ඩෙංගු රෝග විනිශ්චය කිරීම

poomal

Member
Sep 29, 2016
170
45
0
ඩෙංගු රෝග විනිශ්චය කිරීම

ඩෙංගු රෝග විනිශ්චය කිරීමට පට්ටිකා ප්‍රමාණය බලන බැවින්, සාමාන්‍ය ජනයා හිතන්නේ, ඩෙංඟු වල ප්‍රධාන අවුල පට්ටිකා අඩුවීම ලෙසයි. පට්ටිකා යනු දර්ශකයක් පමණක් බව, හොඳින් සමාජගත වන්නේ නැහැ. ඩෙංඟු වල භයානක කම, පට්ටිකා අඩු වීම නොව, ප්ලස්මාව ලීක් වීම(රුධිර, නාළ වලින් පිටතට යාම) බව, සමාජ ගත විය යුතුයි. ප්ලස්මාව ලීක් වන ප්‍රමාණය වැඩි පුද්ගලයකු කලින් හඳුනා ගැනීමට, පට්ටිකා අඩුවීම දර්ශකයක් ලෙස භාවිතා කල හැකි බවත්, එය රෝගයේ බරපතල බවට සෘජුව දායක නොවන බව සමාජ ගත විය යුතුය. ඩෙංඟු මුල්වර ආසාදනය හැම විටම සාමාන්‍ය වෛරස උණකි. එමනිසා ඩෙංඟු ආසාදනයේ 99%ම සාමාන්‍ය වෛරස උණකි. මෙය බොහෝදෙනා සාමාන්‍ය වෛරස උණක් ලෙස පමණක් ගණන් ගන්නකි.ප්‍රශ්ණය ඇති වන්නේ දෙවන වර ආසාදනයෙනි. පලමුවන වර ආසාදනයේදී සෑම වෛරස ආසාදනයකට මෙන්ම මෙයටත් සිරුර ප්‍රතිදේහ නිපදවනු ලබයි. එම ප්‍රතිදේහ නිපදවන සෛල දෙවන වර ආසාදනයක් පැමිණෙන තෙක් නිද්‍රශීලී ස්වභාවයක සිරු‍රේ වෙසෙනු ලබයි දෙවන වර ආසාදනයක් පැමිණි පසු, කලින් නිද්‍රශීලී වූ සෛල අවදි වී ප්‍රතිදේහ නිපදවනු ලබයි. දෙවන ආසාදනය වෙනත් ඩෙංඟු වර්ගයකින් වූ විට සිදුවන්නේ, අනෙක් වර්ගවල ඇති සුළු අසමානතා නිසා, නිපදවන ලද ප්‍රතිදේහ එම වෛරස සඳහා 100% ගැපපෙන්නේ නැති වීමයි. එබැවින් වෛරස විනාශ කිරීම සාර්ථක නොවේ, එබැවින් කලබල වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විශාල ප්‍රමාණ වලින් ප්‍රතිදේහ නිපදවනු ලබයි. කෙසේ හෝ දින දෙක තුනකින් වෛරසය විනාශකිරීමට ඔවුන්ට මෙවරද හැකි වේ. නමුත් සිදුවු කලබල වීම දිගටම පවතී. ඩෙංඟු වල මාරාන්තික වන්නේ මේ කලබල වීමයි. එසේ සෑදෙන අතිරික්ත ප්‍රතිදේහ නිසා, ඇතිවන ප්‍රතික්‍රියා නිසා, රුධිර නාළ වල සියුම් සිදුරු ඇති වේ. මෙවායින් රුධිර ප්‍ලස්මාව අන්තර්ශෛලීය අවකාශයට ලීක් වීම ආරම්භ වේ. ඩෙංඟු critical වීම යනු මෙයයි. විශාල ප්‍රෝටීන හා රුධිර සෛල ව්ශාල බැවින් ලීක් නොවී රුධිර නාළ තුළ රැඳේ. ලීක් වන්නේ වතුර පමණකි. මෙසේ ලීක්වීම ක්‍රමයෙන් වැඩීවී මුල් පැය 24 උපරිම වී, පසුව ක්‍රමයෙන් අඩු වී පැය 48දී අවසන් වේ.
මේ ලීක් වන අවධියේදී ප්‍ලස්මාව ලීක්වීම නිසා, රුධිර පරිමාව අඩුවන බැවින්, රුධිර පීඩනය පවත්වාගැනීමට සිරුරේ යාමනය කරන යාන්ත්‍රණ වලට හැකියාව ගිලිහීමෙන් shock තත්ත්වයට පත්විය හැක.
එබැවින් ලීක්වන ප්‍රමාණයට ගැලපෙන පරිදි රුධිර පීඩනය පවත්වාගැනීමට හැකි පරිදි මනින ලද දියර එම පැය 48 තුළ ලබා දීම ඩෙංඟු රෝගයට ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන සිද්ධාන්තයයි. මෙසේ රුධිර පීඩනය පවත්වාගැනීමට කියා හිතුමතේ දියර ලබාදිය නොහැක්කේ, ලීක් වන පැය 48 පසු වු පසු, එසේ ලීක් වු දියර නැවත උරා ගන්නා බැවිනි. ඩෙංඟු මරණ බහුතරය සිදුවුයේ මේ අවස්ථාවේදීය. ඕනෑවට වඩා දියර දීම, වැඩි දියර ප්‍රමාණයක් ලීක් කිරීමට හේතු වන අතර, එසේ වැඩි දියර ප්‍රමාණයක්, වැඩි පරිමාවක් රුධිර සංසරණ පද්ධතියට කෙටි කාලයකදී ඇතුළුවීම, හදවතට දරාගත නොහැකි අතර, heart failure තත්ත්වය ඇතිවීමට මෙය හේතුවන අතර, එමගින් පුද්ගලයා මිය යා හැක.
රුධිර පීඩනය අඩුවන විට වකුගඩු මගින් මුත්‍රා පෙරීම අඩු කරන අතර, එබැවින් මුත්‍රා මැනීම, රෝගියාගේ ප්ලස්මාව ලීක්වීම ගැන අදහසක් ගැනීමට හොඳ දර්ශකයකි.
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ත්‍රේඩ් එකක්

