ඩෙංගු වලට බේත් තියෙද්දි, දරුවන්ට රට බේත් එ#
Source
Source
Sourceදේශීය ඖෂධවලින් රක්තපාත තත්ත්වයට යෑම නතර කළ හැකියි
රෝගීන් මැරෙන්නේ රක්තපාත උණෙන්
බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්
වෛද්‍ය නිමල් කරුණාසිරි![]()
රටපුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දින දිනම ඉහළ යයි. ඩෙංගු රෝගීන් වැඩිදෙනා යොමු වන්නේ බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයටය. එහෙත් බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා විසින් ඩෙංගු රෝගයට දේශීය ප්‍රතිකාර ලබා දිය හැකි බව ද, ඉතා සාර්ථකව ඩෙංගු උණ ඩෙංගු රක්තපාතය දක්වා වර්ධනය වීම මැඬ පැවැත්වීමට හැකියාව ඇති බව ද ප්‍රකාශයක් කර තිබේ. අපි ඒ පිළිබඳව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ම. හේ නිමල් කරුණාසිරි මහතා කතා කළෙමු.
දේශීය වෙදකම මඟින් ඩෙංගු සුවකළ හැකියැයි ඔබ ප්‍රකාශ කර තිබුණා.
සුවකළ හැකියි. ඩෙංගු රෝගය ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා වර්ධනය වීම නවතා දැමීමට දේශීය හා ආයුර්වේද ක්‍රමයේ භාවිත වන ඖෂධ යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.
ඩෙංගු කියන්නේ අතීතයේ සිටම පැවත ආ රෝගයක්. මේ රෝගය වැලඳෙන සියලු දෙනා මිය යන්නේ නැහැ. රෝගීන් දහසකට එක් අයෙක් පමණයි මිය යන්නේ. ඒ සඳහා දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ‘විෂම ජ්වරය’ ලෙස හඳුන්වන උණ රෝගයට කරන ප්‍රතිකාර කිරීම ප්‍රතිඵලදායකයි.
වර්තමානයේ රෝගය මෙතරම් දරුණු ලෙස පැතිර යාමට හේතුවක් ඔබ හඳුනාගෙන තිබෙනවා ද?
හේතු කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු වෛරසයක් හේතුවෙන් බෝවන රෝගයක්. මේ වෛරසයට එරෙහිව ශරීරයේ ස්වයං ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වෙනවා. එහෙත් වර්තමානයේ ඇතැම් පුද්ගලයන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හීන වෙලා. ඒ හේතුවෙන් රෝගයට ඔරොත්තු දීමේ හැකියාව නැතිව යනවා. එය රෝගය දරුණු ලෙස පැතිර යාමට හේතුවක්.
අනෙක් හේතුව පරිසර පද්ධතිය නිසි ලෙස කළමනාකරණය නොකිරීමයි.
තවත් හේතුවක් ලෙස මිනිසුන්ගේ චර්යා රටාවන් වෙනස්වීම දක්වන්න පුළුවන්. මෑත අතීතයේදී පවා ලාංකිකයන් හවස නිවසට දුම් ඇල්ලීම වැනි ක්‍රියාවන් කළා. එමඟින් මදුරුවන් පමණක් නොවේ සියලු කෘමි සතුන් මිනිස් වාසස්ථාන අසලින් ඉවත් වුණා. දැන් එවන් දේ දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ඉතින් මදුරුවන් නිවෙස් කරා එනවා.
මදුරුවන් නිවෙස් කරා ඒම වළකා ගැනීමට ඔබ දෙන උපදෙස් මොනවා ද?
මදුරු විකර්ශක ශාක ලෙස හඳුනාගෙන ඇති මදුරුතලා, දාස්පෙතියා හා පැඟිරි කුලයේ ශාක ගේ අවට වවා ගැනීම යෝග්‍යයි.
මදුරුතලා පොඩිකර ගෙතුළ දැමීම බෙහෙත් ඖෂධවලින් දුම් ඇල්ලීම මදුරුවන් මිනිස් වාසස්ථාන වලින් ඉවත් කර ගැනීමට කළ හැකි ක්‍රියාවන් මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළැකී සිටීම සඳහා මදුරු විකර්ශක සුගන්ධවත් පැඟිරි තෙල් වැනි තෙල් වර්ග ශරීරයේ ආලේප කර ගත හැකියි.
ඔබ පරිසර පද්ධතිය කළමනාකරණය පිළිබඳ කතා කළා.
පරිසර පද්ධතිය කළමනාකරණය ඉතා වැදගත්. ඩෙංගු රෝග වාහකය වන්නේ ඩෙංගු මදුරුවා. ඩෙංගු වෛරසය පැතිර යාම මැඬ පැවැත්වීමට වාහකයා නැතිකර දැමිය යුතුයි.
