ඩෙනිම් හෝදන්න එපා

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    ඩෙනිම් හෝදන්න එපා

    images


    ඩෙනිම් ජීන්ස්‌ බොහෝ දෙනාගේ සිත් දිනාගත් පහසු ඇඳුමක්‌. එක්‌ ඇඳීමකට පසුව එහෙමත් නැතිනම් ඇඳීමේ වාර තුන හතරකට පසුව ඩෙනිම් ජීන්ස්‌ හෝදන්න ගොඩක්‌ අය පුරුදු වෙලා සිටිනවා. නමුත් එසේ සේදීම නොකළ යුතු බවට ඩෙනිම් ජීන්ස්‌ ලෝකයේ සුප්‍රසිද්ධ ලීවයි ස්‌ට්‍රව්ස්‌ සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චිප් බර්ග් පවසනවා. ලීවයිස්‌ 501 ජීන්ස්‌ සිය 141 උපන්දිනය සැමරූ මැයි 20 දින ෆොර්චූන් සඟරාවේ සාකච්ඡාවකට සහභාගි වූ ඔහු තමා ඇඳ සිටින ජීන්ස්‌ වසරකින්ම සෝදා නැති බවත් ඒවා සේදීමට තව කල් ඇති බවත් හෙළි කර සිටියා. එය පිළිකුලක්‌ ඇති කරන කාරණයක්‌ වූවත් විලාසිතා නිර්මාණකරුවන් සහ නියම ඩෙනිම් අනුගාමිකයින් පවා ඩෙනිම් ජීන්ස්‌ නොසේදීම අනුමත කරනවා. ලීවයි ස්‌ට්‍රව්ස්‌ සහ සමාගමේ අධ්‍යක්‌ෂකවරයෙකු වන මයිකල් කොබෝර් පැහැදිලි කරන ආකාරයට නියම ජීන්ස්‌ ප්‍රියකරන්නන් හිර ජීන්ස්‌ කට්‌ටලයක්‌ අඳින්නට ගෙන වසරකට වරක්‌ හෝ දෙවරක්‌ එය පිටින්ම නාන බාල්දියක බැස වතුර ජීන්ස්‌ වලට උරා ගත්පසු වේලෙන්නට එල්ලා තබයි. එයින් ජීන්ස්‌ සිරුරේ අච්චුවට සැකසීමත් කල්පැවතීමත් ඇතිවෙනවා.

    වැඩි මිලක්‌ ගෙවා හිමිකර ගන්නා ඔබේ ප්‍රියතම ඩෙනිම් ජීන්ස්‌ රෙදි සෝදනයට දැමීමෙන් පාට අඩුවී හැකිලී ඉක්‌මනින්ම විරූපි වන්න පුළුවන්. අතින් සේදීමකදී වූවත් කාලයක්‌ යන විට එසේ වන්න පුළුවන්. සෝදන්නේ නැතිව කීප විටක්‌ අඳින විට ඩෙනිම් ජීන්ස්‌ වලින් ගඳක්‌ හමනවා. සුදු විනාකිරි හෝ වොඩ්කා ඉස එළිමහනේ එල්ලා තැබීමෙන් ගඳ නැතිකර අලුත් බවක්‌ ලබා දීමට හැකි බව විශේෂඥයින් පවසනවා. මාසයකට වරක්‌ ඩෙනිම් ජීන්ස්‌ ශීතකරණයෙ තැබීමෙනුත් ගඳ ඇතිකරන බැක්‌ටීරියා මරා දමන්නට පුළුවන්. එහිදී ජීන්ස්‌ වල ඇති සළු පැල්ලම් තෙත රෙදි කැබැල්ලකින් පිස දමා කනපිට හරවා නවා ප්ලාස්‌ටික්‌ කවරයක හොඳින් අසුරා ගැනීම අවශ්‍ය වනවා. ඉන්පසු ශීතකරණයේ ෆෙරන්හයිට්‌ අංශක 32 ට අඩු උෂ්ණත්වයක දින දෙකක්‌ පමණ තබා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම බැක්‌ටීරියා මරා දමන්නට පළුවන්.


    wash-raw-denim-1-622.jpg