ප්‍රකෝටිපති_ධම්මික

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Casino thiyenne money vadi vela vadak karanna danne nathi ayata. Godak salli karain ge hobby ekak. Anunge money valin mea Miniha mokata ringuvadha casino ekata. Pererala balen da gatthe nane muva casino eka athulata. Muta molayak thibuna nam, limit ekak thiya gena casino play karanna thibunane. Mu mulin nathi ekek. Passe thama athi une. Nathi ekek vegayen Athi ekek unama u pissu kelinna patan gannava. Eka thama mutath une. Mu thamange Mother va samajayata hadunvala deela thibune Gethara servant vidiyata. Ditta Damma Vedaniya karmaya muta palisan dunna. Oya vage ponnayo thavath mea samajaye inna puluwan.
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    3 ක්‌ ඔහුගේ 13 හැවිරිදි දියණියටත්


    අනේ දෙවියනේ මට මෙයාව සෙට් කොරල දෙන්න ...,,,..

    The girl is still 13 years old. Talk to allah. He is into these kind of stuff.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :yes:awulak naha.kisima irisiyawak naha.eth rathupas wala kare katha wade.salli thibbata manussakama naha wage.:confused:
    Rathupas vala mokadha une ? Puluwan tharam try kala Factory eka vahanne nathiva thiyanna. Sahena pirisak factory eke job karala hambu karan badagini niva gattha. Atthatama varadak une pirisa hasuruvanna apu ayagenne. Vedi vaduneth vena gamanak yana ayekutane. [papers vala thibuna paridi]. Dammika lata mea vage vada kirimen ohu thava industry pihituvanna pasu bata venna puluwan. Ese noveva kiya prathana karami.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බාර් එකක් සුදු පොලක් දාගත්තා නම් ඕන මෝඩයෙක් ප්‍රකොටිපතියෙක් වෙනවා බන්. නිකමට වගේ ගමේ බාර් මුදලාලි ගැන බැලුවොත් එක පේනවා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට. .
    උබලා ඔය කියන ගොඩක් කෝටි ප්‍රකෝටි පතියෝ ඔය තත්වෙට ආවේ සමාජේ නොපිලිගත් දේවල් කරලා. .
    ඒ කියන්නේ නීතිවිරෝදි දේ පමනක් කියන එක නෙවෙයි නීති විරෝදි නොවුනත් සදාචාරාත්මක නැති දේ කරලා. . සමහරු වන්චා කරලා. . එහෙම අයට උදාහරන ඕනතරම් තියෙනවා. .
    කැසිනෝවක්, නයිට් ක්ලබ් එකක්, ස්පා එකක්, බඩුපොට් එකක්, බාර් එකක් දැම්මනම් ඉක්මනින් සල්ලි එනවා. . ඕවලින් සල්ලි ආවට ඇති වැඩක් නෑ බන්. .
    දාඩිය මහන්සියෙන් හම්බකරන එක රුපියලේ ඕවලින් හොයන ලක්ශෙකට වැඩි සතුටක් තියෙනවා. .
    වයාපාර කරන අයට මන්කියනදේ තේරෙනවා ඇති. .
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට. .
    උබලා ඔය කියන ගොඩක් කෝටි ප්‍රකෝටි පතියෝ ඔය තත්වෙට ආවේ සමාජේ නොපිලිගත් දේවල් කරලා. .
    ඒ කියන්නේ නීතිවිරෝදි දේ පමනක් කියන එක නෙවෙයි නීති විරෝදි නොවුනත් සදාචාරාත්මක නැති දේ කරලා. . සමහරු වන්චා කරලා. . එහෙම අයට උදාහරන ඕනතරම් තියෙනවා. .
    කැසිනෝවක්, නයිට් ක්ලබ් එකක්, ස්පා එකක්, බඩුපොට් එකක්, බාර් එකක් දැම්මනම් ඉක්මනින් සල්ලි එනවා. . ඕවලින් සල්ලි ආවට ඇති වැඩක් නෑ බන්. .
    දාඩිය මහන්සියෙන් හම්බකරන එක රුපියලේ ඕවලින් හොයන ලක්ශෙකට වැඩි සතුටක් තියෙනවා. .
    වයාපාර කරන අයට මන්කියනදේ තේරෙනවා ඇති. .

    Eketh aththak thiyanawa :yes:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට. .
    උබලා ඔය කියන ගොඩක් කෝටි ප්‍රකෝටි පතියෝ ඔය තත්වෙට ආවේ සමාජේ නොපිලිගත් දේවල් කරලා. .
    ඒ කියන්නේ නීතිවිරෝදි දේ පමනක් කියන එක නෙවෙයි නීති විරෝදි නොවුනත් සදාචාරාත්මක නැති දේ කරලා. . සමහරු වන්චා කරලා. . එහෙම අයට උදාහරන ඕනතරම් තියෙනවා. .
    කැසිනෝවක්, නයිට් ක්ලබ් එකක්, ස්පා එකක්, බඩුපොට් එකක්, බාර් එකක් දැම්මනම් ඉක්මනින් සල්ලි එනවා. . ඕවලින් සල්ලි ආවට ඇති වැඩක් නෑ බන්. .
    දාඩිය මහන්සියෙන් හම්බකරන එක රුපියලේ ඕවලින් හොයන ලක්ශෙකට වැඩි සතුටක් තියෙනවා. .
    වයාපාර කරන අයට මන්කියනදේ තේරෙනවා ඇති. .
    11.gif