    මේක තේරුම් නොගන්න නිසා තමයි ඔය පට්ටිකා වැඩි කරන්න කියලා තෙල් වර්ග සල්ලිවලට ගන්නේ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,748
    2,218
    113
    Nugegoda
    පට්ටිකා වලින් දැන් හරියටම කියන්න බෑ උණ හැදුන මුල් දවස්වල ඒකට NS1 antigen ටෙස්ට් එක තමයි හරියන්නෙ උණ හැදිල මුල් දවස් 3 ඇතුලත.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    ඔව් බන් අපේ අයිය කෙනෙක් නැතිඋනා 2012 :( ICU එකේදී හම අල්ලන අල්ලන තැනින් ලේ පිට වෙන්න ගත්ත. :(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,673
    28,717
    113
    Hospital ekatama wade baradila hitiyoth iwara thamai. Parents/relatives/friends la harak da?

    රෝහලේ නොසැලකිල්ලෙන් මියගිය රොමාලිගේ ප්‍රතිකාර බිල රුපියල් 780,000ක් ! Featured

    - Jun 28, 2017

    b6ce9e16b8fff226b4be19c3b4cba45b_XL.jpg


    2017 අප්‍රේල් 7 වැනිදා දෙහිවල රොමාලි ද සිල්වා ඩෙංගු උණ හේතුවෙන් මිය ගියේ කොළඹ සුපිරි රෝහලක් වන සෙන්ට්‍රල් හොස්පිට්ල් හිදී ය. දින හතකට වඩා ඇය රෝහල්ගත වී සිටියාය. බ්‍රැන්ඩික්ස් සමාගමේ විධායක ධුරයක් දරමින් සිටි මේ තරුණිය මෙම අකල් මරණයට ගොදුරු වන විට 25 හැවිරිදි ය. කීර්තිමත් නොටින්හැම් සරසවියෙන් සංයුක්ත මනෝවිද්‍යාව සහ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා සිටි ඈ, සිය අලෙවිකරණ අධ්‍යයන කටයුතුවල අවසන් අදියරේ යෙදී සිටියාය. තවද ඇය කොළඹ 7 කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක ද වූවාය.
    උන රෝගයෙන් පෙළෙමින් සිටි රොමාලි ව සෙන්ට්‍රල් හොස්පිට්ල් වෙත ඇතුළත් කළේ ඇගේ දෙමාපියන් විසිනි. ඇයව වාට්ටුවට ඇතුල් කිරීමට ක්‍රියා කළ නේවාසික වෛද්‍යවරයා ඇගේ තත්වය එතරම් බරපතළ ලෙස ගණන් නොගත්තේ ඔහුගේ විශේෂඥ වෛද්‍යවරයා විසින් ඇයව පසුව පරීක්ෂා කරනු ඇතැයි කී නිසා ය. කෙසේ නමුත් ඇයව රෝහල් ගත කළ යුතුම බව රෝහල විසින් ඇගේ දෙමාපියන්ට තරයේ කියා තිබිණි. ඔවුන් රෝහල් බිල දැරිය හැකි මට්ටමේ අය බව දන්නා නිසා රොමාලිට රෝහලේ සුඛෝපභෝගී කාමරයක් ලබාදීම සිදුවිය. ඇය ව පරීක්ෂා කළ වෛද්‍යවරයා පණ්ඩුක කරුණානායක බව අපට දැනගන්නට ලැබී තිබේ.

    රොමාලිගේ නාසයෙන් ලේ ගලන්නට පටන් ගත් විට රෝහල් කාර්ය මණ්ඩලය ඇගේ දෙමාපියන්ට කියා තිබෙන්නේ ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි රෝග විනිශ්චයෙන් සනාථ වී ඇති නිසා, මෙසේ නාසයෙන් ලේ ගැලීම සාමාන්‍ය තත්වයක් බවත් ඒ ගැන බයවෙන්නට කිසිම දෙයක් නැති බවත් ය. කෙසේ නමුත් අප සමග කතා කළ එක් වෛද්‍යවරයෙක් පැවසුවේ රෝගියා රක්තපාත තත්වයෙන් පෙළෙමින් සිටි නිසා මෙය වෛද්‍ය විද්‍යාත්මකව හදිසි තත්ත්වයක් වන බැවින් රෝහල දැඩි විමසිලිමත් භාවයෙන් පසුවියයුතුව තිබූ බවට ය. කෙසේ නමුත් මෙසේ නාසයෙන් ලේ ගලනය සිදුවන විට පවා රෝහල් කාර්ය මණ්ඩලය විසින්ජේෂ්ඨ වෛද්‍යවරයෙකු ව කැඳවූයේ නැත. මියයාමට පෙර රාත්‍රියේ ඇය දරුණු උදරයේ වේදනාවක් ගැන පැමිණිලි කර තිබිණි. රෝහල එවිට කියා තිබුණේ ඇයට ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳී ඇති බව ය. ඒ සඳහා ගැවිස්කොන් ඖෂධය ද ලබාදීම සිදුවිය. පසුව ඇය දරුණු අතේ වේදනාවක් ගැන පැමිණිලි කළාය. එය, ඇයට බරපතළ හෘත් අකරණියකට (හදිසි හෘදයාබාධයකට) ලක්වීමට යන බවට නිසැක පෙර ලකුණක් විය. මෙවිට වෛද්‍යවරයෙක් කියා තිබෙන්නේ එය මාංශපේශී වේදනාවක් බව ය. ඉන්පසු ඇගේ උරහිසට සම්බාහන ප්‍රතිකාරද ලබාදී තිබිණි.

    කෙසේ නමුදු දින 7 ක් පුරා රොමාලිට සිදුකරනු ලැබූ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 780000ක් ගෙවන ලෙස බිල් පතක් ඇගේ දෙමාපියන්ට ලබා දී තිබුණි.

    මේ අවාසනාවන්ත සිද්ධිය හේතුවෙන් තවමත් කම්පනයෙන් පසුවන දෙමාපියන් විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර ඇත. වෘත්තීය නොසැලකිල්ල සම්බන්ධයෙන් වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ද දෙමාපියෝ සූදානමින් සිටිති. අද වන විට මහජනතාවගේ බදු මුදල්වලින් වෛද්‍යවරුන් වශයෙන් සුදුසුකම් ලබන බොහෝ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ක්‍රියාකරන්නේ තමන්ගේ හිතුමතයට සහ බලහත්කාරී ආකාරයකට ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන ක්‍රියාකලාපය ද මේ සඳහා හොඳ උදාහරණයකි. වැඩවර්ජනය කරමින් මේ රටේ අසරණ ජනතාව අපහසුතාවට පත් කරන වෛද්‍යවරුන්ට මෙයින් ඉදිරියට පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදීම තහනම් කළ යුතුය. තවද ශ්‍රී ලංකාවේ මෙවැනි අවසානාවන්ත සිද්ධීන් මින් ඉදිරියට සිදුනොවීම සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වඩා හොඳින් නියාමනයට ලක්කළ යුතුය.


    - http://sinhala.lankanewsweb.net/news/item/9469-780-000