ඒ සඳහා මදුරුවන් බිහිවන ස්ථාන නැතිකළ යුතුයි. ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ පිරිසිදු නිශ්චල ජලයේ පමණයි. අපිරිසිදු ජලයේ බිත්තර දැමුව ද මදුරු කීටයන් සුහුඹුලන් බවට පත්වන්නේ නැහැ. අපිරිසිදු දුර්ගන්ධය හමන ජලයේ ඇනයිරොයිබික් බැක්ටිරියා ක්‍රියාකාරී වෙනවා. ඔක්සිජන් අඩු මාධ්‍යයක ජීවත්වන මෙම බැක්ටීරියා හේතුවෙන් මදුරුවන් බෝවීම වළක්වනවා. එහෙත් එම බැක්ටීරියා පිටගැස්ම වැනි රෝග ඇති කරන බව මතක තබාගත යුතුයි.
අපි ඩෙංගු මර්දන ක්‍රියාවලියේදී නිවෙසේ හා අවට ඇති සියලු අපවිත්‍ර තැන් පිරිසිදු කරනවා. අපිරිසිදු ජලය ඉවත් කර දමනවා. නමුත් කළ යුත්තේ පිරිසිදු ජලය රැස්වීම වළකාලීමේ ක්‍රියාවලියයි. නිවාරණ කාර්යයේදී එය අවබෝධයෙන් කිරීම ඉතාම වැදගත්.
මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම ගැන ඔබ අදහස් දැක්වූවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?
ඕනෑම රෝගයකට එරෙහි ස්වයං ප්‍රතිශක්තිකරණයක් මිනිස් සිරුරේ වර්ධනය වීම ස්වභාවයක්. ඩෙංගු වෛරසයට එරෙහි මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා.
වර්තමානයේ ජනයා භාවිත කරන ආහාර ඇතැම් ඖෂධ හා විහරණ හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය හීන වෙලා. මිනිස් සිරුර රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මේ වන විට අඩු වී තිබෙනවා.
ස්වයං ප්‍රතිශක්තිකරණය හීනවීමට ආහාර බලපෑම් කරන්නෙ කෙසේ ද?
අපේ පැරැණි ස්වභාවික ආහාර රටාව වෙනස් වෙලා, කෘත්‍රිම ආහාර රසායනික ද්‍රව්‍ය මුසු ආහාර, ක්ෂණික ආහාර භාවිතයෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. අපි නිරාවරණය වූ පරිසර පද්ධතියක ජීවත්වූ ජන කණ්ඩායමක්. වර්තමානය වන විට ක්‍රියාකාරිත්වයෙන් තොර ආවරණය වූ පරිසරයක ජීවත්වීමට හුරු වී සිටිනවා. මේ හේතුවෙන් ද ශරීරයේ ප්‍රතිශක්තිකරණය ක්‍රමයෙන් දුර්වල වීමක් දක්නට ලැබෙනවා.
මිනිසා පරිසර පද්ධතියට ඔරොත්තු දීමට හැඩ ගැසෙනවාට වඩා වැඩි වේගයකින් වෛරස් හා කෘමි විශේෂ (මදුරුවන්) පරිසර පද්ධතියට ඔරොත්තු දීම සඳහා හැඩ ගැසෙනවා. රෝග බෝ කරන ජීවින්ගේ ක්‍රියාකාරිත්වය වැඩිවීම හේතුකොටගෙන මිනිසාගේ රෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා. එසේත් නැත්නම් නැතිවී යනවා.
ඩෙංගු රෝගය වැලඳුණු පළමු අවස්ථාවේදීම කළ යුත්තේ කුමක් ද?
උණ රෝගයක් වැලඳුණු පළමු අවස්ථාවේදීම ආමාශයේ ජීර්ණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ලුණු කැඳ හෝ ඖෂධීය කැඳ වර්ග ලබාදීම යෝග්‍යයි. ඩෙංගු රෝගියකුට නම් බිංකොහොඹ කැඳ, යකිනාරං කොළ කැඳ ලබාදීම ඉතාම යෝග්‍යයි. අනතුරුව උණ රෝගය පාලනය සඳහා දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ජ්වර අවස්ථාවට නියමිත කෂාය දිය යුතුයි. ඉන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන අතරම උණ පාලනය වෙනවා.![]()
වෙනිවැල් ගැට පත්පාඩගම් අඩංගු විශේෂ කෂාය වර්ග උණ පාලනය කර ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරනවා. ඒ සියල්ලට අමතරව බිංකොහොඹ භාවිතයෙන් සැකැසු සුදර්ශන චූර්ණය රෝගියාට වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාව ලබා දීම කළ යුතුයි.
මේ ඖෂධ රෝගියා මාරාන්තික තත්ත්වයට පත්වීම වළක්වා ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනු ලබනවා. ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වූ රෝගියකු සුවකර ගැනීමේ හැකියාව ඉතා අවම බැවින් රෝගය ඩෙංගු රක්තපාත තත්ත්වයට යාම වළක්වා ගැනීම ඉතා වැදගත්.