    11.gif
     
    • Like
    Reactions: XibitZ

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට. .
    උබලා ඔය කියන ගොඩක් කෝටි ප්‍රකෝටි පතියෝ ඔය තත්වෙට ආවේ සමාජේ නොපිලිගත් දේවල් කරලා. .
    ඒ කියන්නේ නීතිවිරෝදි දේ පමනක් කියන එක නෙවෙයි නීති විරෝදි නොවුනත් සදාචාරාත්මක නැති දේ කරලා. . සමහරු වන්චා කරලා. . එහෙම අයට උදාහරන ඕනතරම් තියෙනවා. .
    කැසිනෝවක්, නයිට් ක්ලබ් එකක්, ස්පා එකක්, බඩුපොට් එකක්, බාර් එකක් දැම්මනම් ඉක්මනින් සල්ලි එනවා. . ඕවලින් සල්ලි ආවට ඇති වැඩක් නෑ බන්. .
    දාඩිය මහන්සියෙන් හම්බකරන එක රුපියලේ ඕවලින් හොයන ලක්ශෙකට වැඩි සතුටක් තියෙනවා. .
    වයාපාර කරන අයට මන්කියනදේ තේරෙනවා ඇති. .

    ;):yes:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තරහවෙන්න එපා මෙහෙම කිව්වට. .
    උබලා ඔය කියන ගොඩක් කෝටි ප්‍රකෝටි පතියෝ ඔය තත්වෙට ආවේ සමාජේ නොපිලිගත් දේවල් කරලා. .
    ඒ කියන්නේ නීතිවිරෝදි දේ පමනක් කියන එක නෙවෙයි නීති විරෝදි නොවුනත් සදාචාරාත්මක නැති දේ කරලා. . සමහරු වන්චා කරලා. . එහෙම අයට උදාහරන ඕනතරම් තියෙනවා. .
    කැසිනෝවක්, නයිට් ක්ලබ් එකක්, ස්පා එකක්, බඩුපොට් එකක්, බාර් එකක් දැම්මනම් ඉක්මනින් සල්ලි එනවා. . ඕවලින් සල්ලි ආවට ඇති වැඩක් නෑ බන්. .
    දාඩිය මහන්සියෙන් හම්බකරන එක රුපියලේ ඕවලින් හොයන ලක්ශෙකට වැඩි සතුටක් තියෙනවා. .
    වයාපාර කරන අයට මන්කියනදේ තේරෙනවා ඇති. .

    හ්ම්ම්...
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම කට්ටා;15964963 said:
    බොහෝම ස්තූතියි මචං මම මේ දම්මික කියන පුද්ගලයාගේ ජීවිත කතාව ගැන බිස්නස් ජීවිතය ගැන දැන ගන්න මාර ආසාවෙන් හිටියේ. අද පොඩි විස්තරයක් හරි දැන ගත්තා.. ඔයාට ගොඩාක් ස්තූතියි. තව විස්තර තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. පුලුවන්නම් තරහා නැතුව මට වී එම් එකකුත් දාන්න. අපිට මේ ජීවිත කතා වලින් ගන්න දේවල් සැහෙන තියනවා. මිනිස්සුන්ට වැරද්දක් අල්ලගෙන ඒක ට බැන බැන ඉන්න පුලුවන් වැරදි පැත්තක් ගැන කිය කිය. ඒ වුනාට අපිට ඊඅට වඩා සෑහෙන්න දෙයක් ජීවිතයට ගන්න පුලුවන් මේ වගේ අයගේ කතා වලින්.. බලන්න පොඩි කාලේ ඉඳන් මෙයාගේ අම්ම මේ පුද්ගලයාව සල්ලි පරි හරනය පුරුදු කරලා තියනවා. මාසයක රුපියල් 300 දීලා මෙයාට එදා අම්ම උගන්වපු දේ කොච්චර වටිනවද. 1999 ඉඳන් භාවනා කිරීමට මෙයා හුරු වුනාලු. කොච්චර කතා කලත් මෙච්චර බිසී නැති අපි කීයෙන් කී දෙනාද දවසකට අඩුම ගානේ විනාඩි පහක්වත් භාවන කරන්නේ.
    මෙයා කොච්චර සැලසුම් සහ ගතද අවුරුදු විස්සක ප්ලෑන් එකක් ගහලා නම් ඒ අවුරුදු විස්ස ගැන කොච්චර හිතලා ඒවා ප්ලෑන් කරලා ඇද්ද. මිනිස්සුන්ට ප්ලෑන් කරන්න පුලුවන් ඒ ඔස්සේ ඒ ඒ දේවල් ක්‍රියාත්මක කරන්න පුලුවන් කීයෙන් කී දෙනාටද ඒත් මෙයා කොච්චර කරලා තියනවද.
    බලන්න තාක්ශනයත් සමග දියුණු වන ලෝකයේ තාම ටෙලිකොම් පැත්තට මෙයා බැහැලා නෑ කියනවා ඉතින් හිතන්න මෙයා කොච්චර සල්ලි කාරයෙක් වුනත් කොච්චර හිතනවද හොයනවද දෙයකට අත ගහන්න කලින්.
    බලන්න මෙයා අරන් තියන සමාගම් දිහා සල්ලි දීලා ගත්ත කියන සමාගම් රාශියක් මෙයා ගත්තට පස්සේ වැඩියෙන් ලාභ ගත්තයි කියනවා. ඉතින් මොකක්ද මෙයාගේ රහස කොච්චර හොඳ පරිපාලනක් මෙය සතු වෙන්න ඇද්ද.

    මම නම් බොහොම කැමතියි මේ වගේ මිනිස්සුන්ට. මේ මිනිස්සු කයියයි පඩ ගඳයි තියන අය නෙමේ. තම්න්ගේ උත්සහයෙන් අනුන්ට බැන බැන ඉන්නේ නැතුව එන ප්‍රශ්න වලට මුහුන දීලා ඒවට විසදුම් හොයලා දියුණු වුන මිනිස්සු හැටියටයි මම දකින්නේ.

    අනිත් එක මිනිහෙක්ගේ වැරදි ඇති කවුරුත් සර්ව සම්පූර්න නෑ කියලා ඕන කෙනෙක් කියනවනේ. ඒත් සමහරු ඒ දේ මේ පුද්ගලයාට කියන්නේ නෑනේ..

    මොනවා උනත් මම මෙයාගේ කැමති නැත්තේ සූදුව කියන දේට. මම මගේ ජීවිතය බුදු දහමත් එක්ක අරන් යන කෙනෙක්. බුදු රජාණන් වහන්සේ සූදුව අනුමත කරලා නෑ. ඉතින් මෙයා මුල්කාලේ ඉඳන් සූදුවට අත හිත දීලා තියනවා. එයා ඒකෙන් දියුණු වෙලා තියනවා. දියුණු වුනා කියමුකෝ. මගේ අදහස මෙයා දැන් දියුණු වෙලා ඉන්න නිසා දැන්වත් ඔයා සූදුව අත අරින්න තියෙන්නේ. ඒ වුනාට පොඩි කාලේ මා මගේ කඩේ ඉස්සරහා පේමන්ට් එකේ හිටිය කෙනෙක්ට පොලියට සල්ලි දීලා තියනවා. ඒක අවුලක් නෑ මට හිතෙන්නේ. මොකද බුදු රජානන් වහන්සේට ජේතවනා රාමය පූජා කල අනේපිඩු සුමාත් සල්ලි පොලියට දීලා තියනවා කියලා මම අහලා තියනවා. ඉතින් මම හිතන්නේ බුදුරජානන් වහනෙසේ කරන්න එපා කියපු දේවල් නොකර අනිත් දේවල් කරලා දියුණු වුනානම් වටිනවා..

    රතු පස්වල සිද්දියට මගේ නම් අදහස මේකයි. මම ඔය කේස් එක ගැන ලොකු විස්තරයක් දන්නේ නෑ. ඒ වුනාට මගේ අදහස මෙයාට එතනදි මීට වැඩිය පරිසරය ගැන හිතන්න තිබ්බ.. අපිට මේ ඔක්කොම හම්බවෙන්නේ සව්භාව දර්මයාගෙන්. අපි මොන දෙකලත් අනිත් මිනිහට පරිසරට කරදරයක් නොවෙන්න කරන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා එයාලට එහෙම කටයුතු කරන්න ඕනේ නමුත් ඒ දෙවල් ඒ කියන්නේ අදාල ෆිල්ටර්ස් ගහන්න සල්ලි නෑ එහෙම නැත්නම් ඉඩම් නෑ. ඉතින් මේ දම්මික මහත්මයාට සල්ලි සහ ඉඩම් කියන ඒව දෙයක් නෑ. අන්න ඒ නිසා කර්මාන්ත ශාලාවෙන් පිට කරන සියලුම දේවල් පරිසර හිතකාමී විදිහට බැහර කලානම් කොච්චර වටිනවද. අනික මෙයා කරන්නේ බිස්නස් එකක්. එහෙම දෙයකට ඉන්වෙස්ට් මන්ට් එකක් කලා කියලා මෙයා වැටෙන්නේ නෑ තව තව ඉස්සරහට යනවා මිසක්.. ඕවා ඉතින් සුලු සුලු වැරදි. සමහර විට ඕක කරන්නේ ඇත්ත මෙයා යටතේ වැඩ කරපු අය වෙන්නත් ඇති..


    කොහොම වුනත් මම සැහෙන්න කැමති මේ වගේ පුද්ගලයන්ගේ ජීවිත කතා අහල බලලා කියවලා ඒවා ගැන විමසිලිමත් වෙලා අපේ ජීවිතයට දෙයක් එකතු කර ගන්න සහ එයාට වැරදුන තැන් හදලා ඒවත් අපේ ජීවිතයට එකතු කර ගන්න..

    රතුපස්වල සිද්ධිය මචන් අපේ රටේ ඉන්න, රටට වෛර කරන, අන් අයගේ දියුණුව නොරිස්සන, රට අස්ථාවර කරන්න මාන බලන, බොරැව ඇත්ත වගේ මවා පා කතාකොට මිනිසුන නොමග යවා කැරලි ඇති කිරීමට හපන් දේශපාලන පක්ෂයක් කල මෙහෙයුමක්.

    රතුපස්වල සිද්ධියේදී ස්වාභාවික පරිසරයට කිසිදු හානියක් නොවූ බවට අධිකරණ තීන්දුවක් ලැබුනා. එය පරිසරයට අහිතකර කර්මාන්තශාලාවක් නොවෙයි.

    අන්තිමට උනේ මොකක්ද - ජීවිත හානි කල කෝලාහල සහ රටට විදේශ විනිමය උපයන ආයතනයක් විනාශ වීම රැකියා සමගින්.
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0


    නුගේගොඩ නාවල පාරේ සක්විති හවුසින් ඇන් කන්ට්‍රක්ෂන් ආයතනය හිමිකරුව සිටි සක්විති රණසිංහ අද පසුගිය 14 වනදා නුගේගොඩ අධිකරණයේ සිරකරුවන් රඳවා තබන මැදිරියේදී සිය ඇඳුම් ගලවා දමමින් මහ හඩින් විලාප තබන්නට විය.

    "මම නිර්දෝශියි . මේකට වගකියන්න ඕන ආණ්ඩුවයි පොලිසියයි".

    බන්ධනාගාරයේදී තමන්ට පහර දෙමින් හිරිහැර කරන බව කී ඔහු සියලු ඇඳුම් ගලවා දැමීය. මේ අවස්ථාවේ විනිශ්චයකාරතුමා සහා නීතිඥ මහත්වරුන් පොලිස් නිලධාරීන් ඇතුළු අධිකරණයේ රැස්ව සිටි පුද්ගලයින් පුදුමයෙන් ඒ දෙස බලා සිටින්න වූ අතර බන්ධනාගාර නිලධාරින් විසින් ඔහුට ඇඳුම් අන්දවා අධිකරණ ශාලාවෙන් පිටතට ගෙන ආවත් බන්ධනාගාර බස් රථය තුළදී එලෙසම හැසිරෙනු දක්නට ලැබුණි.

    මෙම පුවත කියවූ ඔබ සක්විතිට "පිස්සු" යයි සිතනවා ඇත. නැත සක්විති තවමත් හොද සිහියෙන්ය. පසුගියදා වැලිකඩ ඇතිවූ වෙඩි තැබීමේදී විශේෂ කාර්ය බලකායේ සෙබළුන් තුවක්කු මානාගෙන යටත්වීමට එන දුන් විට තමා නොමරන ලෙසට මුලින්ම පැමිණ බැගෑපත් වුයේ සක්විති රණසිංහය.

    කෝටි 105 ක් පමණ මහජන මුදල් කැසිනෝ වලට යොදවා විනාශ කිරීම ට තවමත් වරදකරු සක්විතිය. අප ඒ බැව් පිළිගන්නෙමු.නමුත් ඔහුව කැසිනෝ වලට යොමුකොට ඔහුගේ අන්තිම සතය දක්වා හුරාගත්තේ කව්ද කියා බොහෝ දෙනෙක් තවම දන්නේ නැත.

    සක්විති විලාප දෙන්නේ එම සත්‍යය කීමට නොහැකිවය. සක්විති විසින් වංචා කල කෝටි 105 න් විශාල ප්‍රමාණයක් ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන "පෙරේරා" කෙනෙකු සතු වන බැව් අපට වාර්තා වේ.

    මෙම ලිපියන් දෙන්නේ ඒ පිලිබඳ ඉගියක් පමණි. රටේ නිතිය පවා තමන්ට ඕනෑ පරිදි වෙනස් කරගන්න මෙම ව්‍යාපරිකයා ගැන ඉදිරියේ ගොසිප්9 හෙළිදරව්වක් බලාපොරොත්තුවන්න.







    මිනිස්සුන්ට ඊරිසියා කරලා පද හදන්න එපා බන්. පුලුවන්නම් හොද දෙයක් කරලා උඹත් දියුණු වෙයන්. අන් අයගේ දියුණුව බලලා සතුටු වෙයන්.

    උඹ ඔය නොකියා කියන්නේ මේ මනුස්සයා ගැනනේ. ඒ මනුස්සයා ගැන උඹලා වගේ උන්ට ප්‍රශ්නයක් තියෙන්නේ මිනිහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග හිතවත් වීමනේ. ඒ මනුස්සයා යහපාලනයට ගැති උනානම් උඹලා ඔහොම කියනවද නෑනේ.

    කෙනෙක්ගේ හැකියාව අගය කරමු. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙමු දේශපාලනයෙන් තොරව. එතකොටය උඹට, මට අපි හැමෝටම සහ රටට යහපතක් වෙන්නේ.
     
    • Like
    Reactions: dimuthmike

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    සක්විති ඔක්කොම සල්ලි පැරදුනේ මුටලු නේද.එකට නම් පට්ට ගෙමක් දිලා තිබ්බා

    උඹ දැක්කද? දෙන්නෙක් සූදු කෙලියොත් එකෙක් පරාද වෙනවා තමයි. සක්විතියටත් ඒකම තමයි වෙන්න ඇත්තේ.

    ධම්මික පෙරේරා කියන්නේ ආරක්ෂා කරගත යුතු ජාතික සම්පතක්. මඩ ගහන්න එපා. ඊරිසියා කරන්න එපා. එයාගේ දියුණුව දැකලා සතුටු වෙයන්.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Appi nodanna Damika Perera.
    Jack Spot dammika.

    Jack Spot 1y casihier 1y idala machine tika ta dunna game 1a danoo danithi.
    Pora Colombo awilla tibbe horen puwak kadala ththtta pansale hamuduruwo benala, 1a dengena mu gedara yan natuwa colombo awilla.

    Porath oya benthara gagen aeha mokuk da kualyaka aewun lu. Kapati kamata, Hora kamata upun hapun kam tiyana aewun. oya hora weda karanna janamaya hakiyawak magin aena 1k.
     
    • Like
    Reactions: absolutel

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    machan meka wenna athi mu kiyana article eka :yes::rolleyes::rolleyes::rolleyes:




    මට වඩා පඩි ගන්න අය මගෙම ව්‍යාපාරයේ හිටියා


    සොෆ්ට්‌ලොජික්‌ ව්‍යාපාර සමූහයේ සභාපති
    අශෝක්‌ පතිරගේ

    වසර 20 ක සිය ඉතිහාසය තුළ රටේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ හිනිපෙත්තටම නගින්නට සොෆ්ට්‌ලොජික්‌ ව්‍යාපාර සමූහය සමත්ව සිටියි. පරිගණක හා ඒ ආශ්‍රිත ව්‍යාපාර තුළින් සිය ගමන ඇරැඹූ සොෆ්ට්‌ලොජික්‌ අද විවිධාංගීකරණය වූ ව්‍යාපාර ජාලයක්‌ බවට පත්ව තිබේ. සිය ගමනේදී අද සොෆ්ට්‌ලොජික්‌ පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමේ දොරකඩය. වසර විස්‌සකට පෙර සාමාන්‍ය ලෙසින් ඇරැඹි එම ව්‍යාපාර ගමන මෙතරම් මුදුනකට නැංවීමේ නියමු කාර්ය භාරය සිදු කරන ලද්දේ, සොෆ්ට්‌ලොජික්‌ ව්‍යාපාර සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ අශෝක්‌ පතිරගේ මහතාය. සොෆ්ට්‌ලොජික්‌ ව්‍යාපාරයේ සාඩම්බර ගමන් මඟ පිළිබඳව අශෝක්‌ පතිරගේ මහතා සමග කළ සාකච්ඡාවයි මේ.

    ඔබ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට පිවිසුන තැනින් අපි කතාවට පිවිසෙමු...

    මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. උසස්‌ පෙළ අධ්‍යයන කටයුතු හැදෑරීමෙන් පසු මම අවුරුදු 17 දී රැකියාවක්‌ සඳහා අයදුම්පත්‍රයක්‌ යොමු කළා. ඒ ජෝන් කීල්ස්‌ ආයතනයේ, තොරතුරු තාක්‍ෂණික අංශයට. ඒ සඳහා විභාගයක්‌ පැවැත්වුවා, එයින් මම පළමුවැනියා ලෙස සමත් වෙලා රැකියාව ලබා ගත්තා.

    දෙවැනි වර උසස්‌ පෙළ කරන්න තියෙද්දී, නිකමට වගෙයි මම රැකියාවක්‌ සඳහා අයදුම්පත්‍රයක්‌ යොමු කළේ. කොහොමටත් විශ්වවිද්‍යාලයට යන්න මගේ බලාපොරොත්තුවක්‌ තිබුණේ නැහැ. ඒ නිසා ලැබුණු රැකියාවට යන්න මම තීරණය කළා. ඒත් මම රැකියාවට යන කොට ජෝන් කීල්ස්‌ ආයතනයෙන් ඉල්ලීමක්‌ කළා, මට දෙවැනි වර උසස්‌ පෙළ කරන්න නිවාඩු ලබා දෙන්න කියලා. නමුත් රැකියාවත් එක්‌ක මම දෙවැනි වාරයේ උසස්‌ පෙළ විභාගය ගැන හිතුවේ නැහැ.

    ජෝන් කීල්ස්‌ ආයතනයේ වසර 9 ක්‌ මම සේවය කළා. ජෝන් කීල්ස්‌ කියන්නේ විශාල ආයතනයක්‌, සමූහ ව්‍යාපාරයක්‌. මේ නිසා සේවයේ යෙදී සිටින විට මට ව්‍යාපාරික තත්ත්වය ගැන අවබෝධයක්‌ ලැබුණා. ඒ නිසා මටත් හිතුනා අලුත් ව්‍යාපාරයක්‌ ආරම්භ කරන්න ඕනේ, මේ තත්ත්වයටම ගේන්න කියලා. ඒක මගේ ඔළුවේ හැම වෙලේම තිබුණා.

    ඊට පස්‌සේ 1991 දී මම, මාත් එක්‌ක ජෝන් කීල්ස්‌ එකේ වැඩ කරපු කිහිප දෙනෙකුත් එකතු කරගෙන නව ව්‍යාපාරයක්‌ ආරම්භ කළා. ඒ ව්‍යාපාරය තමයි සොෆ්ට්‌ලොජික්‌.

    ජෝන් කීල්ස්‌ වගේ සුවිශාල ආයතනයක්‌ දෙස බලාගෙන, එවැනි ව්‍යාපාරයක්‌ බිහි කරන්න හදන විට පළවෙනි අභියෝගය වන්නේ ප්‍රාග්ධනයයි. ඒ අභියෝගයට ඔබ මුටහුණ දුන්නේ කොහොමද?

    වසර ගණනක්‌ සේවය කර ජෝන් කීල්ස්‌ ආයතනයෙන් ඉවත් වන විට ලැබුණු මුදල තමයි එතැනදී මුල් ආයෝජනය වුණේ. ඒ මුදල රුපියල් ලක්‍ෂ 10 ක්‌ විතර වුණා. ඒක තමයි සොෆ්ට්‌ලොජික්‌ ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය. පරිගණක මෘදුකාංගවල සිට පරිගණක ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල තමයි අපි මුල් කාලයේ නිරත වුණේ. ඊට පස්‌සේ ලෝකයේ තිබෙන කීර්තිමත් භාණ්‌ඩවල වෙළෙඳ නියෝජිතයන් බවට අපි පත් වුණා. මෙසේ ක්‍රම ක්‍රමයෙන් අපි ආපු ගමනට අද අවුරුදු විස්‌සක්‌ වෙනවා. එදා සිට අද දක්‌වා අපි විවිධ ව්‍යාපාරික ක්‍ෂේත්‍ර ගණනාවකට අවතීර්ණ වෙලා තිබෙනවා. ඒවායින් මේ රටේ ප්‍රමුඛතම ව්‍යාපාරයක්‌ බවට සොෆAට්‌ලොජික්‌ පත්වී තිබෙනවා.

    පරිගණක තාක්‍ෂණික උපකරණ ආදියෙන් නොනැවතී, සොෆ්ට්‌ලොජික්‌ ව්‍යාපාරය විවිධ ක්‍ෂේත්‍ර කරා පැතිරී ගොස්‌ තිබෙන බව ඔබ පවසනවා. ඒ සඳහා යොමුවූ ආකාරය පිළිබඳව කතා කළහොත්...

    ශ්‍රී ලංකාවේ කවුරුත් පෞද්ගලික රෝහල් කටයුතු හරියට කරන්නේ නැහැ කියලා මට තේරුණා. ඒ නිසා රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පුද්ගලික අංශයෙන් විධිමත් රෝහල් සමූහයක්‌ ඉදි කරන්නට අපි පියවර ගත්තා. අද ආසිරි රෝහල් සමූහය තමයි, ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම පෞද්ගලික අංශයේ රෝහල් සමූහය. එය සොෆ්ට්‌ලොජික්‌ ආයතනයට අයත් ව්‍යාපාරයක්‌. මීට පෙර ආසිරි රෝහල් සමූහය තිබුණේ මිලෙන් අඩු, තත්ත්වය පිළිබඳව එතරම්ම තැකීමක්‌ නොකරපු තත්ත්වයක. නමුත් අපි ඒ ව්‍යාපාරය මිලදී ගත් පසු එහි තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කර උසස්‌ම තත්ත්වයකට යොමු කර තිබෙනවා. අද ආසිරි රෝහල්වල තිබෙන තත්ත්වයේ උසස්‌ බව කාටත් දැකිය හැකියි. ඒ වගේම ද සෙන්ට්‍රල් රෝහලෙන් සියයට 50 ක්‌ මාතර රෝහල් දෙකක්‌ අපට තිබෙනවා. නුවරත් අපි නව පුද්ගලික රෝහලක්‌ ආරම්භ කරනවා.

    ව්‍යවසායකත්ව ඥානය කියන්නේ සහජ පිහිටීමක්‌. ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් කීර්තිමත් ව්‍යාපාරිකයකු ලැබූ අත් දැකීමක්‌, අංකුර ව්‍යාපාරිකයකුට තමන්ට සහජයෙන් ලැබුණු ව්‍යවසායකත්ව ගුණය වර්ධනය කර ගන්න වැදගත් වෙනවා. ව්‍යාපාර බොහොමයක්‌ ඇරැඹෙනවා. නමුත් ඒවා ටික කලකින්ම නැති වෙනවා. ව්‍යාපාරයක්‌ පවත්වගෙන යැමේදී වැදගත් වන්නේ එය මුහුණ දෙන අභියෝගය සමග නොසැලී ඉදිරියට යැමයි. මේ "අල්ලාගෙන සිටීම" කරන්නේ කොහොමද? අද ව්‍යාපාරය ආරම්භ කරන බොහෝ දෙනෙකුට ඔබ ඒ සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම වැදගත් වේවි...

    ව්‍යාපාරයක්‌ කරද්දී සැලසුම් කළ යුතුයි. තමන් ව්‍යාපාරයක්‌ කරන්න පටන් ගෙන පළවෙනි අවුරුද්දේ ගෙවල් හදලා, කාර් අරගෙන, පුද්ගලික සුඛ විහරණයට මුල්තැන දීලා කටයුතු කළොත් ඒ ව්‍යාපාරය කරගෙන යන්න බැහැ. එහෙම නැතුව තමන් කැපවීමෙන්, උපායශීලීව සැලසුම්සහගතව ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කළ යුතුයි. මුල් කාලයේදී මගේ පුද්ගලික කාර් එක තමයි ව්‍යාපාරික කටයුතුවලට යෙදෙව්වේ.

    මම ගන්නවට වඩා වැඩි මුදල් දීලා, මගේ ව්‍යාපාරය වෙනුවෙන් පඩි ගෙවලා මම මිනිස්‌සු අරගෙන තිබෙනවා. මගේ දැක්‌ම තිබුණේ කෙටි කාලීනව නොවෙයි. ඒ නිසා මම මේ ව්‍යාපාරයට අවශ්‍ය දක්‍ෂයන්ගේ සේවය හොඳ මිලක්‌ දීලා ලබා ගත්තා. එහෙම කැපවීමක්‌ ඇතිව ඉවසීමෙන් තමයි ව්‍යාපාරිකයකු තම ගමන යා යුත්තේ.

    මට නම් පේන්නේ ලංකාවේ හොඳ ව්‍යාපාරික අවස්‌ථා තිබෙන බවයි. හොඳට බත් කඩයක්‌ දාලා මිනිස්‌සුන්ට පිරිසිදුව, පිළිවෙළට කෑම එකක්‌ දුන්නොත් එතැන හොඳ අවස්‌ථාවක්‌ තිබෙනවා. නමුත් අපේ අය එහෙම නෙමෙයි වැඩ කරන්නේ. මුලදී හොඳට කෑම ටික දෙනවා. පස්‌සේ ලාභය වැඩි කර ගන්න තත්ත්වය බාල කරනවා. ඊළඟට ගාන වැඩි කරනවා. එතකොට මිනිස්‌සු කඩේට එන්නේ නැහැ. ඉතිං, එතැනින්ම ව්‍යාපාරය ඉවර වෙලා යනවා.

    ව්‍යාපාරිකයකු ලෙස ඔබගේ ගමනේ සාරය කෙටියෙන් අපට සඳහන් කළොත්, එය මේ රටේ අනාගත, වර්තමාන ව්‍යාපාරිකයන්ට පමණක්‌ නොව සාමාන්‍ය පුරවැසියන්ටත් වැදගත් වේවි.

    ව්‍යාපාරයක්‌ කියන්නේ වගකීමක්‌. මගේ ගාව අද පන්දහසක්‌ වැඩ කරනවා. අවසානයේදී මේ සියල්ලේම වගකීම තියෙන්නේ මගේ අතේනෙ. හොඳ කාල තියෙනවා, නරක කාල තියෙනවා. ඒ ඒ කාලය අනුව අපි වගකීම් දරමින් කටයුතු කරන්න ඕනේ.

    මේ සමාගම කටයුතු කරල තියෙන්නේ රටේ යුද්ධයක්‌ තිබුණු කාලයක. අපේ සමාගමට දැන් වසර විස්‌සයි. ඒ කියන්නේ ආරම්භයේ සිට වසර දහ අටහමාරක්‌ මේ සමාගම දිව්වේ. රටේ දැවෙන යුද්ධයක්‌ තියෙද්දී. සමහර කාලවල අපේ ආර්ථිකය පහළට වැඩිලා තිබුණා. එතකොට බැංකු පොලී අනුපාත වැටිලා වුණා. එහෙම තියෙද්දියි අපි මේ ව්‍යාපාරය ගොඩනැගුවේ. ඒ තමයි වගකීම.

    අනිත් එක තමයි විශ්වාසය. කවදාවත් ව්‍යාපාරිකයකු තමන් කෙරෙහි තියෙන විශ්වාසය පළුදු කර ගන්න හොඳ නැහැ. තමන්ගේ නම කැත කරගත්තට පස්‌සේ ව්‍යාපාර කරන්න බැහැ.

    ඉවසීමෙන් ඉලක්‌කයට යැමයි ඊළඟ කාරණය. ඒ කියන්නේ කවදාවත් හිතන්න නරකයි, මට අවුරුදු පහෙන් ලංකාවේ ඉන්න ලොකුම කෝටිපතියා වෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්න බැහැ. එතැනට යැම බොහොම අමාරු ගමනක්‌. මිනිසුන්ගේ හිත් දිනා ගන්න ඕනේ. ගෞරවනීය පුද්ගලයෙක්‌ වෙන්න ඕනේ. එහෙමයි ව්‍යාපාරිකයකු ගමන යා යුත්තේ.

    මේ තමයි, මම හිතන විදියට නම් ව්‍යාපාරිකයකු තුළ තිබිය යුතු ප්‍රධාන මූලධර්ම.ඊට අමතරව ව්‍යාපාරයක්‌ ආරම්භ කරන්න පෙර තමන්ට එයින් තෘප්තියක්‌ තියෙනවද කියලා බැලිය යුතුයි. එක්‌ කෙනෙක්‌ කැමති වෙයි, හොඳ වාහනයක උදේ අට සවස පහ වෙනකං වැඩ කරලා, ගෙදර ගිහිල්ලා නාට්‍ය බලලා සති අන්තය විවේකීව ගත කරලා මාසේ අන්තිමට පඩියක්‌ අරගන්න. ඒ එක විදිහක්‌. ඒකත් හොඳයි. ඒ එක්‌කෙනෙක්‌ සතුටු වෙන විදිහ. නමුත් මට ඒක කරන්න බැහැ. මගේ තෘප්තිය කියන්නේ ව්‍යාපාරය. ව්‍යාපාර කියන්නේ, ව්‍යාපාරයේ තියෙන අභියෝග ජය ගැනීම. ඒ අභියෝග ජයගෙන ඒවා ඉහළ මට්‌ටමකින් පවත්වාගෙන යනකොට මම තවත් අභියෝගයකට යොමු වෙනවා. එතැනදී මට නිවාඩු ගැන හිතන්නත් බැහැ.

    දැන් මේ දවස්‌වල මම බාර අරගෙන තියෙන අභියෝගය තමයි ඇඳුම්. ලෝකයේ තිබෙන ඉහළම ඇඟලුම් නාම වන ලෙවයිස්‌, නයිකි, මැන්ගෝ, ජොර්ඩානෝ වගේ ඇඟලුම්, පාවහන් අපි අලෙවි කරනවා. ඒවායේ අලෙවි නියෝජිත අයිතිය තියෙන්නේ අපිට. සාප්පු සංකීර්ණවලට දැන් අපි නැතුව බැහැ. මොකද, ලෝකයේ ඉහළම ඇඟලුම් නාම තියෙන්නේ අපි යටතේ. ඒවා මිලදී ගන්න ජනතාවට අවශ්‍යයි. එහෙනම් ඒ අයට සෙනඟ තමන්ගේ සාප්පු සංකීර්ණයට ගෙන්වා ගන්න අපිව අවශ්‍ය වෙනවා. මෙතැනයි, දැන් මගේ අභියෝගය තියෙන්නේ. ඒ තමයි ව්‍යාපාරිකයකුගේ හැටි.

    ඊළඟට අපි හෝටල් ක්‍ෂේත්‍රයට දැන් පිවිසිලා තිබෙනවා. සීසෑන්ඩ් හෝටලය අපි ගත්තා. තරු පහේ මහල් 24 කින් සමන්විත හෝටලයක්‌ කොළඹ අපි ඉදිකරනවා. අපි එතැනින් නවතින්නෙත් නැහැ.

    සංචාරක ක්‍ෂේත්‍රය, මූල්‍ය ක්‍ෂේත්‍රය ආදී ක්‍ෂේත්‍ර ගණනාවකට අපි යොමු වෙලා තියෙනවා. ශ්‍රී ලංකවේ දැවැන්තම සමාගම බවට පත්වෙන ඉලක්‌කය ඇතුව අපි අපේ ගමන යනවා.

    සාකච්ඡා කළේ - ප්‍රභාත් විතාන
    ඡායාරූපය - නදුන් බදුගේ

    මේ ටිකනම් මගේ බොක්කටම වැදුනා...

    ඔබගේ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වේවා!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113

    මිනිස්සුන්ට ඊරිසියා කරලා පද හදන්න එපා බන්. පුලුවන්නම් හොද දෙයක් කරලා උඹත් දියුණු වෙයන්. අන් අයගේ දියුණුව බලලා සතුටු වෙයන්.

    උඹ ඔය නොකියා කියන්නේ මේ මනුස්සයා ගැනනේ. ඒ මනුස්සයා ගැන උඹලා වගේ උන්ට ප්‍රශ්නයක් තියෙන්නේ මිනිහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග හිතවත් වීමනේ. ඒ මනුස්සයා යහපාලනයට ගැති උනානම් උඹලා ඔහොම කියනවද නෑනේ.

    කෙනෙක්ගේ හැකියාව අගය කරමු. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙමු දේශපාලනයෙන් තොරව. එතකොටය උඹට, මට අපි හැමෝටම සහ රටට යහපතක් වෙන්නේ.

    :yes: