"ඩෙනිමේ" පුරාණය

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    "ඩෙනිමේ" පුරාණය

    පතලෙන් මතුවූ
    "ඩෙනිමේ" පුරාණය


    d14.jpg
    මේ ලෝකෙට එක එක දේවල් එකතු කරපු මිනිස්‌සු ගැන අපි නිතරම කතා කරනවා. මීට ගොඩාක්‌ කාලෙකට ඉස්‌සෙල්ලා එක්‌තරා විද්‍යාඥයෙක්‌ ප්‍රකාශ කරාලු ලෝකෙ සොයාගන්න දේවල් ඔක්‌කොම සොයාගෙන ඉවරයි කියලා. හැබැයි ඒ කතාව ඇත්තටම ලොකු විහිළුවක්‌ වුණා. යාන වාහන, යන්ත්‍ර සූත්‍ර විතරක්‌ නෙමේ නව සොයා ගැනීම් වෙන්නේ. නවීන ඇඳුම් පැළඳුම්, අනිවාර්යයෙන්ම ඒවත් මෙයට ඇතුළත්. අපි හැමෝම දන්නා හැමෝම කැමති ඇඳුමක්‌ නේද "ඩෙනිම්". පිරිමි අය වගේම කාන්තාවනුත් "ඩෙනිම්" අඳින්න ගොඩක්‌ ප්‍රියයි. "ඩෙනිම" කියන්නේ හරියට ලෝකේ "ජාතික ඇඳුම" වගේ. ඇත්තටම ඩෙනිම කොහෙන්ද මේ ලෝකෙට ආවේ. කවුද? ගෙනාවේ. ඒ කතාව තමයි මේ.

    ලෙවී ස්‌ට්‍රස්‌ (Levi Strauss) 1829 පෙබරවාරි 26 වැනිදා ජර්මනියේ බැවෙරියා (Bavaria) හි තමයි උපත ලබන්නේ. ඔහුගේ පියා හයිශ් ස්‌ට්‍රස්‌ (Hirsh Strauss) හයිශ්ගේ දෙවැනි භාර්යාව වන රෙබෙකාහාස්‌ ස්‌ට්‍රස්‌ (Rebecca Haas Strauss) තමයි ලෙවීගේ මව. ලෙවීගේ මුල්ම නාමය වුණේ. "ලෝබි" (Loeb) යන්නයි. 1847 දී මේ ස්‌ට්‍රස්‌ පවුල ඇමරිකාවේ නිව්යෝර්ක්‌ (New york) නගරයට සංක්‍රමණය වුණා. මෙහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ රැකියාව වූයේ වෙළෙ¹මයි. තුරුණු විය එළැඹෙත්ම "ලෙවීද" ඔවුන් සමග මෙම වියළි ද්‍රව්‍ය වෙළෙ¹මේ නිරත වෙනවා. 1853 දී ලෙවී "සැන් ෆ්රැන්සිස්‌කෝ (San Francisco) නුවරට පැමිණ තම ව්‍යාපාරය "ලෙවී ස්‌ට්‍රස්‌ ඇන්ඩ් කම්පනි" (Levi strauss and Company) යනුවෙන් ආරම්භ කරනවා. මෙහිදී ඔහු නිරත වන්නේ රෙදි වෙළෙ¹මේ. විශේෂයෙන්ම විශාල රන් පතල් ආශ්‍රිතව තමයි ඔහු වෙළෙ¹ම් කටයුතු කරනු ලබන්නේ. ඔහු මෙම නුවර ස්‌ථාන කීපයකටම තම ව්‍යාපාරික ස්‌ථානය වරින්වර ගෙන යනවා. මේ වන විට ලෙවී ගේ වයස අවුරුදු 23 යි. පතල් ආශ්‍රිතව දුෂ්කර සේවයේ යෙදෙන කම්කරුවන්ගේ කලිසම් ඉක්‌මනින් ඉරීම නිසා ඔවුන් නිතර නිතර ඇඳුම් ගැනීමට පෙළඹිලා සිටියා. ජැකොබ් ඩේවිස්‌ (Jacob Davis) යනු ඇඳුම් මසන්නෙක්‌. ඔහු යුදෙව්වෙක්‌ (Jewish) ලැට්‌විසියාවේ (Latvia) සිට පැමිණ මේ ආශ්‍රිතවම ඔහු තම ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. නිතර නිතර කලිසම් ඉරීම වැළැක්‌වීමට ඔහු කලිසමේ සමහර ස්‌ථානවලට යකඩ බොත්තම් තබා නවතම නිර්මාණයන් සොයාගනු ලැබුවා. මෙය ඉතා සාර්ථක ක්‍රමයක්‌ වූ අතර ඒ සඳහා "පේටන්ට්‌" (Patent) බලපත්‍රය ලබා ගැනීමට ජැකෝබ් කල්පනා කළා. මේ සඳහා තමන් රෙදි මිලදී ගන්නා ලෙවී හමුවීමට ඔහු අදහස්‌ කළා. මක්‌ නිසාද ඔහු එකල මූල්‍යමය අතින් සිටියේ අසීරු තත්ත්වයක. මේ සුසංයෝගයෙන් ප්‍රතිඵලයක්‌ ලෙසට 1873 මැයි 20 වැනිදා ඇමරිකානු පේටන්ට්‌ බලපත්‍ර අංක 139, 121 යටතේ මේ දෙදෙනාටම එහි අයිතිය හිමිවනවා. ඉන්පසුව "ලෙවීස්‌" (Levis) වෙළෙඳ නාමය යටතේ නිර්මාණය වන ප්‍රථම "ඕවරෝල්" ඇඳුම (Overoll) ඔවුන් පතල් කම්කරුවන් වෙනුවෙන් නිපදවා වෙළෙඳ පොළට නිකුත් කරනවා. මෙය රන් පතල්කරුවන් අතර ඉතා ජනප්‍රිය ඇඳුමක්‌ වන්නේ කෙටි කලකින්. මෙම ඇඳුමේ රෙදි වර්ගය ඉතා ඝනයි. ඉරීයැමෙන්ද තොරයි. නමුත් කම්කරුවන්ගෙන් එක්‌තරා පැමිණිල්ලක්‌ ඔවුන්ට එල්ල වුණා. ඒ මේ ඇඳුම ඇඟේ ඇතිල්ලෙන විට තුවාලවන බවට. මක්‌නිසාද එම රෙද්ද එතරම්ම ගොරෝසු නිසා. මෙයට පිළියමක්‌ ලෙස ඔවුන් ට්‌වියිල් (Twill) සහ කපු (Cotton) මිශ්‍රිත රෙද්දක්‌ මේ සඳහා හඳුන්වා දුන්නා. එම රෙදි වර්ගය කලක්‌ යන විට ඩෙනිම් (Denim) වශයෙන් ප්‍රසිද්ධ වුණා. එසේම එයින් නිර්මාණය වන ඇඳුමටද පසුව "ඩෙනිම්" යන නාමය භාවිත කළා. මේ ආකාරයෙන් ලෙවීගේ ඇඳුම් ව්‍යාපාරයේ තවත් කඩඉමක්‌ පැමිණෙන්නේ 1890 දී.

    d14-1.jpg
    ඒ ඔහු ලෙවීස්‌ 501 (Levi's-501) ඩෙනිමක්‌ වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමයි. අද කාලයේ ලීවයිස්‌ (Levi's) ලෙසට මෙම වදන භාවිත කළද එය පැමිණියේ මෙහි නිර්මාතෘ වන "ලෙවීගේ" යන අර්ථයෙන්. "ලීවයිස්‌ 501" ඩෙනිම ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ ඇඳුම බවට වාර්තාවක්‌ද තැබුවා. ලීවයිස්‌ ලේබලයේ අශ්වයින් දෙදෙනකු සිටිනු අද දක්‌නට පුළුවන්. මෙය ඔවුන් මුල්ම වරට ඉදිරිපත් කළේ 1886 දී. එසේම පිටුපසට දෙවැනි සාක්‌කුව (back pocket) 1901 වර්ෂයේ දී පමණ තමයි ලීවයිස්‌ සමාගම එකතු කළේ. එසේම බඳ පිටිය දමන ලූප් (Belt Loops) මුලින්ම ඩෙනිමේ දකින්න ලැබුණේ 1922 වසරේ. ඉන් කුඩා වෙළෙන්දෙක්‌ව සිට දැවැන්ත ව්‍යාපාරිකයෙකු වූ ලෙවීගේ මෙම ඩෙනිම් ව්‍යාපාරය ලෝකයේම ප්‍රසිද්ධ වුණා. ඔහු හා තරග කරන්නට කිසිවකු එකල සිටියේ නැහැ. මේ අයුරින් ලොවට නව නිර්මාණයක්‌ බිහි කළ ලෙවී 1902 සැප්තැම්බර් 26 වැනිදාට මෙලොවින් නික්‌ම ගියා. එවිට ඔහුගේ වයස අවුරුදු 73 යි. විශේෂත්වයක්‌ තිබෙනවා. ලෙවී තනිකඩයෙක්‌. ඔහු කිසිදා විවාහ වී නැහැ.

    තමන්ගෙන් පසුව මෙම ව්‍යාපාරය ඔහු තම බෑනාවරුන් හතර දෙනකුටයි පැවරුවේ. එනම් තම සහෝදරියගේ දරුවන් හතර දෙනාට. එසේම මුදල් කොටසක්‌ ආගමික සුබසාධන කටයුතු වෙනුවෙන්ද ඔහු ලබාදී තිබුණා. 1902 දී ලෙවීගේ මූල්‍යමය වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 6 ක්‌ පමණ වූ බවටයි දැක්‌වෙන්නේ.

    පසුකාලයේදී ඩෙනිම ඇමරිකාවේ කව්බෝයි (Cowboy's) වරුන් අතර ඉතා ජනප්‍රිය වුණා. එසේම දෙවැනි ලෝක යුද්ධයේදී යුද සෙබළුන්ද මෙම ඇඳුම භාවිතා කළා. තරුණයන් අතර විලාසිතාවක්‌ ලෙසට "ඩෙනිම්" ජනප්‍රිය වෙන්නේ 1950-1960 කාල සීමාවේදී.

    නළුවන්, නිළියන්, රොක්‌ (Rock) ගායකයින් මෙය ඇඳීම නිසා එය රැල්ලක්‌ බවට නිරායාසයෙන්ම පත්වුණා. අද තරුණ මහලු භේදයකින් තොරව ඩෙනිම අතිශය ජනප්‍රිය ඇඳුමක්‌. "ලීවයිස්‌" සමාගම ඇමරිකාව මූලික කොටගෙන රටවල් රැසක තම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යනවා. 2010 දී මෙම සමාගමේ ආදායම ඩොලර් බිලියන 4.4 ක්‌ ලෙසටයි වාර්තා වුණේ.

    සටහන කුමුදු අබයදීර
     
    • Like
    Reactions: Hasistranger