍ෂණ

    ප්ලාස්මාවට සාපේක‍ෂ රතු රුධිර පරිමාව (PVC) 20% ඉහළ යාම
    රුධිරයේ ඇල්බියුමින් /කොලෙස්ටරෝල් මට්ටම පහළ යාම.
    ප්ලුරාවේ /වෙනත් දේහ කුහර වල තරලය එකතු වීම.

    ඩෙංගු රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ තරමක් අපහසු කාර්යයකි. මක්නිසාද යත් ඩෙංගු රෝගයේ රෝග ලක‍ෂණ අනෙක් උණ රෝග වලට සමාන බැවිනි.
    ඩෙංගු උණ රෝගයේ ප්ලාස්මා කාන්දුවක් දැකිය නොහැකි අතර ප්ලාස්මා කාන්දුව සිදුවන්නේ ඩෙංගු රක්තපාත උණ සෑදුණහොත්ය.
    ප්ලාස්මාව දේහ කුහර වලට කාන්දු වීම අවධානම් රෝග ලක‍ෂණයකි.
    රුධිර පට්ටිකා අඩුවීම ඩෙංගු රෝගය පෙන්වන මනා දර්ශකයක් වන අතර රුධිරයේ මුළු පරිමාවට සාපේක‍ෂ රක්තානු පරිමාව ^Packed cell volume&, ඇල්බියුමින් ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය මේ සදහා යොදා ගත හැක.

    ඩෙංගු රක්තපාත උණ අවධි 3 කින් යුතුය.
    1. උණ සහිත අවධිය (දින 2 -7)
    බොහෝ රෝගීන්ට තිඛෙන ලක‍ෂණ
    සම/මුහුණ රතු පැහැ ගැන්වීම.
    හන්දි, මාංශපේශී වල වේදනාව.
    හිසරදය

    සමහර රෝගීන්ට තිඛෙන රෝග ලක‍ෂණ
    උගුරේ අමාරුව
    ඇස් රතුවීම
    ඔක්කාරය සහ වමනය

    අක්මාව ප්‍රදේශය ස්පර්ශ කිරීමේ දී ඇති වන වේදනාව ඩෙංගු රක්තපාත රෝගයේ ලක‍ෂණයකි.
    2. අවධානම් අවධිය (දින 1 - 2 කාලයක් පවතී)
    උණ සහිත අවධියට පසු අවධියයි. උණ ගැනීමෙන් තෙවන දිනයේ සිට හත්වන දිනය දක්වා කාලය තුළ
    ඇති විය හැකි අතර වඩාත් සුලභව 4 වන හෝ 5 වන දිනයේ ඇති වේ.
    උණ සීඝ්‍රව අඩුවේ නමුත් රෝගියාට සුවයක් නොදැනේ.
    3. සුවවීමේ අවධිය (දින 3 - 5 කාලයක් පවතී)
    ප්ලාස්මා කාන්දුව නැවතී කාන්දු වූ ප්ලාස්මාව නැවත අවශෝෂණය සිදුවේ.
    රෝගියාට සුවයක් දැනේ.
    ආහාර ගැනීමට රුචියක් ඇතිවේ.
    මූත්‍රා පිටවීම වැඩිවේ.
    සමේ කැසීම හා රතු පසුබිම තුල සුදුපාට ලප ඇති විය හැක.
    සුදු රුධිරාණු වැඩි වේ. ඉන්පසු රුධිර පට්ටිකා වැඩිවේ.

    අවධාම් අවධියේ මැනවින් රෝගියාට ප්‍රතිකාර කිරීම් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට අතිශයින් වැදගත්වේ.
    (හෙදියන්පැය 1/4 කට වරක් පරීක‍ෂා කළ යුතුය.)
    දරුවෙකුට උණ රෝගය තිබේ නම් උණ උෂණත්වමානයකින් මැන සටහන් කර තැබීම වැදගත්ය.පැරසිටමෝල් නිවැරදි මාත්‍රාව ලබා දීමත් පරිසර උෂණත්වයේ පවතින ජලයෙන් පෙගවූ ස්පොන්ජ් එකකින් /රෙදි කැබැල්ලකින් දරුවාගේ ඇගතෙමීමද වැදගත්ය. එමෙන්ම ශරීරයට විවේකයද අවශ්‍යය. දරුවන් උණ ඇති විට පාසල් නොයැවීමත්, වැඩිහිටියන් වැඩටනොයාමත් අවශ්‍යය.
    පළමු දින 2 තුළදී ප්‍රමාණවත් ලෙස සේලයින් /පාන වර්ග ලබා දී රෝගියා විජලනයෙන් ආරක‍ෂා කළ යුතුය. (උදා: වමනය කිරීමෙන් ශරීරයෙන් ඉවත් වන ජලය සේලයින් /පාන වර්ගයකින් ලබා දීම.)
    ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්‍රවේශමෙන් සජලනය කළ යුතුය. අධික තරල ප්‍රමාණයක් ලබා දීමද රෝගියාට නුසුදුසු බැවින් සීමා කරන ලද තරල ප්‍රමාණයක් රෝගියාට ලබාදිය යුතුය. (රෝග ලක‍ෂණ වලට උචිත ලෙස)
    අවධානම් අවධිය හදුනා ගන්නේ කෙසේද?
    රුධිර පට්ටිකා < 100,000
    සාපේක‍ෂ රක්තානු පරිමාව (PCV) - 20% කින් ඉහළ යාම.
    ඇල්බියුමින් /කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවීම.
    • X- කිරණ /අල්ට්‍රා සවුන්ඩ් පරීක‍ෂණයකින් දේහ කුහර තුළ


    • තරල කාන්දුවක් හදුනා ගැනීම.
      ප්ලාස්මා කාන්දුව ආරම්භ වී පැය 24 කට පසුව උපරිමයකට ළගා වන අතර ඉන්පසු ක්‍රමයෙන් අසු වී පැය 48 කට පසුව නවතී.
      මේ නිසා ප්ලාස්මා කාන්දුව ආරම්භ වන වේලාව දැන ගැනීම වැදගත්ය.
      රෝගියාගේ තරල අවශ්‍යතාවය දේහ බර යොදා ගණනය කර පැය 48 කදී ලබා දිය යුතුය. නමුත් රෝගියාගේ රෝග ලක‍ෂණ අනුව මෙය වෙනස් කිරීම අත්‍යාවශ්‍යය.(උදා: පිට කරන මූත්‍රා ප්‍රමාණය)ලබාදිය යුතු තරල වර්ගය?
    • ජලයට වඩා ජීවනි වැනි පානයක් උචිතය. (මක්නිසාදයත් සිරුරට අවශ්‍ය K, Na වැනි අයන් එහි අඩංගු බැවිනි.)
    අවධානම් අවධියේ සිටින රෝගීන්ට සේලයින් පාදස්ථ මට්ටමකින් (Slow infusion) ලබාදීමද අත්‍යාවශ්‍යවේ. එමෙන්ම අවධානම් අවධියේ රෝගීන්ගේ රෝග ලක‍ෂණ හා විද්‍යාගාර දර්ශක මගින් එම රෝගීන් කම්පන තත්ත්වයට යන්නේ දැයි අවධානයෙන් සිටීමත්, එසේ සිදු වනවිට සේලයින් ලබාදීමේ සීඝ්‍රතාව වැඩි කිරීම වැදගත්ය. නැතහොත් කම්පනයෙන් රෝගීන් මිය යාමට හැක.




    රෝගීන් බොහෝමයක් කම්පන තත්ත්වයට ලක් වීමට මොහොතකට පෙර පවා හොද සිහි කල්පනාවෙන් සිටිය හැකි බැවින් රුධිර පීඩනය හා නාඩි මගින් මෙම තත්ත්වය තුලින්ම හදුනාගැනීම වැදගත්ය.




    හදිසි අවස්ථාවක දී රෝගියාගේ ජීවිතය ගලවා ගැනීමට අවශ්‍ය වන උපකරණ පහසුවෙන් ලබාගත හැකි ලෙස තබා ගැනීමත් ඉතා වැදගත්ය.
    නාඩි වැටීමේ සීඝ්‍රතාව, රුධිර පීඩනය, මූත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම හෝ රුධිරයේ ප්ලාස්මාවට සාපේක‍ෂව රක්තාණු පරිමාව ^Packed cell volume& වැඩිවීම සිදු වුවහොත් සේලයින් ලබාදීමේ සීඝ්‍රතාව වැඩි කළ යුතු අතර, මෙම දර්ශක ස්ථායි වූ වාහම සීඝ්‍රතාව අඩු කළ යුතුය.




    පට්ටිකා ප්‍රමාණය ඉහළ නැංවීම සාපේක‍ෂව වැදගත් කමින් අඩුය. පට්ටිකා ලබාදීමේ දී ඒ සමග 100 - 150 mm පරිමාවක් ද රෝගියාට ලබා දීමට සිදු වන අතර මෙය ඇතැම් අවස්ථා වල රෝගියාට අහිතකරය.
    පැපොල් යුෂ රුධිර පට්ටිකා වැඩි කරන්නේද යන්න පිළිබදව දැන් ගවේශන සිදු කෙරේ.
    ඩෙංගු මාරාන්තිකයි!
    ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන
    පැහැදිලි, නිශ්චල ජලය එකතු වන බදුන්
    (ටයර්, ටින්, බෝතල්, කෝප්ප, කූඹි උගුල්, ජලය එකතු වන පැළ)
    බිත්තර අවු. 1/2 - 1 පමණ වියලි ස්වභාවයේ නොනැසී පැවතිය හැක.
    මදුරුවා දිවා කාලවේ දෂ්ට කරයි.
    එම නිසා ආරක‍ෂිත ක්‍රම දිවා කාලයේ භාවිතා කළ යුතුය.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔබ ඩෙංගු ගැන දැනුවත්ද?

    ඔබ ඩෙංගු ගැන දැනුවත්ද?




    පසුගිය වසර කිහිපයක සිට සමස්ත සෞඛ්‍යය සේවාව තුල පමණක් නොව දේශපාලන කරළිය තුලද දැඩි කතාබහක් නැතිනම් ආන්දෝලනයක් ඇතිකල මාතෘකාවක් වී නම් ඒ අන් කවරක්වත් නොව “මාරන්තික ඩෙංගු වසංගතය” පිළිබද වු අර්බුදය බව අවිවාදිතය. සාමාන්‍යයෙන් අප විසින් මෙම අන්තර්ජාල අවකාශය තුල සාකච්ඡා කෙරෙනුයේ ආයුර්වේද දර්ශනය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය,දේශිය වෛද්‍ය ක්‍රමය යන අංශ පිළීබදව වු තොරතුරු හා ඒහා බැදුනු අවශේෂ කරුණු ඇතුලත් සමස්ත විෂය පථය පමණක් වුවත් අති සුවි‍ශේෂි කරුණක්/අවස්ථාවක් ලෙස සලකා මේ අවස්ථාවේදී ඩෙංගු රෝගය සම්බන්ධයෙන් යම් දැනුවත් කිරිමක් සිදුකිරිමට අපේක්ෂා කරන්නෙමු.‍



    එය අපගේ සමාජ වගකීමක් ලෙස අප උදක්ම විශ්වාස කරනා බැවිනි. එසේ අප සිතනුයේ මේ වන විටත් ‍ඩෙංගු රෝගයට ගොදුරු වි සිටින හා ගොදුරු විය හැකි අවධාණමක් ඇති අති බහුතර ජනතාවක් සමාජය තුල සිටිනා බැවිනි. රජයේ සංඛ්‍යා ලේඛන වල සදහන් වන දත්ත වලට අනූව පෙර වර්ෂ වලට සාපේක්ෂව මේ වන විට ඉතා සුළු ප්‍රතිශතයකින් ඩෙංගු රෝගයට ගොදුරු විමේ සිඝ්‍රතාවය අඩුවක් පෙන්වන නමුත් එය කිසි සේත්ම සැහීමකට පත් විය හැකි තත්ත්වයක් නොවේ. එසේ පවසනුයේ ඩෙංගු රෝගය සෑදීම වලක්වා ගැනීම සදහා සාර්ථක එන්නතක්(Vaccine) හෝ රෝගයට ගොදුරු වීමෙන් පසු රෝගය සුව වීම සදහා දිය යුතු සාර්ථක ඖෂධ ප්‍රතිකාරයක්(Medicinal Treatments) පිළිගත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනූව තවම නිපදවා නොමැති වීම නිසාය. මෙම රෝගය මාරන්තික වන්නේද එවැනි පසුබිමක් ඇති නිසාය.




    ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගය පිළිබදව මෙතරම් ප්‍රභලව සමාජ කතිකාවතක් ගොඩනැගුනේ ‍වසර දෙක තුනක සිට උවත් මෙම රෝගයට ඇති ඉතිහාසය නම් එතරම් කෙටි එකක් නොවේ. මීට වර්ෂ තුන්සියයකට පමණ පෙරදී බටහිර වෛද්‍ය විද්‍යාව මෙම රෝගය හදුනා ගන්නා අතර සැබෑ ලෙසම මෙම රෝගය ඇතිවීමේ හේතුන් ඔවුන් සොයා ගන්නේ විසි වැනි සියවසේ මුල භාගයේදීය. කෙසේ නමුත් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව මෙම රෝගය ව්‍යාප්ත වීම වේගවත් වී ඇත. 1960 වසර පමණ වන විට මෙම රෝගය සියළුම මහද්වීප තුල තම රෝග කාරක මදුරුවන් බෝකර ඇත.



    වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් මිලියන පනහකට වැඩි ප්‍රමාණයක් මෙම‍ රෝගයෙන් පීඩාවට පත්වෙති. ඔවුන් අතුරෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වන්නන්ගේ ජීවිත බොහෝ අවධානම් තත්ත්වයට පත්වේ. දෙදහස වර්ෂයෙන් පමණ පසු මෙම රෝගයේ ව්‍යාප්තිය සෑම පහද්වීපයකම පාහේ සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී ඇත. නිසි ප්‍රතිකාරයකුදු නොමැති මෙම රෝග තත්ත්වය සදහා ලෝක සෞඛ්‍යය සංවිධානය පවා යෝජනා කර තිබෙන්නේ රෝග කාරක මදුරු දෂ්ඨයන් හැකිතාක් වලකා ගැනීම සහ මෙම රෝග කාරක මදුරුවන් බෝවීම හැකිතාක් අවම කර ගැනීමයි.


    ඩෙංගු කියන්නේ මොනවාගේ රෝගයක්ද?

    • වෛරසයකින් බෝවන උණ රෝග තත්ත්වයකි.
    • ඩෙංගු වෛරස ඇති මදුරු විශේෂ හතරක් සොයාගෙන ඇත.
    • ඊඩ්ස් ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක දශ්ඨයෙන් මේ රෝගය බෝවේ.
    • මෙම මදුරු විශේෂ දෂ්ඨයන් වැඩි වශයෙන් සිදු වන්නේ උදෑසන 7ත් 10ත් අතර සහ සවස3ත් 5ත් අතර කාලයේදීය.
    • මෙම වෛරසය ශරීර ගතවී මුල් දින පහ ඇතුලත එම රෝගියාගෙන් ලේ උරා බොන මදුරුවන් සිදු කරන නැවත දෂ්ඨයකදි පමණක් රෝගය තව කෙනෙකුට බෝවිම සිදුවීම විශේෂ තත්ත්වයකි.
    මුලික රෝග ලක්ෂණ

    • දින 5ත් 7ත් අතර පවතින තද උණ, හිසරදය, වමණය, ඇද්වටා වේදනාව, මාංශ පේශී වල වේදනාව, හංදි ආශිත වේදනාවන්, කොන්දේ වේදනාව, බඩේ කැක්කුම සහ රතු ලප මතුවීම යන ඒවාය.
    • විශේෂ තත්ත්වයක් ලෙස සමහරුන්ට මුලික රෝග ලක්ෂණ පෙන්වන්නේම නැත.
    • ඇතැමුන්ට මෙම රෝග ලක්ෂණ පෙන්වා පසුව රෝගය අඩුවී ගියද පසුව නැවතත් ඩෙංගු රක්තපාත තත්ත්වය(Dengue hemorrhagic Fever) ඇතිවිය හැකිය.
    ඩෙංගුරක්තපාතයයනුකුමක්ද?
    ඩෙංගු රෝගයේ ත්‍රීව අවස්ථාවට පැමිනි විට හදුන්වන්නේ මේ නමිනි. මෙහිදී සම යට කුඩා රත් ලප මතුවීම පැහැදිලිව දැක ගත හැක. අමතරව ඇස් රතු පැහැ ගැන්වීම, අභ්‍යන්තර සහ බාහිර රක්තපාතය (නාසයෙන් හා විදුරු මසු වලින් ලේ ගැලීම), වමනය හෝ මළ කළු හෝ දුඹුරු පැහැ ගැනීම, රුධිර පට්ටිකා(Platelets) අගය සිග්‍රයෙන් පහල බැසීම, රුධිර ප්ලාස්මා(Blood plasma) කාන්දු වීම, රුධිර පීඩනය පහල බැසීම (low Blood pressure) දැක්වීය හැක. මෙහි අවසාන ඵලය වන්නේ මරණයට පත් වීමයි. බොහෝ කලාතුරකින් මෙම තත්ත්වයෙන් මිදි සුව වන අවස්ථා ඇත. බටහිර ප්‍රතිකාර ලෙස පළමුව සිදුකරන්නේ උණ වැලදී දින දෙකකින් පමණ සිදුකරන රුධිර පරීක්ෂණය මගින් රෝග තත්ත්වය නිශ්චිතවම අදුනා‍ ගැනීමයි. හැකි තරම් වතුර, පළතුරු යුෂ(විශේෂයෙන් ඇපල් යුෂ), ජීවනී වැනි දියර වර්ගද සේලයින් ප්‍රතිකාරය දීම යන ඒවා ඉන් අනතුරුව කරනු ලැබේ.රෝහල තුලදී ලැබෙනා ඇද විවේකය(Bed rest)මෙහිදී විශේෂ කාර්යයක් ඉටු කරයි. ඇස්පීන් අඩංගු ‍‍ඖෂධ මෙහිදි නිර්දේශ නොකෙරේ.




    විශේෂ
    මෙහිදී සදහන් කල යුතු විශේෂ කරුණක් ඇත. එනම් රුධිර පට්ටිකා බිදීම වලක්වමින් රුධිර පට්ටිකා ගොඩනැගීමට උපකාරි වනවා යැයි යන මතයේ පිහිටා ‍ගස්ලබු දළු යුෂ රෝගීන්ට බීමට දීමේ නොනිල ප්‍රතිකාරයක් සමාජයේ ස්ථාපිතව ඇත. මෙය තවම විද්‍යාත්මකව පර්යේෂණ මගින් තහවුරු කරගෙන නැතත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පැහැදිලිය. කෙසේ නමුදු මෙම ප්‍රතිකාරය පවා රෝගීන්ට කිරීමේදී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබාදීමට කටයුතු කිරීම වඩාත් ප්‍රතිඵල දායක සහ ප්‍රඥාගෝචර විය හැක. ගස්ලබු යුෂ ප්‍රතිකාරයට අමතරව ආයුර්වේදයේ දක්වා ඇති විවිධ ජ්වර රෝග සදහා දෙනු ලබන විවිධ ජ්වරනාශක ඖෂධයන් මගින්ද ඩෙංගු රෝගය සදහා විශ්මිත ප්‍රතිළුල අත්කරදෙන බව ප්‍රායෝගිකව සොයා ගෙන ඇත.




    මෙම ලිපිය තුලින් අප වඩාත් අවධානය‍ යොමු කරන්නේ ප්‍රතිකාරයට වඩා ආරක්ෂා වීම (prevention is better than cure) මෙවැනි රෝග සම්බන්ධයෙන් ගත හැකි හොදම මාර්ගය බව පැවසීමටයි. මක් නිසාද අනවශ්‍ය අවධානමක් ගෙන තම ජීවීතය තම සමීපයන්ගේ ජීවීත අනතුරේ හෙලීමක් එයින් වැලකෙන බැවීනි. ඒ සදහා හාකි තාක් තමාගේ නිවස සහ එහි වටපිටාව පිරිසිදුවත් අනවශ්‍ය ලෙස වතුර එක්රැස් වීම් වලින් තොරව පවත්වා ගෙන යාමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යය.



    මෙම මදුරුවන් වැඩි වශයෙන් බෝවෙන්නේ පිරිසිදු ජලය සහිත ස්ථාන වල බව සොයා ගෙන ඇත.එනිසා පිරිසිදු ජලය එක්රැස් විය හැකි හිසි ටින්, පොල්කටු, වලං සහ භාජන, තැඹිලි කෝම්බ වැනි එවා විනාශ කිරීම හෝ වල දැමීම සිදු කල යුතුය. නිවෙස් වල අලංකාරයට තබා ඇති මල් බදුන් වල මල් පර වීම වලක්වා ගැනීම සදහා දමනු ලබන ජලයට ලුණු කැට ස්වල්පයක් එක් කිරීමෙන් නිවෙස තුල මදුරුවන් බෝවීම වලක්වා ගත හැක. වැහිපීලි වතුර නොරැදෙන සේ දින දෙක තුනකට වරක් වත් සුද්ධ කරන්න. එසේම වතුර රැදිය හැකි විශාල මල්ගස් වල වතුර රැදීම වලක්වන්න.


    පුද්ගලිකව තම සිරුර මදුරු දෂ්ඨයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සුදුසු ඇදුම් ඇදීම, රාත්‍රී නින්දට යන විට මදුරු දැල් වලින් සයන ආරක්ෂා කර ගැනීම සහ මදුරුවන් විකර්ෂණය කරන පැඟිරිතෙල් වැනි ආලේපන ශරීරයේ ගැල්වීම සිදුකල හැකිය. තමන් දැනුවත් වීමට අමතරව අන් අයද මේ පිළිබදව දැනුවත් කිරීම, ඔවුන්ටද තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත් කම පැහැදිලි කර දීම අනෙක් කාර්යයයි.




    මෙවැනි රෝග සදහා සිවිල් පුද්ගලයින් වශයෙන් සහ සමාජයක් වශයෙන් තම තමන්ගෙන් ඉටුවිය යුතු සමාජ වගකීම සියල්ලන්ම ඉටුකරන්නේ නම් ඉතා පහසුවෙන් මෙවැනි රෝග ව්‍යාප්තිය අවම කර ගත හැකිය.


    :yes::yes:
    මූලාශ්‍රය

    Code:
    http://wedananasala.org/sinhala/
    http://www.wedasa.info
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ඩෙංගු වලට හොඳ කරගන්නම අමාරුනම් වෙන මොනවත් කරන්න බැරිනම් :sorry: පැපොල් කොළ අරගෙන නාරටිය අයින් කරලා කොළ ටික හොඳට කොටලා අරන් ඉස්ම මේස හැඳි දෙක ගානේ දවසට සැරයක් දුන්නම් ඩෙංගු සුව වෙනවා කියල සුබ සෙත (නම හරියටම මතක නෑ :confused:) සඟරාවේ තිබ්බ මට මතකයි. හැබැයි ගොඩක් තිත්තයිලු !!