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබනවා ද?
ආයුර්වේද කොමසාරිස් (බස්නාහිර පළාත්) ලෙස මම බස්නාහිර පළාතේ ආයුර්වේද රෝහල් වෙත ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කළ යුත්තේ කෙසේ ද යන්න සඳහන් චක්‍ර ලේඛයක් නිකුත් කොට තිබෙනවා. රෝගය පිළිබඳ දැනුමක් ඇති වෛද්‍යවරුන් ඊට යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අමතරව රෝග නිවාරණ කාර්යයට ද අප දෙපාර්තමේන්තුව නිවැරැදි උපදෙස් ලබා දෙනවා.
ඩෙංගු රෝගය සඳහා නිපදවන ලද අලුත් ඖෂධය පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
එම ඖෂධ ශරීරගත වූ කිසිඳු රෝගියකු හට අතුරු ආබාධ හෝ මරණය ළඟාවී නැහැ. එබැවින් එම ඖෂධය පිළිබඳ පර්යේෂණ මට්ටමින් කටයුතු කිරීම යෝග්‍යයි. එම ඖෂධය නිපදවූ වෛද්‍යවරියට පර්යේෂණ මට්ටමින් කටයුතු කිරීම සඳහා මීගොඩ ආයුර්වේද රෝහලේ වාට්ටුවක් විවෘත කර දීමටත් මම කටයුතු කර තිබෙනවා.
වෛද්‍යවරයකු ලෙස ඩෙංගු ගැන ඔබ ජනතාවට දෙන පණිවිඩය කුමක් ද?
පරිසර පද්ධතිය කළමනාකරණය කරන්න. මදුරු දෂ්ටයන්ගෙන් වැළකී සිටින්න. උණ වැලඳුණ විට සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වී අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබාගන්න. ඩෙංගු වෛරසය ශරීරගත වී ඇතැයි හඳුනාගත් සැණින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වන හා ආමාශයේ ජීර්ණ ක්‍රියාවලිය ශක්තිමත් වන ඖෂධීය කැඳ වර්ග භාවිත කරන්න. ඉන් ඩෙංගු රක්තපාත තත්ත්වයට යොමු වීමෙන් වැළකී සිටීමට හැකියාව ලැබෙනවා.
ටෙක්ලා පද්මිණි කාරියවසම්
ලංකාවේ බේත් හදල තියෙද්දි, ඒවගෙන් එක ලෙඩෙක්වත් නොමැරී තියෙද්දිත්, පිටරට 1%ක් වත් විශ්වාසයක් තියන්න බැරි දේවල් අපේ දරුවන්ට දීලා පරික්ෂා කරන්න තරම් "බත් කන හරක්" රොත්තක්ද දොස්තර ඉස්කෝලෙන් බෝවෙලා තියෙන්නේ ?ඇමරිකාව, ජපානය ඩෙංගු එන්නතක් ලංකාවේ දරුවන්ට විද අත්හදා බලයි..
April 26, 2016 at 6:48 pm | lanka C news
ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජපානයේ ක‍්‍රියාත්මක වන එන්නත් පර්යේෂණ ආයතනයක් විසින් ඩෙංගු රෝගය පාලනය කිරිෙමි නව එන්නතක් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සදහා ලෝකයේ රටවල් 10 ක් තෝරාගෙන ඇත. ඒ සදහා තෝරාගත් එකම ආසියානු රට වන්නේ ශ‍්‍රී ලංකාවයි.![]()
ඩෙංගු මදුරු අවදානම වැඩි කොළඹ දිස්ත‍්‍රික්කයේ ළමයින් 4000 ක් පමණ තෝරාගෙන අදාල එන්නත මාත‍්‍රා 02 ක් ලබා දී පර්යේෂණ සිදු කිරීමට නියමිතය. එම පර්යේෂණය සාර්ථක වුවහොත් ඉදිරියේ දී අදාල එන්නත ශ‍්‍රී ලංකාවට හදුන්වාදීමට නියමිතය. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය යටතේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ පසු ජාතික ප‍්‍රතිශක්තීකරණ වැඩසටහනට එම එන්නත ඇතුළත් කිරිමට කටයුතු යොදා ඇත.
මෙම පර්යේෂණය සදහා වූ ගිවිසුම අත්සන් කිරීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිනි. එම අවස්ථාවට නව එන්නත් පර්යේෂණ ආයතනයේ උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. මෙම අවස්ථාවට රාගම වෛද්‍ය විද්‍යාලයේ ඖෂධෙවිදය පිළිබඳ මහාචාර්ය අකිත ද සිල්වා මහතා සහ වෛද්‍ය හසිත තිසේරා මහතා ද එක්ව සිටියහ.
Last edited:
