awulak naha.kisima irisiyawak naha.eth rathupas wala kare katha wade.salli thibbata manussakama naha wage.
![]()

yako uta benz collection ekak thiynwa
කෝටිපති ව්‍යාපාරිකයෙකු CHOGM බෙන්ස් රථ 4ක් මිලට ගැනීමේ සුදානමින්
පසුගිය කාලයේ පොදුරාජ්‍යය මණ්ඩලීය සමුළුවට ගෙන ආ නවීනතම බෙන්ස් රථ ගැන බොහෝ කතා බහට ලක්වූ අතර ඒවා ප්‍රයෝජනයට ගැනීමෙන් අනතුරුව මැති ඇමතිවරුන්ට ලබා දීමේ සුදානමක්ද එකල තිබුණි.
නමුත් ජනාධිපතිවරයා සමුළුව අවසන් වීමෙන් අනතුරුව පැවසුවේ එම බෙන්ස් රථ නැවත විකිණීම සඳහා නැවතත් අදාලා සමාගමට යවන ලෙසයි.
ඒ අනුව එම බෙන්ස් රථ හතරක් එකවර මිලදී ගැනීම සඳහා මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් ඉලීමක් රජයේ ඉහල නිලධාරියෙකු වෙත ලැබී ඇත.
එම බෙන්ස් රථ මිලදී ගැනීමට අවශ්‍යය බව එම ව්‍යාපාරිකයා විසින් රජයේ ඉහල නිලධාරියා හට දැන්වූ විට ඔහු පවසා ඇත්තේ එක් මෝටර් රථයක් තුන්කෝටි පනස් ලක්ෂයක් පමණක් වන බවය.
එයට පිළිතුරු ලෙස එම ව්‍යාපාරිකයා පවසා ඇත්තේ "මේවා රාජ්‍යය නායකයෝ ගමන්ගත්ත වටිනාකමක් තියෙන වාහන..ඒක හින්ද මම කැමතියි වාහන හතරක්ම ගන්න..." යනුවෙනි.
ඒ අනුව එම ව්‍යාපාරිකයාට වෙඩි නොවදින නවීන බෙන්ස් S400 Hybrid රථ හතරක් මිලදී ගැනීමට ලක්ෂ 1400 පමණ වැයවනු ඇත. 33000lk
mokak?ado ubage athi mage naha.ada wenakan balu kukketawath waraddak karala naha do.udaw karala athi bada ginne idan.habayi e udaw ganna un udaw gannakan witharai.eeta passé okkoma amathakai.eka athakata dammikaya hari.lankawe inna un kisima kelehigunayak nathi jathiyak.![]()

මුදල් අමාත්‍යංශය වාර්ෂිකව බදු නිදහස් කිරීම යටතේ වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම සිදුකරයි.
එයට අදාලව මෙතෙක් ක්‍රියාත්මක වූ නිතිය (රේගු නීතිය - 19 A වගන්තිය) යටතේ බලපත්‍රය නිකුත්කළ දින සිට වසර තුනක් යනතෙක් අදාල බලපත්‍රය යටතේ ගෙන්වන වාහන වෙනත් පාර්ශවයකට පැවරීම හෝ විකිණීම සිදුකල නොහැක.
එහෙත් පසු ගිය නොවැම්බර් මස 17 වන දින නිවේදනයක් නිකුත් කරමින් රේගු අධ්‍යක්‍ෂක ජෙනරාල් නෙවිල් ගුරුගේ මහතා කියාසිටියේ නිදහස් වාහන බලපත්‍ර සඳහා මෙතෙක් පනවා තිබු අවුරුදු තුනේ සීමාව ඉවත්වයන බවත් නව නීතිය යටතේ බලපත්‍රය ඕනෑම අවස්ථාවක තවත් පාර්ශවයකට පැවරිය හැකි බවත්ය.
හදිසියේම පැනවූ මෙම නව නිතිය යටතේ මහජනතාවට හිමිවන ප්‍රතිලාභය පිළිබඳ රජය පාර්ශවයෙන්ද අදහස් දැක්වීමක් සිදුනොවුන අතර කිසිඳු මාධ්‍යක් මෙය පිලිබඳ බලධාරීන්ගෙන් විමිසිමක් සිදූ නොකරන ලදී. එහෙත් ගොසිප් 9 කලක් තිස්සේ සිදුකල සොයාබැලීම් තුලින් පහත තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවිය.
නව නීතියේ පිටුපස කතාව
ධම්මික පෙරේරා ගේ හිමිකාරිත්වය පවතින LB Finance ආයතනය මෙලස බලපත්‍ර හිමිවූ පුද්ගලයන් හට වාහන මිලදී ගැනීම සඳහා ලිසිං පහසුකම් සලසා තිබේ.ඇතැම් පිරිස්හට ඔවුන් අයකරන ඉතා ඉහල පොලී ප්‍රතිශතය ( ත්‍රිරෝද රථයකින් පවා ඔවුන් 40% තරම් ඉහල පොළී ප්‍රතිශතයක් අයකරයි) හේතුවෙන් නිසි පරිදි ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවී තිබෙන අතර එම වාහන LB Finance ආයතනය විසින් බලෙන් අත්කරගෙන තිබේ.
එහෙත් පැවති නීති යටතේ වසර තුනක් යනතෙක් මෙම වාහන වෙනත් පාර්ශවයකට පවරා ගත නොහැක. මේ හේතුවෙන් අගතියටපත් ඇතැම් පාර්ශව LB Finance ආයතනයට විරුද්ධව නඩු පැවරීමට සුදනම් විය. එසේ නඩු පවරුවේ නම් LB Finance ආයතනයට අනිවාර්යයෙන්ම පරාජය වීමට සිදුවේ. එලෙස පරාජය විනම් ඔවුනට ලක්ෂ හත්සීයකට ආසන්න අලාභයක් ලැබීමේ සිදුවේ .
ඒ හෙතුවෙන් LB Finance ආයතනයේ හිමිකරු ධම්මික පෙරේරා රජයේ ප්‍රභූවරයෙකු ගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඑලයක් ලෙස මෙම නීතිය වෙනස්වීම සිදුවී තිබේ. මෙය අප සොයාගත් එක් කරුණක් පමණක් වන අතර තවත් කරුණු ද මේ සඳහා පසුබිම්ව පැවතිය හැකිය.
ධම්මික පෙරේරා යනු කවුද?
1996 වර්ෂයේ රුපියල් ලක්ෂ තුනක් ආයෝජනය කරමින් කොළඹ කොටස් වෙළඳපොළට පිවිසි මොහු දැන් රුපියල් බිලියන ගණනක ව්‍යාපාර වල හිමිකම් කරුවෙකි. ඔහු සතුව කොළඹ කොටස් වෙළඳපොලේ විස්සකට අධික ලයිස්තුගත සමාගම් ප්‍රමාණයක් පවතී. තවද ඔහු ලංකාවේ ප්‍රධානම කැසිනෝහල් ජලයේ හිමිකරුදවේ.
මොහුට අයත් ව්‍යාපාර අතරට හේලීස් සමුහ ව්‍යාපාරය 30% කොටස්, Pan Asia Bank, Sampath Bank, Royal Ceramics, Balangoda Wind Power Plant, LB Finance, Valibel Finance, Beverly Street, Amaya Group and Ruhunu Hotels, Malu Malu Hotel, Alumex,Delmege සහ තවත් බොහෝ ව්‍යාපාර අයත්වේ.
ධම්මික පෙරේරාට මෙතරම් බලයක් කෙසේද ?
මෙම ලිපිය කියවන ඕනෑම පුද්ගලයකු ධම්මික පෙරේරා අසහාය ව්‍යාපාරිකයකු ලෙස විශ්වාස කරනවට සැක නැත. 1996 රුපියල් ලක්ෂ තුනක් ආයෝජනය කර මෙපමණ ධනයකට නිවැරදිව හිමිකම් කියයි නම් ඔහු අසහාය ව්‍යාපාරිකයෙකි. එහෙත් මේ මුදල් සැබවින්ම ඔහුගේද?
චන්ද්‍රිකා බණ්ඩාරණායක විවිධ අයතා ක්‍රම වලින් ඉපයූ මුදල් හැරී ජයවර්ධන හරහා ව්‍යාපාරවල ආයෝජනය කලක් මෙන් ධම්මික පෙරේරා ද ප්‍රභූන්ගේ කළු මුදල් තම ව්‍යාපාරවල යොදවා විශුද්ධි කරණයේ නිරතවේ.
මාධ්‍යට ඇති බිය නිසා ප්‍රභූන් තම නමින් ව්‍යාපාර ආරම්භ නොකරයි. ඒ වෙනුවට තමන්ට හිතවත් ව්‍යාපාරිකයකු හරහා එම මුදල් ආයෝජනය කිරීම සිදුකරයි. එලෙස මේ දිනවල දේශපාලනඥයන්ගේ මුදල් විශුද්ධි කරණයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ධම්මික පෙරේරා, රෙනෝ ද සිල්වා සහ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර ප්‍රධාන වේ.
මේ හේතුවෙන් තම ව්‍යාපාරික හවුල් කරුවන් බේරා ගැනීමට අදාල ප්‍රභූන් ඕනෑම නීතියක් වෙනස් කිරීමට සුදානම්ය . ධම්මික පෙරේරා විසින් පාසිකුඩා වෙරළ තිරයේ ඉදිකරන ලද බැසිල් රාජපක්ෂ මහතා අතින් විවෘත කරන ලද "මාළු මාළු" නම් සුපිරි හෝටලය ප්‍රභූ වරයෙකුගේ සහෝදරයකුගේ ආයෝජනයක් බව තතුදත් පාර්ශව වාර්තාකර සිටියි.
නුගේගොඩ නාවල පාරේ සක්විති හවුසින් ඇන් කන්ට්‍රක්ෂන් ආයතනය හිමිකරුව සිටි සක්විති රණසිංහ අද පසුගිය 14 වනදා නුගේගොඩ අධිකරණයේ සිරකරුවන් රඳවා තබන මැදිරියේදී සිය ඇඳුම් ගලවා දමමින් මහ හඩින් විලාප තබන්නට විය.
"මම නිර්දෝශියි . මේකට වගකියන්න ඕන ආණ්ඩුවයි පොලිසියයි".
බන්ධනාගාරයේදී තමන්ට පහර දෙමින් හිරිහැර කරන බව කී ඔහු සියලු ඇඳුම් ගලවා දැමීය. මේ අවස්ථාවේ විනිශ්චයකාරතුමා සහා නීතිඥ මහත්වරුන් පොලිස් නිලධාරීන් ඇතුළු අධිකරණයේ රැස්ව සිටි පුද්ගලයින් පුදුමයෙන් ඒ දෙස බලා සිටින්න වූ අතර බන්ධනාගාර නිලධාරින් විසින් ඔහුට ඇඳුම් අන්දවා අධිකරණ ශාලාවෙන් පිටතට ගෙන ආවත් බන්ධනාගාර බස් රථය තුළදී එලෙසම හැසිරෙනු දක්නට ලැබුණි.
මෙම පුවත කියවූ ඔබ සක්විතිට "පිස්සු" යයි සිතනවා ඇත. නැත සක්විති තවමත් හොද සිහියෙන්ය. පසුගියදා වැලිකඩ ඇතිවූ වෙඩි තැබීමේදී විශේෂ කාර්ය බලකායේ සෙබළුන් තුවක්කු මානාගෙන යටත්වීමට එන දුන් විට තමා නොමරන ලෙසට මුලින්ම පැමිණ බැගෑපත් වුයේ සක්විති රණසිංහය.
කෝටි 105 ක් පමණ මහජන මුදල් කැසිනෝ වලට යොදවා විනාශ කිරීම ට තවමත් වරදකරු සක්විතිය. අප ඒ බැව් පිළිගන්නෙමු.නමුත් ඔහුව කැසිනෝ වලට යොමුකොට ඔහුගේ අන්තිම සතය දක්වා හුරාගත්තේ කව්ද කියා බොහෝ දෙනෙක් තවම දන්නේ නැත.
සක්විති විලාප දෙන්නේ එම සත්‍යය කීමට නොහැකිවය. සක්විති විසින් වංචා කල කෝටි 105 න් විශාල ප්‍රමාණයක් ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන "පෙරේරා" කෙනෙකු සතු වන බැව් අපට වාර්තා වේ.
මෙම ලිපියන් දෙන්නේ ඒ පිලිබඳ ඉගියක් පමණි. රටේ නිතිය පවා තමන්ට ඕනෑ පරිදි වෙනස් කරගන්න මෙම ව්‍යාපරිකයා ගැන ඉදිරියේ ගොසිප්9 හෙළිදරව්වක් බලාපොරොත්තුවන්න.
Dammika Perera da ? mokakda source 1 mchn ?